Main Logo

Showing posts with label Tamil racism. Show all posts
Showing posts with label Tamil racism. Show all posts

Sunday, 14 June 2020

වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9


වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

මෙරට බෙදුම්වාදයේ ඉතිහාසය කොාල්බෘක් කැමරන් කොමිසමේ සිංහල විරෝධී යෝජනා දක්වා දිව යන බවයි මා දත් කතාව වුණෙ. මෙරට පාසල්වල හා  විශ්වවිද්‍යාලවල තවමත් ඉගැන්වෙන්නේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ කියා. ඒ සිංහල විරෝධී යෝජනා ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබුයේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසින් මෙරට පාසල් පද්ධතිය සකස්කර ඇත්තේ ම ඔවුන් අනුකරණය කරන පිරිසක් ඇති කිරීමට බව ඉතා පැහැදිලියි. පාසල් හා එයට වඩා විශ්වවිද්‍යාල බලා සිටින්නේ බටහිරින් දැනුමක් ලැබෙන තුරු. 

Saturday, 14 March 2020

දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව

   සිංහල ලිත් ඉලක්කම්

දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව 



නැවතත් ඇතැම් තැන්වල පරණ කතා ඇහෙනවා. උගත් පාඩම් හා සංහිඳියා කමිටුවේ (LLRC) සාක්‍ෂි දීමට ගිය මා කමිටුවට අවශ්‍ය සාධක සමග පෙන්වා දී හිටියේ දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් අසාධාරණයක් නොමැති බවයි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටුවේ එක් සාමාජික මහතකු කියා සිටියේ එය එසේ වුවත් අප දෙමළ කතා කරන ජනයාට යමක් දිය යුතු බවයි!

Saturday, 7 March 2020

එංගලන්තයේ වැඩ කිඩ

           සිංහල ලිත් ඉලක්කම්


එංගලන්තයේ වැඩ කිඩ




පසුගිය දා තිළින ගමගේ කොමිසමක් ඉදිරියේ ඉතා වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලයෙන් නාවික හමුදාවෙන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් යැයි කියැවෙන නඩුවේ දී ඒ නඩුව විනිශ්චය කළ තමාට බලපෑම් සිද්ධ වූ බවයි. මේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් සොයා බැලීමට රජය කටයුතු කළ යුතුයි. එය සත්‍යයක් ද නැත් ද යන්න දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. 

Sunday, 19 January 2020

බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

  සිංහල ලිත් ඉලක්කම්


බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය



මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු කෙළේ නැහැ. ඔවුන් කෙළේ තම වියුක්ත කතන්දර අප ලවා පුනරුච්චාරණය කර ගැනීමට හැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ටික දෙනකු බිහි කිරීම පමණයි. 

Thursday, 19 December 2019

චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය

   සිංහල ලිත් ඉලක්කම්


චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය 



චම්පක අත්අඩංගුවට ගැණුනෙ ආණ්ඩුව වෙනස් වූ නිසා. කාට හරි ඒක එහෙම නොවෙයි කියල කියන්න පුළුවන්. ඒත් පහුගිය ආණ්ඩුව කාලෙ ඔහු අත්අඩංගුවට ගැණුනෙ නැහැ. කොහොම වුනත් චම්පක අත්අඩංගුවට ගත්ත එක හොඳයි. රිය අනතුරු සිද්ධිය හොඳට හොයල බලල උසාවියට චෝදනා ඉදිරිපත් කරන්න ඕන. ඔහු පමණක් නොවෙයි තවත් අයත් අත්අඩංගුවට ගන්න ඕන. රනිල් රාජිත වැන්නන් ගැනත් හොයන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතු නැද්ද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, ශානි අබේසේකර, කන්දප්පා පමණක් නොවෙයි ගානියා ගැනත් ස්විට්සර්ලන්ත හා වෙනත් තානාපතින් ගැනත් හොයන්න ඕන. රිචඩ් සොයිසාත් බටලන්දත් අපට අමතක කරන්න බැහැ. ඒත් මේ කිසිවක් නීතියට අනුව ම පමණක් කෙරෙයි ද? මෙතෙක් කල් මේ දේශපාලනයට සම්බන්ධ චෝදනා කිසිවක් නීතියට පමණක් අනුව සිද්ධ වුනෙ නැහැ. 

Saturday, 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.

Sunday, 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Saturday, 26 October 2019

ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය

   සිංහල ලිත් ඉලක්කම්


ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය




මෙරට මැද පන්තියේ බොහෝ දෙනකුට, බහුතරයකට, ජාතික චින්තනයක් තියෙනවා. එහෙත් ඔවුන් චින්තනයේ ජාතිකත්වය කියන්නෙ මොකක් ද කියන එක දන්නෙ නැහැ. ඔවුන්ට ඒ දැනගැනීමට වුමනාවකුත් නැහැ. ගුණදාස අමරසේකර කියන්නෙ ජාතික චින්තනයක් ගැන. මා කතා කරන්නේ චින්තනයේ ජාතිකත්වය ගැන. මේ රටේ මැද පන්තියේ නොවන අයට චින්තනයේ ජාතිකත්වයක් තියෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රකාශ කර ගන්න තේරෙන්නෙ නැහැ. ඔවුන්ට තේරෙන්නෙ නැත්තෙ සංකල්පය පමණක් නො වෙයි. සංකල්පය නම් මැද පන්තියේ අයටත් තේරෙන්නෙ නැහැ. අප මේ කරුණු ගැන හිත යොමු කළ යුතුයි. මේ ලිපිය තරමක් වියුක්ත ලිපියක්. මෙය සංයුක්තව මා මේ දිනවල අත්දකිනවා. 

Tuesday, 8 October 2019

ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

       සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

ශ්‍රී ල නි පක්‍ෂය තවමත් පොහොට්ටුව සමග එක්වීමේ තීරණය ප්‍රකාශ කරල නැහැ. පක්‍ෂය ඒ ගැන තීරණයක් අරගෙන ඇති. ඒත් එය ප්‍රකාශ කිරීමට යම් යම් බාධා තිබෙන බව පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් තීරණයට විරුද්ධ ව විවිධ උපක්‍රම මගින් තීරණය ප්‍රකාශ කිරීම කල් දමා ගන්නා බවත් පැහැදිලියි. ඒ කණ්ඩායම චන්ද්‍රිකා විසින් මෙහෙයවෙනව කියා හිතන්න පුළුවන්. ඇල්පිටිය ඡන්දය තීරණය ප්‍රකාශ කිරීම කල් දැමීමට ගත් නිදහසට කරුණක්. චන්ද්‍රිකාට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය රැක ගන්න නොව ආදාහන කරන්න. 

Sunday, 22 September 2019

දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

         සිංහල ලිත් ඉලක්කම්


දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

දේශපාලනික වූ ජාතික ව්‍යාපාරය පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මිය ගියා. චම්පකගේ සිට මහින්ද දක්වා පැමිණි දේශපාලනික ජාතික ව්‍යාපාරය මාක්ස්වාදී පරඬැල් විසින් ද ඩැහැගනු ලැබුවා. පසුගිය සතියේ මිය ගියේ මේ ජාතික ව්‍යාපාරයයි. ඔවුන් ඒ ඒ කාලවල දී ජාතික ව්‍යාපාරයේ දේශපාලන පක්‍ෂ විසින් මෙහෙයවනු නොලැබූ අය උපක්‍රමික ව ක්‍රමයෙන් ඈත් කළා. වොයිස්කට් දේශපාලනය මගින් 2015න් පසුව විවිධ පුද්ගලයන් ජාතික ව්‍යාපාරයේ නායකයන් බවට පත් කරනු ලැබුවා. අවුරුදු තිහක් පමණ ජාතික ව්‍යාපාරයේ යෙදුණු අයගෙන් ඔවුන් ඉතිරි කර ගත්තේ ගුණදාස අමරසේකර පමණයි. 

Saturday, 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

Thursday, 18 July 2019

මෙහෙමත් වැඩ්ඩෙක්

මෙහෙමත් වැඩ්ඩෙක් 


රනිල් කියන විධියට මුස්ලිම් අන්තවාදය සම්පූර්ණයෙන් ම පරාජය කරලා ඉවරයි. පොලිසිය කියන විධියට බද්‍යුද්දීන් කිසිම චෝදනාවකට වැරදිකරුවකු නොවෙයි. අර ජාතික තව්ෆීඩ් ලොක්කටත් ඇප දීලා. ඇප දෙනව ද නැද්ද යන්න තීරණය කරන්නෙ අධිකරණය වුණාට එතැනට ඇප ඉල්ලුම් කරන්න හරි නොකරන්න හරි අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නෙ පොලීසියයි. පොලීසියට ඕන නම් ඇප දෙන විධියට ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට ඇප ලැබෙනවා. ඇප දෙන්න එපා කියන විධියට ලේඛන ඉදිරිපත් කළහොත් තමයි අධිකරණයට තීන්දුවක් ගන්න වෙන්නෙ.

Saturday, 9 March 2019

ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ


ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ



ලංකාව පුංචි රටක් වෙලා තියෙන්නෙ එහි දේශපාලනඥයන් පුංචි නිසා මිස රට පුංචි නිසා නො වෙයි. දැන් කවුරු හරි පඬියකු ලංකාවේ වර්ගඵලය හෙක්ටෙයාර්වලින් හා වර්ග සැතපුම්වලින් කියාවි. ඒක ඉන්දියාව, චීනය එක්ක විතරක් නොවෙයි බංග්ලාදේශය එක්කත් සංසන්දනය කරලා පෙන්නාවි මා වැරදි කියලා. එහෙම තමයි මෙරට පඬියන්ගෙ වැඩ. එංගලන්තයේ හරි ඊශ්‍රායලයෙ හරි වර්ගඵලය කොච්චර ද? මා හරියට දන්නේ නැහැ. මට ඔය සංඛ්‍යා මතක තියාගන්න බැහැ. ඒත් මා හිතන්නෙ නැහැ ඒ රටවල වර්ගඵලය ලංකාවේ වර්ගඵලය වගේ සිය ගුණයක් කියලා.

Saturday, 2 March 2019

ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කළ කතාවක් ප්‍රචාරය වුණා. මට හරියට මතක නැහැ වැඩ  සටහන මොකක් ද කියා. සමහරවිට ප්‍රවෘත්ති වෙන්න ඇති. එහෙම නැත්නම් දෙරණ අරුණ වෙන්න ඇති. එහෙමත් නැත්නම් වෙන වැඩ සටහනක් වෙන්න ඇති. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ලංකා සභාවේ (පැරණි ඇංග්ලිකන් සභාවේ) දෙමළ කතාකරන පූජකතුමෙක්. එතුමා මෙරට ඒ සභාවෙහි වැදගත් තනතුරු දරා තිබෙනවා.  

Thursday, 28 February 2019

ඉන්දියාව පකිස්තානය හා අපි


ඉන්දියාව පකිස්තානය හා අපි



කාශ්මීර ප්‍රශ්නය විසදෙන එකක් නො වෙයි. නරක ද පඬියන්ට කියන්න ඉන්දියාවට හා පකිස්තානයට සංහිඳියාවක් ඇති කර ගන්න කියලා. ප්‍රශ්නෙට අවුරුදු හැත්තෑඑකක් වෙනවා. අද ඉන්දියාවෙත් පකිස්තානයෙත් ඉන්න බහුතරය ප්‍රශ්නය ඇති වෙනකොට ඉපදිලත් නැහැ. ප්‍රශ්නය ඇති කෙළෙ සුපුරුදු පරිදි ඉංගිරිසින්. ඒත් අද යුද්ධ කරන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි. මේක නම් යුද්ධයක්. අපේ වගේ නො වෙයි. යුද්ධාපරාධ වෙනවා. රටවල් දෙක ම න්‍යෂ්ටික අවි යොදා ගන්න පුළුවන් මට්ටමක ඉන්නචා. එහෙත් එහෙම වෙන එකක් නැහැ. යුද්ධෙත් ටික කාලයක් පැවතිලා විද්‍යුත් නාලිකා වගේ විරාමයකට යාවි. කවුද වෙළෙඳ දැන්වීම් දෙන්නෙ.

Monday, 3 December 2018

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.

Monday, 1 October 2018

ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි

අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.



ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි



කොටි පරාද කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් යුක්ත ව එයට දායක වූයේ ගෝඨාභය රාජපක්‍ෂයි. මහින්දට පවා තීරණයක් ගැනීමට අපහසු වූ අවස්ථාවල ගෝඨාභය මහින්දටත් ශක්තිය සපයා දී තිබෙනවා. දැන් අහන්න එපා ශක්තිය සැපයීම කියන්නෙ මොකක් ද කියලා. ගෝඨාභය ශක්තිය සැපයූ ආකාරය දැනගැනීම සඳහා විවිධ අය ලියා ඇති දේ කියවන්න. විශේෂයෙන් අපට විරුද්ධ අය කියා ඇති දේ කියවන්න. මා එතනින් එහාට ඒ ගැන කියන්නේ නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් ව තියෙනවා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්න පොහොට්ටුව මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි කියා. මට ඒ ගැන සැකයක් තියෙනවා. ඒ ඇමරිකානු රටවැසිකම නිසා හටගත් ප්‍රශ්නයක් ද? වෙනත් එකක් ද?

Tuesday, 28 August 2018

මහා දාර්ශනිකයා, දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්




මහා දාර්ශනිකයා,  දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්



මහා දාර්ශනිකයා සුපුරුදු පරිදි සිරිසේන ශක්තිමත් කිරීමට විරුද්ධ ව ලියනවා. ඔහුගේ තර්ක දෙකේ පන්තියේ තර්ක. 2019 ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාල මගින් නැතිව රනිල් ඉවත් කරන ක්‍රමයක් ගැන මේ එතෙර මෙතෙර සිටින දාර්ශනිකයන් මහාචාර්යවරුන් ආදීන් කියන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ හුදු සිරිසේන විරෝධයක්. මා නැවතත් කියනවා 2019 ජනාධිපතිවරණයට පෙර රනිල් ඉවත් කිරීමේ විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න. රනිල් එතෙක් හිටියොත් මැතිවරණ ලබා ගැනීම ම ප්‍රශ්නයක් වේවි. මහා දාර්ශනිකයා කෙතෙක් කීවත් ඔහු මට හමුවීමට දිනයක් වෙලාවක් තැනක් දෙන්නේ නැහැ. ඔහු ඇතුළු අනෙක් සිරිසේන විරෝධීන් අවසන් වශයෙන් කරන්නේ රනිල් රැක ගැනීමයි.

Sunday, 26 August 2018

ජී එල් හා මුස්තාෆා


ජී එල් හා මුස්තාෆා



මා ලියන කියන බොහෝ දේට බොහෝ දෙනා (අතිවිශාල බහුතරය -– හතරපස්දෙනකු මගේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒවාට කැමැත්ත පළ කරන්නේ ඉතා සුළු පිරිසක්. – බොහෝ මහින්දවාදීන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්. සිරිසේනවාදීන් මා ගැන දන්නෙවත් නැහැ.) අකමැති බව මා දන්නවා. මේ ලියන දේ කියවන්නන් ඉන්නේ ඉතා ම අඩු පිරිසක් බවත් දන්නවා. මේ ලිපිවලින් සතපහක වැඩක් වන්නේ නැති බවත් දන්නවා. ඒත් මා මෙයට ඇබ්බැහි වෙලා. මේ දවස්වල නීතිය ගැන වැඩිපුර කතා වෙනවා. පාර්ලිමේන්තුව කියන්නෙ නීති හදන තැන. අධිකරණය කියන්නේ පාර්ලිමේන්තුව වෙනුවෙන් නීති විවරණය කරන තැන. අද ප්‍රධාන කතා දෙකක් කියැවෙනවා. එකක් මහින්දට (හා චන්ද්‍රිකාට) නැවතත් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්න පුළුවන් ද කියන එක. දෙවැන්න සීමා නීර්ණ වාර්තාවට ෆයිසර් මුස්තාෆාත් විරුද්ධ ව ඡන්දය දීම. මුස්තාෆාත් ජනාධිපති නීතිඥයෙක්. මහින්දට පුළුවන් කියන ජී එල් සම්ම ජාතියේ උසාවි ගිහින් නැහැ. ඔහු නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයෙක්. නීතිය පිළිබඳ පොත්පත් ලියල තියෙන කෙනෙක්. නීතියට කිසිම දෙයක් අලුතෙන් එකතු කරලා නැති කෙනෙක්. මෙරට කිසිම නීතිඥයෙක් නීතියට අලුත් දෙයක් එකතු කර නැති නිසා ඒකෙ ගාණක් නැහැ.

Monday, 20 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16





අද මෙරට පාලනය ඉන්දියාව බොහෝ දුරට අත් කර ගෙන ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ බටහිරයන් ඉන් ඈත් වී ඇත කියන එක නොවෙයි. බටහිරයන් හා ඉන්දියාව අද ඉන්නේ එක ම පිළක. මෙරට දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුවේ එංගලන්තය (හා නෙදර්ලන්තය ඒ දිනවල ඕලන්දය) විසින් බව මේ ලිපි පෙළේ පමණක් නොව මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ බව කියා ඇති. ඒ සඳහා අවශ්‍ය ඊනියා සාධක ද ඉදිරිපත් කර ඇති. මෑත කාලයෙහි යුරෝපා සංගමය, විශේෂයෙන් නෝර්වේ, ස්වීඩනය හා එක්සත් රාජ්‍ය ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඒ මූලික වශයෙන් එංගලන්තයේ අවශ්‍යතාවට. එක්සත් රාජ්‍ය අද වෙනත් දේශපාලනයක යෙදෙනවා. ඒ ට්‍රම්ප්ගේ නායකත්වයෙන්. අප රටේ කිසිවකු ට්‍රම්ප් සමග සම්බන්ධකම් ගොඩ නගා ගන්න උත්සාහ ගන්නේ නැහැ. තවමත් ධනවාදය - සමාජවාදය කණ්නාඩියෙන් ලෝකය බලන අයට එසේ කළ යුත්තේ ඇයි ද යන්න තේරෙන්නේ නැහැ.