Main Logo

Showing posts with label Eran. Show all posts
Showing posts with label Eran. Show all posts

Tuesday, 3 December 2019

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ


මේ ලිපිය ලියන්න ටික වෙලාවකට කලින් කසිකබල් ජනමාධ්‍යයක කසිකබල් ජනමාධ්‍යවේදියකු මට කතා කළා. ඔහු මොකට කතා කළා ද කියාවත් අහන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ලියා ඇති දේ මා කියවා තිබෙනවා. ඔහුට අනුව මා අප්‍රබුද්ධයෙක්. මෝඩයෙක්. නැති දෙවියන් ඇතැයි කියා හිතන මිථ්‍යාමතධාරියෙක්. ඔහුට අනුව කාලෝ ෆොාන්සේකා බුද්ධිමතෙක්, යථාර්ථවාදියෙක්. සිංහල විරෝධී චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන් පුළුල් මනසක් ඇති මහා පුරුෂයන්. ඔහු වැඩ කරන්නෙ රජයෙ ජනමාධ්‍යයක. ඔහු තමන් දන්න සීමිත වචනවලින් කියන්න පටන්ගත්තා මට ආදරෙයි කියලත්. මට බයකුත් හිතුණා. ඔහු ප්‍රබුද්ධ සමරිසියකු ද දන්නෙ නැහැ. 

Sunday, 4 August 2019

දේශපාලන සටන් බිමෙන්


දේශපාලන සටන් බිමෙන්



ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවිද යන ප්‍රශ්නය මෙරට දේශපාලනයේ තුට්ටුවක් නොවටිනා ප්‍රශ්නයක්. ඒත් ජ වි පෙ හෙවත් ජනතා විරෝධි පෙරමුණ හිතන් ඉන්නෙ රටේ තියෙන වැදගත් ම ප්‍රශ්නය ඒ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකය කියා. ඒත් රනිල් එය වැළැක්වීමට අවසාන මොහෙත හරි උත්සාහ දරාවි තමන්ට ඒ නිසා ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ අහිමි වන බැවින්. එය රනිල්ටත් රනිල්දාසටත් විසඳ ගන්න දෙමු.