Main Logo

Showing posts with label BBC. Show all posts
Showing posts with label BBC. Show all posts

Wednesday, 22 January 2020

බීබීසිය වෙනුවෙන් අපි

                     සිංහල ලිත් ඉලක්කම්


බීබීසිය වෙනුවෙන් අපි

චන්දිම වීරක්කොඩි  කියලා තිබුණා බීබීසී ලංකා වාර්තාකරු එකී සේවයෙන් අස් කරන්න කියලා. ඒ බීබීසියේ අපක්‍ෂපාතිත්වය රැක ගැනීමට කියල කියන්නෙ. බීබීසි වාර්තාකරු රන්ජන් රාමනායක එක්ක සංවාදයක යෙදිලා සංවිධානාත්මක දේශපාලන ක්‍රියාවලියක යෙදිල තියෙනව කියන චෝදනාව තමයි තියෙන්නෙ. ඉතින් ඒකට වාර්තාකරු අස් කරල වැඩක් තියෙනවා ද? බීබීසිය ඉන් පසු අපක්‍ෂපාති වේවි ද?

Monday, 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 

Sunday, 19 January 2020

බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

  සිංහල ලිත් ඉලක්කම්


බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය



මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු කෙළේ නැහැ. ඔවුන් කෙළේ තම වියුක්ත කතන්දර අප ලවා පුනරුච්චාරණය කර ගැනීමට හැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ටික දෙනකු බිහි කිරීම පමණයි. 

Wednesday, 11 December 2019

අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු

     
                                                              සිංහල ලිත් ඉලක්කම්



අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු



අපේ කඳවුරේ එක් පඬියකු  කියා තිබුණා අල්ජසීරා බීබීසි ආදී ජනමාධ්‍ය ඒ ඒ රටවල ආණ්ඩුවල මතය සකස් කරනවා කියා. එහෙම නැත්නම් සකස් කිරීමේ දී යම්  බලපෑමක් ඇති කරනවා කියා. මොහු මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී යම් බලපෑමක් ඇති කරපු අයෙක්. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උසස් වෙනවා විය හැකියි. රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේ දී පොල්ලෙන් ගැහුවාක් මෙන්  වැඩ කිරීමට නොහැකි වනවා විය හැකියි. මගේ නම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තබා පුද්ගල පුද්ගල සබඳතාත් ඇත්තේ පහළ මට්ටමක.  මා ඒ ගැන තැවෙන්නේ නැහැ.