Main Logo

Sunday 31 October 2021

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

ගොවීන් කෘෂිරසායන පොහොර, කෘමිනාශක, වල්නාශක ලබා ගැනීම සඳහා දෙවියන්ට පොල් ගැසීම හා ක්‍රිස්තියානි රටවල් සමග පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කුරුසය ලකුණු කිරීම ගැන කිව හැක්කේ කුමක් ද? අපේ සංස්කෘතියේ දෙවියන් (සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇති දෙවියන්) බටහිර කෘෂිද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අපේ ගොවීන්ට ආධාර කරාවි ද? දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි රටවලට එරෙහිව දස්කම් පෑමට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කරාවි ද? 

Saturday 30 October 2021

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.

Friday 29 October 2021

වමාලාට වම නැති වීම

 

වමාලාට වම නැති වීම

 

මෙරට වමක් නැති වමාලා ඔවුන්ට අනුව ධනවාදී රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දකුණේ සංවිධාන සමග සිංහල බෞද්ධ සංස්කෘතියට විරෝධය පානවා. ඔවුන්ට බටහිර රටවලින් ශිෂ්‍යත්ව හා වෙනත් ආධාර ලැබෙනවා. ඔවුන් දැන් සාමාන්‍යයෙන් ධනවාදයට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ ජාතිකත්වයට. ජාතිකත්වය ඔවුන් හිතන ආකාරයට ධනවාදී වන විට පමණක් ධනවාදයට විරුද්ධ වෙනවා. මොනවා කළත් ඔවුන්ට පුළුවන් විරුද්ධ වීම පමණයි. අද රටේත් පොදුවේ ගත් විට ලෝකයේත් ඇත්තේ විරුද්ධවාදී දේශපාලනයක් පමණයි.

Thursday 28 October 2021

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මා මියන්මාහි තානාපති කාර්යාලයේ නිදා සිටි අවධියේ සිහිනෙන් කරන ලද වැඩක අවසාන ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. අර ධිවරයන් දොළොස් දෙනා නිදහස් කරනු ලැබූවත් ඔවුන් ගමන් කළ යාත්‍රා දෙක නිදහස් කෙරුණේ නැහැ. ඒවා මියන්මා රජය අත්අඩංගුවට ගෙන තිබුණා. මට ඊයේ දැන ගන්න ලැබුණා මියන්මා රජය ඒ යාත්‍රා දෙක ද නිදහස් කරල කියා. එය ඉතා වැදගත් ආරංචියක් බවට සැකයක් නැහැ.

Wednesday 27 October 2021

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

මට නම් හිතෙන්නෙ අද රට ඉතා හොඳ තැනකට ඇවිත් කියා. මේ වාක්‍යය කියවපු ගමන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුලප්පු වෙනවා. ඔන්න ආණ්ඩුවට කහින වැඩේ දිගට ම කරන් යනවා, තව තානාපති කමක් හරි වෙනත් තනතුරක් හරිි ගන්න තමයි ඔය ලියන්නෙ ආදී වශයෙන් කියාවි ලියාවි. එය මට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන කිසිවක් මා සත පහකට ගණන් ගන්නෙ නැහැ. කොවිඩ් 19 හැදෙන්න ඉස්සර පොඩි කාලෙ ඉඳල ම මට කැස්සක් තියෙනවා. (කොවිඩ් කියන එක බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ප්‍රබුද්ධ අනුකාරකයන් උච්චාරණය කරන්නෙ කෝවිඩ් කියල. ඒ ඇයි ද කියල දන්න කෙනෙක් කියනවා ද? ) 

Tuesday 26 October 2021

සලේ නො සැලේ

 

සලේ නො සැලේ


කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ගැන උනන්දුවක් දැක්වීම තේරුම් ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් අති විශාල බහුතරය කතෝලිකයන්.  මගේ දැනුම අනුව එක් පල්ලියක් හැරෙන්න විනාශ වූ අනෙක් පල්ලි කතෝලික. පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් කවුදැයි දැන ගැනීමට හා ඔවුන්ට දඬුවම් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය වන්නේ නම් ඒ ගැන පුදුුම විය යුතු නැත. 

Monday 25 October 2021

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

මගේ අත තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ. එබැවින් දිර්ඝ ලිපියක් ලියන්න බැහැ. වෙද මහතා කියන විධියට තව දින කිහිපයක් පත්තුව බඳින්න වෙනවා. ලියන්න බොහෝ දේ තියෙනවා. ගුරුබොරුවන්ගේ බොරුව අද තවත් අදියරකට පත් වෙනවා. 2023 දක්වා අදියර කිහිපයක් තියේවි. ගුරුවරුන්ගේ වැටුප මදි. තවත් අයගේත් වැටුප් මදි. ගුරු වැටුප් ප්‍රශ්නයට අවුරුදු විසි හතරක් වෙනව කියනවා. ඒ කියන්නෙ 2015 දී අවුරුදු දහඅටක් වුණා කියන එක. ඒත් එදා සෙඩෙක් ආයතනයේ පුහුණුව ලැබූ ජෝසෆ් ස්ටැලින් (මට පුරුදු ස්ටාලින් නොව ස්ටැලින් කියන්න. ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මට හිනහ වෙන්න පුළුවන්)  හා යමපාලන ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණේ මහින්ද ජයසිංහ ප්‍රශ්නය අතට ගත්තෙ නැහැ. ඔවුන් යමපාලනයට ප්‍රශ්න ඇති කෙළේ නැහැ.  එදා අධ්‍යාපන ඇමති වුණෙ රනිල්ගේ ගජ මිතුරු අකිල විරාජ්.

Saturday 23 October 2021

ග්ලයිෆොසේට් පිළිකා කාරකයක්

 

ග්ලයිෆොසේට් පිළිකා කාරකයක්

මෙය නාථ දෙවියන්ගේ වැඩක් නො වේ. චන්න ජයසුමනගේ වැඩක් ද නො වේ. මෙය පඬියන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විසින් අගය කරනු ලබන්නන්ගේ වැඩකි.  




Friday 22 October 2021

ලංකා සී නිව්ස් යොහානි කුසිනාරා

 

ලංකා සී නිව්ස් යොහානි කුසිනාරා

ලංකා සී නිව්ස් නම් වෙබ් අඩවියට අනුව මා යොහානි ජනප්‍රිය කරවීම රෝ සංවිධානයේ කුමන්ත්‍රණයක් යැයි කියා ඇත. මා එසේ කියා නැත. ඔත්තු සේවා ගැන පමණක් නොව නිලධාරීන් ගැන ද මා කියා ඇත. මා කී දේ ඔක්තෝම්බර් 13 වැනි දා මේ පිටුවෙහි පළ කළ ඒෂියන් මිරර් සඟරාව සමග පැවැත් වූ සාකච්ඡාව අසා දැන ගත හැක.

වර්තමානයෙහි ඉන්දියාව සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ හිත දිනා ගැනීම සඳහා සැලසුම් සහගත ව ක්‍රියා කරනු දැකිය හැකිය. යොහානි මෙන් ම කුසිනාරා ද ඒ සැලසුමේ අංග ය. කුසිනාරා වැඩම කළ මහ සඟරුවන මට කමා කරත්වා. භාරතයෙන් බුදුසසුන නැති කිරීමට මුස්ලිමුන්ටත් වඩා හින්දුන් දායක වී ඇත. මහා කාරුණිකයාණන් වහන්සේට මෝදිගේ ඇති කරුණාව තේරුම් ගැනීම අපහසු නො වේ.




අලුත් පාර්ලිමේන්තුව

 අලුත් පාර්ලිමේන්තුව 


මා ද සහභාගි වූ ඔක් 20 අලුත් පාර්ලිමේන්තුව පහත සඳහන් සබැඳියෙන්




https://www.youtube.com/watch?v=EcJJoJLUz3I

Friday 15 October 2021

ලිපිය

දින කිහිපයක් ලිපිය පළ නොවන බව කරුණාවෙන් සලකන්න.

Thursday 14 October 2021

ගුරු වැටුප මගින් නැවත යමපාලනයකට

 

ගුරු වැටුප මගින් නැවත යමපාලනයකට

 

මේ අධ්‍යාපනය වෙනස් කළ යුතු වුවත් ලේසියෙන් එහෙම කරන්න බැහැ. ඉන් බිහි වන පුද්ගලයන්ට හිතන්න බැහැ. පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී කියන්නේ හිතන්න එපා කියායි. එය කෙලින් ම කියන්නේ නැහැ. බටහිර දැනුම හා සුළු ප්‍රමාණයකට අප සතු  පැරණි භාරතීය දැනුම මතක තබා ගැනීමට තමයි අපට උගන්වන්නේ. අප ඒ ඒ ප්‍රමාණයේ දත්ත හා තොරතුරු ගබඩා. මට කාරණයක් මතක් වෙනවා.අයින්ස්ටයින්ට ගුරුත්වජ කාච (gravitational lenses) පිළිබඳ දැනුම සංස්කරණය කළ අවස්ථාවේ  අවශ්‍ය වුණා අර සාමාන්‍ය කාච සඳහා වූ ප්‍රතිඵල සමග ඒ සසඳන්න. ඒත් ඔහුට ඒ සාමාන්‍ය කාච පිළිබඳ දැනුම තිබුණේ නැහැ. ඒ දැනුම උසස් පෙළ සිසුන්ට උගන්වනවා. අයින්ස්ටයින්ට ඒ දැනුම අමතක වෙලා. ඔහුට සිදු වුණා නැවතත් ඒ දැනුම පොතකින් ලබා ගන්න.

Wednesday 13 October 2021

ඉන්දීය බලධාරීන්ගේ පෙම් කෙළිය

 

ඉන්දීය බලධාරීන්ගේ පෙම් කෙළිය

 

ඉන්දියාවෙ ඇමතිවරු අමාත්‍යංශ ලේකම්ලා උසස් හමුදා නිලධාරීන් ආදීන් වැල නොකැඩී ලංකාවට එනවා. මේ වන විට ඉන්දියාවේ ඉහළ ම හමුදා නිලධාරියකු වූ ජෙනරාල් මනෝජ් මුකුන්ද් ලංකාවේ. මේක තමයි පඬියන්ගෙ බටහිර ස්වාමිවරුන්ගේ ඊනියා භූදේශපාලන යථාර්ථය.  ඉන්දීයයන් ලංකාවට එන්නෙ අර සුනිල් සාන්තයන්ගේ ගීතයක එන ආකාරයට පෙම් කෙළිමින් යන දන්ඩි පැටවු වගේ නම් තමයි. එහෙත් ඔවුන් අප කෙරෙහි ඇත්තේ වෙනත් පෙමක්.  ඔවුන් කොහොමටත් පැටවුන් නො වෙයි. ඔවුන් ඇටුවන් බැහැපු අය.

ඒෂියන් මිරර් විද්‍යුත් මාධ්‍යය සමග කරන ලද සාකච්ඡාව

 මා ඒෂියන් මිරර් විද්යුත් මාධ්යය සමග කරන ලද සාකච්ඡාවක් පහත සඳහන් සබැඳියට යොමු වීමෙන් අහන්න පුළුවන්.

Tuesday 12 October 2021

ජේ ආර් හා බටහිර තොණ්ඩුව

 

ජේ ආර් හා බටහිර තොණ්ඩුව

 

නොබෙල් සතිය ඉවරයි. සතිය කිවුවත් එය ඔක්තෝම්බරයේ පළමුවැනි සඳුදා සිට ඊළඟ සඳුදා දක්වා සෙනසුරාදා හා ඉරිදා හැර දවස් හය. මා නොබෙල් තෑග්ග ගැන විශේෂ උනන්දුවක් දක්වනවා නො වෙයි. මෙරට උගතුන් බුද්ධිමතුන් වියතුන් නොබෙල් ත්‍යාගලාභීන්ට ඉමහත් ගෞරවයක් දක්වනවා. ඒ නිසයි මා නොබෙල් තෑග්ග ලංකාවට හිමි නොවීම ගැන මෙතරම් කතා කරන්නේ. ඊයේ නිකුත් වූ නිවේදනයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලංකාවට නැහැ. මෙරට ඉන්න ආර්ථික විද්‍යාඥයන් ත්‍යාගයට නුසුදුස්සන් ද?

Monday 11 October 2021

චීන පොහොර කතාව

 

චීන පොහොර කතාව

 

ඊයේ (ඔක් 10) ලිපියේ පහත සඳහන් වාක්‍ය කිහිපය ද තිබුණා. සාමාන්‍යයෙන් සිදු වන පරිදි එය ඇතැමුන් වැරදියට තේරුම් ගැනීමට ඉඩ තියෙනවා. ලිපියක් එහෙන් මෙහෙන් කියවන පඬි නැට්ටන්ට නම් එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් හැම ලිපියක් ම තේරුම් නොගැනීමේ අතිදක්‍ෂයන්.

Sunday 10 October 2021

චීන කුණු කියන තරම් ගඳ ද?

 

චීන කුණු කියන තරම් ගඳ ද?

 

මෙවර සාම නොබෙල් තෑග්ග භාෂණයේ නිදහස වෙනුවෙන් භාෂාව මෙහෙය වූ රූසියන් හා පිලිපීන ජාතිකයන් දෙදෙනකුට හිමි වී තිබෙනවා. මෙරට ජනමාධ්‍යත් ඒ බව වාර්තා කර තිබුණා. අනෙක් නොබෙල් තෑගි ගැන එලෙස වාර්තා කර තිබුණේ නැහැ. තම රැහේ අයට තෑග්ග ලැබීම ගැන මෙරට ජනමාධ්‍යවල සතුට අපට තේරුම් ගන්න පුළුවන්. ඒත් මට නැවතත් අහන්න වෙන්නෙ දිගින් දිගට ම නොබෙල් කමිටු ලංකාව අමතක කරන්නෙ ඇයි ද යන්නයි.   භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කරන භාෂකයන් මෙරට කොපමණ ඉන්නවා ද? ඔවුන්ගේ සටන ප්‍රමාණවත් නැත් ද? එහෙමත් නැත්නම් මෙරට භාෂණයේ නිිදහස තිබෙන බැවින් ඒ සටන් ව්‍යාජ සටන් ද

Saturday 9 October 2021

ගොවීන් බහු ජාතික සමාගම්වලින් බේරා ගනිමු

 

ගොවීන් බහු ජාතික සමාගම්වලින් බේරා ගනිමු

 

පැන්ඩෝරාට පැන් වැඩීම ලිපිය බොහෝ වමක් නැති දකුණේ වමාලාට තේරුම් ගන්න බැරි වෙලා. සමහරු ලිපියට කැමති වෙලා (ලයික් ලකුණු කර) . ඔවුන්ගෙන් ඇතැමුන් හිතා ඇත්තේ පැන් වැඩීම කියන්නේ ආ වැඩීම, සවුදිය පිරීම වැනි දේකට කියා. ඔවුන් සිංහල බෞද්ධ සම්ප්‍රදාය දන්නේ නැහැ. පැන් වඩන්නේ මිය ගිය අයට. මා පැන් වැඩීමේ ගාථාවේ මුල් වචන කිහිපයත් ලිවුවා. එහෙත් වමාලාට ඒ වචනවලින් කිසිවක් මතක් වන්නේ නැතිව ඇති. මට කියන්න ඕන වුණේ පැන්ඩෝරා මිය ගිහින් කියන එක පමණක් නොවෙයි පැන්ඩෝරා පත්‍රිකා ද මිය ගිහින් බව.

Friday 8 October 2021

නොබෙල් සාහිත්‍ය තෑග්ගත් ලංකාවට නැහැ

 

නොබෙල් සාහිත්‍ය තෑග්ගත් ලංකාවට නැහැ

 

වෛද්‍ය විද්‍යාව/භෞතවේදය සඳහා දෙන නොබෙල් ත්‍යාගය මෙවර ලංකාවට හිමි වේවි යැයි මට සිතුණේ කොවිඩ් පිළිබඳ ව මෙරට බටහිර වෙද මහතුනට පමණක් නොව රසායනාගාර සහායකයන්ට ද සවන් දීමෙන් පසුව. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. තාපය ඇල්ලූ විට වේදනාව මොළයට දැනෙන අයුරු විස්තර කළ දෙදෙනකුට තෑග්ග හිමිවුණා. කාලෝ ෆොන්සේකා ගිනි ඇල්ලුවේ නැහැ. ඔහු ගිනි පෑගුවා පමණයි. ඒත් වෙන කාටදෝ කියා. ඔහු වැනි විද්වත් යථාර්ථවාදී බුද්ධිවාදී භෞතවේදයේ ප්‍රාමාණික උගතකුට තැග්ග දෙන්න තිබුණා. අවාසනාවකට ඔහු මිය ගිහින්. මිය ගිය අයට නොබෙල් තෑග්ග දෙන්නේ නැහැ.

Thursday 7 October 2021

පැන්ඩෝරාට පැන් වැඩීම

 

පැන්ඩෝරාට පැන් වැඩීම

 

පළමුව ඊයේ (ඔක් 06) ලිපියට පොඩි එකතු කිරීමක් කරන්න ඕන. මට පසුව ආරංචි වූ ආකාරයට ඉන්දීය විදේශ ලේකම් ජනාධිපතිතුමාට කරුණු කියනවාට වඩා අනෙක් පැත්තයි සිදු වී තිබෙන්නේ. ජනාධිපතිතුමා විදේශ ලේකම්ට කියා තියෙනවා ජනතා අභිලාෂයන්ට විරුද්ධ ව වැඩ කරන්න බැහැ කියන එක. විදේශ ලේකම් ඒ සියල්ල අසාගෙන ඉඳලා ගිහිල්ලා.

Wednesday 6 October 2021

ලංකාව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් ද?

 

ලංකාව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් ද?

 

ඉන්දීය විදේශ ලේකම් තම ලංකා සංචාරය නිම කරලා. ඔහු ජනාධිපති අගමැති ආදීන් හමු වුණා. යාපනයට ගොස් දෙමළ දේශපාලන නායකයන් ද හමුවුණා විතරක් නොවෙයි ඔවුන්ට උපදෙස් ද දුන්නා එක්ව වැඩ කරන ලෙස. ඔහු ජනාධිපතිතුමාට දහතුන්වැනි සංශෝධනයේ යහපත්කමත් එය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් කියා තියෙනවා. ඒ මදිවාට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්නත් ගිහින්. හරියට අම්ම අප්පගෙ බූදලේ බලන්න යනව වගේ. මේ සියල්ල කරන්න ඔහු කවුද? ඔහු රාජ්‍ය නිලධාරියකු පමණයි. ඔහු අමාත්‍යාංශයක ලේකම්වරයෙක් පමණයි.

Tuesday 5 October 2021

කාදිනල්තුමාගෙන් අහමු

 

කාදිනල්තුමාගෙන් අහමු

 

කාදිනල්තුමා නිතර කියන කතාවක් තමයි මේ රටේ නීතිය හැමට එක වගේ ක්‍රියාත්මක නොවන බව. ඒක ඇත්ත. එතුමා මේ කතාව කියන්නේ විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරයේ දී මිය ගිය අයගෙන් විශාල පිරිසක් කතෝලිකයන්. ඒ නිසා ම කාදිනල්තුමාටත් මෙරට බිෂොප් සභාවටත් වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් සොයා ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට.

Monday 4 October 2021

උණුසුම් පුවතක්

 

උණුසුම් පුවතක්

 

2021 වෛද්‍ය විද්‍යාව / භෞතවේදය පිළිබඳ නොබෙල් තැග්ග උණුසුම (තාපය) අපට දැනෙන්නේ කෙසේ දැයි විස්තර කළ දෙදෙනකුට හිමි වී තිබෙනවා. ඒ පිළිබඳ ව පළ වු පුවතක් පහත පළවෙනවා. නොබෙල් කමිටුවට ගිනි පෑගූ භෞතවේද මහාචාර්ය කාලෝ අමතක වී දමිය ගිය අයට තෑග්ග නොදීම එයට හේතුව වුණා ද දන්නෙ නැහැ. කොවිඩ් සම්බන්ධයෙන් නොබෙල් තෑග්ග කවදා හරි මෙරට ප්‍රාමාණික විශේෂඥයකුට ලැබේවි ද?

ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක්

 

ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක්

 

එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා. පහතින් ඇති තරමක් දීර්ඝ ඉංගිරිසි ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි.

Sunday 3 October 2021

ගිම්හානයක අවසානය

 

ගිම්හානයක අවසානය

 

ගාල්ලේ ගිම්හාන් විමුක්ති මියගිහින්. සකර්බර්ග් මානව හිතවාදී පඬියන් ගිම්හාන්ගේ තාත්තා පතුරු ගහනවා. ඒත් ප්‍රශ්නයේ අගක් මුලක් හොයන්නේ නැහැ. ඔවුන් ද ගිම්හාන්ට මරණය ළඟාකර දුන්  අධ්‍යාපනයේ ප්‍රතිඵල.

Saturday 2 October 2021

ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ

 

ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ

 

ලෝකයේ කිසි දා නොතිබූ කිසි දා ඇති නොවන සමාජවාදී රාජ්‍යයක් පිළිබඳ දවල් සිහින දකින පඬි නැට්ටන් සමහරකුට ඊයේ (ඔක් 01) ලිපිය තේරිලා තියෙන්නෙ වැරදි විධියකට. තවත් පඬි නැට්ටන් කිහිප දෙනකුට එය තේරිලා ම නැහැ. තම තම නැණ පමණින් දැන ගත යුතු කියල ලෝවැඩ සඟරා කතුවරයා සඳහන් කරල තියෙනචා. ලෝවැඩ සඟරාව පරිවර්තනයක් ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වන්නේ නැහැ. මේ පඬි නැට්ටන් කී දෙනකු සමාජවාදී රාජ්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය (dictatorship of the proletariat) අතර වෙනස හරි කොමියුනිස්ට් සමාජයක් අතර ඇති වෙනස දන්නවා ද කියා දන්නේ නැහැ. ප්‍රොලිටේරියට් කියන වචනය සිංහලෙන් යෙදෙන්නේ කම්කරු පංතිය කියායි. විජේවීර තම නොදැනුවත්කම මොනවට ප්‍රදර්ශනය කරමින් එයට කිවුවෙ නිර්ධන පංතිය කියායි. ඇතැම් ට්‍රොට්ස්කිවාදීන් ජ වි පෙ නායකයගෙන් ඇහුවෙ නිර්ධන පංතියට හිඟන්නන් ද අයිති වෙනවා ද කියල.

Friday 1 October 2021

අදානි හා භූමදානි

 

අදානි හා භූමදානි

 

මා ව්‍යවසායකයකු නොවෙයි. එහෙත් මට තේරෙන දෙයක් නම් මෙරට විශාල ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට හැකි ව්‍යවසායකයන් නැති බවයි. අපට අදානි සමාගම හරි වෙනත් රටක (බොහෝ විට බටහිර රටක) සමාගමක් එක්ක හරි එකට එකතු වීමට සිදු වන මූලික කරුණ එය බවයි මගේ වැටහීම. මා වැරදි වන්න පුළුවන්.