Main Logo

Showing posts with label Pavithra. Show all posts
Showing posts with label Pavithra. Show all posts

Friday, 17 April 2020

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

 සිංහල ලිත් ඉලක්කම්


කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝකය කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි. 

Friday, 27 March 2020

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.

Sunday, 4 August 2019

දේශපාලන සටන් බිමෙන්


දේශපාලන සටන් බිමෙන්



ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවිද යන ප්‍රශ්නය මෙරට දේශපාලනයේ තුට්ටුවක් නොවටිනා ප්‍රශ්නයක්. ඒත් ජ වි පෙ හෙවත් ජනතා විරෝධි පෙරමුණ හිතන් ඉන්නෙ රටේ තියෙන වැදගත් ම ප්‍රශ්නය ඒ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකය කියා. ඒත් රනිල් එය වැළැක්වීමට අවසාන මොහෙත හරි උත්සාහ දරාවි තමන්ට ඒ නිසා ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ අහිමි වන බැවින්. එය රනිල්ටත් රනිල්දාසටත් විසඳ ගන්න දෙමු.

Monday, 4 March 2019

මහින්දගේ සරුංගල් දේශපාලනය


මහින්දගේ සරුංගල් දේශපාලනය



මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි.  ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක් දරන්නේ නැහැ. මහින්ද කිසි දිනෙක ජාතිකවාදියකු ව සිට නැහැ. ඔහු කොටි සංවිධානය පැරදවීමට හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. අප එය අගය කරනවා. එහෙත් ඔහු ඒ කෙළේ නොකර බැරි විටයි. කිසිවකුට කියන්න පුළුවන් ඔහු එතෙක් සේනා සංවිධානය කළා කියා. නැහැ ඔහුට එවැනි දැක්මක් තිබුණේ නැහැ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබෙන්නේ යුද්ධ කරන්නේ අහවල් එකෙන් ද කියා. ඒ සේනා සංවිධානය කළ අයකුගේ කතාවක් නොව බැහැ කියන අයකුගේ කතාවක්.