Main Logo

Tuesday 31 January 2023

ජේ ආර්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය

 ජේ ආර්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය

 

රනිල් වික්‍රමසිංහ මව් පාර්ශ්වයෙන් ජේ ආර්ගෙ බෑණ කෙනෙක් කියනව. රනිල් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න හදන විට නිතැතින් ජේ ආර් මතක් වෙනවා. වගේ ජනතා විමුක්ති පෙරමුණත් මතක් වෙනවා. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙ නායකත්වයෙන් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ උද්ඝෝෂණ පවත්වන විට වි පෙරමුණත් ඉදිරියෙන් සිටියා. ජේ ආර් යටතෙ හමුදාව නිකන් හිටියෙ නැහැ. එදා වෙඩි උණ්ඩ ලැබුණා. පිරිසක් මිය ගියා. අතර වි පෙ සහෝදරයන් සිටියා. වි පෙරමුණට අද ජාතික ජන බලවේගය නමින් හරි වෙන නමකින් හරි පෙනී සිටියත් සහෝදරවරුන් මතක් වෙන්න ඕන. අපි කැමතියි වි පෙ රනිල් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීමට යෑම ගැන තම ස්ථාවරය පැහැදිලි කරනව නම්.

Monday 30 January 2023

තම්බි මුදියන්සේ

                          තම්බි මුදියන්සේ

 

තම්බි මුදියන්සේ ගැන මේ ලිපිය ගමක සිරිය වෙබ් අඩවියෙන්. මෙහි ඇති සමහර අර්ථකථන පිළදබඳ තව සිතා බලන්න ඕන. එහෙත් තම්බි මුදියන්සේ සිංහලේ පාවා දුන්නකු බවට නම් සැකයක් නැහැ. තම්බි මුදියන්සේ ජේ ආර්ගේ මී මුත්තකු බව කියැවෙනවා.

මාලිමාව

                                                                           මාලිමාව

       ඉන්දු ලංකා ගිවිසුමට හා දහතුනට විරුද්ධ වූ ජ වි පෙ         (ජා ජ බ) අද මොකද කියන්නෙ? එදා දිවි දුන් තම සහෝදරවරුන් හුදෙක් සැමරීම සඳහා නො වේවා.

ජේ ආර් යටත්වීම

 ජේ ආර් යටත්වීම

 

මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය බිහි කර වර්ධනය කෙළේ ලන්දේසීන් හා ඉංගිරිසින්. සිංහලයන් අතර කුල පීඩනයක් නිර්මාණය කෙළෙත් ඔවුන්. 1947න් පසු ඉන්දියාවත් කලාපයේ තම ආධිපත්‍යය ඇති කර ගැනීම සඳහා එය යොදා ගත්තා. අද එය ඉන්දු බටහිර දේශපාලනයක් බවට පත් වී තියෙනවා. බටහිර දේශපාලනය විසින් තම කාර්යය වූ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම හැකි නම් නැති කිරීමට මෙරට පළමුවෙන් කුමාරස්වාමි ප්‍රභාකරන් පවුල ප්‍රධාන වෙල්ලාලයනුත් පසුව ප්‍රභාකරනුත් යොදා ගැණුනා. ඊනියා ඩයස්පෝරාව ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් නඩත්තු වෙන්නක්.

පාර්ලිමේන්තුව බලය අත්හැරලා ද?

 පාර්ලිමේන්තුව බලය අත්හැරලා ද?

ව්යවස්ථාව අනුව පරමාධිපත්යයේ ක්රියාකාරීත්වය පහත සඳහන් වෙනවා. අද ජනාධිපති ලෙස ද පත් කර ඇත්තේ ව්යවස්ථාදායක වූ පාර්ලිමේන්තුවෙන්. ඔහු තෝරා පත් කර ගත් අයකු නො වෙයි.

Sunday 29 January 2023

රනිල් පළාත් සභා හා ඒකීය රාජ්‍යය

 රනිල් පළාත් සභා හා ඒකීය රාජ්‍යය

 

රනිල් කියනවා තමා විධායක ජනාධිපති නිසා තමාගේ කාර්යය ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බව. අපි බලමු ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල යටතේ එය සඳහන් වන්නේ කොහොමද කියල. සම්බන්ධ 33 (1) () වහන්තිය මෙහෙමයි. තවත් කාර්යයන් අතර ඔහුට මේ කාර්යය තියෙනවා.

ජේ ආර්ගේ වැඩ

 

                                      ජේ ආර්ගේ වැඩ 

 

1987 පළාත් සභා පනත සම්බන්ධයෙන් විනිසුරු පාරින්ද රණසිංහ මහතාට හා තවත් විනිසුරු තුමන් සිවු දෙනකුට අනුව ජනමත විචාරණයකට ලක්කර තිබිය යුතු තිබූ එහෙත් එසේ ලක් නොකළ 154 2 () හා 3 () වගන්ති. 

Saturday 28 January 2023

හාමුදුරුවරු එපා ද

                                         හාමුදුරුවරු එපා ද


එදා හාමුදුරුවරුන්ගෙ කීමට දහතුන සම්පූර්ණයෙන් ක්රියාත්මක කළේ නැහැ කියල මනුෂ නනායක්කාර කියනවා. දැන් ක්රියාත්මක කරන්න යන්නෙ කාගේ කීමට ද? හාමුදුරුවරු කියන දේ අහන්න ඕන නැද්ද?

දහතුන

                                                දහතුන


දහතුන මුළුමනින් ම ක්රියාත්මක කිරීමට යෑම පිළිබඳ ව, ම එ පෙ, ජ වි පෙ, ශ්රී ල නි ප, ආදී එදා ඉන්දු ලංකා ගිවිසුමට හා දහතුනට විරුද්ධ වූ දේශපාලන පක්ෂ හා එදා නොතිබුණත් ශ්රී ල නි පක්ෂයේ කුසින් බිහි වූ ශ්රී ල පොදුජන පෙරමුණ ආදී පක්ෂ වහාම තම මතය ප්රකාශ කළ යුතුයි.

රනිල් මොනවද කරන්නෙ

 රනිල් මොනවද කරන්නෙ

 

බෞද්ධ විරෝධී තාර්කිකයන්ට ලිපිය මා ලිවුවේ ආරම්භයක් ගැන කතා කරන ඈරිස්ටෝටලීය රේඛීය ද්විකෝටික  න්‍යායේ බංකොළොත් බව කීමටත් ආරම්භයක් නැති චක්‍රීය චින්තනයක් මත පදනම් වූ චතුස්කෝටික න්‍යායේ වැදගත් බව කීමටත්.  එහෙත් ඇතැමුන් එය තේරුම් ගත් බවක් පේන්නෙ නැහැ. ආරම්භයක් ඇති රේඛීය චින්තනය අවසන් වශයෙන් පෙනී සිටින්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. සියල්ලෙහි ආරම්භයෙහි ඇත්තේ දෙවියන් වහන්සේ හරි බ්‍රහ්මන් හරි. දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ (විශ්වයේ) මැවූ ශක්තිය කිසිවකුටවත් වෙනස් කරන්න බැහැ කියන එකයි බටහිර භෞතික විද්‍යාවේ ඊනියා ශක්ති සංස්ථිති නියමයෙන් කියැවෙන්නේ.

 

බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ වචනයෙන් බැහැර කළත් එහි උත්සාහ කෙරෙන්නේ උන්වහන්සේ ඊනියා ලෝකය (විශ්වය) මවා ඇති ආකාරය තේරුම් ගැනීමට. එසේත් නැත්නම් සඳහා සංකල්ප ප්‍රවාද (කතන්දර) ගෙතීමට. බටහිර විශ්වවේදයට අනුව විශ්වයට ආරම්භයක් තියෙනවා. අද එයටත් එහා ගොස් වෙනත් විශ්වයක දුවක් ලෙස අපේ විශ්වය ඇති වූ බව කියන්න හදනවා. එහෙත් මාතෘ විශ්වයෙහි ආරම්භය කුමක් ? මෙහි කෙළවරක් තියෙනවා ?

 

මා බුද්ධාගම්කාරයෙක් නො වෙයි. මට ආගමක් නැහැ. මා සිංහල බෞද්ධයෙක්. මා බුදුදහමට එකඟ ජීවත් වෙනවා. කලකට ඉහත මා කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පොළ සමග එක් වී අග්ගඤ්ඤ සූත්‍රයේ කියන පරිදි චක්‍රීය විශ්වයක් සඳහා ආකෘතියක් හැදුවා. එහෙත් තවමත් බටහිරයන් එය පිළිගන්නේ නැහැ. ගැන මා පුදුම වෙන්නේ නැහැ. බොහෝ කලකට පෙර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙඩ් හොයිල් ශක්ති සංස්තිථිය වලංගු නොවන සතත අවස්ථා විශ්වය ( steady state universe) පිළිබඳ ආකෘතිය ගොඩ නැගුවා. බටහිර විශ්වවේදයේ එය පිළිගැණුනේ නැහැ.

 

සසරේ ආරම්භයක් ගැන අහන්නෙත් බටහිර හා භාරතීය ආකෘති අනුව. එහෙත් අප බෞද්ධයන් කියා කියා ගන්නවා. බෞද්ධයන් ආරම්භයක් ගැන අහන්නේ ඇයි. කොහොමටත් ඔය න්‍යාය තර්ක ආදී සියල්ල එක් එක් සංස්කෘතිවල සංස්කරණ (නිර්මාණ). ඇරිස්ටෝටල්ගේ න්‍යායෙහි ආරම්භක ස්වසිද්ධි විතරක් නො වෙයි තර්ක කිරීම සඳහා අනුමාන නීිතිත් (inference rules) තියෙනවා. ඒවත් හදපු ඒවා. අර A=B හා B=C නම් A =C යන්නත් හදපු එකක්. වියුක්ත (අමූර්ත) සංකේත මිසක් කෙහෙල් ගෙඩි පාට වගේ සංයුක්ත කතා නො වෙයි.

 

මා ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නැහැ. ප්‍රතිචාරත් මෙතනින් නවත්තනවා. අර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ කතාවත් අද ලියන්න බැහැ. අපට අද එයට වඩා වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා.

 

බටහිර - ඉන්දීය දේශපාලන තර්ජනය. රනිල් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා. ඔහු පෙබරවාරි අටවැනිදාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කරන්නේ අලුත් වැඩකට. එය බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව උඩ සිදු වන්නක්. පෙබරවාරි නවවැනි දා මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගෙ උත්පත්තියට වසර දෙසීයක් පිරෙනවා. රනිල් ඒක සමරන්න හදන්නෙ බටහිර ක්‍රිස්තියානින්ට හා ඉන්දීය හින්දුන්ට ඕන විධියට.

 

රනිල් සූදානම් වන්නේ දහතුන මුළුමනින් ක්‍රියත්මක කිරීමට. එය ඉන්දියාවේ හා බටහිර අවශ්‍යතාව උඩ සිදුවන්නක්. අවුරුදු හැත්තැවකට වැඩි කාලයක මධ්‍යම පාංතික ආකල්ප නිසා අප අද හිර වෙලා. අපි ණයට කෑවා. ණය ගෙවන විධියක් කල්පනා කෙළේ නැහැ. අදත් කල්පනා කරන්නේ නැහැ. මදිවට යහපාලන කාලෙ විශාල වශයෙන් ස්වෛරී බැඳුම්කර මගින් අධික පොළියකට විශාල ණය ප්‍රමාණයක් ගත්තා. එකල මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේත් ඕන කමට. අර්බුදයට හේතුව හොරකම් කිරීම ආදී කතා කියන්න පටන් ගත්තා.

 

දැන් ණය දීම සඳහා ජාමූලෙ කොන්දේසි දානවා. කොන්දේසි අතර ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් තියෙනවා. ඉන්දියාව දහතුන මුළුමනින් ක්‍රියත්මක කිරීම සඳහා බලකරනවා. බටහිරයන් එයට අනුග්‍රහ දක්වනවා. පරගලය සැලැස්මක් ඇතුව කෙරුණක්. මහා පොළොවේ හරි දෙරණේ හරි භූගෝලීය දේශපාලනයක් ඊනියා යථාර්ථයක් කියා  මා කියන්නේ නැහැ. ඔය සංකල්ප බටහිරයන් අප පාලනය කිරීමට තනා ගන්න දේ. කොහොම වුණත් දෙමළ ජාතිවාදී දේශපාලනය ක්‍රියාත්මක වුණෙ බටහිරයන්ගෙත් පසුව ඉන්දියාවෙත් ඕනකමට. බටහිරයන්ට අවශ්‍ය වුණෙ කුමාරස්වාමි පෙන්නම්බලම් පවුල මෙරට නායකත්වයට පත් කිරීමට. 1919න් පමණ පසුව සැලැස්ම බිඳ වැටුණා.  පොන්නම්බලම් අරුණාශලම් ගැන කළකිරිලා 1922 දි හින්දු මහා සභාව හැදුව. 

 

බටහිර - ඉන්දීය සැලැස්මෙ එක් අවස්ථාවක් තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය. දෙමළ කොටි ත්‍රස්තවාදයත් සිංහලයන්ට විරුද්ධ ක්‍රියාත්මක වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබුණත් ත්‍රස්තවාදය වැළැක්වීමට ක්‍රියා කෙළේ නැහැ. ඒකට නඩුවක් වැටුණෙ නැහැ. වෙනුවට ඊනියා සටන් විරාම රනිල්  ප්‍රභාකරන් සමග සම්මුති ගැසීමට කිලිනොච්චි යැම ආදිය සිදු වුණා. එහෙත් සියල්ල නන්දිකඩාල් ජයග්‍රහණය සමග කෙළවර වුණා. බටහිරයන් හා ඉන්දියාව තම අරමුණ අත් හැරියෙ නැහැ. යහපාලනය ගෙනාවා. ඒත් සැලැස්ම ඉටු කර ගන්න බැරි වුණා. ඔවුන් දින පනස්දෙකේ ආණ්ඩුව වට්ටලා පාර්ලිමේන්තුවේ ප්‍රීීතිඝෝෂා පැවැත්තුවා. වෙන රටක නම් අදාළ තානාපතිවරුන් තම රටවලට ආපහු ඇරලා. රනිල් එහෙම කෙළෙ නැහැ.

 

පරගලයෙන් රනිල් පත් කර ගත්තෙ ආර්ථික අර්බුදයක් විසඳන්න නො වෙයි. අර්බුදය ඇපේට තියා අද දහතුන මුළුමනින් ක්‍රියත්මක කරන්න හදනවා. සඳහා රනිල්ට ජනවරමක් නැහැ. ගෙවිඳූ කුමාරතුංග බව ඊයේ පක්‍ෂ නායක රැස්වීමේ දි කිවුවා. ඒක ඇත්ත. අපි එය හෙට විස්තර කරමු. පෙබරවාරි අටවැනි දා රනිල් අමුතු දේ කරන්න සූදානම් වෙනවා. දහතුන සම්පූර්ණයෙන් ක්‍රියත්මක කිරීමට පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන්න ජා සූදානම් ? නැත්නම් මැතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තු නව සැසි වාරය යොදා ගෙන දහතුන මුළුමනින් ක්‍රියත්මක කරනවා ?  



Friday 27 January 2023

බෞද්ධ විරෝධී තාර්කිකයන්ට

 බෞද්ධ විරෝධී තාර්කිකයන්ට

A=B හා B=C නම් A=C බව ඇරිස්ටෝටලීය රේඛීය න්යාය ඇසුරෙන් තාර්කික ව සාධනය කරන්න.
චක්රීය න්යාය මත පදනම් වූ පටිච්චසමුප්පදායේ වරද පෙන්වන්න. එහි ම කොටසක් ගෙන බුදුහාමුදුරුවන් දේශනා කළ විඥාන පච්චයා නාමරූප - නාමරූප පච්චයා විඥාන යන්නෙහි වරද පෙන්වන්න.
කුණුහරූප ලිවීම සඳහා නොව කරූණු දැක්වීම සඳහා ප්රතිචාරවලට විවෘතයි.

පඬි නැට්ටෝ ශිල්ප දක්වති

 පඬි නැට්ටෝ ශිල්ප දක්වති

 

ගෝඨාභය ගැන ලියන්න පටන් ගත් ලිපි පෙළ තාවකාලික නතර කරන්න වෙලා. විශ්වවිිද්‍යාල ආචාර්යවරුන් හා පොදුවේ මෙරට උගතුන් ගැන යමක් කියන්න ඕන නිසා. මා මෙයට පෙර කෙටි සටහනක් පළ කළා ආචාර්යවරුන් සම්බන්ධයෙන්. එයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දුන්නා. මට ඉඳහිට පඬි නැට්ටන්ගේ තරම මතක් කර ගන්න ඕන. මේ පඬි නැට්ටන් දන්නේ ඔවුන්ගේ ආචාර්ය පඬි නැට්ටන් මා ගැන කියා ඇති කරුණු.