මම දැන ගතිමි මම සැක කෙළෙමි
බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව. යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්.