Main Logo

Wednesday 11 January 2023

අප ඉන්දියාවේ අණසක යටතට

 අප ඉන්දියාවේ අණසක යටතට

 

අද රටේ සාමාන්‍ය ජනයා ඉන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය වගේ තත්වයක නො වෙයි. මරණ රාශියකින් වටවූණූ තත්වයක. කන්න නොවෙයි ලෙව කන්නත් බැරි තත්වයක. ආණ්ඩුවට හැම ගාස්තුවක් වැඩි කරන්න වෙලා. විදුලි ජල ගාස්තු ආහාර ද්‍රව්‍යවල බදු සියල්ල වැඩි වෙලා. බදු වැඩි කිරීමට එරෙහි බටහිර වෙද මහත්තුරු උසාවි ගිහින්. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මාධ්‍ය සාකච්ඡා තියනවා. කොටස් දෙක සාමාන්‍ය කියා මා කියන්නේ නැහැ. සාමාන්‍ය ජනයාට උසාවි යන්නත් බැහැ මාධ්‍ය සාකච්ඡා තියන්නත් බැහැ.

 

අස්සෙ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද තියන්නත් වෙලා. නීතිය අනුව ඡන්දෙ තියන්න ඕන. ඒත් සල්ලි නැහැ. ඒකට සල්ලි හොයන්න සල්ලි අච්චු ගහන්නත් බැහැ. ජාමුලෙ ඉඩ දෙන්නෙ නැහැ කියනවා. ඡන්දෙන් පස්සෙ සාමාන්‍ය ජනයාට තවත් අමාරු වේවි. මා ඡන්දයට විරුද්ධ කතා කරනවා නො වෙයි. අද ඔය කතා කරන කිසිවකුට විසඳුමක් නැහැ.

 

රනිල්ටත් විසඳූමක් නැහැ. රනිල් ආවෙ එයාට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කියා ගෙන.  ණය ගන්න පුළුවන් කියලා අර සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් නයා පෙන්නලා. ඒත් නයාට ණය දෙන්නෙ නැහැ. දැන් දැන් බටහිරයන් හා ජාමුලෙ තව තවත් කොන්දේසි පණවනවා. පහුගිය දා එංගලන්තයෙ ගාඩියන් පත්තරේ අපේ ණය බර ගැන විස්තරයක් තිබුණා. අප බංකොළොත් කියල කියා ගත්ත රටක්. දවස්වල ආර්ථික විශේෂඥයො ව්‍යවසායකයන් කියන අය රට බංකොළොත් කියල පිළිගන්න කියල  පඬි කතා කිවුවා. වත්මන් මහා බැංකු අධිපතිවරයා පත්වෙල වැඩි කල් යන්න ඉස්සර අපි බංකොළොත් කියල පිළිගත්තා. දැන් බංකොළොත් රටවලට ණය දෙන්නෙ නැහැ කියනවා. අපි ණය හිමියන් එක්ක ඉස්සෙල්ල කතා කරල විසඳුමකට එන්න ඕන කියනවා.

 

අද අපි වෙනුවෙන් කවුරුවත් නැහැ. අපි වෙනුවෙන් අපිවත් නැහැ. අද තෙල් තියෙනවා ගෑස් තියෙනවා. අද එදාට වැඩිය තෙල් ගෑස් ආනයනය කරනවා ? මහා බැංකුවට බැරි මොනව හරි ඉලක්කම් ටිකක් පෙන්නන්න. මා නම් සංඛ්‍යානය එතරම් විශ්වාස කරන්නෙ නැහැ. ඉංගිරිසි කියමනක් සිංහලෙන් කියන්න පුළුවන් බොරු පට්ටපල් බොරු සංඛ්‍යාන තියෙනවා කියලා.  අද තෙල් පෝලිම් නැත්තෙ එදාට වැඩිය තෙල් ගේන නිසා එහෙම නැත්නම් අද තෙල බෙදන නිසා ? කාලෙ විතරක් ගෑස් පිපුරුණෙ මොකද? 

 

ඔය අතර කැනඩාව මහින්දට හා ගෝඨාභයට සම්බාධක පනවලා. ඔවුන්ට රටට යන්න බැහැ. අර දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී මානව හිමිකම් කඩ කරල කියල. ඒක තමයි ප්‍රශ්නය. ඒක තමයි කෝකටත් තෙල. මේ සුවපත් කිරීමට බෙදන තෙලක් නො වෙයි. තෙල් ප්‍රශ්නය ඇති වුණෙත් ඔය මානව හිමිකම් කතාව නිසා. මා නම් කියන්නෙ තෙල් ගෑස් ප්‍රශ්න ඇති කරපු ඒවා කියලා. අවශ්‍ය වුණෙ මහින්ද හා ගෝඨාභය යවන්නයි ප්‍රභාකරන් ලවා ගන්න බැරි වෙච්ච දේ රනිල් ලවා ගන්නයි. හිතන්න එපා නන්දිකඩාල් ජයග්‍රහණය එසේ මෙසේ එකක් කියල. ගෝඨාභයට ඉන්දියාවට ගොඩ බහින්න දුන්නෙත් නැහැ.

 

මා නැවතත් කියනවා සීතාවක රාජසිංහ රජු පෘතුගීසීන්ට පහර දීල පැරැද්දුවට පස්සෙ බටහිරයන් ලංකාවෙ සමහර විට ආසියාවෙ ලත් ලොකුම පරාජය නන්දිකඩාල් පරාජය කියලා. අර ඩේවිඩ් කැමරන් එදා ඇවිත් තර්ජනය කළා. ඔහුගෙ විදේශ ඇමති ප්‍රංශ විදේශ ඇමතිත් එක්ක තකහනියක් ඇඹිලිපිටියට ගියෙ මෙහෙයුම් නවත්තන්න කියන්න. එදා මහින්ද ජනාධිපති හිටිය එක හොඳට ගියා. සජිත් හරි රනිල් හරි ජනාධිපති වෙලා හිටිය නම් ඔවුන්ට මෙහෙ එන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අපි මෙහෙයුම් කරන්නෙ නැහැ. රනිල්දාස ගැන කතා කරල වැඩක් නැහැ. ඔහු අහයි කවුද ප්‍රභාකරන් කියන්නෙ කියලා. ත්‍රස්තවාදය පරාජය කළවුන් හොරුන් කළා. 

 

අද ඔය කිවුවට සංචාරකයො එනව කියල එන්නෙ හික්කඩුවට ගිහින් කොත්තු රොටි කන දෙකයි පනහෙ සුද්දො. ඔවුන් ගේන ඩොලරයක් නැහැ. විදේශවල ඉන්න ශ්‍රමිකයන් උණ්ඩියල් ක්‍රමයෙන් මිදෙනවා නම් හොඳයි. ඒත් කවුද උණ්ඩියල් ලොක්කො. අපේ අපනයනවලින් ලැබෙන්න ඕන මුදල් පිටරට නවත්තන් ඉන්නෙ කවුද? අපට ඔවුන් පාලනය කරන්න තරම් නීති තියෙනවා ? වැඩි කල් යන්න ඉස්සර පඩි ගෙවන එක ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නෙ? ආයෙත් පරගලවලට නම් ඉඩක් නැහැ. බටහිරයන් හා ඉන්දියාව පරගල කරන්නෙ නැහැ.

 

අපට ණය ගන්නත් බැරි නම් සල්ලි අච්චු ගහන්නත් බැරි නම් අපි වහාම වවුලගෙ ගෙයින් පිට වෙන්න ඕන. අපි වවුල් හපයක් වෙන්න ළඟයි. අඩු තරමෙන් අපි ආහාර ටිකවත් මෙරට නිෂ්පාදනය කරන්න ඕන. ඒකටත් පිට රටින් පොහොර එනකම් බලන් ඉන්න වෙනවා නම් ප්‍රශ්නයක්. අපට ආනයන තවත් සීමා කරන්න වේවි. අද එක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ගොවියා පුත් ව්‍යාජ මහෞෂධයන් බිහි වීම. ගොවියා පුත්ට ගොවිකම බැහැ. ව්‍යාජ මහෞෂධයන් ළඟ ඖෂධත් නැහැ. ඔවුන් ළඟ තියෙන්නෙ පැනඩෝල්.

 

අවුරුදු හැත්තැවක් ණයට කෑමේ වන්දිය අපට ගෙවන්න සිදුවෙලා. ඒත් අප තවමත් බණින්නේ මහින්දටයි ගෝඨාභයටයි. බටහිරයන්ගෙ වුවමනාවට.  දැන් හොරා කන්න දෙන්න නැහැ. එහෙනම්  භාණ්ඩාගාරය බලන් ඉන්දැද්දි පිරෙන්න ඕන. එහෙම පාටක් නම් නැහැ. පඩි ගෙවන්න අමාරු කියල ඇමතිවරු කියන්නෙ මොක ?

 

මේ අතර බටහිර හා ඉන්දියාව එකතු වෙලා. ඔවුන් දහතුනට එහා ගිහින් රජයට පොලිස් බලතල හා ඉඩම් බලතල අහිමි කරන්න හදනවා. 1987න් පටන් ගත් වැඩක් අවුරුදු තිස්පහකට පස්සෙ රනිල් ලවා ක්‍රියාත්මක කරන්න හදනවා. මාමාට බැරි වෙච්ච දේ බෑණගෙන් කරගන්න හදනවා. රනිල් පත් කරගත්තෙ ආර්ථික අර්බුද විසඳන්න නො වෙයි. අමාරුකම මැද්දෙ ජනයා පාන් කියන්න බැරුව ඉන්න මොහොතක තමන්ගෙ සියලු වුවමනා ඉටු කර ගන්න. සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස උපහාස කරල එය බාල්දු කරල රටේ ඒකීය භාවය නැති කරන්න.  බංකොළොත් අප  ඉන්දියාවේ අණසකට යටත් වෙනව ?