සුබසාධක රාජ්‍යයේ අර්බුදය
ලොව නොසෙල්වූ දස දින ස්වාභාවික මරණයකට ගොදුරු වෙලා. ප්‍රබුද්ධ විශ්වවිිද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙක් එකොළොස්වැනි දින කලාලකරුවන් ලෙස ආතල්ගමට ගියත් ඔවුන්ට එය උත්ථානය කරන්න බැරි වෙලා. නින්දා ද්‍රවිඩරත්න මුලදී ම පවන් සැලසුවත් ඉන් කිසිදු වැඩක් වෙලා නැහැ. ජයන්ත චන්ද්‍රසිරිට සමහර විට දුවිල්ලෙන් උපන් අය සිහිවෙන්න ඇති. දූවිල්ලෙන් උපන් අය දූවිල්ලට ම එකතු වන්න ඕන කියනවා. ආතල්ගමට දූවිලි (පස්) ටිකක් ගිහින් දාන්න තිබුණ නම් හොඳයි. මා දැන් වැඩිය ගමන් බිමන් යන්නෙ නැහැ.
රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ දී ඒ තරුණ තරුණියන්ට
ස්තුති කළා. ඔවුන් අගය කළා. රනිල් ඔවුන්ට චුවිංගම් බෙදුවෙ නැති එක තමයි මේ සියල්ලට
ම මුල. චුවින්ගම් බෙදල තිබුණ නම් තරුණ තරුණියන්ට චූ කර කර ඉන්න තිබුණා. කොහොමත්
රනිල් තරමක දුකකින් වගේ කතා කෙළෙ. ඔහුට අගමැති වෙන්න පොටක් හදල දීම තමයි බටහිරයන්ට
අවශ්‍ය වුණෙ. එය එක් පැත්තකින් ගිලිහී ගිහින්. ඔය ඊනියා නිර්පාක්‍ෂික
නිර්දේශපාලනික අරගලයේ නායකත්වය කිසි දිනෙක
සජිත්ටවත් රනිල්දාසටවත් ලැබෙන්න බ්‍රවුන්රිග්ගෙ මුණුබුරන් ඉඩ තියන්නෙ නැහැ. ඔවුන්ට
අවශ්‍ය රනිල්.
ඒ කොහොම වුණත් තාමත් තෙල් බෙදීම නිසියාකාරව
කෙරෙන්නෙ නැහැ. චතුර අල්විස් නම් කියන්නෙ ආණ්ඩුව ප්‍රශ්නවලට සංවේදී නැහැ කියල. ඒ
කියන්නෙ ජනාධිපති උඩ බලාගෙන වගේ වගක් නැතුව ඉන්නව කියන එක ද? චතුරට
දිලිත්ගෙන් අහගන්න පුළුවන් ආණ්ඩුව කරන වැඩ ගැන. මා දන්නා තරමින් තෙල් බෙදීම වේගවත්
කිරීම ගුවන් හමුදාවට භාර දී තියෙනවා. එහෙත් සේවකයන් එයට විරුද්ධ වෙලා. වෘත්තීය
සමිතිවලට හා සේවකයන්ට ගුවන් හමුදාව සහභාගි වීමෙන් කිසිම ප්‍රශ්නයක් ඇති නූණත්
ඔවුන් ඊනියා අයිතිවාසිකම් ගැන කියවනවා. ගුවන් හමුදාව ඇවිත් ඉන්නෙ තාවකාලික ව
ඉක්මණින් තෙල් බෙදා දෙන්න. ඊනියා ජනතාවට සේවයක් කරන්න.
ආණ්ඩුව අවශ්‍ය තෙල් ආනයනය කර ඇති නමුත් එය බෙදා
හරින්න අසමත් වෙලා. චතුර කියනවා ආණ්ඩුව ප්‍රශ්නවලට සංවේදී නැහැ කියා. එවිට
චතුරගේත් දෙරණේත් ජනප්‍රියතාව වැඩි වෙනවා. රටට වැඩක් වෙන්නෙ නැහැ. මගේ ජනප්‍රියතාව
සෘණ. මට නම් එය ධන කරගන්න අවශ්‍ය නැහැ. මා ජනප්‍රසාදය මත ජීවත්වන කලාලකාරයකු නො
වෙයි. තෙල් බෙදා හැරීම වගේ ම තෙල් මිල වෑඩි කිරීමත් ප්‍රශ්නයක් වෙලා. අද තැන තැන
කලබල ඇති වන්නේ විශේෂයෙන් ම තෙල් මිල වැඩි කිරීම නිසයි.
ඊයේ රඹුක්කන සිද්ධියටත් හේතුව තෙල් මිල වැඩි
වීම. තෙල් සංස්ථාවට හැමදාමත් පාඩුයි. ඉන්දීය අයිඕසී සමාගම තෙල් මිල වැඩි කළා. ඒ
පාඩුවට තෙල් දෙන්න ඔවුන් පැමිණ නැති නිසා. තෙල් මිල වැඩි කළත් ඔවුන්ටත් පාඩුයි.
ඒත් යම් යම් වෙළෙඳ උපක්‍රම මගින් එය තුලනය කර ගන්නවා. තෙල් සංස්ථාවට එය කරන්නත්
බැහැ. තෙල් මිල වැඩි කළත් සංස්ථාවට තවමත් පාඩුයි. ජනතාව කුපිත වුණෙ තෙල් මිල විශාල
ගණනකින් එක්වර වැඩි කළ නිසා. එය සාධාරණයි.
එහෙත් පළාත්බද උද්ඝෝෂණ ගැන එසේ කියන්න බැහැ. සමූහයක් කියන්නෙ පුද්ගල
එකතුවක් නො වෙයි. ඊනියා අපෝහකයේත් එය කියැවෙනවා. එය හෙගල්ගේ වැඩක්. මාක්ස් හෙගල්
ඔළුවෙන් හිටවන්න ගිහින් ඇන ගත්තා. හතරගාතෙන් ඇද වැටුණා. ඒ මොකක් වුණත් ඊයේ රඹුක්කන
පිරිසක් දුම්රිය පාරේ තෙල් බවුසරයක් නවත්තල දුම්රිය ගමනාගමනයට අවහිර කරලා බවුසරය
ගිනි තියන්න හදලා. චතුරට ඒ ටික කියන්න අමතක වෙලා. එක් පඬි නැට්ටකු කියල තිබුණ
පොලීසියට කරන්න තිබුණෙ තෙල් බවුසරයට ගිනි තියන්න ඉඩ දීලා ගිනි තිබ්බ අය උසාවියට
ඉදිරිපත් කරන්න කියලා. කොහොමද ප්‍රජාතන්ත්‍රවදී මොලේ. මියගිය තරුණයාගේ අභාවය ගැන
අප කණගාටු වෙනවා. ඒ ගැන පරීක්‍ෂණයක් කරන්න ඕන. ඒත් අවසානයේ දී ඒ දුක දරා ගන්න
වෙන්නෙ ඔහුගෙ දෙමව්පියන්ට මිසක් විප්ලවවාදීන්ට නො වෙයි.
ඊනියා සාමකාමී උද්ඝෝෂණ ප්‍රචණ්ඩත්වයට හැරෙනවා.
ආතල්ගමේ එහෙම වුණෙ නැත්තෙ එහි රැස්වුණ අයට අවශ්‍ය වුණෙ ආතල් ගැනීම පමණක් නිසා.
ඔවුන් ඉංගිරිසියෙන් විප්ලව සිංදු ගායනා කළා. කලාලකරුවන්ට අත්වැල් ගායනයවත් බැරි
වුණා. ඒ අතර ආතල් ගන්න තොවිලෙකුත් කෙරුවා. ඒත් පළාත්බද ව උද්ඝෝෂණ කරන්නන්ට ප්‍රශ්නයක්
තියෙනවා. ඔවුන්ට නායකත්වයක් නැහැ. ජ වි පෙ හා ස ජ බ නායකත්වය දෙන්න බයයි. ඔවුන්
කරන්නෙ උප්පරවැට්ටි. බේරුවල ඉඳන් කොළඹ ආපු පාගමන්කරුවන් ආතල්ගමට ගියෙ නැහැ ඊනියා
නිර්පාක්‍ෂිකත්වයකට ගරු කරමින්! ඒ පාගමනින් වෙච්ච වැඩේ මොකක් ද? උදර
වටප්‍රමාණයවත් ටිකක් හරි අඩු වුණා ද?
රනිල් බලා ඉන්නෙ කොහොම හරි අගමැති පුටුවට
පනින්න. බටහිරයන්ටත් අවශ්‍ය ඔහු. ඔහුට විජයබා කොල්ලයක් අවශ්‍ය බව පේනවා. තමන්ට බලය
නැති පාර්ලිමේන්තුව කොල්ල කෑම තමයි ඔහුගේ අභිප්‍රාය. මේ සියල්ල පිටුපස ලොකු
කතන්දරයක් තියෙනවා. අද හැමෝම සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා. ඇඳුම් මාරු කරනවා
කියන්නෙ වෙනත් ඇඳුමක් ඇඳ ගැනීම මිස ඇඳගෙන ඉන්න ඇඳුම ගලවල ඉවත දැමීම නො වෙයි.
අප පළමුව දැන ගන්න ඕන දැන් තියෙන සිස්ටම් (ක්‍රමය)
මොකක් ද කියන එක. ඇඳුම කලිසමක් ද රෙද්දක්ක ද චීත්තයක් ද කියන එක දැන ගන්න ඕන.
කලිසමක් රෙද්දක් වගේ ගලවන්න බැහැ. රෙද්දක් සරමක් වගේ ගලවන්න බැහැ. පඬි නැට්ටන්ට
අවශ්‍ය දෙදහස් පන්සීයෙ රෙද්ද ගලවල ජාතියට ජීන්ස් අන්දවන්න. ඒත් ජීන්ස් ඉරිලා.
දැන් තියෙන ක්‍රමය නිසා තමයි මේ ඩොලර් අර්බුදය
ඇති වෙලා තියෙන්නෙ. එය අධිපරිභෝජනය, බොරු ෂෝක්, බොරු
උගත්කම ලෙස කියන්න පුළුවන්. බොරු උගත්කම යටතෙ බොරු සමාජවාදයත් තියෙනවා. කිසිම
සමාජවාදයක් ලෝකෙ කොහෙවත් ඇති වෙලා නැතත් මාක්ස් අසමත් පට්ටපල් බොරු කාරයකු බවට
පත්වෙලා තිබුණත් අනාථ කඳවුරෙ අරික්කාල් මාක්ස්ල අහු මුලුවල පඬි කතා කියව කියව
ඉන්නවා. අද අර්බුදයට බොරු සමාජවාදයත් ඒ සමග බැඳුණු වෘත්තීයක් වූ වෘත්තීය සමිති ව්‍යාපාරයත් හේතු වුණා.
ඒත් මේ රටේ ධනපති පක්‍ෂයක් ය කින එක්සත් ජාතික
පක්‍ෂයටත් කම්කරු වෘත්තීය සමිති තියෙනවා. මේ රටේ වර්ජනය කරන්නෙ බස් සේවකයන් නොවෙයි
බස් හිමියන්. මේක ධනවාදී සමාජවාදී රටක්! රටේ නමත් ප්‍රජාතන්ත්‍රවදී සමාජවාදී ලංකාව
නොවැ.
අද උද්ඝෝෂකයන් කරන කියන දේ ගැන හිතන විට මතක්
වන්නෙ පනස්තුනේ හර්තාලය. මේ බොරු සමාජවාදයෙ ධනවාදී පිටපතක් වූ සුභසාධක රාජ්‍යයෙ අර්බුදයක් ද වෙනවා. හර්තාලයෙන් පස්සෙ ඩඩ්ලි වෙනුවට ජෝන් කොතලාවල
පත්වුණා. විස්තර පසුවට.