Main Logo

Showing posts with label Living History. Show all posts
Showing posts with label Living History. Show all posts

Thursday, 23 January 2020

අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි

         සිංහල ලිත් ඉලක්කම්


අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි  



අභයගිරිය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කාට අවශ්‍ය විධියට ද? අපට අවශ්‍ය විධියට ද? නැත්නම් බටහිරයන්ට අවශ්‍ය විධියට ද? අප අභයගිරිය ප්‍රතිසංස්කරණය කරනවා ද? සංරක්‍ෂණය කරනවා ද? ලංකාවේ පුරාවිද්‍යාඥයන් ඉන්නවා ද? එක් පඬියකුට අනුව ගැමුණු සිල්වාත් පුරාවිද්‍යාඥයෙක්. ගැමුණු මගේ මිත්‍රයෙක්. ඔහු දක්‍ෂ ශිල්පියෙක් (ඊනියා ඉංජිනේරුවෙක්). පඬියන්ගේ පරික්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අනුව ගැමුණු පුරාවිද්‍යාඥයෙක් වෙලා. ඔහු අර මාළිගාවිල බුදුපිළිමය සම්බන්ධයෙන් කළ වැඩ, දළදා මාළිගාවෙ රන් වියන සවි කිරීම, මැතක දි රුවන්වැලි සෑයෙ කටයුතුවලට සම්බන්ධවීම ආදිය නිරීක්‍ෂණය කරන පඬියන් විද්‍යාත්මක ව නිගමනය කරනවා ඔහු පුරාවිද්‍යාඥයකු කියා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙ විදුලි එළි සවිකෙළෙත් ඔහුගෙ අධික්‍ෂණයෙන්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් කියල නිගමනය කරනවා ද?