දිලිත් මා හා කැමරන්
දිලිත් චරණෙ කවි දහයට ගී දහයක් වැඩ සටහනෙ දි කියන විධියට මා ඔහුට මුලින් ම බලපා ඇත්තේ ඔහු ගාල්ලේ ශාන්ත ඇලෝශියස් විදුහලේ උසස් පෙළ පන්තියට ගිය අලුත. රත්න ශ්‍රී එකල එහි ගුරුවරයෙක්. ඔහු මට ආරාධනය කළා විද්‍යාලයේ කතාවක් කරන්න කියා. මා එහි ගිය බවත් කතාවක් කළ බවත් මට මතකයි. එහෙත් කිවුවේ මොනවා ද කියා මට මතක නැහැ. මට ඒ කිසිම දෙයක් මතක නැහැ. මගේ මතකය එතරම් දුර්වලයි. දිලිත්ට අනුව මා කතා කර තියෙන්නේ විද්‍යාවේ කලාව ගැන. ඒ දෙකෙන් එකක්වත් මා දන්නේ නැහැ. ඒත් දෙයියන්නෙ පිහිටෙන් මට දෙයියන් ගැන වුණත් මොහොතකින් කතා කරන්න පුළුවන්. මා එදා කිවුවලු හඳ ගැනත් රත්න ශ්‍රී ගැනත්. එය ඇත්ත වෙන්න ඕන. ළඟදි මගේ මිතුරකු රත්න ශ්‍රී හමුවී තිබෙනවා. රත්න ශ්‍රී ද ඒ කතාව කියා තියෙනවා.
ඊළඟට
දිලිත් කියන්නෙ චතුස්කෝටිය ගැන. ඔහු ඒ ගැන කිවුවෙ මගේ චතුස්කෝටිකය කියා. අපොයි ඔය චතුස්කෝටිකය බුදුහාමුදුරුවන්ට කලිනුත් භාරතයෙ තිබිල තියෙනවා. ඒ බමුණන් අද නැති එක හොඳයි. ඔවුන් හිටියත් චරණ නරඹයි ද කියන එක සැකයි. ඉන්දියාවෙ රුපියල් ලංකාවෙ වලංගු හින්ද මොකෙන් මොක වෙයි ද දන්නෙ නැහැ. ඒත් භාරතයෙ බමුණො ඈරිස්ටෝටල් ග්‍රීසියෙ ද්විකෝටිකය ගැන කතා කරන්න ඉස්සර චතුස්කෝටිකය ගැන කතා කරල තියෙනවා.
මෙරට
පඬියන් දන්නෙ නැති වුණාට ද්විකෝටිකය කියන්නෙ චතුස්කෝටිකයෙ පළමු අවස්ථා දෙක. දිලිත් කිවුවෙ දෙවැනි අවස්ථා දෙක ගැන. සෙනරත් පරණවිතාන මහතාට අනුව හයවැනි සියවසේ පමණ ලංකාවෙ සෙල්ලිපිවල ඇරිස්ටෝටල් ගැනත් ප්ලේටෝ ගැනත් සඳහන කරල තියෙනවා. ප්ලේටෝ ඇරිස්ගෙ ගෝලයකු බවත් සඳහන් වෙනවා. මට ඇරිස් එක්ක නම් ඇරියස් තියෙනවා. ඔහු තමයි සොක්‍රටීස් කරන්න හදපු දේ අනෙක් පැත්ත පෙරළලා බටහිර ලෝකය ම කිසිම පදනමක් නැති ආරම්භයක් සහිත රේඛීය චින්තනයක හිර කරපු තැනැත්තා. මා මියන්මාහි දී කොවිඩ් හැදිල මැරෙන්න ගිය වෙලාවෙ මට ඇරිස් හම්බ වුණා. ආයෙ කොයි වෙලාවක හරි හම්බවේවි.
කවුරු
හරි නිකමට හරි හිතනවා ද සිංහලයන් ඇරිස් ගැන දැනගෙන ඉඳලත් ඔහුගේ ද්විකෝටිකය සතපහකට ගණන් ගත්තෙ නැත්තෙ නැත්තෙ මොකද කියලා. පඬි නැට්ටකු නම් කියාවි ඒ කාලෙ රුපියල් සත තිබුණෙ නැහැ කියලා. අද සිංහලයන් කොහොම වෙතත් එදා සිංහලයන් දැන හිටියා චතුස්කෝටිකයෙ වැදගත්කම. අර අඹ ප්‍රශ්නය ගන්න. පරණවිතාන මහත්තයා නම් කියන්නෙ මිහිඳු හාමුදුරුවො වැඩියෙ උත්තිය රජුගෙ කාලෙ කියලා. ඒත් අපි හිතමු දේවානම්පිය තිස්ස රජුගෙ කාලෙ කියල. චතුස්කෝටිකය නැත්නම් අර එ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැරෙන්න තවත් ගස් තියෙනවා ද කියල අහපුවා ම තරමක ප්‍රශ්නයක්. ඕවා ගැන කියල දැන් අවුරුදු තිස්පහක් පමණ වෙනවා. ඒත් දිලිත් විතර ද ඒක අහගෙන ඉඳලා තියෙන්නෙ.
ඒත්
චතුස්කෝටිකය බෞද්ධ න්‍යායක් නොවන බවත් කියන්න ඕන. නිවීමෙහි දී චතුස්කෝටිකයත් අත්හරින්න වෙනවා. මා නිවන් දකිනවා කියන්නෙ නැහැ. දකින්න නිවනක් නැහැ. අප කරන්න ඕන නීවීම. සිංහලෙන් කියනව නම් නිවෙන්න ඕන. කතාව තියෙන්නෙ ක්‍රියා පදයෙ මිසක් නාම පදයෙ නොවෙයි. දිලිත්ට මා කිවු අල කතාවත් මතකයි. නැහැ අල කිරීමක් ගැන නොවෙයි. අපේ ආච්චිල සුද්දන් ගෙනා අලවලින් අල හොදි හදපු එක. අපි සුද්දන්ගෙ අල අපේ කර ගත්තෙ එහෙමයි. අපි ඔක්කො ම ගමේ මිනිස්සු. බයියො ඒකෙ ප්‍රශ්නයක් නැහැ. රාජකීය විදුහලේදීත් මා දැක්කෙ බයියන්. ඉඳ හිට රනිල් වගේ ටොයියොත් හිටිය. අපි කලිසම අඳින්නෙත් සරම වගේ. මොන සෝබන කෙරුවත් අපි ඉංගිරිසි කතා කරන්නෙ සිංහල විධියට. නැහැ පොඩි වෙනසක් තියෙනවා. විජාතික රූපවාහිනියෙ සිංහල ප්‍රවෘත්ති කියන්නෙ ඉංගිරිසි විධියට.
ඔය
සුද්දන්ගෙ හරි වෙන කාගෙ හරි දෙයක් අපේ කර ගන්නවාට අපි අවශෝෂණය කරනව කියල පඬි වදනක් යොදා ගන්නවා. අපි දිලිත් කියන විධියට කොළඹ අපේ කර ගත්තට ලන්ඩනය අපේ කරගෙන නැහැ. ඒක තමයි අද රටේ ප්‍රශ්නය. කොළඹ අපේ කරගන්න දේකුත් නැහැ. අපි කොළඹ ලන්ඩනයක් කරන්න හදනවා. ඒ කියන්නෙ කොළඹ ඉංගිරිසින්ගෙ කරන්න හදනවා. ඩේවිඩ් කැමරන් ගියා ද දන්නෙ නැහැ. ඔහු ගියවර ලංකාවට ආපු වෙලාවෙ මහා චන්ඩියකු වගේ හැසිරුණෙ. දැන් එහෙම අවශ්‍ය නෑහෑ. ප්‍රේමදාසට හරි මහින්දට හරි වගේ සිංහලකමක් රනිල්ට නැහැ. බ්‍රවුන්රිග්ගෙ කාලෙ ඉඳන් ඉංගිරිසින්ට අවශ්‍ය කොළඹ ඔවුන්ගෙ කරගන්න. කැමරන්ටත් අවශ්‍ය ඒක.
අපි
බුදුදහමත් අපේ කර ගත්ත. ඒක බුදුදහමෙත් ලක්‍ෂණයක්. ඒ ඒ රටවල තියෙන්නෙ ඒ ඒ සංස්කෘතියට අවශෝෂණය කෙරුණු බුදුදහම්. බුද්ධ රුපත් රටෙන් රටට වෙනස් වෙනවා. ක්‍රිස්තුස් වහන්සෙගෙ රූපෙ වගේ නොවෙයි. කාට හරි බැරි ද සිංහල ක්‍රිස්තුස් වහන්සෙ කෙනෙකු අඳින්න. ක්‍රිස්තුස් වහන්සෙ අපේ කරගන්න. ක්‍රිස්තුස් වහන්සෙ විතරක් නොවෙයි මහමත්තුමත් අපේ කරගන්න.
මා
කැලණියට ගිය දවසෙ ඉඳලා බටහිර විද්‍යාව අපේ කරගන්න උත්සාහ කළා. මා සිසුසිසුවියන් ටික දෙනකු සමග ආකාශ ධාතුව යටතට විද්‍යාව ගෙන ඒමට උත්සාහ කළා. ක්වොන්ටම් භෞතිකය අපේ සත්බවක් කරගන්න (Quantum
Physics in a Different Ontology) උත්සාහ කළා. පොඩි සාර්ථකත්වයක් තිබුණා. ඒත් කැලණියෙ විද්‍යාඥයන් එයට කැමති වුණෙ නැහැ. එතකොට අපේ දැනුම. අපි ඒකට තැනක් දෙන්න ඕන. රාමනුජන්ට විතරක් නොවෙයි මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන්. අපට බැරීි ඇයි? හිතනවාද අපි රුවන්වැලි සෑය හැදුවෙ බටහිර සිවිල් ඉංජිනේරු විද්‍යාව අනුව කියල. මහාවංසය කියවන විට තේරෙනවා එදා මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගෙන තියෙන බව.
මට
දෙරණ ගැන විවේචනයක් තියෙනවා. කැලණියේ නයා මට නම් ප්‍රශ්නයක් නො වෙයි. ඔය අනුකාරක පඬි නැට්ටන් නිසා තමයි අද රට මේ තත්වයට වැටිල තියෙන්නෙ. කැමරන්ලට ඇවිත් මෙහෙ කරණම් ගහන්න පුළුවන් වෙලා තියෙන්නෙ. දෙරණ අපේ දැනුමට සංස්කෘතියට දෙන තැන කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. පඬි නැට්ටන්ට තව වැඩිකල් ආයුෂ නැහැ. ඔවුන්ට යන්න පුළුවන් වැඩිම දුර අර මගුල් පින්තුරත් එක්ක ගිගින්. එතනින් එහාට යනව නම් ඊනියා ඡායාරූප ශිල්පීන් එක්ක මධුසමය ද මොකක් ද එක ගත කරන්න යන්න වෙයි. දැන් කැමරන්ට ආපහු යන එක හැරෙන්න වෙන දෙයක් කරන්න බැහැ. එහෙම නැත්තන් මනාළ ජෝඩුව සමග මධුසමය ගත කරන්න යන්න වෙනවා.
ලංකාවට ආවා ම දෙරණට එන්න ඕන. චරණටත් එන්න ඕන. අපොයි නැහැ බලෙන් නොවෙයි. මා කැමරන්ලා බ්‍රවුන්රිග්ලා වගෙ නො
වෙයි.