Main Logo

Monday 30 January 2023

පාර්ලිමේන්තුව බලය අත්හැරලා ද?

 පාර්ලිමේන්තුව බලය අත්හැරලා ද?

ව්යවස්ථාව අනුව පරමාධිපත්යයේ ක්රියාකාරීත්වය පහත සඳහන් වෙනවා. අද ජනාධිපති ලෙස ද පත් කර ඇත්තේ ව්යවස්ථාදායක වූ පාර්ලිමේන්තුවෙන්. ඔහු තෝරා පත් කර ගත් අයකු නො වෙයි.
4. ජනතාවගේ පරමාධිපත්යය ක්රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-
(අ) ජනතාවගේ ව්යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්රියාත්මක කළ යුත්තේ ය¦
(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්රියාත්මක කළ යුත්තේ ය¦
(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි න්ත්රීවරයන්ගේ වරප්රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පිළිගන්නා
ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්රියාත්මක කළ යුත්තේ ය¦