Main Logo

Saturday 14 January 2023

අප වවුල් හපයක් වෙනවා ද?

 අප වවුල් හපයක් වෙනවා ?

 

අප වැටිල ඉන්න අමාරුව පේනවා දුම්රිය ගමන් වාර තිහක් පමණ අවලංගු කිරීමෙන් විශ්‍රාම වැටුප් ගෙවීම් පමා වීමෙන් හා තවත් කරුණුවලින්. නැවතත් තෙල් ප්‍රශ්නයක්. දැන් තව තවත් අමාරු වෙන බව පේනවා.  බටහිරයන් අප නැති කිරීමට ඉටා ගෙන ඉවරයි. සමහරුන්ට ප්‍රශ්නයක් මා එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් කියන්නෙ ඇයි කියල. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් වෙන්නෙ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන්. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් කුමාරස්වාමි පොන්නම්බලම් පවුල රටේ නායකයන් බවට පත් කිරීමට නිර්මාණය කළ දෙයක්. අදත් පවුලෙ අය රටේ ප්‍රභූවරු. ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි, රධිකා කුමාරස්වාමි, ඩී එම් ස්වාමිනාදන්, විග්නේස්වරන් පවුලෙ අය. අදටත් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් සිංහලයන්ට විරුද්ධ වැඩියෙන් ක්‍රියා කරන්නෙ එංගලන්තය.

 

කොහොම වෙතත් අප වවුල් හපේ බවට පත් කරන්න තමයි රනිල් ජනාධිපති කර ගත්තෙ. ජාමුලෙවත් බටහිර රටවල් එකක්වත් අපට තවම සත පහක් දීල නැහැ. ගෝඨාභය ගිහිල්ලත් දැන් මාස හයකට වැඩියි. තවමත් කරන්නෙ ගෝඨාභයගෙ මෛත්‍රිපාලගෙ වැරදි හොයන එක මිසක් රට ගොඩ ගන්න දෙයක් නො වෙයි. අප ඊයෙත් මෛත්‍රිපාල ගැන කතා කළා. පාස්කු ප්‍රහාරය ගැන ඔහුත් තවත් කිහිප දෙනකුත් තොරතුරු නොසලකා හැර  මිනිස් අයිතිවාසිකම් කඩ කරීම සම්බන්ධයෙන් වැරදි කරුවන් කරලා. තොරතුරු එසේ කිහිප දෙනකුන් නොසලකා හැරිය නම් එය පොදු තීරණයක් නිසා වූ දෙයක් නැත්නම් අය වෙන වෙන ක්‍රියා කිරීම නිසා වූ දෙයක් ඔවුන් සහජයෙන් වගකීම් පැහැර හරින්නන් ආදී කිසිවක් අධිකරණයට ප්‍රශ්න නො වෙයි. අධිකරණය ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි මත පදනම් වෙන්නෙ.

 

එමෙන් තොරතුරු එතරම් බරපතල නොවන ලෙස මෛත්‍රිපාල හා පිරිස සැලකුවා ? තොරතුරු ගැන විශ්වාසයක් ඔවුන්ට නොතිබිණි ? කිහිප දෙනකු තොරතුරු ගැන විශ්වාසයක් තබා නැත්නම් එයට හේතුව කුමක් ? ඔවුන්ගේ විනිශ්චය පිළිබඳ ප්‍රශ්නයක් ? මෙයට කලිනුත් අයගේ විනිශ්චය පිළිබඳ ප්‍රශ්න ඇති වී තියෙනවා ? මට නම් සියල්ල ප්‍රශ්න. අප වින්දිතයන් ගැන කණගාටු වෙනවා. එහෙත් අප වැරදි කරුවන් හරියට දැන ගන්න ඕන. අධිකරණ තීන්දුව ඇතැමුන්ට තම පෞද්ගලික අරියාදුකම් පිරිමහා ගන්නට උපකාර වෙලා තියෙන බව නම් පැහැදිලියි.

 

ප්‍රශ්නය සමග ක්‍රිකට් හා බෝන් අගේන් ප්‍රශ්නයත් ඇවිල්ල. සම්බන්ධ වාර්තාවත් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමියකගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් නිකුත් කෙරී තියෙන්නෙ. එයට පාස්ටර් කෙනකුත් සම්බන්ධයි. කාදිනල්තුමා වාර්තාව ගැන නිහඬයි. බෝන් අගේන් කතෝලිකයන්ටත් ප්‍රශ්නයක්. අද බෝන් අගේන් ව්‍යාපාරය ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නො වෙයි. දේශපාලනයේ තියෙනවා. විවිධ දේශපාලන චරිත බෝන් අගේන් ව්‍යාපාරය සමග සම්බන්ධ බව පැවසෙනවා.

 

දැන් මේ තොරතුරු සමහරු ගණන් ගන්නේ නැහැ. සමහරු ගණන් ගන්නවා. තොරතුරු සම්බන්ධ කතා එහෙමයි. අය විනිශ්චය කරන්නේ තම අත්දැකීම්, ජීවිත පසුබිම, තමන් දරණ මතවාද, පූර්ව නිගමන ආදිය මත. ඕනැම තර්කයක් වුණත් යම් යම් කරුණු මත පදනම් වෙනවා. කරුණු තර්කානුකූල නොවන බව ඊනියා තාර්කිකයන් වටහා ගන්නේ නැහැ. මෙරට පාසල්වල ජ්‍යාමිතිය හරියට උගන්වන්නේ නැහැ. ජ්‍යාමිතියේ ස්වසිද්ධි වෙනස් කිරීමෙන් වෙනස් නිගමනවලට පැමිණිය හැකි බව අතිවිශාල පිරිසක් දන්නේ නැහැ.

 

ආර්ථික අර්බුදයට හේතුව හැටියට රටේ ඇති කළ මතය වුණෙ රාජපක්‍ෂලා හොරකම් කිරීම. එහි දී අනෙක් කිසිවකු හොරකම් නොකළ බවකුත් ඇඟවුණා. මා සංඛ්‍යාන ඉදිරිපත් කරන්නකු නො වෙයි. මා සංඛ්‍යාන ඉදිරිපත් කරමින් කතා කරන්නේ නැහැ. එහෙත් මා දන්නා කරුණු කිහිපයක් සංඛ්‍යාන නැතුව කියන්න ඕන. මගේ නිරවුල් වීම සඳහා. 1950 පමණ සිට අප ණය අරගෙන තියෙනවා. අපේ වියදම ආදායමට වැඩියි. අපට බැරි වුණත් අප මධ්‍යම පාංතික අරමුණු ඉටු කර ගැනීමට වෙර දැරුවා. අප අධිපරිභෝජනයක යෙදී සිටියා. බොරු ෂෝක් කෙරුවා. වගේ බොරු උගත්කම් පෙන්නුවා. මේ සියල්ල සන්දර්ශන පමණයි. අද අප පස්ස බිම ඇනගෙන.

 

මදිවට අප අර ස්වෛරී බැඳුම්කර මගින් ණය අරගෙන තියෙනවා. එහි දී ණය අරගෙන ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන්. ඔවුන්ට ඉතා අධික පොලියක් ගෙවන්න සිද්ධ වෙලා. එසේ ණය ගත්තේ කාගෙන් ? එලෙස වැඩියෙන් ණය අරගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුව කාලෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහා බැංකු අධිපති හිටිය කාලෙ කියනවා. අර අනෙක් ණයට අමතර මේ ණයත් එකතු වීම කොරේ පිට මරේ වගේ නොවෙයි ඊටත් වැඩි වැඩක්.

 

අද ජාමූලෙ බොරු කතා කිය කිය ඉන්නවා. තවම අපට සතයක් දීල නැහැ. රනිල් ණය ගන්න පුළුවන් කිවුවා. කෝ ණය? දැන් කෝණ මාසෙටත් ළඟයි. පරගලයටත් අවුරුද්දක් වෙන්න තව මාස තුනක් නැහැ. ජාමූලෙ කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්නලු. අප බංකොළොත් බව කියන්න කියල උපදෙස් දුන්න අය අද දකින්නවත් නැහැ. දැන් අර ස්වෛරී බැඳුම්කර කාරයනුත් ප්‍රතිව්‍යුහගත කරාවි ? ගිණි පොලියට ණයට ගත්තෙ කා සනසන්න ? මේ සියල්ල පිටුපස නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න ඕන පිරිස් ඉන්නවා ? ණය හිමියන් බටහිර රටවලින් අඩු පොලියට ගත් මුදල් අපට ගිණි පොලියට දුන්න ? එහි පිටුපස ඉන්නෙ කවුද? ණය හිමියන් කවුද? ප්‍රශ්නවලට අපට තොරතුරු ලබා ගන්න පුළුවන් ?  

 

අප හිරවෙලා ඉන්න උගුලෙ තරම ගැන බොහෝ දෙනෙකුට වැටහීමක් නැහැ. එක් පැත්තකින් සන්දර්ශන, අනෙක් පැත්තෙන් නන්දිකඩාල් පළිගැනීම. පළිගන්න ඕන සිංහල විරෝධීන්ට, විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධීන්ට. ඒත් සිංහලයන්ට වවුලගෙ ගෙදරීන් පිට වෙන්න වුවමනාවක් නැහැ. මෙයට ඊනියා සමාජවාදී විසඳුම් නැහැ. අර්බුදයට ඊනියා සමාජවාදී අදහසුත් හේතු වුණා. අප වවුල් හපයක් බවට පත් වෙන්න කලින් වවුල් ගෙදරින් යන්න ඕන.