Main Logo

Showing posts with label Coomaraswamy Ponnambalam family. Show all posts
Showing posts with label Coomaraswamy Ponnambalam family. Show all posts

Sunday, 19 January 2020

බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

  සිංහල ලිත් ඉලක්කම්


බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය



මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු කෙළේ නැහැ. ඔවුන් කෙළේ තම වියුක්ත කතන්දර අප ලවා පුනරුච්චාරණය කර ගැනීමට හැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ටික දෙනකු බිහි කිරීම පමණයි. 

Wednesday, 25 September 2019

1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්


         සිංහල ලිත් ඉලක්කම්



1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්

ගුරුකන්ද විහාරාධිපතීන්වහන්සේගේ දේහය ආදාහනය කිරීම පිළිබඳ ප්‍රශ්නය පිටුපස ඇත්තේ පක්‍ෂ දේශපාලනයයි. ඉංගිරිසින් විසින් අපට දෙන ලද භයානක ම දේ නම් අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනයයි. නිලධාරි තන්ත්‍රය ඊළඟට එනවා. අද අධ්‍යාපනයෙන් කෙරෙන්නේ ඇස් පෑදීම නොව ඇස් වැසීමයි. බටහිරයන්ට අවශ්‍ය ආකාරයට අප වැඩ කරන්නේ ඇස් වහගෙන ඔවුන්ට අවශ්‍ය තැනකට ගෙන යෑමට අප ඉඩ දී තියෙන නිසයි. එහෙත් මේ ගැන කොතෙක් කිව්වත් අපට ඇස් අරින්න බැහැ.

Wednesday, 20 February 2019

අරුල්ට ඇති ප්‍රශ්න


අරුල්ට ඇති ප්‍රශ්න



මෙරට ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් විධායක නිලධාරීන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් ඇති විදග්ධ උගත් පිරිසක්. මට ඔවුන්ගේ මට්ටමට කිසි දිනෙක ළඟා වීමට බැහැ. ඔවුන් කිහිප දෙනකුට මා මේ ලිපි විද්‍යුත් තැපෑලෙන් යැවුවා. ඔවුන් ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. සමහරුන් ඒවා කියවාවත් නැහැ. ඩේලි මිරර් පුවත්පතෙන් හැරෙන්න මට ප්‍රතිචාරයක් ලැබෙන්නේත් නැහැ. ඒත් මගේ ඉතාමත් සීමිත දැනුම අනුවත් මා දැන සිටියා ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය කියලා. 

Thursday, 25 October 2018

විග්නේස්වරන්ගේ දේශපාලනය


විග්නේස්වරන්ගේ දේශපාලනය



සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ හැටේ දශකය අවසානයේ  ආචාර්ය උපාධියකට ලියා පදිංචි වූ ලංකාවේ දෙමළ කතාකරන අයකු සිටියා. ඔහුට ප්‍රථම උපාධියට ලැබී තිබුණේ දෙවැනි පන්තියේ පහළ ශ්‍රේණියේ සාමාර්ථයක්. එබැවින් ඔහුට විශ්වවිද්‍යාලයේ ස්ථිර සහකාර කථිකාචාර්යවරයකු වීමට නො හැකි වුණා. ඒ විශ්වවිද්‍යාලයීය නීති රීති අනුව. ඔහුට වඩා සුදුසුකම් තිබූ අයදුම්කරුවන් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පශ්චාත් උපාධියක් සඳහා එතෙර යෑමට විශ්වවිද්‍යාලයෙන් වැටුප් සහිත නිවාඩු ලැබුණේ නැහැ. ඔහු තම වියදමින් පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට ගියා.