Main Logo

Monday 16 January 2023

පාස්කුව රනිල් බැසිල් හා සංධානය

 පාස්කුව රනිල් බැසිල් හා සංධානය 

 

අද රට ඇත්තේ ඉතාමත් තීරණාත්මක මොහොතක. නිදහස් ජනතා පෙරමුණ අද ගන්නා තීරණය ඉතා වැදගත් වෙනවා. නිදහස් ජනතා පෙරමුණේ ඉන්නා සියල්ලන් ජාතිකවාදීන් කියා කියන්න බැහැ. එහෙත් අද ලිබරලුන්ට සිංහල විරෝධීනට විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධීනට එරෙහිව ගොඩ නැගෙන හොඳ සංධානය එයයි. මා හැමදාමත් කිවුවෙ පොහොට්ටුව පෞද්ගලික ව්‍යාපෘතියක් මිස දේශපාලන පක්‍ෂයක් නොවන බවයි. අද එය එක් පුද්ගලයකුගේ වුවමනා එපාකම් වෙනුවෙන් පමණක් පෙනී සිටින ව්‍යාපෘතියක් වෙලා.

 

අද මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් අක්‍රීයයි. ගෝඨාභය පොහොට්ටුවට නායකත්වයක් දුන්නේ නැහැ. මා හිතන්නේ ඔහු දේශපාලනයෙන් ඉවත් වී කියා. පොහොට්ටුවේ සරත් වීරසේකර වැනි අය සිටියත් එහි කටයුතු කෙරෙන්නේ ඔවුන්ට අවශ්‍ය විධියට නො වෙයි. අද රනිල් බලයේ ඉන්නේ පොහොට්ටුවේ පිහිටෙන්.

 

රනිල් ජනාධිපති කිරීමේ විපාක ඉදිරියේ තව දුරටත් දැක ගන්න පුළුවන් ඔහු නීත්‍යානුකූල ජනාධිපති බව ඇත්ත. එහෙත් ඔහුට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනවරමක් නැහැ. ඔහු කළ යුත්තේ 2019 ජනවරම ක්‍රියත්මක කිරීමයි. එහෙත් ඔහු නොකරන්නේ එයයි. ගෝඨාභයට මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විවිධ බලපෑම් තිබුණා. මහින්ද ඉවත් කිරීමෙන් පසු ගෝඨාභයට සරත් ෆොන්සේකා හරි දිනේෂ් ගුණවර්ධන හරි අගමැති කමට පත් කරන්න තිබුණා. එසේ නොකිරීමටත් විවිධ බලපෑම් හා ප්‍රශ්න තියෙන්න ඇති.

 

පරගලය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ නායකත්වය හා සංස්කෘතිය දුර්වල කිරීමට කරන ලද්දක්. කොවිඩ් වසංගතය සමග ආර්ථික ප්‍රශ්න ඉස්මත්තට ආවා. අපට ණය ප්‍රශ්න ආවා. අප අවුරුදු හැත්තැවක් පමණ ණයට කාපු ජාතියක්. මදිවට යහපාලන ආණ්ඩුව කාලෙ ස්වෛරි බැඳුම්කර මගින් ගිණි පොලියට ණය ගත්තා. ණය ගත්තේ කාගෙන් පොලිය කීය හා අනෙක් විස්තර ප්‍රසිද්ධ කළ යුතුයි. රාජපක්‍ෂලා හොරකම් කළා කියා ප්‍රචාරය කර අනෙක් සියල්ල යට ගැහුවා. කාදිනල්තුමා පාසකු ප්‍රහාරයේ මහා මොළකරු කලකට සිට සොයනවා. මේ වන විට මහා මොළකරු හමුවෙලා ?

 

පරගලය රනිල් බලයට ගෙන ඒමට කරන ලද සැලසුමක් වුණත් සෙප්පන් ආදී ඇතැමුන් මගින් තමන් බලයට ඒමට උත්සාහ කළා. රනිල් අගමැති වීමෙන් පසු සෙප්පන් හා තම විරුද්ධවාදීන් පරගලයෙන් ඉවත් කර පරගලය නැවැත්තුවා. ජෙප්පන්ට කිසිවක් කෙළේ නැහැ. ගෝඨාභය අවස්ථාවේ රනිල් අගමැති කමෙන් ඉවත් කළා නම් අද තියෙන ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. රනිල් ජනාධිපති වෙන්නෙ නැහැ.

 

අද ඇමරිකන් තානාපතිනියත් ඉන්දියාවට හා චීනයට දොස් කියනවා ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම සම්බන්ධයෙන්. ප්‍රතිව්‍යුහගත කිරීමට ඉල්ලීම ජාමුලෙ කතාවක්. අපට බංකොළොත් බව ප්‍රකාශ කරන්න කියල දැන් ප්‍රතිව්‍යුහගත කරන්න කියනවා. ප්‍රතිව්‍යුහගත කළත් ජාමුලෙන් ලැබෙන්නෙ ඩොලර් බිලියන හතරක පමණ ප්‍රමාණයක්. ඒකත් කොටස් වශයෙන්. අප රට ගලවා ගැනීමට ජාමූලෙට අවශ්‍ය නැහැ. රට තව තවත් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යැවීම පමණයි ඔවුන්ට අවශ්‍ය.

 

එහෙත් අතර රනිල් දහතුන සම්පූර්ණයෙන් ක්‍රියත්මක කරන්න යනවා. ඔහුට සඳහා ජනවරමක් නැහැ. අප විමසන්න ඕන දහතුන මුළුමනින් ක්‍රියාත්මක නොකළෙ ඇයි කියන එක. ඇත්ත රාජපක්‍ෂලා කැමති වෙලා තිබුණ දහතුන මුළුමනින්   ක්‍රියත්මක කරන්න, ඔවුන් ගැන ඉන්දියාවට පොරොන්දුවක් දී තිබූ බවත් ඇත්ත. එහෙත් එය ක්‍රියත්මක කරනන බැරි වුණෙ සඳහා ජනවරමක් නැති නිසයි. දිනේෂ් ගුණවර්ධන සරත් වීරසේකර ආදීන් එදා එයට විරුද්ධ වුණා. මා හිතන්නෙ නැහැ ඔවුන් අද එයට පක්‍ෂය කියා. රනිල් එය ක්‍රියත්මක කරන්න යන්නෙ බැසිල්ගෙ ආධාරයෙන් ? බැසිල්ටත් ජනවරමක් නැහැ.

 

අද සංධානයක් ගොඩ නගන්න ඕන මේ ජන වරමක් නැති දේ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමට. නිදහස් ජනතා පෙරමුණ මගට ගන්න ඕන. සංධානයට ජාතිකවාදීන් තව තවත් ඇතුල් වෙන්න ඕන. එහෙත් අද සංධානය ගොඩ නැගෙන මොහෙතෙ එය තිඹිරි ගෙයි මරා දැමීමට අර සිංහල බෞද්ධ විරෝධීන් ක්‍රියා කරනු දකින්න පුළුවන්. එහි දී මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධව ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උපයෝගි කරගන්න ඇතැමුන් බලාපොරොත්තු වෙන බව පැහැදිලියි.

 

මා අධිකරණ තීන්දුව ගැන කිසිවක් කියන්නෙ නැහැ. එය පිළිගන්න වෙනවා. එහෙත් තීන්දුව මත පදනම් මෛත්‍රිපාල දේශපාලනයෙන් ඉවත් කිරීමටත් සංධානයෙ ගෙල තිඹිරි ගෙහි මිරීකීමටත් කටයුතු කරන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා ඉටු කර දිමට ? ශ්‍රී නි පක්‍ෂය සංධානයෙන් කිසිසේත් ඉවත් විය යුතු නැහැ. මෛත්‍රිපාල එහි සභාපති මඬුල්ලෙන් ඉවත් වෙනවා නැද්ද යන්න ඔහු තීරණය කරාවි. ඒක ඔහුගෙ පෞද්ගලික තීරණයක්. ඔහු යම් විධියකින් එසේ ඉවත් වුණත් ශ්‍රී නි සංධානයෙන් ඉවත් විය යුතු නැහැ. ශ්‍රී නි පක්‍ෂය නඩු තීන්දුවකින් වරද කරුවකු කෙරී නැහැ. රනිල්ට තමන්ට නැති ජන වරමක් ක්‍රියත්මක කරන්න තිබෙන හයිය බටහිර හා ඉන්දීය සිිංහල බෞද්ධ විරෝධී හයිය පමණයි. රනිල් ඡන්දෙකට එන්නෙ නැත්තෙ තමාට ජන බලයක් නැති නිසයි. ජන බලයක් නැති රනිල් බලයෙන් ඉවත් කිරීමට බැසිල් සූදානම් ?  බැසිල්ටත් ජනවරමක් නැහැ කියල කවුරු හරි කියාවි.