දේශපාලන සටන් බිමෙන්
ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයකු
ඉදිරිපත් කරාවිද යන ප්‍රශ්නය මෙරට දේශපාලනයේ තුට්ටුවක් නොවටිනා ප්‍රශ්නයක්. ඒත් ජ
වි පෙ හෙවත් ජනතා විරෝධි පෙරමුණ හිතන් ඉන්නෙ රටේ තියෙන වැදගත් ම ප්‍රශ්නය ඒ අය
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකය කියා. ඒත් රනිල් එය වැළැක්වීමට අවසාන මොහෙත හරි
උත්සාහ දරාවි තමන්ට ඒ නිසා ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ අහිමි වන බැවින්. එය රනිල්ටත්
රනිල්දාසටත් විසඳ ගන්න දෙමු.
ඊයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන
සිහල සෙනග සංවිධානය ඒ නමින් ම පුවත්පතක් එළිදැක්වූවා. එහෙත් ජනමාධ්‍ය එයට ප්‍රචාරයක්
ලබා දුන්නේ නැහැ. එහි දී මා කළ කතාවේ ඉතා සුළු කොටසක් දෙරණ හා හිරු නාළිකාවල ප්‍රදර්ශනය
කෙරී තිබෙනවා. එහෙත් වැදගත් තැනක් දී ඇත්තේ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසනාවකට.
එහි වරදක් නැහැ. භික්‍ෂූන් වහන්සේට හැම තැන ම ප්‍රධාන තැන ලබා දෙන්න ඕන. එහෙත්
ජනමාධ්‍යයේ ඉල්ලීමට ම කරන ලද ඒ අනුශාසනාවේ ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කෙරුණු කොටසෙන්
උන්වහන්සේ ප්‍රකාශ කෙළේ කුමක් දැයි පැහැදිලි වුණේ නැතැයි කියනවා. ජනමාධ්‍ය විසින්
ජාතික ව්‍යාපාරයත් එහි රැස්වීමුත් පාලනය කෙරෙනවා. ඒ අවස්ථාවේ දී මා කළ කථාව වෙන ම
සබැඳියකින් අහන්න පුළුවන්.
පස්වැනි දා එනම් හෙට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී
පෙරමුණ පිහිටුවීමට කටයුතු කෙරේවි. ජනමාධ්‍ය නිවේදකයන් කියන විධියට ඒ සඳහා දැන්
සියළු කටයුතු සූදානම්. එහි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එ ජා පක්‍ෂයේ ඇතැමුන්
කියා තිබෙනවා. රනිල් සුපුරුදු පරිදි ඔවුන්ට සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඒත් ඒ
සාකච්ඡා කිරීමට නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් රැස්කරන එකක්
නැහැ. රනිල් තමන්ට අවශ්‍ය විධියට පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරාවි.
අද එරාන් වික්‍රමරත්න වැනි එ ජා ප මන්ත්‍රීවරුන්
කියනවා එ ජා පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා. ඔහු කලක් ගිහි
දේශකයකු ව සිටියා. ඊටත් කලින් රාජකීය විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද ක්‍රිකට්
කණ්ඩායමේ කඩුළු රකින්නා ද වී සිටියා.
රනිල් දන්නේ දේශපාලන ක්‍රීඩාව පමණයි. එහි කඩුළු රකින්නන් නැහැ. හෙටින් පස්සෙ එරාන්
වැනි අයට රනිල්ගේ පෙරමුණට එකතු වන්න වේවි. නැත්නම් දේශපාලනයෙන් සමු ගන්න වේවි.
එරාන්ලාට අමතක වන කරුණක් නම්පාර්ලිමේන්තුවේත්
ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව. එහිත් සංශෝධන සම්මත කර ගන්නේ රනිල්ට ඕන අන්දමට මිසක්
අධිකරණ තීන්දුවලට යටත් වී නොවෙයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් ආකාරය
එරාන් නොදැන සිටියා වෙන්න බැහැ. එදා එ ජා ප කිසිවකු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනවෙන්
කට ඇරියේ නැහැ. විපක්‍ෂයත් පොදුවේ ගත්ත ම එදා කට ඇරියේ නැතුවා පමණක් නොව
සංශෝධනවලටත් ඡන්දය දුන්නා. මතක නැත්තන් පවිත්‍රා වන්නිආරච්චිගෙන් අහන්න.
සජිත්ගේ ඉරණම මොකක් ද? ඔහු
අවසන් පන්දුවාර කිහිපයෙහි ප්‍රබල පිතිහරඹයක යෙදුණා. එහෙත් රනිල්ගේ දේශපාලන
ගුග්ලියකට දැවී ගියා. අර නිවේදකයන් කියන්නා වගේ මෙහි දී අත්දැකීම් බලපෑවා. සජිත්
දැන් දැවී ගිහින්. ඔහුට තුන්වැනි විනිසුරුගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. තුන්වැනි
විනිසුරු මෛත්‍රිපාලට මේ දිනවල බර වැඩ. ඔහුට මහින්ද හමුවන්න තියෙනවා. ගෝඨාභය හමුවන්න තියෙනවා. සජිත් හමුවන්න වෙලාවක් නැහැ.
සජිත්ට ඇත්තේ විකල්ප දෙකයි. එක්කෝ මෛත්‍රිපාල
සමග එකතු වීම නැත්නම් රනිල් ළඟට යෑම. ඒ දෙකෙන් එකක්වත් නොකළොත් ඔහුට දේශපාලනයෙන්
සමු ගන්න වෙනවා. ඉන් රටට නම් පාඩුවක් වෙන එකක් නැහැ.
සජිත් මෛත්‍රිපාල එක්ක එකතු වුණොත් ඒ මෛත්‍රිපාලගේ
අවසානය. අමරවීරලා එයට ඉඩ දෙයි කියලා හිතන්න බැහැ. කොහොමටත් මහින්දටත් ඔහුගේ
අනුගාමික අනෙක් මන්ත්‍රීන්ටත් එකොළොස්වැනි දාට පසු මන්ත්‍රීකම් තියාගන්න ඕන නම්
අමරවීරගේ පිහිට අවශ්‍ය වෙනවා. මහින්ද ඇතුළු පිරිස පොහොට්ටුවේ සමාජිකත්වය ගතහොත්
අමරවිරට ලිපියක් යැවීමෙන් පමණක් ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමි කරන්න පුළුවන්. එහෙත්
ඔවුන්ට එවිට අධිකරණයට යන්න පුළුවන්. ඒ කටයුතු 2020 පෙබරවාරි පමණ වන තෙක් ඇදී ගියොත් ඇති
කියා සමහරවිට මහින්දලා හිතනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පහුගිය ඔක්තෝම්බරයේ
පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මහින්දලා බේරුණේ අමරවීරගේ ලිපියෙන්.
මේ දෙපැත්තේ ම දේශපාලනය සම්පුර්ණයෙන් ම
පෞද්ගලික න්‍යාය පත්‍ර මත කෙරෙන බව පැහැදිලියි. එය තමයි රටේ අවාසනාව. පොහොට්ටුව
සංධානයක් හදාවි. එහෙත් එයට ඩිලාන් පෙරේරලා නාලක ගොඩහේවාලා කිට්ටු වීම එතරම්
සුභදායක නැහැ. අද මෙරට දේශපාලනයේ බෝන් අගේන් ක්‍රිස්තියානි බලපෑම ඉතා අධිකයි. මෙය
ජෝජ් බුෂ්ලා ඇති කළ ආගමික සංවිධානයක්. අපි විමසිල්ලෙන් ඉමු.