Main Logo

Showing posts with label .Sinhala Buddhist Culture. Show all posts
Showing posts with label .Sinhala Buddhist Culture. Show all posts

Tuesday, 28 July 2020

සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ


                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9



සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ

ජාතිය ද ජාතික රාජ්‍යය ද කලින් ඇතිවුණෙ කියල බටහිර බුද්ධිමතුන් අතර වාදයක් තියෙනවා. මෙරට පඬියන්ට ඒ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව යා හැකි දෙයක් බටහිරයකු කියා ඇත්නම් එය ඉස්මතු කර පට්ටා ගැහීම පමණයි. ඊනියා ජාතික රාජ්‍ය ඇතිවීමට පෙර යුරෝපයේ රාජ්‍යවලට නිශ්චිත මායිම් තිබුණෙ නැහැ. ඒවා වෙනස් වුණා. දු කුමරිය විවාහ වෙන විට ඇතැම් විට රටෙන් කොටසක් දෑවෑද්දට දුන්නා. රටක් රාජ්‍යයක් කියන්නෙ පරවේණියට ලබුණු තම හිතු මතේට වෙනස් කළ හැකි දෙයක් ලෙසයි වැඩවසම් යුගයේ සැලකුණේ. පඬියන්ට හැරෙන්න අන් අයට නම් ලංකාවේ වැඩවසම් රාජ්‍යයක් තිබී නැහැ. 

Sunday, 23 February 2020

යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?

       සිංහල ලිත් ඉලක්කම් 


යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?



බුදුදහම ගැන උනන්දුවක් දක්වන අය අතර මුහුණු පොතේ සංවාදයක් කෙරී ගෙන යන බව දැන ගන්නට ලැබ සමහර සටන් කියෙව්වා. බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ එක් එක් අයට තිබෙන්නේ එක් එක් මත කියන්න පුළුවන් වුණත් එහෙම කියන එක වැරදියි. ඉන් කියැවෙන්නේ බුදුදහම එක් එක් අය තමන්ට පේන විධියට තේරෙන විධියට අර්ථකථනය කරන එක. එහෙත් අප කරන්නේ එක් එක් අයගේ බුදුදහම් ඉදිරිපත් කරන එක පමණයි. අප ප්‍රකාශ කරන්නේ අප නිර්මාණය කරන අපේ බුදුදහම්. 

Thursday, 23 January 2020

අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි

         සිංහල ලිත් ඉලක්කම්


අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි  



අභයගිරිය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කාට අවශ්‍ය විධියට ද? අපට අවශ්‍ය විධියට ද? නැත්නම් බටහිරයන්ට අවශ්‍ය විධියට ද? අප අභයගිරිය ප්‍රතිසංස්කරණය කරනවා ද? සංරක්‍ෂණය කරනවා ද? ලංකාවේ පුරාවිද්‍යාඥයන් ඉන්නවා ද? එක් පඬියකුට අනුව ගැමුණු සිල්වාත් පුරාවිද්‍යාඥයෙක්. ගැමුණු මගේ මිත්‍රයෙක්. ඔහු දක්‍ෂ ශිල්පියෙක් (ඊනියා ඉංජිනේරුවෙක්). පඬියන්ගේ පරික්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අනුව ගැමුණු පුරාවිද්‍යාඥයෙක් වෙලා. ඔහු අර මාළිගාවිල බුදුපිළිමය සම්බන්ධයෙන් කළ වැඩ, දළදා මාළිගාවෙ රන් වියන සවි කිරීම, මැතක දි රුවන්වැලි සෑයෙ කටයුතුවලට සම්බන්ධවීම ආදිය නිරීක්‍ෂණය කරන පඬියන් විද්‍යාත්මක ව නිගමනය කරනවා ඔහු පුරාවිද්‍යාඥයකු කියා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙ විදුලි එළි සවිකෙළෙත් ඔහුගෙ අධික්‍ෂණයෙන්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් කියල නිගමනය කරනවා ද? 

Tuesday, 14 January 2020

කොඩි එසවීම හා රන්ජන් බැස්සීම

 සිංහල ලිත් ඉලක්කම්


කොඩි එසවීම හා රන්ජන් බැස්සීම



විපක්‍ෂ නායක කාර්යාලය වටා බෞද්ධ කොඩි හිටවලා කියලා ප්‍රවෘත්තියක් පළ  වුණා. ඒ විශේෂ උත්සවයක් සඳහා නො වෙයි. ඉන් පැහැදිලි වන්නේ විපක්‍ෂ නායක කාර්යාලය පන්සලක් කියන එක ද?  පන්සල්වල නම් බෞද්ධ කොඩි ලෙළ දීමට සලස්සනවා. එහෙත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ගිහියන් එහෙම බෞද්ධ කොඩි ඔසවන්නේ නැහැ. සමහර විට සජිත් අලුත් සම්ප්‍රදායක් අරඹනවා ද දන්නේ නැහැ.

Saturday, 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.

Friday, 25 October 2019

මැකොස හා සම්ප්‍රදාය

    සිංහල ලිත් ඉලක්කම් 


මැකොස හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් කියල කියනවා. ඒක එහෙමයි කියමුකො. ඒත් අපි ස්වාධීන නොයෙකුත් දේ දැකලා තියෙනවා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ තිබුණ සුවාදීන කණ්ඩායමක්. ඒක කාලයක් විජය කුමාරතුංග එක්ක. තවත් කාලයක් රාජිත සේනාරත්නත් එක්ක. සමහරු ප්‍රා සංවිධානයෙත් හිටියා. ඒ කණ්ඩායම දැනුත් ක්‍රියාත්මක ද කියල දන්නෙ නැහැ. 

Sunday, 6 October 2019

සජිත් මුඛවික්‍රම


         සිංහල ලිත් ඉලක්කම් 



සජිත් මුඛවික්‍රම 

සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.

Wednesday, 4 September 2019

කාලෝ හා පියසර ශිල්පාධිපති

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ හා පියසර ශිල්පාධිපති




සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි  දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ  ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා. 

Tuesday, 3 September 2019

කාලෝ කාළාමයන් හා රයිනෝ

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ කාළාමයන් හා රයිනෝ 



කාලෝ ගැන මොනවද කියන්නෙ කියල ඇතැමුන් අහනව. ඔහු ගැන බොහෝ දේ මා ඔහු ජීවත් ව ඉන්න කාලෙ ම මුහුණට ම කියලත් තියෙනවා කියව ගන්න ලියලත් තියෙනවා. මා කාලයට ලියන හැම ලිපියක් ම ඔහුට විද්‍යුත් තැපෑලෙන් යැවුව. මේ ලිපියේ සිට ඔහුට ලිපි යැවෙන්නේ නැහැ. ඒත් ඔහු ගැන ලියන්න බැරි වුණු එක කාරණයක් කියන්නයි මෙය ලියන්නෙ. ඔහු කී එක් දෙයකට මා දැන් එකඟ වෙනවා. ඒක මට කල්පනා වුණෙ ඔහු මිය ගියාට පස්සෙ. ඒත් ඒක කියන්න ඉස්සෙල්ල කාරණා ටිකක් මතක් කර ගත්ත නම් හොඳයි කියල හිතෙනවා.

Tuesday, 16 July 2019

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නැහැ. සහරාන් නොමැරුණා නම් ඔහුත් නිදහස් වෙනවා. දැන් වුණත් නිදහස් කරන්න පුළුවන්. සහරාන් මිය ගියේ වෙන අයකු පිපිරවූ බෝම්බයකට වෙන්න පුළුවන්. පොලීසියට බද්‍යුද්දින්ට විරුද්ධ ව ඉදිරිපත් කරන්න තරම් චෝදනාවක් නැහැ. කොහොමටත් අධිකරණයට කලින් තීරණ ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. හොරාගෙ අම්මගෙන්වත් පේන අහන්නෙ නැතිව ඉන්න පොලීසියට පුළුවන්. 

Saturday, 13 July 2019

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය



පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ගුරුත්වාකර්ෂණය හා තවත් දේ පිළිබඳ ව විශ්වකර්ම සමග කළ සාකච්ඡාව මේ සබැඳියෙන්

https://youtu.be/ennNO8gU7sQ

Thursday, 13 June 2019

අසාද් සාලිගෙ අට

අසාද් සාලිගෙ අට

අසාද් සාලි කියන්නේ පිස්සකුවත් මෝඩයකුවත් නො වෙයි. ඒ කියන්නෙ ඔහු වියතකු බුද්ධිමතකු කියන එකත් නො වෙයි. ඔහු බස්නාහිර පළාතෙ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුයෙ මෛත්‍රිපාල විසින්. හිස්බුල්ලත් ආණ්ඩුකාරයකු වුණේ ඡන්දෙකින් නො වෙයි. අසාද් සාලි විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු බල්ලගෙ වැඩේ බූරුවා කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ගිහිනුත් ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නෙ යම් අරමුණක් ඇතිව. 

Thursday, 9 May 2019

ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය

 ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය


ඊයේ ලිපියේ බිංදුව ගැන මා ලියූ කොටසට ඉංගිරිසි මාධ්‍යයෙන් වැඩ කරසිංහල ජනමාධ්‍යවේදියකු මට ලියා එවා තිබුණා  Amir D Aczel  නමැති යුදෙව් ගණිතඥයකු බිංදුව බෞද්ධයන්ගේ නිර්මාණයක් විය හැකි බවට තම පොතක පළ කර තිබුණා කියා. ඒ ගණිතඥයාට අනුව ශුන්‍ය (.) සංකේතවත් වන පැරණි ම වාර්තාගත සටහනක් ඇත්තේ (ථෙරවාදී)  කාම්බෝජයේ ක්හමර් යුගයේ ශිලා ලේඛනයක. මා ඒ පොත කියවා නැහැ. මා ගණිතයේ ඉතිහාසය පිළිබඳ ඇති සියලු පොත් කියවා නැහැ. ඒ පොත කියවන්න බලාපොරොත්තු වෙනවා. මා ගණිතඥයෙක් නොවෙයි. එහෙත් මා කියා ඇති දේ සනාථ කිරීමට කරුණු තියෙන බව පැහැදිලියි. ඒ ජනමාධ්‍යවේදියාට මා පින් දෙනවා ඒ තොරතුරු මට ලබා දීම පිළිබඳ ව. 

Sunday, 5 May 2019

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය



දෙරණ ඊනියා යුද, ත්‍රස්තවාද විශේෂඥයකු වූ රොහාන් ගුණරත්නට සාකච්ඡාවක් ලබා දීලා. දෙරණ දැන් කටයුතු කරන්නේ රනිල් වෙනුවෙන් ද කියා මා අහන්නේ නැහැ. එහෙත් දෙරණට සම්බන්ධ ආයතනයක් රනිල් වෙනුවෙන් මැතිවරණ දැන්වීම් පළ කළ බව නම් ප්‍රසිද්ධ කරුණක්. එය හුදු ව්‍යාපාරික කටයුත්තක් කියා පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙත් මහින්ද නම් එවැනි පිළිතුරක් පිළිගන්නෙ නැති බව පැහැදිලියි.

Friday, 3 May 2019

පාස්කුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම

පාස්කුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම



පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි.  ඒ වගේ ම සිංහල බෞද්ධ විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන් ජනතාව අතරමං කරනවා පමණයි. 

Friday, 26 April 2019

මුස්ලිම් අන්තවාදයට එරෙහිව


මුස්ලිම් අන්තවාදයට එරෙහිව
   

ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ දිගුවක් බව අප දැන් දන්නවා.  අද වැඩියෙන් ම අමාරුවට පත් වී ඇත්තේ පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන්ට කිසිම ආකාරයකින් පාස්කු ඉරිදා උදයේ බෝම්බ ප්‍රහාරය ඊනියා සිංහල බෞද්ධ හෙජමනියේ එල්ලා තබන්න බැහැ. ඔවුන්ට පුළුවන් කමක් නැහැ මුස්ලිම් අන්තවාදයට හේතුව සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාකාරකම් කියා කීමට. 

Thursday, 21 March 2019

ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට  අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැහැ.

Friday, 8 March 2019

එස් බීගේ හරක් කතා


එස් බීගේ හරක් කතා



මෙරට සිංහල බෞද්ධ රටක් කියන එක නැති කරන්න මුලින් ම හැදුවෙ සොළීන් වෙන්න පුළුවන්. පොළොන්නරුවෙ ශිව දේවාලය හදල තියෙන්න පන්සල් බිමක කියල මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ කාගෙ හරි යම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් පදනම් කර ගෙන වෙන්න ඕන. ඒත් මෛත්‍රිපාල එක්ක දැන් වැඩ කරන ඇතැම් හිටපු ස්වාදීනයන් හා පශ්චාත්නූතනවාදීන් කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන එක. මෛත්‍රිපාල හැම තිස්සෙ ම හරි නැහැ. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හදපු බවට සාක්‍ෂි තියෙනවා. ඊට පස්සෙ ලන්දේසින් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න විවිධ දේ කෙරුවා.  ඉංගිරිසින් තමයි සියල්ලට ම වැඩිය ඒ වැඩේ කෙළෙ. ඔවුන් මත්පැන් පුරුදු කළා. බටහිර ආකල්ප සිරිත් විරිත් අපට දුන්නා. ඒත් ඔය සියල්ල කරළත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් ව තිබුණා. පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒ වෙනස් කළා. ජේ ආර් විවෘත ආර්ථිකයක් නමින් විවෘත සංස්කෘතියක් ඇති කළා. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්න. රනිල්ගෙ ආණ්ඩුව මේ පහර දීම තවදුරටත් කරගෙන යනවා. එහෙම පහර දෙමින් ඔවුන් අහනව අපි බෞද්ධ නොවෙයි ද කියලත්!

Friday, 28 December 2018

දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ


දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ



මා හිතන්නේ මේ වන විට රනිල් සුමන්තිරන් හා අනුර දාසනායක ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද යන්න පැහැදිලියි. ඒ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කර දැමීමයි, නැති කරන්න බැරි නම් ඒ තව තවත් දුර්වල කිරීමයි. ඔවුන් පිටුපස සිටින්නේ බටහිර රටවල් හා ඉන්දියාවයි. රනිල් කල්ලිය පවතින්නේ ඒ රටවල ආධාරයෙන් හා අනුග්‍රහයෙන්. ඔවුන් වෙනුවෙන් ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් සිවල් සාමාජිකයන් හා තවත් අය කටයුතු කරනවා. ඔවුන්ගේ බයිලාව තමයි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ඇති බවත් එය බිඳ දැමිය යුතු බවත්. ඒ බයිලාවත් ඔවුන්ගේ ම නිර්මාණයක් නො වෙයි. එයත් බටහිරයන් ම ඔවුන්ට ලබා දෙන්නක්. මේ සිවල් සාමාජිකයන් ආදීන්ට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ. ඔවුන් තුට්ටු දෙකේ අනුකාරකයන් පමණයි.

Tuesday, 18 September 2018

ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම)


ඝරසර්ප 2

(යක්‍ෂයා පළවා හැරීම)



බටහිර මනෝ චිකිත්සාවේ "ආවේෂ" හා කතෝලික චින්තනයේ ආවේෂ යනු එකක් නොව දෙකක්. ඒ එකක් දෙවිධියකට හැඳින්වීමකුත් නො වෙයි. ඒ දෙක දැනුම් පද්ධති දෙකක වූ දැනුම්  දෙකක්. අප බොහෝ විට දැනුම් පද්ධති දෙකක ඇත්තේ වචනවල වෙනසක් පමණක් යැයි සිතනවා. වචන පරිවර්තනයෙන් ඒ එකක් ම ලෙස සැලකිය හැකිය කියා හිතනවා. චින්තනය හඳුන්වා දුන් මුල් කාලයෙ දී ම අප තේරුම් කළා සිංහල බෞද්ධ සංස්කෘතියේ අම්මා යනු බටහිර මදර යන්නෙහි  පරිවර්තනයක් ලෙස පෙනූන ද එ එසේ නොවන බව. සිංහල සංස්කෘතියේ අම්මලා තම දරුවන්ටත් මගෙ අම්මා කියා කියනවා.