Main Logo

Showing posts with label Martin Wickremesinghe. Show all posts
Showing posts with label Martin Wickremesinghe. Show all posts

Wednesday, 27 May 2020

කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක 





මිනිසුන් තර්කවලින් නිගමනවලට පැමිණෙණ්නේ යැයි කීම කවුරුන් ඇති කරන ලද කතාවක් වුණත් වැඩ සිද්ධ වෙන්නේ එහෙම නො වෙයි. අප නිගමනවලට (උපකල්පනවලට) පැමිණ ඉන් පසු තර්ක හොයනවා. හිතනවාද නිවුටන් ගුරුත්වාකර්ෂණය ගැන තර්කානුකූල ව නිගමනය කළා කියා. ජීවිතයේ කිසිම දිනෙක දැනුමක් සංස්කරණය නොකළ අයකු නම් එසේ සිතනවා ඇති. 

Friday, 27 March 2020

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.

Saturday, 21 December 2019

ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය

   සිංහල ලිත් ඉලක්කම්



 

නොම් පෙන් කෞතුකාගාරයෙ ඇති සෙල්ලිපිය. මෙහි මැද පේළියෙ මැද 605 ලියල තියෙන්නෙ 0 (තිත)  යොදා ගෙන. මෙය හත්වැනි සියවසේ. අප ශුන්‍යය සඳහා හල්කිරීම යොදා ගෙන තියෙනවා. සීගිරියෙ පස්වැනි සියවසේ ගඩොල්වල ඒ සංකේතය ඇති සංඛ්‍යා දක්වල තියෙනවා.



ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය



මේ ඊයේ ලිපියට ඌණ පූරණයක්. මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු නොවෙයි. ක්‍ෂීර සාගරය කැළඹූ වෙලාවෙ මට එතැන ඉන්න බැරි වෙලා. අමෘතය ටිකක් පානය කරන්න බැරි වෙලා.  මා ශරීරික ව මිය යෑමට පළමු ජනමාධ්‍ය විසින් මරා දැමුණු අයෙක්. ඒත් මට තවමත් වකුගඩු අමාරුව ගැන රුදාවක් තියෙනවා. මා සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නමින් බටහිර වෛද්‍යවරුන් විසින් නම් කෙරී ඇති කෘෂිරසායනික වකුගඩු රෝගය ගැනයි. 

Wednesday, 27 November 2019

නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය

              සිංහල ලිත් ඉලක්කම්



නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය



මහා සංඝ රත්නය ප්‍රකාශ කරල තිබුණ එක්සත් ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්තයවාදී පෙරමුණ පරාජයට පත්වුණෙ රන්ජන් රාමනායක, මංගල සමරවීර වැන්නන් සංඝ රත්නයට හා බුදු සසුනට අපහාස කළ නිසා කියලා. ආශු මාරසිංහත් අකිල විරාජ් කාරියවසමුත් ඒවැනි ප්‍රකාශ නම් සඳහන් නොකර කර තිබුණා. පරාජය ඒ නිසා ම පමණක් සිදු වුනා නම් ඒක භයානයකයි.

Friday, 15 November 2019

මම දැන ගතිමි මම සැක කෙළෙමි

    සිංහල ලිත් ඉලක්කම් 


මම දැන ගතිමි මම සැක කෙළෙමි




බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්. 

Monday, 21 January 2019

පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව


පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව



පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීම කල් ගියේ දේශපාලන මාතෘකා නොකඩවා පැමිණි නිසා.  අප සියල්ලන් ම දේශපාලනික මෙන් ම සංස්කෘතික මිනිසුන්. අපේ සංස්කෘතිය මගින් දේශපාලනයත් දේශපාලනය මගින් සංස්කෘතියත් තීරණය වෙනවා. ආර්ථික කරුණු බල නොපානවා නො වෙයි. පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීමේ දී මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන. පේරාදෙණියට ශාස්ත්‍ර පීඨය ගෙන ගියේ 1952 දී වුවත් අද පේරාදෙණි ගුරුකුලය යනුවෙන් හැඳින්වෙන්න ඇරඹුණේ 1921 කොළඹ විශ්වවිද්‍යාලයීය ආයතනය පටන් ගැනීමටත් පෙර.

Tuesday, 25 December 2018

පේරාදෙණි ගුරුකුලය


පේරාදෙණි ගුරුකුලය



පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කියල පොතක් කියෙව්ව. පිටු හයසිය ගණනක් ඇති ඒ පොත ලියල තියෙන්නෙ සේන තෝරදෙනිය. පොතේ දත්ත රාශියක් තියෙනවා. මුලාශ්‍රත් දක්වල තියෙනවා. බොහොම මහන්සි වෙලා කරපු වැඩක්. පොතේ කියන විධියට කතුවරයා මට අවුරුදු දෙකකට කලින් පේරාදෙණියට ගිහින් තියෙන්නෙ. මා පේරාදෙණියෙ ඉගෙන ගත්තෙ එක වසරයි. ඒ කොළඹට එන්න වුණු නිසා. ඒ කාලෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. ඒ ලංකා විශ්වවිද්‍යාලය. පේරාදෙණියෙ විද්‍යා පීඨයට කිව්වෙ දෙවැනි විද්‍යා පීඨය කියලා. මා පසුව අවුරුදු අටක් පමණ එහි ඉගැන්නුවා. ඒ කාලෙ කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකක් බවට පත් වුණා. දෙවැනි වතාවෙ පේරාදෙණියෙ මට පත්වීමක් දුන්නෙ නැහැ. ඒ වන විට විශ්වවිද්‍යාල මණ්ඩප වෙලා. දැන් අප ඉගෙන ගත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. අප දැන් නැති විශ්වවිද්‍යාලයක උපාධිධාරීන්. මා උපාධි සහතිකය ගත්තෙත් නැහැ. මා හිතන්නෙ ලංකා විශ්වවිද්‍යාලෙ වාර්තා තියෙන්නෙ පේරාදෙණියෙ කියලයි. ඒත් කොළඹත් තම උරුමය අත් හරින්නෙ නැහැ. මා නම් මේ සියලු උරුම අත්හැරලා. ඒ අයත් මා අත්හැරලා. මට විශ්වවිද්‍යාලයෙන් ලැබුණෙ භාර්යාව විතරයි.  

Thursday, 29 November 2018

වසන්තගේ පැනිලි


වසන්තගේ පැනිලි



විවිධ ජාතිකවාදීන් ඉන්නවා. සමහරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක් අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද ජීවත් වූවා. එය ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට ද යට වීමයි. මේ වත්මන් දේශපාලන අලකලංචිය ඉවර වුණු විටක මේ ගැන තව විස්තර ඇතිව ලියන්න ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්.

Sunday, 25 November 2018

රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා


රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා



රනිල් බෝධි පූජා තියන්න කියලා. ඔහු රවටන්නෙ හදන්නෙ කාව ද? දෙවියන් ද? ජනතාව ද? නැත්නම් ජනතාව හා දෙවියන් ද? රනිල්ට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔහු මෙතෝදිස්ත සුමන්තිරන් එක්ක එකතුවෙලා ජයම්පති ලව්ව ව්‍යවස්ථා හදවල රනිල්ලාගේ අනුර කුමාර දිසානායක ලව්ව විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල කරන්න හැදුවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නංවාලීම නො වෙයි.

Tuesday, 1 May 2018

ලෙස්ටර් ජේම්ස් පීරිස්


ලෙස්ටර් ජේම්ස් පීරිස්



ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තෙ ඉඳන් ලංකාවට ඇවිත් සිංහල සිනමාව ඉන්දීය ආභාසයෙන් මුදවා ගත් තැනැත්තා මිය ගිහින්. එහෙත් ප්‍රශ්නය ඔහු සිංහල සිනමාවක් බිහි කිරීමට කටයුතු කෙළේ ද යන්නයි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආදීන් මෙන් ම ඔහු ද කෙළේ අප නූතනත්වයට යට කිරීමයි. එය ඔවුන්ට පමණක් සීමා වුණේ නැහැ. විශ්වවිද්‍යාලයීය බෞද්ධ උගතුන් කෙළේත් එයමයි. කේ එන් ජයතිලක, වයි කරුණාදාස ආදීන් එයට උදාහරණ. කේමදාස සංගීතයේ එය කළා. තව තව අයගේ නම් සඳහන් කරන්න පුළුවන්. ගුණදාස අමරසේකරගේ ගමනක මුල නවකතා වැලෙන් කියැවෙන්නේ මේ ඛෙදවාචකයයි. එයින් කියැවෙන්නේ අමරසේකර ඉන් ගැලවෙන්න උත්සාහ කළා කියන එකවත් ඒ කතාවැලෙන් අපට මග පෙන්වීමක් කරන බවක්වත් නො වෙයි.  

Saturday, 22 April 2017

මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


අවුරුදු විසිපහකට පමණ පෙර 1992 මැයි මස 29 වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද රැස්වීමක ඉහත සඳහන් මාතෘකාවෙන් දේශනයක් කළා. එය පොත් පිංචක් ලෙස ඒ සංගමයෙන් මුද්‍රණය කෙරුණා. 1990 මැයි 29 වැනි දින ඒ මහතාගේ ජන්ම ශත සංවත්සරයේ දී මා විශේෂ දේශනයක් කළා. මට මතක හැටියට ඒ දේශනය කෙළේ නව රඟහලේ දී. එහි දී මා කීවේ කුමක් දැයි මතක නැහැ. එහෙත් මොරටුවේ දී මා කී දේ අර පොත් පිංචෙන් කියවා ගත්තා.

මා ඔහුට එහි විශාල ගෞරවයක් කර තිබෙනවා. ඒ අතර ඔහු ගැන විවේචනයක් ද කර තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවෙන් (අන්තර්ඥානයෙන්) දැන ගත්තා. ඔහු අපේ සංස්කෘතිය භාරතයෙන් ස්වාධීන බව පෙන්වීමට උත්සාහයක් ගත්තා. අප එය අගය කළ යුතුයි. එහෙත් ඔහු බටහිර දැනුමේ අනුගාමිකයකු වුණා. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බටහිර සංස්කෘතිකාංග ඇති බව පෙන්වීමට ඔහු කටයුතු කළා. අප එය කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ.

Wednesday, 15 March 2017

සමාජ පිළිගැනීම


සමාජ පිළිගැනීම



බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින් පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත් ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.