Main Logo

Saturday 30 April 2022

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

 

වඩාත් හොඳ සිහිනය දකින්නේ ආතල්ගමේ ද නැත්නම් පැජට් පාරේ ද? ආතල්ගමේ නිෂ්පාදනයක් නැති එහෙත් කන්න බොන්න පමණක් නොව වෙනත් ආතල් ද ඇති කොමියුනිස්ට් සමාජයක සිහිනය දකිනවා. නිෂ්පාදනයක් නැතිව කකා බීබී ඉඳීම තමයි අපි අවුරුදු හැත්තැවක් පමණ කරල තියෙන්නෙ. එහෙත් රාජ්‍යයක් තිබුණා. ආතල්ගමට ඕන රාජ්‍යයත් නැති කරන්න. එතකොට  බිරියානි හා වටලප්පන් ලැබේවි ද? කාදිනල්තුමාගේ ආශිර්වාදය ලැබේවි ද? භික්‍ෂූත්වය කෙළෙසූවන්ගේ සහාය දිගින් දිගට ම ලැබේවි ද?

Friday 29 April 2022

දෙවැනි පාණදුරා වාදයක්

 

දෙවැනි පාණදුරා වාදයක්

 

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති සහනශීලීත්වය අද බොහෝ දෙනාට ඒ සංස්කෘතියට අපහාස උපහාස කිරීමට තෝතැන්නක් වෙලා. අද ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන ම හේතුව අප සිංහල බෞද්ධ සංස්කෘතියේ මධ්‍යම ප්‍රතිපදාවෙන් හා නිවන් මගින් බැහැරව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම හා සංස්කෘතිය පසුපස හඹා යෑමයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පුද්ගලිකත්වය තුරන් කිරීමට වෑයම් කෙරෙනවා. ආත්මයක් ඇතැයි අප කියන්නේ නැහැ. ආත්මයක් ඇතැයි කීම විශ්වාසයකින් කෙරෙන්නක්. ආගම්වල ආත්මයක් ගැන කියැවෙනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි.

 

නිවන ගැන සංවාදය

 නිවන ගැන සංවාදය


මා හිතුවේ නිවන ගැන සංවාදයක් කරන්න. එහෙත් එයට අවස්ථාවක් නැති බව පැහැදිලියි.
බුදුදහමෙහි විශ්වාසයක් නැහැ. ආගම්වල විතරක් නොවෙයි විද්යාවෙහි ද ඇත්තේ විශ්වාස., ඇරිස්ගේ න්යාය හා තර්කය ද ගොඩනැගී ඇත්තේ විශ්වාසය මතයි. විශ්වාසය මත ගොඩ නැගී නැති එකම දැනුම (නොදැනුම) බුදු දහමයි. අද ආතල් ගමේ සිද්ධ වෙන්නේ බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමක්.
මට ඉගෙනීමට බොහෝ දේ තියෙනවා. එහෙත් සකර්බර්ග් අනාථ කඳවුරේ පඬි නැට්ටන්ගෙන් ඉගෙනීමට දෙයක් නැති බව පැහැදිලියි. මේ පුහු සාඩම්බර ප්රතිචාරවලට මින් පසු ඉඩක් දෙන්නේ නැහැ.
අපි ඉක්මණින් දෙවැනි පාණදුරා වාදයකට සූදානම් වෙමු. සිංහල බෞද්ධ සංස්කෘතියට කරන අපහාස වලට තවත් ඉඩ දෙන්ම බැහැ.

Thursday 28 April 2022

කොළොම්පුරේ ශ්‍රියා

 ඔබත් අසන්න  

   https://www.bing.com/videos/search?q=colompure+sriya+lyrics&cvid=2b50dad540ac4a68a617ea8e49274183&aqs=edge.4.69i59i450l8.808685526j0j1&PC=LCTS&ru=%2fsearch%3fq%3dcolompure%2bsriya%2blyrics%26cvid%3d2b50dad540ac4a68a617ea8e49274183%26aqs%3dedge.4.69i59i450l8.808685526j0j1%26FORM%3dANNTA1%26PC%3dLCTS&view=detail&mmscn=vwrc&mid=C5CF97B5FD59AAC83BE9C5CF97B5FD59AAC83BE9&FORM=WRVORC


ආතල්ගමට නාඩගමක් ඇවිල්ල ද බොලේ

 ආතල්ගමට නාඩගමක් ඇවිල්ල ද බොලේ


ඊයේ රාහුල හිමියනි ඔබ වහන්සේ කොහේද යන ලිපිය ලියද්දී මට අවශ්‍ය වුණා පඬිනැට්ටන් වටේ යැවීමට. ආතල්ගම කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තැන නොදීමට ක්‍රියා කරන තැනක්. එහි සිටින අයගෙන් රැල්ලට යන අය හැරුණු විට අනෙක් අයට සිංහල බෞද්ධ සංස්කෘතිය සමග ඇත්තේ වෛරයක්. ඔවුන්ගේ ම කසිකබල් වචනවලින් නම් ඇරියස් එකක්. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නොදෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යටවීමෙන්.

නිවන

 නිවන


නිවන යනු නිබ්බාණ නැත්නම් තන්හාව නැති කිරීමයි. වෙනත් වචනවලින් කියන්නේ නම් යළි ඉපදීම නැවැත්වීමයි. ආගම්වල ඇති විධියට සදාකාලික ස්වර්ගයක් බ්රහ්මන් සමග එකතු වීමක් වැනි මවා ගත යුතු විශ්වාසයක් නො වේ. ආගම්වල ඊනියා සදාකාලික සැපක් අපේක්ෂා කෙරෙනවා. නිවන සැපක් නො වේ . දුක නැති කිරීම යන්නෙන් සැපක් ඇති බව නොකියැවෙයි.නිවන තැනක් නොවේ. එය නාම පදයකින් විස්තර කෙරෙන්නක් නො වෙයි. එය ක්රියා පදයකි, නිවන යනු නැවත ඉපදීම නැවැත්වීම ය. නිවන ක්රියා පදයක් ලෙස ගත් කල මවා ගත යුතු විශ්වාසයක් නො වෙයි. එසේ කීම යළි ඉපදෙන අයට (බෝන් අගේන්) සහ තවත් අයට ප්රශ්නයක් බව මා දන්නවා.

Wednesday 27 April 2022

රාහුල හිමියනි ඔබ වහන්සේ කොහි ද?

රාහුල හිමියනි ඔබ වහන්සේ කොහි ද?

 

ඊයේ ලිපියේ මාතෘකාව වූයේ හාමුුදුරුවෝ හා කපුවෝ යන්නයි. කපුවෝ යන්න බහුවචනයෙනි. එහි ඒකවචනය කපුවා යන්නයි. කාදිනල්තුමා ද දෙවියන් වහන්සේ හා අප අතර ඉන්න කපු මහතෙක්. එහෙත් හාමුදුරුවො යන්නෙහි ඒකවචනය කුමක් ද? එයත් හාමුදුරුවො යන්නයි. සිංහල භාෂාව ගොඩ නැගුණේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි. අද නම් එය එසේ යැයි කීමට බැහැ. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සිංහල භාෂාවත් ආක්‍රමණය කරලා. කෙසේ වෙතත් සිංහල භාෂාවෙහි ගෞරවාර්ථයෙන් ඒකවචනයෙ යෙදෙන නාම පද කිහිපයක් තියෙනවා. බුදු හාමුදුරුවො, හාමුදුරුවො, මෑණියො, පියාණො ආදීන්. ඒ වචන වර නගන්නත් පුළුවන්. හාමුදුරුවන් පියාණන් ආදී  වශයෙන්.

විමල් වීරවංශ

 විමල් වීරවංශ උදය ගම්මන්පිළ ද එකතු කර ගනිමින් ඒබ්රහම් සුමන්තිරන් රාජිත සේනාරත්න ආදීන් සමග මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට උත්සාහ කරන්නේ ඇයි?

දන්ත වෛද්ය ගුණදාස අමරසේකර හා දන්ත වෛද්ය වසන්ත බණ්ඩාර ඒ ගැන කියන්නේ කුමක් ද? එයත් ඊනියා හැත්තෑහතේ දරුවන්ගේ කෙරුවාවක් ද?



Tuesday 26 April 2022

හාමුදුරුවෝ හා කපුවෝ

හාමුදුරුවෝ හා කපුවෝ 

 

ඊයේ ලිපිය සමග පළ වූ ඡායාරූපය සකස් කරන ලද්දක් බව කීම ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙලා. එය එසේ නොවන බවට කැමරා ශිල්පියාත් ඒ ගැන දැන සිටියා යැයි සිතිය හැකි තවත් අයකුත් කියා ඇති බව මට දැන ගන්න ලැබුණා. මා එය සකස් කරන ලද්දක් බව පැහැදිලි යැයි කීවේ ඇයි ද යන්න කීම මේ ලිපියේ හා තවත් ලිපිවල  අරමුණයි.

Monday 25 April 2022

හාමුදුුරුවරුන්ගේ ඉරණම

 

හාමුදුුරුවරුන්ගේ ඉරණම

 

මේ සමග ඇති ඡායාරූපය කෘත්‍රීම, සකස් කරන ලද ව්‍යාජ (fake)  එකක් බව පැහැදිලි ය. එහෙත් ඒ වර්තමානයෙහි ය. අනාගතයෙහි ද එවැනි ඡායාරූපයක් ගත හැකි අවස්ථාවක් උදා වේ යැයි සිතන්න බැහැ. එහෙත් ඡායාරූපයෙන් සංකේතවත් වන්නේ අනාගතයෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට උදා විය හැකි ඉරණමයි. අද විමල් උදය ආදී ඊනියා ජාතිකවාදීන් ද ක්‍රියා කරන්නේ ඒ අනාගතය උදෙසායි.

Sunday 24 April 2022

සෝභිත හිමියෝ්

 සෝභිත හිමියෝ්


මෙහි පහත පළවන්නේ කූඹියෝ ප්‍රවෘත්තිවලින් උපුටා ගත්තකි.

මේ තොරතුරු අනුව නම් උන්වහන්සේගේ ද සහභාගිත්වයෙන් නිකුත් කර ඇති ප්‍රකාශය ව්‍යාජ කූඨ ලේඛනයකි. එය නිකුත් කෙරුණේ රටටට ය. රට නොමග යැවීමක් ඉන් සිදු වී ඇත්නම් මෙය දැන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන කාර්යයක් වෙයි.

ඩලස් ද මහින්ද ද

 

ඩලස් ද මහින්ද ද

 

මහින්ද රාජපක්‍ෂ අස්විය යුතු ද යන ප්‍රශ්නය අද දේශපාලනයේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා. අද පවතින්නේ ආර්ථික අර්බුදයක් නිසා උග්‍ර වී තිබෙන දේශපාලන අර්බුදයක්. මා කිසි විටෙකත් දේශපාලන අර්බුද ආර්ථිකයට ඌනනය කරන්නේ නැහැ. ඌනිතවාදයට (reductionism) මගේ දර්ශනයේ කිසිදු ඉඩක් නැහැ. බටහිර විද්‍යාවට නම් ඌනිතවාදය අවශ්‍යයි. ඌනිතවාදය ඒක හේතුවාදයක්. බෞද්ධයන් ඒක හේතුවාදීන් නො වෙයි. දර්ශනය ගැන කිසිම දෙයක් වටහා ගැනීමට නොහැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හිතන්නේ මා දේශීය දැනුම ලෙස සලකන්නේ ධම්මික පැණිය කියායි. ධම්මික පැණියත් දේශීය දැනුමක් තමයි. මහා විද්‍යාඥයන් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් එයට එකඟ  නො වේවි. එහෙත් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබාගැනීමත් දැනුම ලබා ගැනීමේ එක් ක්‍රමයක්. අවශ්‍ය නම් රාමනුජන්ගේ ගණිතය තේරුම් නොගත්තත් ඔහු ගැන කියවන්න.

 

Saturday 23 April 2022

මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයේ මහා මොළකරු

 

මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයේ මහා මොළකරු

 

මේ සමග පළවන්නේ පසුගිය දා මහනායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක්. ඒ ගැන නොයෙකුත් කතා රටේ පැතිර යනවා. ඒවා හුදෙක් කතා නො වෙයි. මට මෙහි නම් සඳහන් කිරීමට නොහැකි කිහිප දෙනකු ම ඒ නිවේදනයෙහි ව්‍යාජ භාවය තහවුරු කළා. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු යැයී මා අදහස් කරනවා.

Friday 22 April 2022

සිංහල බෞද්ධ ඉරණම හා මහානායක හිමි ප්‍රකාශය

 සිංහල බෞද්ධ ඉරණම හා මහානායක හිමි ප්‍රකාශය

 

අද මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමේ ව්‍යාපාරයක් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ පිළිබඳ ව මට තේරුණු දවසේ සිට මා ඒ ගැන ලියනවා. මා කාදිනල්තුමා ගැන ලියන්න වෙලා බොහෝ කල්. ගිහි බෞද්ධයන් පමණක් නොව හාමුදුරුවරුන් ද එතුමාට රැවටී ඉන්න කාලයේත් මා ලිවුවා. මා කාදිනල්තුමා ගැන විපරමින් ඉන්නේ වතිකානුව රත්නපුරේ පදවියක් ඇති කර එතුමා එහි යැවීමටත් පෙර සිට.  කල් ගත වී ඒ තේරුම් ගත් අය මට දැන් කියනවා මොනව හරි කරන්න කියා හරියට මා කා බී විශ්‍රාම සුවයෙන් නිදා ගෙන ඉන්නවා කියා හිතාගෙන. මා දිනපතා ලිපියක් ලියන බවවත් ඇතැමුන් දන්නෙ නැහැ. ලිපි කියවන අයගෙන් කිහිප දෙනෙකු ඇහුවා ඊයේ ලිපියේ මා මහින්ද රාජපක්‍ෂ අස් වෙන්න ඕන කියා ලිවුවෙ ඇයි කියා.

 

Thursday 21 April 2022

රසායනික ආසනික් හා දේශපාලනික ආසනික්

රසායනික ආසනික් හා දේශපාලනික ආසනික් 


ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම වරදක් බව පිළිගැනීම නිසා ඇතැමුන් අමන්දානන්දයට පත්වෙලා. ඔවුන් හිතන්නේ රසායනික පොහොරවල හා පලිබෝධ නාශකවල වස විස තිබෙන බව ජනාධිපතිතුමා නොපිළිගන්නා බවයි. මේ මෙරට ද්වයංගුල පඤ්ඤාවට තවත් නිදසුනක් පමණයි. ආණ්ඩුව රසායනික කෘෂිද්‍රව්‍ය ගෙන්වීම නතර කෙළේ එහි ඇති සංඝටක ගැන කරන ලද අධ්‍යනයකින් පසුව හෝ අප කී දෙයක් අසා හෝ නො වෙයි. හාල්වල ආසනික් ඇති බව මුල් වරට කීවේ ප්‍රියන්තා සේනානායක මහත්මියත් නො වෙයි. ඒ කෙසේ වෙතත් කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණාගාරවල දී කරන ලද පරීක්‍ෂණවලින් පෙන්නුම් කෙරුණා. 

Wednesday 20 April 2022

සුබසාධක රාජ්‍යයේ අර්බුදය

 

සුබසාධක රාජ්‍යයේ අර්බුදය

 

ලොව නොසෙල්වූ දස දින ස්වාභාවික මරණයකට ගොදුරු වෙලා. ප්‍රබුද්ධ විශ්වවිිද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙක් එකොළොස්වැනි දින කලාලකරුවන් ලෙස ආතල්ගමට ගියත් ඔවුන්ට එය උත්ථානය කරන්න බැරි වෙලා. නින්දා ද්‍රවිඩරත්න මුලදී ම පවන් සැලසුවත් ඉන් කිසිදු වැඩක් වෙලා නැහැ. ජයන්ත චන්ද්‍රසිරිට සමහර විට දුවිල්ලෙන් උපන් අය සිහිවෙන්න ඇති. දූවිල්ලෙන් උපන් අය දූවිල්ලට ම එකතු වන්න ඕන කියනවා. ආතල්ගමට දූවිලි (පස්) ටිකක් ගිහින් දාන්න තිබුණ නම් හොඳයි. මා දැන් වැඩිය ගමන් බිමන් යන්නෙ නැහැ.

Tuesday 19 April 2022

අද මේ ලක් දෙරණේ සිදුවන්නේ කුමක් ද?

 අද මේ ලක් දෙරණේ සිදුවන්නේ කුමක් ද?

මා තනි පුද්ගලයෙක්. මට මිලියන ගණන් ප්රේක්ෂකයන් අනුගාමිකයන් නැහැ. ජාතික කඳවුරෙනුත් මා ප්රතික්ෂෙප වෙලා ඉන්නෙ. අවුරුද්දට කියල ජාතික කඳවුරෙන් හතර දෙනයි අපේ ගෙදරට ආවේ. ඉන් එක් අයෙක් ඕස්ත්රේලියාවේ ඉන්න අයෙක්. එක් අයෙක් ආවේ ඔත්තු බැලීමට. මා මේ ඊනියා අරගලය ගැන කියන්නෙ මොනව ද කියල දැන ගැනීමට. ඒ අමුතුවෙන් දැන ගැනීමට අවශ්ය නැහැ. මේ ලිපිවල ඒ සියල්ල තියෙනවා.

Monday 18 April 2022

ආතල් ගන්නා කලාලකරුවන්ට හා වෙනත් අයට නොව තරුණ ඇමතිවරුන්ට යෝජනා

 ආතල් ගන්නා කලාලකරුවන්ට හා වෙනත් අයට නොව තරුණ ඇමතිවරුන්ට යෝජනා

ආතල්ගමේ නම ස්පාඤ්ඤ කතෝලික සම්ප්රදාය අනුව යමින් සැන් හුසේ කියා නම් කරන්න හිතෙනවා. ඒ ජුසේ ද වාස් පියතුමා නමින්. ජුසේ කියන එක හුසේ කියා කියන්න පුළුවන්. J අකුර H ලෙස උච්චාරණය වෙනවා. ඔය ඇමරිකන් එක්සත් රාජ්යවල දකුණේ විශේෂයෙන් ම කැලිෆෝනියා ප්රාන්තයේ නගර තියෙනව සැන් නමින් පටන් ගන්න. උදාහරණයක් වශයෙන් සැන් ෆ්රැන්සිස්කෝ. ඒ ෆ්රැන්සිස් ශාන්තුවරයාගේ නමින්. කලක් ඒ ප්රදේශය ස්පාඤ්ඤ අධිරාජ්යය යටතේ පැවතියේ. ඉංගිරිසින් ඒ ප්රදේශයත් උපාමාරුවකින් තමන් අතට ගත්තා. ඒත් ස්පාඤ්ඤ ඉතිහාසය මකන්න බැරි වෙලා. ආතල්ගම කතෝලික මුස්ලිම් පැවැත්මක් තියෙන එකක්. ඒත් එහි බලි තොවිල් නවත්තන්නත් බැහැ.

Sunday 17 April 2022

අගමැති විය යුත්තේ කවුද?

 අගමැති විය යුත්තේ කවුද?

 

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියා කතාවක් තියෙනවා. මෙය කතෝලික පෘතුගීසීන් කියන ලද්දක් හැටියටයි සඳහන් වෙන්නෙ. ඒ සිංහලයන් යුද්දෙට යන විට කැවුම් ගෙන ගිය නිසා ය කියාත් කතාවක් තියෙනවා. පුස් කැවුම් තුවාල සනීප කිරීමට උදවු වුණා කියන එකත් ඒ සමග කියනවා. ඒ අපේ පැත්තෙන් කියන කතා. පෘතුගීසීන් කිනම් හේතුවක් නිසා සිංහලයා කැවුම් කන්න යෝධයා කීවා ද කියා දැන ගන්න නැහැ. එහෙත් ඔවුන් සිංහලයන් මෝඩයන් බව නම් දැන ඉන්න ඇති. අර ගෙරි හමක් මගින් කොළඹ විශාල ප්‍රදේශයක් අත් කර ගන්න ඔවුන් සමත් වුණා. අප යුද්ධයෙහි දක්‍ෂයන් වුවත් සංකල්පීය ව සිතීමේ දක්‍ෂයන් වුණෙ නැහැ. අදත් එහෙමයි. ආතල්ගමේ දී ඒ බව මොනවට පැහැදිලි වෙනවා.

Saturday 16 April 2022

බුදුන් වැඩිය බක් මස අමාවකට ගිය කල

 බුදුන් වැඩිය බක් මස අමාවකට ගිය කල

අද බක් මස පුර පොහොයදා. බුදුහාමුදුරුවන් දෙවැනි වරට ලංකාවට (නාගදීපයට) වැඩම කෙළේ අද වැනි දවසක නො වෙයි. බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩම කරල තියෙන්නෙ බක් මස අමාවක දිනයක. මහාවංසයෙ තියෙන්නෙ එහෙමයි. පෘතුගීසීන් ලංකාවට එන විටත් අප විශ්වාස කරල තියෙන්නෙ බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩම කරල තියෙන්නෙ බක් මස අමාවක දිනයක. ඒ බව රොබෙයිරෝ නම් මෙරට සිටි පෘතුගීසි හේවායකු ලියා ඇති දෙයින් පැහැදිලි වෙනවා. එපමණක් නොවෙයි රොබෙයිරෝට අනුව සිංහලයන් අවුරුද්ද පටන් ගන්න දිනය ලෙස සලකල තියෙන්නෙත් බක් මහ අමාවක දිනය.

Friday 15 April 2022

සාටකයයි වටාපතයි

 

ආතල්ගමේ තවත් ආතලයක්.
පාදෝවනය හා යාඥා නිකම් ම නො වෙයි.
ගෝ ගෝටා පිටුපස ගෝ බුද්ධ
සාටකයයි වටාපතයි.





කවුද හොරා

 කවුද හොරා

 

ජනතාවකට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු පාලකයන් කියා කියමනක් තියෙනවා. ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු උගතුන් කියා මෙය වෙනස් කරන්න පුළුවන්. සිංහලයන් ද්වයංගුල පඤ්ඤා ඇත්තන්. ඇඟිලි දෙකේ ප්‍රඥාව ඇඟිලි දෙකේ දුරට වඩා පේන්නෙ නැහැ කියන එකයි ඒකෙ තේරුම. සිංහලයන්ට ලැබෙන්නෙ ද්වයංගුල පඤ්ඤා පුරුක් උගතුන්. උගතුන්ට පේන්නේ ඇඟිලි දෙකක හා පුරුකක දුර පමණයි. අවුරුදු හැටකට කිට්ටු කාලයක් තිස්සෙ මා මේ පුරුක් උගතුන් ගැන දන්නවා. ඔවුන් ඉදිරිපත් කර ඇති අලුත් මතයක් කතන්දරයක් සංකල්පයක් නැහැ. අර පොතේ මෙහෙම තියෙනව මේ පොතේ අරෙහෙම තියෙනවා කියන්න විතරයි ඔවුන් දන්නෙ.

 

Thursday 14 April 2022

මෙය අවසාන සිංහල අවුරුද්ද නො වෙයි

මෙය අවසාන සිංහල අවුරුද්ද නො වෙයි

 

සිංහල බෞද්ධ ජාතික මතවාදය අද ඉතා ශක්තිමත්. මා සකර්බර්ග් පිටුවේ පළ කරන ලිපිය තහනම් කිරීමට සිංහල බෞද්ධ විරෝධීන් එකාවන් ව කටයුතු කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ ලිපියට ඔවුන් විරුද්ධ වූයේ එහි ඇතැයි කියන වචන කිහිපයකට නො වෙයි. එය සකර්බර්ග්ගේ ඊනියා සුචරිතවාදයක් නො වෙයි. ඔවුන් විරුද්ධ වන්නේ එහි අන්තර්ගතයටයි. එය සමස්තය ගැන ලිපිය ලිපියක් වුවත් එය ඇතැමුනට ඊනියා නාභිගත වූවක් නොවූවත් ඔවුන් එය තේරුම් ගන්නවා. නින්දාලා සුනිල්ලා විමල්ලා අද ඉන්නේ එක තැනක. තම ව්‍යාජ දේශපාලනය ගරා වැටෙන බව ඔවුන්ට තේරෙනවා.

Wednesday 13 April 2022

විමල් මෛත්‍රිපාල දයාසිරි නන්දා සුනිල් හා සිංහල බුද්ධාගම

 

විමල් මෛත්‍රිපාල දයාසිරි නන්දා සුනිල් හා සිංහල බුද්ධාගම

 

මගේ ලිපිය සකර්බරග් පිටුවේ දැමීමට විරුද්ධ ව පැමිණිලි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා. ඒක තමයි භාෂණ නිදහස. ඊනියා සිවල් සමිති භාෂණ නිදහස මානව අයිතිවාසිකම් කියන්නෙ තමන්ට විතරක් තියෙන්න ඕන දෙයකට. ඔවුන් විරුද්ධ මතයකට ඉඩ දෙන්නෙ නැහැ. ටික කලකට ලිපිය සකර්බර්ග් පිටුවේ පළ වන්නේ නැහැ. ඒත් ලිපිය දිගට ම කාලය වෙබ් අඩවියේ පළවේවි.

Tuesday 12 April 2022

දියසේන කුමාරයා එන්නෙ නැහැ

 දියසේන කුමාරයා එන්නෙ නැහැ

 

දියසේන කුමාරයා එන්නෙ නැහැ. සුද්දට පාර වැරදිලා. නැත්නම් කුමාරයා මෙලහකට ආතල්ගමට ඇවිල්ලා. සමහරු අධිෂ්ඨාන පූජාවල කියල දියසේන කුමාරයට ඉඩ දීල ගෝඨාභය යන්න ඕන කියල. මනුෂ්‍ය නොවන ප්‍රාණියකු එසේ කී බවයි කියන්නෙ. අද වන විට භූතයන් රාශියක් ඒ ඒ අයට පණිවුඩ දෙන බව දැන ගන්නට ලැබුණා. ශක්‍රයා මනුෂ්‍ය ලෝකෙට එහෙම එන්නෙ නැහැ.  බෝසතාණන් වහන්සේ කෙනකුට ආධාර කරන්න නම් එන්න පුළුවන්.

Monday 11 April 2022

දේවශාපය, දේවකැමැත්ත හා ආතල්ගම

 දේවශාපය, දේවකැමැත්ත හා ආතල්ගම  


සුවාසුදහසක් බුද්ධිමතුන් උගතුන් සිටින රටක නූගත් මිථ්‍යා මතධාර්යකු ව ඉපදීමට ලැබීම දේවශාපයක් ද කියා කාදිනල්තුමාගෙන් අහන්න ඕන. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒත් නූගතකු වූ මට තේරුම් ගන්න බැරි දෙයක් එහි තියෙනවා. සසරක් ගැන විශ්වාසයක් නැති අයකු මේ දේවකැමැත්ත හරි දේවශාපය හරි තේරුම් ගන්නෙ කොහොමද? ඉපදීමට පෙර කිසිවක් කර නැති මට (සසරක් නැති බැවින්) කොටින් ම අර මහා පිපිරුමෙන් පටන් ගත් විශ්වයේ කොහේවත් නොපිහිටි නොසිටි ඊනියා මට (මා කෙනකු නොසිටි බැවින්) පසෙන් නිර්මාණය කරල  උත්පත්තියක් ලබා දීල දුක් විඳින්න සලස්සන්නෙ ඇයි? ඊනියා මගේ වැඩ කිඩ පරීක්‍ෂා කරන්න තියෙන අවශ්‍යතාව මොකක් ද? ඒක හරියට විද්‍යාඥයන් මීයන් ඇති කරල පර්යේෂණ කරනවා වගේ ද? අප පරීක්‍ෂණාගාර මීයන් ද?  දේවකැමැත්ත හරි දේවශාපය නිසා හරි බෞද්ධ පවුලක උත්පත්තිය ලැබීමට සිදු වූයෙ ඇයි? එයට හේතුවක් තියෙනවා ද? ඇරිස් මොකද ඒ ගැන කියන්නෙ? ඇක්වයිනාස් ශාන්තුවරයා මොකක් ද කියන්නෙ? නැහැ මා ඇක්වයිනාස් විද්‍යාලයට ගියේ නැහැ. මට ඒ අවස්ථාව නැති වී ගියේ දේවශාපය නිසා ද දේවකැමැත්ත නිසා ද? මා සාමාන්‍ය විධියට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට ගියා. එය දේවකැමැත්ත ද? 

Sunday 10 April 2022

ඊයේ සහ අද හා නිර්පාක්‍ෂිකත්වය සහ එකොළහ

 

ඊයේ සහ අද හා නිර්පාක්‍ෂිකත්වය සහ එකොළහ

 

ඊයේ හුඟක් දේ පැහැදිලි වුණු දවසක්. මිලියනය කියන්නෙ කොපමණ ද යන්න ගැන නිසි අවබෝධයක් ලැබුණෙ ඊයෙ. නිර්පාක්‍ෂික කියන්නෙ මොකක් ද කියන එකත්  දැන ගත්තා. නිරාගමික කියන එකේ තේරුමත් දැන ගන්න ලැබුණා. පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එකත් දැන ගත්තා. පැය විසිහතර කියන්නෙ මිනිත්තු කීයකට ද යන්නත්  පැහැදිලි ව දැන ගත්තා. මෙපමණ දේ ඉතා කෙටි කලක් තුළ ඉගැන්වීමට සැලැස්වීමට කිසවකුට බැහැ කියා කාට හරි හිතෙන්න පුළුවන්. එපමණක් නම් මදැයි. ඇල්ලෙ ගුණවංශ හාමුදුරුවන් මේ ආණ්ඩුවට පක්‍ෂය කියා අපට කියන විට ඉන් අදහස් කරන්නෙ ආණ්ඩුව ගෙදර යා යුතු බවත් ඊයේ පුවත්පත් මගින් දැන ගත්තා. ආණ්ඩුව රකින්න නම් ආණ්ඩුව ගෙදර යවන්න ඕන. අර හුණුවටයෙ කියනව වගේ නීති කැඩුවෝ ඒ රැකීමට.

 

ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?

 

ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?


විදෙස්වල ඉන්න සිංහලයන්ට මේ අවුරුදු සමයේ තම දෙමව්පියන්ට සහෝදරයකුට සහෝදරියකට ඥාතියකුට හිතවතකුට වෙනත් අවශ්ය අයකුට පාසලට ඩොලර් පනහක් සීයක් එවන්න පුළුවන්. ඒ බෑංකුවක් හා බැංකුවක් මගින් පමණක් එවන්න ඕන.
පිටරට ඇති පාසල් ආදි ශිෂ්ය ශිෂ්යා සංගම්වලට හැකි නම් පාසල් සඳහා එවන ආධාර සංවිධානය කරන්න පුළුවන්.
එමෙන් ම සිංහල සංවිධානවලට ද මෙහි දී යම් කාර්යයක් කරන්න පුළුවන්.
අද ඊනියා ඩයස්පෝරාවේ මුදල් යොදා ඊළමක් පිහිටුවීමට ඇතැමුන් කටයුතු කරනවා. ඒ අතර භික්ෂූන් වහන්සේට ප්රශ්න ඇති කරන අය ඉන්නවා. හෙි අවසානය සිද්ධාර්ථ ගෝ වෙන්න බොහෝ ඉඩ තියෙනව. ඒ සම්බන්ධයෙන් මා ලියූ ලිපිය සකර්බර්ග් තහනම් කළා. එය www1.kalaya.org වෙබ් අඩවියේ කියවන්න පුළුවන්.
අපි මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ කවුදැයි තේරුම් ගන්න ඕන. ඒ ඊයේ "බිග් මැච් ෆන්" ලැබූ තරුණ තරුණියන්වත් අනුරවත් සජිත්වත් නො වෙයි. මේ සියල්ල නන්දිකඩාල් ජයග්රහණය ආපසු හරවා මෙරට සංස්කෘතිය හර පද්ධතිය නැති කර අප තව තවත් ණයට කන ජාතියක් බවට පත්කර දිනයන් බවට පත්කිරීමටයි.
මේ ලංකා වසන්තයයි. අපි එය පරාජය කරමු. නන්දිකඩාල් ජයග්රහණය සිදු නොවී නම් අප සිටිය හැක්කේ කොතනක දැයි කල්පනා කරමු. ඩොලර් අර්බුදය අවුරුදු හැත්තෑවක් ණයට කෑමේ ප්රතිඵලයක්. අප ලංකාව ණය මුදලාලිට සින්න වීමට හරිනවා ද?





Saturday 9 April 2022

උණ්ඩියල් අවසන් කරමු

 

උණ්ඩියල් අවසන් කරමු

 

ඊයේ ලිපිය ද්වේෂ සහගත කියා සකර්බර්ග් තහනම් කළා. එහි ඇති ද්වේෂය කුමක් ද කියා ඔවුන් කියන්නේ නැහැ. සකර්බර්ග් තහනම් කළත් දිනපතා ලිපිය කාලය වෙබ් අඩවියේත් (www1.kalaya.org) පළවෙනවා. අවශ්‍ය අයකුට ලිපිය එහි කියවන්න පුළුවන්. සකර්බර්ග්ට වඩා මෙරට ජඩමාධ්‍යවේදීන් මගේ අදහස් තහනම් කරනවා. අද ඇතැමුන් මගෙන් අහනවා මා මේ අර්බුදය ගැන කිසිවක් කියන්නෙ නැත්තෙ ඇයි කියා. ඔවුන් මුහුණුපොතට නොයන අය. මට කරන්න දෙයක් නැහැ. ජඩමාධ්‍යවේදීන්ට අනුව මා මිථ්‍යා මතධාරියෙක්. විද්‍යාව පට්ටපල් බොරු කියන නූගතෙක්, එකක් කියා තවෙකක් කරන වංචනිකයෙක්. දේශපාලනය නොතේරෙන්නෙක්. ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවන්නෙක්. මහාපොළොවේ යථාර්ථය නොතේරෙන අයෙක්. ජඩමාධ්‍යවේදීන් මගේ අදහස්වලට ප්‍රචාරයක් නොදෙන බැවින් ඇතැමුන් හිතනවා මා නිහඬයි කියා. සමහරු හිතන්නෙ මා තාමත් මියන්මාහි කියා.

Friday 8 April 2022

කොරියාවෙන් කොරියාවට හෙවත් සිද්ධාර්ථ ගෝ

 

කොරියාවෙන් කොරියාවට හෙවත් සිද්ධාර්ථ ගෝ  

 

 

මේ විද්වතුන්ගේ කාලයයි. අප වැනි ගෝත්‍රවාදීන් මුග්ධයන් සමාජයෙන් ජනමාධ්‍යයෙන් ඉවත් කෙරී සිටින කාලයයි. මේ පසුගාමී සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවත් කෙරී කොරියන් ක්‍රිස්තියානි සංස්කෘතියක් මෙරට තහවුරු කිරීමේ කාලයයි. අප දියුණුවේ මගට අවතීර්ණ වන කාලයයි. සියලු සිංහල බෞද්ධ රොඩූ බොඩු අතුගා දමන කාලයයි. එවන් කාලයක ඉපදීමට ලැබීම ම මොන තරම් දෙයක් ද? අප කුඩා කල කොරියාව කිවුවේ පැල්පත් වැඩි ප්‍රදේශවලට. අද කොරියාව බටහිර මිනුම් දඬු අනුව ක්‍රිස්තියානි වී දියුණු වූ රටක්. අප අද ඉන්නේ එදා කොරියාව හිටපු තත්වයේ වෙන්න පුළුවන්. එහෙත් අපටත් ගෝටා ගෙදර යවා වත්මන් කොරියාවක් වෙන්න පුළුවන්. 

 

Thursday 7 April 2022

ගෝටා ගෝ ජාතිකත්වය නැත්තට ම නැති කිරීම සඳහායි

 

ගෝටා ගෝ ජාතිකත්වය නැත්තට ම නැති කිරීම සඳහායි

 

ඊනියා ජනතා උද්ඝෝෂණය සාමාකාමී එකක් යැයි කිව හැක්කේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ නොකර තම පඬි බව කියන්න උත්සාහ කරන ජඩමාධ්‍යවේදියකුට පමණයි. ගෙවල්වලට ගල් ගැසීම අලාභ හානි කිරීම සාමාකාමී යැයි කියා ඇත්තේ මොන නීතියේ ද මොන ආගමේ ද? ඒ ප්‍රශ්න අසන විට ජඩමාධ්‍යවේදීන් කියන්නේ සාමකාමී උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ප්‍රචණ්ඩ පුද්ගලයන් ද රිංගා සිටින බවයි. ඊනියා සාමකාමීන් ජඩමාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු ප්‍රචණ්ඩත්වයට ඉඩ දී පසුබසිනවා ද?

Wednesday 6 April 2022

ඊනියා ජනතා උද්ඝෝෂණ හා භාරකාර ආණ්ඩුව

 

ඊනියා ජනතා උද්ඝෝෂණ හා භාරකාර ආණ්ඩුව

 

අද තියෙන්නෙ ජනතා උද්ඝෝෂණයක් කියනවා. මාධ්‍යයෙ ඉන්න ජඩමාධ්‍යවේදීනුත් කියන්නෙ එහෙමයි. ජඩමාධ්‍යවේදීන් හරි උගත් පිරිිසක්. ඔවුන් මට වඩා උගතුන්. ඔවුන්ට අනුව මා මිථ්‍යා මත පසුපස යන්නෙක්. එමෙන් ම වංචනිකයෙක්. රැකියවක් නැතුව සිටියදීත් දරුවන්ට එතෙර අධ්‍යාපනයක් ලබා දීමට තරම් ධනයක් තිබූ අයෙක්. මාධව මඩවල මොක ද කියන්නෙ. එහෙත් මේ පඬියන් කිසිවකු තවමත් මගේ එක් පැණයකටවත් උත්තර දීල නැහැ. මා එකක් පමණක් නැවතත් අහන්නන්. මට ඔය පඬියකු කියනවා ද ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නෙ තමන්ගෙ මොන ඉන්ද්‍රියට ද කියල. ගුරුත්වාකර්ෂණය කියන නිවුටන්ගෙ පට්ටපල් බොරුව විශ්වාස කරන අය මා මිථ්‍යා මතධාරියකු කියා කියනවා. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් වන විට ඊනියා ආර්ථික විිද්‍යාවේ කතන්දර ගැන කියනුම කවරේ ද?  අද අපේ රටේ අර්බුදයට එක් හේතුවක් වී ඇත්තේ ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව.

Tuesday 5 April 2022

සිස්ටන් චේන්ජ් කිරීමට නොව පාර්ලිමේන්තුව වෙනස් කිරීමට ආරාධනයක්

 

සිස්ටන් චේන්ජ් කිරීමට නොව පාර්ලිමේන්තුව වෙනස් කිරීමට ආරාධනයක් 

 

අද බොහෝ දෙනා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා. ඒ වෙනස් කරල ඇති කරන ක්‍රමය මොකක් ද කියල කවුරුන්වත් කියන්නෙ නැහැ. සමහරව විට ඔවුන් සිස්ටන් චේන්ජ් එකක් ඉල්ලනවා ද දන්නෙ නැහැ. ඇතැමුන් කතා කරන කියුබාවෙ නම් මෙරට තියෙනවා වගේ බලුකපුටු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහෙදි මේ වගේ කලබල කළොත් කල්දේරම් බත් කන්න තමයි වෙන්නෙ.

 

Monday 4 April 2022

අලි සබ්‍රි හා දීර්ඝ කාලීන විසඳුම්

 

අලි සබ්‍රි හා දීර්ඝ කාලීන විසඳුම්

 

ඇතැම් පඬි නැට්ටන්ට අනුව මා සැඟවී ගොස්. ඔවුන් අසන්නේ මා දැන් ලිපි නොලියන්නේ ඇයි කියායි. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ලියන බවයි. එක් පඬි නැට්ටකු හිතන් ඉන්නේ මා තවම මියන්මාහි කියායි. මා හොඳින් නිරුපද්‍රිත ව ලංකාවේ ජීවත්වන බව පඬි නැට්ටන්ට මෙන් ම මා නැතැයි සිතා ගෙන කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ටත් දන්වන්න ඕන. එමෙන් ම මා දිනපතා කාලය වෙබ් අඩවියේ ලිපියක් පළ කරන බවත් සම්ම ජාතියේ ඊනියා සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් පිහිටුවා ගැනීමට නොහැකි ව  සකර්බර්ග්ගේ අනාථ කඳවුරේ වමක් නැතිව අනාථ වී ඇති වමාලා ඇතුළු සියලු පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා එය මුහුණු පොතේ ද පළ කරන බවත් දන්වන්න අවශ්‍යයි. ඊයේ ද ලිපිය පළ වී ඇති බව පඬි නැට්ටන්ට දැන ගන්න පුළුවන්.

 

Sunday 3 April 2022

ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතුයි

                 ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතුයි

 

මෙය කෙටි ලිපියක්. මා හිතුවේ නැහැ අද ලිපියක් ලියන්න පුළුවන් වේවි ය කියා. කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරනවා.  ජනතා උද්ඝෝෂකයන් ජනතාව අමතක කර සකර්බර්ග් අනාථ කඳවුරේ සුපුරුදු පරිදි නර්මාලාප හා නිර්මාලාප කියවනවා. මා හිතුවා ඔවුන් ඇඳිරි නීති හදිසි නීති සතපහකට මායිම් නොකර ජනතාව වෙනුවෙන් පපුව දෙන්න පාරට බහීවි කියලා. ඒත් එහෙම දෙයක් වුණෙ නැහැ. ඔවුන් පපුව බේර ගත්තා. තව තව දේවලුත් බේර ගත්තා.

   ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතුයි


 


මෙය කෙටි ලිපියක්. මා හිතුවේ නැහැ අද ලිපියක් ලියන්න පුළුවන් වේවි ය කියා. කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරනවා.  ජනතා උද්ඝෝෂකයන් ජනතාව අමතක කර සකර්බර්ග් අනාථ කඳවුරේ සුපුරුදු පරිදි නර්මාලාප හා නිර්මාලාප කියවනවා. මා හිතුවා ඔවුන් ඇඳිරි නීති හදිසි නීති සතපහකට මායිම් නොකර ජනතාව වෙනුවෙන් පපුව දෙන්න පාරට බහීවි කියලා. ඒත් එහෙම දෙයක් වුණෙ නැහැ. ඔවුන් පපුව බේර ගත්තා. තව තව දේවලුත් බේර ගත්තා.

Saturday 2 April 2022

සමහරුන්ට හැම දා අප්‍රේල් පළමුවැනි දා

               සමහරුන්ට හැම දා අප්‍රේල් පළමුවැනි දා

 

ඊයේ අප්‍රේල් පළමුවැනි දා. සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ මෝඩයාගේ දවස කියා. එහෙත් ෆූල් කියන වචනයට විවිධ තේරුම් තියනවා. කවටයා, රැවටිලි කරුවා ආදිය ද ඒ අතර වෙනවා. මෙය අපේ සංස්කෘතියේ කියමනක් නො වෙයි. අප එය අනුකරණය කිරීමේ දී වැරදි තේරුමක් දී තියෙනවා. අර මානව ධර්මතා ඔබ නිර්වචනය කරනවා වගේ. අප්‍රේල් පළමුවැනි  දාට බටහිර කෙරෙන්නේ රැවටීමක් මුසාවක් කියා රැවටීමක්. එහි දී මෝඩයන් රැවටෙන්න ඉඩ තියෙනවා. ඊනියා උගතුන් ද රැවටෙනවා. අප්‍රේල් පළමුවැනිදා ට උගතුන්ගේ දිනය කිවුවත් වරදක් නැහැ.

Friday 1 April 2022

ගෝඨාභය ඉවත්කර ජනාධිපති වීමට කැස කවන්නන්ට විසඳුම් තියෙනවා ද

 ගෝඨාභය ඉවත්කර ජනාධිපති වීමට කැස කවන්නන්ට විසඳුම් තියෙනවා ද

 

ඊයේ රාත්‍රියේ අහිංසකයන් පිරිසක් ජනාධිපති නිවසට ඇතුල් වෙන්න උත්සාහ කරලා. යම් පිරිසක් ඒ නිවසට කිට්ටුවෙන් පිහිටි ජුබිලි කණුව අසල රැස්වෙලා. ඔවුන් සාමාන්‍ය මිනිසුන් බවයි කියැවෙන්නේ. ඇතැම් ස්ත්‍රීන් දරුවන් ද වඩා ගෙන පැමිණ තිබෙනවා. ඔවුන් එසේ පැමිණ ඇත්තේ විරෝධය පෑමට පමණක් ම වෙන්න ඇති. එහෙත් එය අසංවිධානාත්මක ව කෙරුණක් වෙන්න බැහැ. අපේ රටේ කිසිවකු අහස බලන් හිටියොත් විශාල පිරිසක් අහස බැලීමට එක් වෙන සිරිතක් තියෙනවා. ජුබිලි කණුවේ විරෝධය එක් අයකුගේ අදහසක් වෙන්න පුළුවන්. එහෙත් එය සංවිධානාත්මක ව හිතා මතා කෙරුණක්. ඔවුන් ආවේ ජනාධිපතිතුමාගේ දුක සැප බැලීමට නො වෙයි.

 

ටික වෙලාවකින් ආරංචියට විවිධ පිරිස් එක් වී තියෙනවා. ඔවුන් අතර කෙකරගාමීන් සිටි බව පැහැදිලියි. පසුව අත්අඩංගුවට ගත් අය අතර කෙකරගාමින් වැඩිය කියා කියනව. ඒක වෙන්න පුළුවන්. කෙකරගාමීන් බලන්නේ ජ වි පෙරමුණට වඩා විප්ලවවාදී වෙන්න. ජ වි පෙ හා එ ජා ප ඊනියා අසංවිධානාත්මක විරෝධතාවලට සහභාගි නොවීමට තීරණය කර ඇති විටෙක කෙකරගාමින්ට අවස්ථාව ලැබෙනවා විප්ලවවාදි පක්‍ෂය ගොඩ නැගීමට. ක්වොන්ටම් ජාගොඩයන් හයිසන්බර්ග්ටත් ක්වොන්ටම් භෞතිකය ඉගන් වූ විද්වතෙක්. විප්ලවවාදියෙක්.