Main Logo

Showing posts with label David. Show all posts
Showing posts with label David. Show all posts

Thursday, 27 June 2019

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ

ප්‍රංශ මුස්ලිම් ස්ත්‍රී හුටපටේ  

පේරාදෙණියේ සිංහලෙන් ඉතිහාසය උගන්නන්න පටන් ගත්ත කාලයෙ එක් ඉතිහාස කථිකාචාර්යවරයකු ප්‍රංශ  විප්ලවයට ප්‍රංශ  හුටපටේ  කිව්වළු. ඒ ඔහුගෙ සිංහල දැනුමෙ අඩුපාඩුවක් නිසා වූ බවයි එකල ශිෂ්‍යයන් කිව්වෙ. ඒත් මා නම් හිතුවෙ හුටපටේ කියල කියන්න හොඳ සිංහල දැනුමක් අවශ්‍ය බවයි. ප්‍රංශ විප්ලවය කියන්නෙ පහළොස්වැනි සියවසේ ඇරඹුණු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ පසුව ඇති වූ වැදගත් මං සලකුණක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය බොහෝ සංකල්ප බිහි කෙරුණෙ ප්‍රංශ  මහා විප්ලවයෙන්.

Friday, 3 May 2019

පාස්කුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම

පාස්කුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම



පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි.  ඒ වගේ ම සිංහල බෞද්ධ විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන් ජනතාව අතරමං කරනවා පමණයි.