Main Logo

Showing posts with label French Revolution. Show all posts
Showing posts with label French Revolution. Show all posts

Monday, 27 July 2020

උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

උප්පැන්න සහතිකය මෙන් ම විවාහ සහතිකය ද මරණ සහතිකය ද බටහිරයන්ගෙන් අපට ලැබුණු දේ. නමුත් ඒකෙන් කියැවෙන්නේ නැහැ බටහිරයන් එන තෙක් සිංහලයන් නොඉපදී විවාහ නොවී නොමැරී හිටි බවක්. සමහරවිට පෘතුගීසින් එන විට එකගෙයි කෑම වැනි සිරිතක් එකතු වී තිබෙන්නට ඇති. එය අපට කෙසේ කවදා ලැබුණේ ද යන්න ගැන හරි (සංගත) මතයක් නැහැ.  එහෙත් අපේ පැරණි ඉතිහාසයේ අහවලා අහවලාගේ බිරිඳ ආදී වශයෙන් හඳුන්වලා තියෙනවා. නන්දිමිත්‍රගේ බිරිඳ අහවල් ලෙන පූජා කළ බව සඳහන් වෙන සෙල්ලිපි තියෙනවා. 

Monday, 20 July 2020

ජාතික ධජ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9








ජාතික ධජ 



කුරුණැගල භුවනෙකබාහු රාජසභාවේ කොටසක් කඩා බිඳ දැමීම පිළිබඳ ව බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. එහි 1998 පමණ කාලයේ දී ආපන ශාලාවක් පවත්වා ගෙන යෑමට අවසර දී ඇති බවක් කියනවා. මේ ගැන කතා කරන ඇතැමුන්ට අවශ්‍ය දේශපාලන වාසියක් ගැනීම බව පැහැදිලියි. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දීමට එපා කීමටත් එය උපයෝගී කර ගන්නවා. එයින් කියන්නේ පොදු ජන පෙරමූණු සංධානයට ඡන්දය දීමට එපා කියන එක ද නැත්නම් සංධානයට ඡන්දය දී මහින්දට මනාප දෙන්න එපා කියන එක ද පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් මේ සිද්ධිය මත පදනම් වී එවැනි තීරණයක් ගැනීම කිසිසේත් ම සුදුසු නැහැ.

Monday, 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 

Thursday, 27 June 2019

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ  

පේරාදෙණියේ සිංහලෙන් ඉතිහාසය උගන්නන්න පටන් ගත්ත කාලයෙ එක් ඉතිහාස කථිකාචාර්යවරයකු ප්‍රංශ  විප්ලවයට ප්‍රංශ  හුටපටේ  කිව්වළු. ඒ ඔහුගෙ සිංහල දැනුමෙ අඩුපාඩුවක් නිසා වූ බවයි එකල ශිෂ්‍යයන් කිව්වෙ. ඒත් මා නම් හිතුවෙ හුටපටේ කියල කියන්න හොඳ සිංහල දැනුමක් අවශ්‍ය බවයි. ප්‍රංශ විප්ලවය කියන්නෙ පහළොස්වැනි සියවසේ ඇරඹුණු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පසුව ඇති වූ වැදගත් මං සලකුණක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය බොහෝ සංකල්ප බිහි කෙරුණෙ ප්‍රංශ  මහා විප්ලවයෙන්.

Wednesday, 1 May 2019

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නොගෙනීම ඔහුට ප්‍රශ්නයක් වෙලා. ඔහු ඊනියා සමාජයීය ගිවිසුමක් (social contract) ගැන කතා කරනවා. දැනට පවතින ව්‍යවස්ථාව ඊනියා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇතිව සම්මත කර ගත් එකක් නොවන බවයි ඔහු කියන්නේ. ඔහුට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ කලබල අස්සේ ඔහුගේ, රනිල්ගේ, ජයම්පතිගේ හා ලාල් විජේනායකගේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න. 

Monday, 26 March 2018

ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම


ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම



  1. සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන් පසු කරන ලද කතාවත් නිසා. මේ සිස්ටම් වෙනස් කිරීම් හිස් කතා පමණයි. මේවායින් සිද්ධ වෙන්නෙ සමාජයෙ කියන විධියට ඒ ඒ අය පොරවල් වීම පමණයි. සිස්ටම් එක නැත්නම් පද්ධතිය හරි ක්‍රමය හරි ඔය කියන විධියට වෙනස් වෙන්නෙ නැහැ. ඊනියා ජාතිකවාදීන්ටත් තුමිඳු අඳුරගන්න බැරි වෙලා. මා නම් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙ මා හිටපු කාලෙ ඉඳන් දන්නවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් ඔහු ජාතිකවාදියකු නම් නො වෙයි.