සමාජ පිළිගැනීම
බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින්
පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව
අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි
වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ
මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි
පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල
පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත්
ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන
කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.