Main Logo

Wednesday 6 April 2022

ඊනියා ජනතා උද්ඝෝෂණ හා භාරකාර ආණ්ඩුව

 

ඊනියා ජනතා උද්ඝෝෂණ හා භාරකාර ආණ්ඩුව

 

අද තියෙන්නෙ ජනතා උද්ඝෝෂණයක් කියනවා. මාධ්‍යයෙ ඉන්න ජඩමාධ්‍යවේදීනුත් කියන්නෙ එහෙමයි. ජඩමාධ්‍යවේදීන් හරි උගත් පිරිිසක්. ඔවුන් මට වඩා උගතුන්. ඔවුන්ට අනුව මා මිථ්‍යා මත පසුපස යන්නෙක්. එමෙන් ම වංචනිකයෙක්. රැකියවක් නැතුව සිටියදීත් දරුවන්ට එතෙර අධ්‍යාපනයක් ලබා දීමට තරම් ධනයක් තිබූ අයෙක්. මාධව මඩවල මොක ද කියන්නෙ. එහෙත් මේ පඬියන් කිසිවකු තවමත් මගේ එක් පැණයකටවත් උත්තර දීල නැහැ. මා එකක් පමණක් නැවතත් අහන්නන්. මට ඔය පඬියකු කියනවා ද ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නෙ තමන්ගෙ මොන ඉන්ද්‍රියට ද කියල. ගුරුත්වාකර්ෂණය කියන නිවුටන්ගෙ පට්ටපල් බොරුව විශ්වාස කරන අය මා මිථ්‍යා මතධාරියකු කියා කියනවා. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් වන විට ඊනියා ආර්ථික විිද්‍යාවේ කතන්දර ගැන කියනුම කවරේ ද?  අද අපේ රටේ අර්බුදයට එක් හේතුවක් වී ඇත්තේ ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව.

 

මහින්ද රාජපක්‍ෂ අප කී කිසිවක් විශ්වාස කෙළේ නැහැ. ඔහුත් බටහිර දැනුම  විශ්වාස කළා. කොහොම වුණත් ඔහු නීතිඥයෙක්. නීතිඥයන් හා බටහිර වෙද මහතුන් තමයි අද මෙරට පාලනය කරන්නෙ. රවි කුමුදේශ්ටත් පාරම්පරික වෙද මහතකුට වඩා රටේ පිළිගැනීමක් තියෙනවා. මෙරට ආණ්ඩු හෙළ වෙදකම හා හෙළ ගොවිතැන ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වූවා නම් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වෙන්නෙ නැහැ. එහෙත් මහින්දත් කිවුවෙ නලින් කියන විධියට වැඩ කරන්න බැහැ කියලා.  ඔහුට දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව සටන් කිරීමට නම් සිදු වුණා.

 

මහා බැංකුවට අලුතෙන් ප්‍රධානියකු පත් කෙරිලා. ආචාර්ය නන්දලාල් කැලණිය විශ්වවිිද්‍යාලෙ පළමු උපාධියට ගණිතය හා භෞතික විද්‍යාව හැදෑරුවෙක්. ඔහු මගෙන් ඉගෙන ගෙන නැහැ. මා කැලණියට යන විටත් ඔහු බැංකුවට ගිහින්. ඔහු පසුව ඒත් අතට මේත් අතට ආර්ථික විිද්‍යාවෙන් ආචාර්ය උපාධියක් අරගෙන. ආරංචියේ හැටියට ඔහු අද ඕස්ත්‍රේලියාවෙ ඉඳන් ලංකාවට එනවා. හෙට වැඩ භාරගන්නවා කියල කියනවා. මා හිතනවා ඔහු ඉන්ද්‍රජිත් කුමාර්ස්චාමි මේ අර්බුදය ගැන කියා ඇති දේ දන්නවා කියල. ඉන්ද්‍රජිත් අර  කුමාරස්වාමි පොන්නම්බලම් පවුලෙ සාමාජිකයෙක්. ඒත් ඔහු කියන දේට සවන් දීමෙ වරදක් නැහැ.

 

ගණිතය හා භෞතික විිද්‍යාව හැදෑරූ අය සමාජයීය විිද්‍යා මානව ශාස්ත්‍ර දර්ශනය හා නීතිය හැදෑරුවත් අනෙක් පැත්තට වෙන්නෙ නැහැ. එයට හේතුව කුමක් ද? ඉතා පැහැදිලි ව බටහිර දැනුමේ ධුරාවලියක් තියෙනවා. එහි ඉහළින් ම ඇත්තේ ගණිතය ඊළඟට භෞතික විද්‍යාව. ගණිතයේ කිසිම දෙයක් ඔප්පු කරන්නේ නැහැ. A හරි නම් ඇරිස්ට අනුව B හරි කියන එක විතරයි කියන්නෙ. භෞතික විද්‍යාවෙ හරියන පට්ටපල් බොරු තියෙන්නෙ. අනෙක් දැනුම් බොහොමයක තියෙන්නෙ හරියන්නෙවත් නැති පට්ටපල් බොරු. 

 

දැන් මුදල් ඇමති කෙනෙක් නැහැ. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නො වෙයි. ඒත් අර බොරු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට වග කියන්න කියල කාව හරි පත් කර ගන්න වෙයි. දැනට පත්කරල ඉන්නෙ පාර්ලිමේන්තුවෙ වැඩ කටයුතු ගෙන යෑමට අවශ්‍ය අය පමණයි. සභානායක හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඒ අතර වෙනවා. ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන.  

 

මේ ජනතාව කියන්නෙ කවුද? අද ඔය හැමෝම කියන්නෙ තමන් ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා කියල. මෙයින් හැඟෙන්නෙ තමන් හැර අනෙක් අය ජනතාව කියා ද? ඔය විශ්වවිිද්‍යාල ශිෂ්‍යයො පොලිස් නිලධාරීන්ට කියන්නෙ තමන් සටන් කරන්නෙ ඒ නිලධාරීන්ගෙ දරුවන් වෙනුවෙන් කියල. ඔය හැමෝම සටන් කරන්නෙ තමන් වෙනුවෙන් නැත්නම් තමන් දරණවයි කියල හිතන මතයක් වෙනුවෙන්. අද එක ට්විටර් පණිවුඩයකින් ඊනියා ජනතාව නිර්මාණය කරන්න පුළුවන්. අද උදේ එක්තරා ආයතනයක සේවකයන් දහදෙනකු පමණ විශාල උද්ඝෝෂණයක. ඔවුන් උද්ඝෝෂණය කෙළෙ ඇතුළෙ හිටිය සේවකයන් සියයකට වැඩි පිරිසක් වෙනුවෙන් වෙන්න ඇති. ජඩමාධ්‍යවේදීන්ට අර දහදෙනා සියදෙනෙකු හැටියට පේන්න සලස්සන්න පුළුවන්.

 

අද ඇති ජනතා උද්ඝෝෂණයක් නැහැ. ජඩමාධ්‍ය විසින් පුම්බනු ලැබූ පිරිසකගේ උද්ඝෝෂණ තමයි තියෙන්නෙ. ලංකාව පුරා ම උද්ඝෝෂණය කරන්නන් පනස්දාහක්වත් ඉන්නවා ද? ජඩමාධ්‍යවේදීන් මොකද කියන්නෙ. මේ උද්ඝෝෂණ සර් ෆේල් ව්‍යාපාරය දිගට ගෙන යෑම් පමණයි. කාදිනල්තුමාත් උද්ඝෝෂණයට එකතු වෙලා. නැතුව පුළුවනැයි. එතුමන්ට ජෙනීවාහි කතා කරන්න අවස්ථාව සලසපු අයට කෘතවේදී වෙන්නවත් එපායැ. සිරිල් ගාමිණී පූජකතුමා ගැන මොනව කියන්න ද? එතුමා සටන්කාමී දේවගැතිවරයෙක්.

 

මා දැක්ක කලාකාරයන් අතර විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගෙන  ගුරුගෙවල් හදන්න වියදම් කරපු අයත්. එ අතර ශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ අරක්කු බොන්න කතා කළ අය හා අවාසනාවකට දෙරණින් ප්‍රසිද්ධිය ලබා දුන් සුපේශල කලාකරුවනුත් හිටියා. දෙරණ අපට මඩ ගහමින් අපේ දේ රැක ගන්න අතර අලුත් දේ අරගෙන විවිධ ස්ටාර්ලා සමාජයට ඉදරිපත් කරනවා. ලක්සිරි වික්‍රමගේ මොකද කියන්නෙ. ඔවුන් හිතන විධියට සිංහල අවුරුද්ද වැනි අවිද්‍යාත්මක කතා පිරිමි නොකියවන පුවත්පතකට කියන්නයි අප වැන්නන් ඕන.  කාලීන මාතෘකා ගැන කතා කරන්න අප වැනි මිථ්‍යා මතධාරීන් සුදුසු පුද්ගලයන් නො වෙයි.  

 

අද ඇත්තෙ ඊනිය ජනතා උද්ඝෝෂණයක් නොව එංගලන්තයෙ සිංහල බෞද්ධ විරෝධීන් ට්විටර් මගින් මෙහෙයවන ව්‍යාපාරයක්. සර් ෆේල් තමයි මේ ව්‍යාපාරයෙ ආරම්භය. එංගලන්තයෙ ජොන්සන්ගෙන් අහල බලන්න. මෙරට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගාපු ජනතාවගෙ ජොන්සන් නො වෙයි. ඒ ජනතාවත් අද උද්ඝෝෂණවල. ඒ අතර සන්ලයිට් ගාපු අයත් ඉන්නවා. සන්ලයිට් හදන්නෙත් අපි නො වෙයි. ඉර හඳ පායන ලෝකේ සන්ලයිට් හදන්නෙ කවුද? ලෙට් දෙයා බී ලයිට් කිවුවලු. මා කියන්නෙ විදුලිය කැපීම ගැන නො වෙයි. හැමදාමත් කවුරු හැදුවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගාපු අය සන්ලයිට් ගාපු අය මෙයෙවනවා. අද රනිල්දාස මෙහෙයවනු ලබන්නෙත් පිටින්. රනිල්දාස තම වාහනේ ඊනියා උද්ඝෝෂකයන් දාගෙන ගියාට රනිල්දාස යන්නෙ වෙන කාගෙවත් වාහනවල. 

 

අද ව්‍යවස්ථානුකූල ව  කරන්න පුළුවන්කම තියෙන්නෙ එක ම එක දෙයයි. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ ම යෝජනාවක් සම්මත කිරීමෙන්. එය ඊයේ ලිපියේ උපුටා දැක්වූ ව්‍යවස්ථාවේ හැත්තෑවැනි වගන්තිය අනුව පුළුවන්. දැන් ඇතැම් ජනාධිපති නීතිඥයන් කියන්න පටන් අරන් ඊනියා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. එය පට්ටපල් බොරුවක්. ඔවුන් ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නෙ ව්‍යවස්ථාවෙ  43 හා 74 වගන්ති. ඒ වගන්ති ඉංගිරිසියෙන් පහත පළවෙනවා. ඒ කියවා බලන්න. ජනාධිපති නීතිඥයන්ට වගන්ති අංක කියා පැන යන්නට දෙන්න බැහැ.

 

ඔය  නීතිඥයනුත් වෙනත් අයත් බයයි පාර්ලිමේන්තු මැතිවරණයකට. එබැවිනුයි ව්‍යාජ විකල්ප පෙන්වන්නෙ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියා ජනාධිපතිතුමාගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න. සම්මත කර ගන්න. ඉන්පසු භාරකාර ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඊළඟ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව රැස්වන තුරු මාස තුනක කාලයක් භාරකාර ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. අපට ඒ කාලයෙ ඔය වැඩ්ඩන්ගෙ වැඩ කිඩ බලාගන්න පුළුවන්.

 

එහෙමත් නැත්තන් 113 හොයාගෙන ආණ්ඩුවක් පිහිටුවල වෙනත් අගමැති කෙනකු යටතේ වැඩ අරඹන්න. ඒත් 113 දෙනකු හොයා ගන්න පුළුවන් වුණත් සියල්ලන්ට එකතු වී අගමැති කෙනකු පත් කර ගන්න පුළුවන් ද? ආණ්ඩුවෙන් ස්වාධීන වූ පමණින්, හදන්න බැරි භාරකාර ආණ්ඩුවක් හදන්න කී පමණින්, ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අද වෙලා තියෙන්නෙ මුහුණත් එක්ක තරහය නහය කපා ගත්තා වගේ වැඩක්. මේ විවිධ පක්‍ෂවල නොදත් දොස්තරල දෙන උපදෙස් මත සිද්ධ වෙන්නක්.  ආණ්ඩුවෙන් ස්වාධින වූවන් කියන්නෙත් සජිත් කියන ආකාරයට ගෝඨාභය යන්න කියල ද? මේ සියල්ල පිටුපස සුමන්තිරන් දෙමළ ඊළම ඉල්ලගන්න ගෝඨා ගෝ කියනවා.

 

74. (1) Subject to the provisions of the Constitution, Parliament may by resolution or Standing Order provide for – (i) the election and retirement of the Speaker, the Deputy Speaker and the Deputy Chairman of Committees, and (ii) the regulation of its business, the preservation of order at its sittings and any other matter for which provision is required or authorized to be so made by the Constitution. (2) Until Parliament otherwise provides by law or by resolution, the Standing Order of the National State Assembly, operative immediately prior to the commencement of the Constitution, shall, mutatis mutandis, be the Standing Orders of Parliament.

 

43. (1) The President shall, in consultation with the Prime Minister, where he considers such consultation to be necessary, determine the number of Ministers of the Cabinet of Ministers and the Ministries and the assignment of subjects and functions to such Ministers. (2) The President shall, on the advice of the Prime Minister, appoint from among Members of Parliament, Ministers, to be in charge of the Ministries so determined. (3) The President may at any time change the assignment of subjects and functions and the composition of the Cabinet of Ministers. Such changes shall not affect the continuity of the Cabinet of Ministers and the continuity of its responsibility to Parliament.