අපි වවුල් හපයක් වෙනවා ද?
අප වැනි රටවල්වල අනාගතය කෙබඳු වේ ද? අප වැනි රටවල් යනුවෙන් මා හඳුන්වන්නේ කිසිම ක්‍ෂෙත්‍රයක ඉතා ඉහළ ගණයේ පුද්ගලයන් නැති එමෙන් ම ප්‍රමාණයෙන් කුඩා හා දෙලොවක අතරමං වූ රටවල්. අප අනෙක් අප වැනි රටවල් ගැන කතා කිරීම දැනට පැත්තකින් තියමු. අප වැනි රටවල් නොවන ඉන්දියාව, චීනය හා ජපානය ගනිමු. ඉන්දියාව හා චීනය විශාල රටවල්. ජපානය එතරම් විශාල රටක් නූණත් ඔවුන් බටහිර ක්‍රමය තම සංස්කෘතියට අවශෝෂණය කර ගත්තා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම කීය ද වගේ සංඛ්‍යාන ඉදිරිපත් කිරීමට මට හැකියාවක් නැහැ. එහෙත් එහි අදානිලා ඉන්නවා. අද ඇමෙරිකා එක්සත් ජනපදවල ඉහළ තොරතුරු තාක්‍ෂණ ආයතන කිහිපයක ම ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්දියානුවන්.
ඉන්දියාවෙත් විශාල තොරතුරු තාක්‍ෂණ ආයතන තියෙනවා. ඒ ක්‍ෂෙත්‍රයේ ඔවුන් ඉතා විශාල පිරිසක් (ලක්‍ෂ ගණනින්) යෙදාවා සිටිනවා. ඇමරිකා එක්සත් ජනපදවලත් ඉන්දියානුවන් ඉතා විශාල සංඛ්‍යාවක් ඒ ක්‍ෂෙත්‍රයෙහි සේවය කරනවා. ඔවුන් සමග සංසන්දනය කරන විට ලාංකිකයන් ඉන්නේ ඉතා අල්ප සංඛ්‍යාවක්. අපට ලක්‍ෂ ගණනින් ඒ ක්‍ෂෙත්‍රයෙහි පිරිස් පුහුණු කරන්න බැහැ. එහි පර්යේෂණ කටයුතු නම් කොහොමටවත් කරන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය පිරිසුත් නැහැ ධනයත් නැහැ. හැකියාවත් නැහැ.
අපට
දැන් තියෙන රටාව අනුව අපේ ආකල්ප අනුව ඩොලර් අවශ්‍යයි. ප්‍රශ්නය ඩොලර් උපයා ගන්නේ කෙසේ ද යන්නයි. ඩොලර් ලබා ගන්න අප මොන මොනවා හරි විකුණන්න ඕන. එහෙමත් නැත්නම් ලෝක වෙළෙඳ පොළට සපයන්න ඕන. ඒ භාණ්ඩ වෙන්න පුළුවන්. සේවාවන් වෙන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය එසේ සේවාවන් සැපයිය හැකි ක්‍ෂෙත්‍රයක්. එහෙත් අපට ඒ සඳහා මිනිසුන් නැහැ. පඬි වදනක් යොදා ගත්තෙත් ශ්‍රම බලකායක් නැහැ. අපේ ජනගහණය එතරම් විශාල නැහැ. ඒ වගේ ම විශිෂ්ටයන් ඇත්තෙත් නැහැ. අපට දක්‍ෂයන් ඉන්නවා නමුත් විශිෂ්ටයන් නැහැ. හැම ක්‍ෂෙත්‍රයක ම එහෙමයි. ඒත් දක්‍ෂයනුත් නොවන ඇතැමුන් තමන් විශිෂ්ටයන් බව පෙන්නන්න හදනවා.
ලෝක
වෙළෙඳපොළට භාණ්ඩ සපයන්න නම් අප නිෂ්පාදනය කරන්න ඕන. එහෙත් ඒ සඳහා අපට ධනපතියන් ඉන්න ඕන. අප ධනපතියන් භංග කරල තරමක් කල්. දැන් කවුරු හරි පඬි නැට්ටෙකු කියන්න බැරි නැහැ ඔන්න නලින් ද සිල්වා ධනපති ක්‍රමයට ආවඩනවා කියා. අපොයි නැහැ. ඒත් අපට ඩොලර් ඕන නම් අප ඒ උපයන්න ඕන. තවදුරටත් ණයට ගන්න බැරි බව දැන් කාටත් තේරෙනවා. කොවිඩ් නාවා නම් තව අවුරුදු කිහිපයක් ණයට කකා ඉන්න තිබුණා. කොවිඩ් සමග ඒ බලාපොරොත්තුව නැතුව ගියා. අපි අපේ ණයට කෑම බටහිරයන්ගෙ අවශ්‍යතාවට ගෝඨාභය පිට පටවලා අත පිහ දා ගත්තා.
මගේ
ප්‍රශ්නය අප අපේ ආකල්ප සමග ජීවත්වීමට ඩොලර් උපයන්නෙ කොහොමද කියන එකයි. අපට මධ්‍යම පාංතික ආකල්පත් ඕන. ඒ සමග ජීවත් වෙන්නත් ඕන. ඒත් අපට ඩොලර් උපයන්න තියෙන ක්‍රම මොනවා ද? අප විකිණීම සඳහා නිෂ්පාදනය කරන්නෙ මොනවා ද? නිෂ්පාදනය කරන්නෙ කොහොම ද? අප ඩොලර් ණයට ගන්න නම් ඒ ණය ගෙවන ක්‍රමයක් පෙන්නන්න ඕන. අපට තිබෙන ක්‍රමය මොකක් ද?
අපට
අද තියෙන ජංගම දුරකථනයකට අලුත් දෙයක් හඳුන්නල දීල එය ලෝක වෙළෙඳපොළට සපයන්න පුළුවන් ද? එහෙම නැත්නම් වෙනත් මොකක් හරි තාක්‍ෂණයක් හඳුන්නල දෙන්න පුළුවන් ද? අපට ඒ සඳහා අවශ්‍ය සංස්කෘතික පසුබිම තියෙනවා ද? අපි වවුලගෙ ගෙදර ඉන්නෙ. එත් අපි එල්ලිලා ඉන්න දන්නෙ නැහැ. අපි ඒ ගෙදරින් පිටවෙන්නත් කැමති නැහැ.
ඉන්දියාව දුප්පත් රටක්. ඇමරිකා එක්සත් ජනපදවලත් හිසට වහලක් නැති මිනිස්සු ඉන්නවා. ඒත් ඒ රට ධනවත් රටක්. ඉන්දියාව ධනවතුන් කිහිප දෙනකු ඉන්න දුප්පත් රටක්. ඒත් ඒ ධනවතුන්ට පුළුවන් විශාල කර්මාන්ත ශාලා ඇති කරන්න, තොරතුරු හා වෙනත් තාක්‍ෂණික දැනුම් ලෝකයට දෙන්න. අප එක හරිහමන් ධනපතියකු නැති දුප්පත් රටක්. අපේ රාජ්‍යයටත් බැහැ විශාල ආයෝජන කරන්න. එහෙම ආයෝජන කළත් කළමනාකරණය කරගන්න බැහැ. අප කිසිවකු කිසි දේකට වග කියන්නෙ නැහැ. ඕන දේකට දොස් පවරන්න කවුරු හරි ඉන්නවා.
තායිලන්තයෙන් දුත පිරිසක් ඇවිල්ල. 2021 දි තායිලන්තයට අපෙන් ඩොලර් මිලියන හැටක් විතර අපනයනය කරලා ඩොලර් තුන්සීය පනහක් විතර තායිලන්තයෙන් ආනයනය කරල. ඔය සංඛ්‍යාන හරි ද වැරදි ද කියන්න මා දන්නෙ නැහැ. ඒත් අප බොහෝ රටවල් සමග කරන ගණුදෙනුව අපට අහිතකරයි. ඩොලර් මිලියන කියන්නෙ පොඩි ගණන්. මියන්මා සමග අපේ ගණුදෙනු ඉතාමත් අල්පයි. එහි කරන්න දේ තියෙනවා. මා ඒ කෙළෙ නැත්තෙ මොකද කියල අහන්න එපා.
මා
හිතන්නෙ අප වවුලගෙ ගෙදරින් පිටවෙන්න ඕන කියලා. නැත්තන් අපි වවුල් හපයක් වේවි. අපට බැරි දේ ගැන කල්පනා කර කර ඉන්නෙ නැතුව අප පුළුවන් දෙයක් කරන්න ඕන. අපේ ආකල්පවල වෙනසක් ඇති වෙන්න ඕන. ඒත් මේ අධ්‍යාපනය ජඩමාධ්‍ය මෙටාව එක්ක එය කරන එක ලෙහෙසි වෙන්නෙ නැහැ. අපට හැමදා ම ගෝඨාභයට බැණ බැණ ඉන්න බැරි බව තේරුම් ගන්න ඕන.