පාස්කුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම
පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි. ඒ වගේ ම සිංහල බෞද්ධ විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන් ජනතාව අතරමං කරනවා පමණයි.