Main Logo

Showing posts with label Sarachchandra. Show all posts
Showing posts with label Sarachchandra. Show all posts

Friday, 15 November 2019

මම දැන ගතිමි මම සැක කෙළෙමි

    සිංහල ලිත් ඉලක්කම් 


මම දැන ගතිමි මම සැක කෙළෙමි




බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්. 

Tuesday, 25 December 2018

පේරාදෙණි ගුරුකුලය


පේරාදෙණි ගුරුකුලය



පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කියල පොතක් කියෙව්ව. පිටු හයසිය ගණනක් ඇති ඒ පොත ලියල තියෙන්නෙ සේන තෝරදෙනිය. පොතේ දත්ත රාශියක් තියෙනවා. මුලාශ්‍රත් දක්වල තියෙනවා. බොහොම මහන්සි වෙලා කරපු වැඩක්. පොතේ කියන විධියට කතුවරයා මට අවුරුදු දෙකකට කලින් පේරාදෙණියට ගිහින් තියෙන්නෙ. මා පේරාදෙණියෙ ඉගෙන ගත්තෙ එක වසරයි. ඒ කොළඹට එන්න වුණු නිසා. ඒ කාලෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. ඒ ලංකා විශ්වවිද්‍යාලය. පේරාදෙණියෙ විද්‍යා පීඨයට කිව්වෙ දෙවැනි විද්‍යා පීඨය කියලා. මා පසුව අවුරුදු අටක් පමණ එහි ඉගැන්නුවා. ඒ කාලෙ කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකක් බවට පත් වුණා. දෙවැනි වතාවෙ පේරාදෙණියෙ මට පත්වීමක් දුන්නෙ නැහැ. ඒ වන විට විශ්වවිද්‍යාල මණ්ඩප වෙලා. දැන් අප ඉගෙන ගත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. අප දැන් නැති විශ්වවිද්‍යාලයක උපාධිධාරීන්. මා උපාධි සහතිකය ගත්තෙත් නැහැ. මා හිතන්නෙ ලංකා විශ්වවිද්‍යාලෙ වාර්තා තියෙන්නෙ පේරාදෙණියෙ කියලයි. ඒත් කොළඹත් තම උරුමය අත් හරින්නෙ නැහැ. මා නම් මේ සියලු උරුම අත්හැරලා. ඒ අයත් මා අත්හැරලා. මට විශ්වවිද්‍යාලයෙන් ලැබුණෙ භාර්යාව විතරයි.  

Thursday, 29 November 2018

වසන්තගේ පැනිලි


වසන්තගේ පැනිලි



විවිධ ජාතිකවාදීන් ඉන්නවා. සමහරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක් අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද ජීවත් වූවා. එය ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට ද යට වීමයි. මේ වත්මන් දේශපාලන අලකලංචිය ඉවර වුණු විටක මේ ගැන තව විස්තර ඇතිව ලියන්න ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්.

Tuesday, 1 May 2018

ලෙස්ටර් ජේම්ස් පීරිස්


ලෙස්ටර් ජේම්ස් පීරිස්



ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තෙ ඉඳන් ලංකාවට ඇවිත් සිංහල සිනමාව ඉන්දීය ආභාසයෙන් මුදවා ගත් තැනැත්තා මිය ගිහින්. එහෙත් ප්‍රශ්නය ඔහු සිංහල සිනමාවක් බිහි කිරීමට කටයුතු කෙළේ ද යන්නයි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආදීන් මෙන් ම ඔහු ද කෙළේ අප නූතනත්වයට යට කිරීමයි. එය ඔවුන්ට පමණක් සීමා වුණේ නැහැ. විශ්වවිද්‍යාලයීය බෞද්ධ උගතුන් කෙළේත් එයමයි. කේ එන් ජයතිලක, වයි කරුණාදාස ආදීන් එයට උදාහරණ. කේමදාස සංගීතයේ එය කළා. තව තව අයගේ නම් සඳහන් කරන්න පුළුවන්. ගුණදාස අමරසේකරගේ ගමනක මුල නවකතා වැලෙන් කියැවෙන්නේ මේ ඛෙදවාචකයයි. එයින් කියැවෙන්නේ අමරසේකර ඉන් ගැලවෙන්න උත්සාහ කළා කියන එකවත් ඒ කතාවැලෙන් අපට මග පෙන්වීමක් කරන බවක්වත් නො වෙයි.  

Tuesday, 28 March 2017

ජාතිකත්වය හා මනමේ


ජාතිකත්වය හා මනමේ



මෙරට ජාතිකවාදීන් යනු සජාතීය පිරිසක් නො වෙයි. ඔවුන් අතර විවිධ වර්ගවල පුද්ගලයන් ඉන්නවා.  ජාතිකත්වයට වඩා පක්‍ෂ දේශපාලනය සමහරුන්ට වැදගත්. චන්ද්‍රිකාගේ කාලයේ ඇතැම් එ ජා පාක්‍ෂිකයනුත් ජාතිකත්ව කතා කිව්වා. ඔවුන් පැකේජයට විරුද්ධ වුණා. ඒ චන්ද්‍රිකා ගෙන ආපු නිසා. ඒත් රනිල් 2002 දි අගමැති වුණාම ප්‍රභාකරන් සමග ඇති කර ගත් ගිවිසුමට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. එමෙන් ම ඔවුන් අද රනිල්ගේ සිංහල විරෝධී ක්‍රියාවලට විරුද්ධ වන්නෙත් නැහැ. ඔවුන් සමහරුන්ගේ පවුල්වල උදවිය මනෝරි මුත්තෙට්ටුවගම කොමිටියෙ පාක්‍යසෝති සරවනමුත්තුලා සමග එකට වැඩ කරනවා. ඒ අතර ඔවුන් අපට කුහකයන් කියා කියනවා. ඒ අප වත්මන් සමාජයේ බටහිර නූතනත්වය අත්විඳින ගමන් බටහිර ඊනියා  නූතනත්වයට යටවන අනුකාරකයන් එසේ හැඳින්වීම වරදක් බව කියමින්. දැන් ස්මාට් ජාතිකවාදීන් හා මොඩ් ජාතිකවාදීන් ද ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය බටහිර ඊනියා නූතනත්වයට ජාතිකත්වය යටකිරීමට. 

Wednesday, 15 March 2017

සමාජ පිළිගැනීම


සමාජ පිළිගැනීම



බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින් පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත් ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.