පොහොර ප්‍රශ්නයේ අතීත කතාව
ගොවීන් කෘෂිරසායන පොහොර, කෘමිනාශක, වල්නාශක ලබා ගැනීම සඳහා දෙවියන්ට පොල් ගැසීම හා ක්‍රිස්තියානි රටවල් සමග පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කුරුසය ලකුණු කිරීම ගැන කිව හැක්කේ කුමක් ද? අපේ සංස්කෘතියේ දෙවියන් (සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇති දෙවියන්) බටහිර කෘෂිද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අපේ ගොවීන්ට ආධාර කරාවි ද? දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි රටවලට එරෙහිව දස්කම් පෑමට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කරාවි ද?
දෙවියන් හා දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නවලට සුදුසු
විසඳුම් සොයා ගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා විය හැකියි. ඒ ගැන මා ඊට වඩා දෙයක්
කියන්නේ නැහැ. ඒත් මට කියන්නට පොහොර
කතාවක් තියෙනවා. මා කෘෂිවිද්‍යාඥයකුවත් රසායන විද්‍යාඥයෙක්වත් බටහිර වෙද මහතකුවත් නො
වෙයි. ඒ අය ජෛවීය විද්‍යා ධාරාවේ අධ්‍යාපනය ලැබූ අය. මා භෞතීය විද්‍යා ධාරාවේ
ඉගෙනුම ලැබූවෙක්. ඒ මදිවාට විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී (දැන් නම් උසස්
පෙළ) රසායන විද්‍යා විෂය අසමත් වූ අයෙක්. භෞතික විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස්
බැරුව ආපසු පැමිණි අයෙක්.
ඒත් මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ
පීඨාධිපති ලෙස අවුරුදු තුනක් (2009-2011) කටයුතු කළා. 2010
අවසානයේ විශ්‍රාම යෑමට සිටි නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ප්‍රියන්තා
සේනානායක මහත්මිය මගින් නාථ දේව මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මට අවුරුදු තුනක සේවා
දිගුවක් ලබා දුන්නා. ඒත් මා අවුරුද්දක් පමණක් සේවය කර පීඨාධිපති ධුර කාලය අවසන
විශ්‍රාම ගත්තා.
සේවා දිගුව ලබා දීමත් මා අවුරුද්දකින් පසු විශ්‍රාම
ගැනීමත් සිදු වූයේ පොහොර ප්‍රශ්නය මුල් කරගෙන. මේ කථාවේ සමහර කොටස් මා කලින් කියා
ඇති. එහෙත් ඒ නැවත කෙටියෙන් නමුත් කියන්න ඕන. විිද්‍යාඥයකු නූණත් රසායන විද්‍යාව
අසමත් වුණත් මගේ මතකය දුර්වල වුණත් කතාව කියන්න ඕන. එකල රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය
පීඨයේ (පරිවාස) කථිකාචාර්යවරයකු වූ චන්න ජයසුමන රජරට වකුගඩු රෝගය ගැන මට කිවුවා.
බටහිර වෛද්‍ය විද්‍යාව ඒ වකුගඩු රෝගය හැඳින්වූයේ හේතුව නොදත් වකුගඩු රෝගය ලෙස.
අදත් ඔවුන් හේතුව දන්නේ නැහැ. ඔවුන් කිවුල් ජලය ගැන කියනවා.ඒත් ඔය ප්‍රදේශවල
කිවුල් ජලය තිබුණේ අද ඊයේ නො වෙයි.
මා චන්න ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙත යැවුවා.
ප්‍රියන්තා දැන් ජීවතුන් අතර නැහැ. ඇය එකල කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්යවරයකු වු කිත්සිරි සේනානායකගේ භාර්යාව. ප්‍රියන්තාට මනුෂ්‍ය නොවන ප්‍රාණීන්
සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබුණා. එවැනි හැකියා ඇති තවත් අය ලංකාවේ ඉන්නවා.
අභිඥා උපදවා ගත් අය පමණක් නොව අභිඥා උපදවා ගැනීමට ගුරුහරුකම් දීමට හැකි අයත්
ඉන්නවා. ඒත් මට අභිඥා උපදවා ගැනීමට තරම් පිනක් නැහැ.
ප්‍රියන්තා චන්නට කියා තිබුණේ ඇතැම් පොහොරවල
ආසනික් තියෙන බව. ආසනික් සමග බැඳුණු ලවන විසින් රෝගය ඇති කෙරෙන බව. ඒ සම්බන්ධ ව
බටහිර විද්‍යාව අනුව පර්යේෂණ කිරීමට චන්න කැමති වුණා. බටහිර වෙද මහතකු වූ ද රජරට
වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වූ ද චන්න කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාවෙන්
ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා ලියා පදිංචි වුණා. ඔහුගේ පර්යේෂණ උපදේශිකාව වූයේ
රසායන විිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියයි. කැලණිය
විශ්වවිිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මාලා අමරසිංහ ඇයට සහාය
වුණා.
ඔවුන් රජරට ප්‍රදේශවලින් ලබාගත් ශාඛ පස් ආදී
නියැදි පමණක් නොව රෝගීන්ගෙන් හා අනෙක් අයගෙන් ලබා ගත් නියපොතු වැනි ශරිර කොටස් හා මුත්‍රා නියැදි ද පර්යේෂණවලට ලක්
කළා. ඒ පර්යේෂණවල දී ඔවුන් දැන ගත්තා ෆොස්ෆේට් පොහොරවල ආසනික් අඩංගු බව. එමෙන් ම
කෘමිනාශකවලත් ආසනික් අඩංගු බව. ඔවුන් ඒ සම්බන්ධ පත්‍රිකා පර්යේෂණ සඟරාවල පළ කළා.
ඒත් ඒ සමග රටේ මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ පර්යේෂණ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට
පටහැණි බව ඊනියා විද්‍යාඥයන් කිවුවා. නාථ දෙවියන් කියන දේ විද්‍යාව නොවන බව ඔවුන්
කියා සිටියා.
ඔවුන් දන්නා විද්‍යාත්මක ක්‍රමය. බටහිර විද්‍යාව
පට්ටපල් බොරුවක් බව මා ඊට කලකට ඉහත කියා තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා
පීඨය මා පීඨාධිපති ලෙස පත් කර ගැනීම ගැන ඔවුන්ට ප්‍රශ්නයක් වී තිබුණේ නැහැ. මා අර
විද්‍යාත්මක ක්‍රමධාරීන්ට පෙන්වා දුන්නා
බටහිර විද්‍යාවේ ඇත්තේ අදහස් නැත්නම් හිතළු බවත් ඒ අදහස් නාථ දේව මණ්ඩලයෙන් ලැබුණේ
ද නැත්නම් බෙන්සීන් අණුවේ ව්‍යුහය කී කෙක්‍යුලේට මෙන් හීනෙන් ලැබුණේ ද යන්න ප්‍රශ්නයක්
නොවන බව. බටහිර විද්‍යාවේ කරන්නේ අදහසක් නැත්නම් හිතළුවක් හරියනවා ද වැඩ කරනවා ද
යන්න පරීක්‍ෂණ මගින් නිරීක්‍ෂණ මගින් සොයා බැලීම පමණයි.
දැන් නම් ඇතැම් විට එයත් කෙරෙන්නේ නැහැ. බටහිර
භෞතික විද්‍යාවේ තන්තුවාදයේ (string theory) අදහස්
වැඩ කරනවා ද යන්න සොයා බැලෙන්නේ නැහැ. ඊනියා කළු කුහර කියන්නේ කඩා වැටී නොපෙනී (collapsed) යන එහෙත් අනෙක් වස්තු ආකර්ෂණය කරන
වස්තු ද? නොපෙනී යන ඒ වස්තු වෙනත් විශ්වයක මතු වේ ද? වෙනත්
විශ්වවල වස්තූන්ට අපට බලපෑම් කළ හැකි ද? එවිට ඒ විශ්ව ද අපේ විශ්වයේ කොටස්
වන්නේ ද? මට කියන්න ඇත්තේ විකාර යන්න පමණයි.
අප පරීක්‍ෂණ මගින් ඇතැම් කෘෂිරසායනික ද්‍රව්‍යවල
ආසනික් තියෙන බව පෙන්නා දුන්න පමණක් නොව ඒ
ආනයනය කරන සමාගම් තුනක හරි හතරක හරි නියෝජිතයන් කැලණිය විද්‍යා පීඨයට ගෙන්වා ඔවුන්
ඉදිරියේ ඒ ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව පෙන්වා දුන්නා. මා ඔවුන් පීඨයට කැඳවූයේ
පීඨාධිපති ලෙස. තනතුරු සමහර විට ප්‍රයෝජනවත් වෙනවා. එහෙත් ආසනික් කතාව වැඩ කරන බව
පෙන්වා දීමෙන් පසු ඊනියා විද්‍යාඥයන්ගේ විරෝධය තවත් දැඩි වුණා. ඇතැමුන්ට අවශ්‍ය
වුණා මා යාවජීව සමාජිකත්වය දරණ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් මා නෙරපා
දැමීමට. ඔවුන් සංගමයේ ව්‍යවස්ථාව නොදන්නා බව මා පෙන්වා දුන්නා. අපට එදා විරුද්ධ වූ
අය අතර වියත්මගේ වියතුන් ද සිටි බව කණගාටුවෙන් වුවත් කියන්න ඕන.
කැලණිය විද්‍යා පීඨයේ අර වියතුන් ද ඇතුළු
පිරිස් චන්නගේ ආචාර්ය උපාධි ලියාපදිංචිය අවලංගු කිරීමට උත්සාහ ගත්තා. ඔවුන් කියා
සිටියේ චන්නට ලියාපදිංචිය ලබා ගැනීමට ඔහුගේ පළමු උපාධියෙන් දෙවැනි පංතියේ (ඉහළ)
සාමාර්ථයක් නැති බවයි. මහාචාර්යවරුන් කියන අයටත් විචාරයක් නැහැ. මා පෙන්වා දුන්නා
චන්න උපාධිය ලැබූ පේරාදෙණියේ වෛද්‍ය පීඨය දෙවැනි පංතියේ (ඉහළ) හෝ (පහළ) හෝ උපාධි
පිරිනමන්නේ නැති බව. ඔවුන් පිරිනමන්නේ වර්ගීකරණයක් නොමැති ව දෙවැනි පංතියේ උපාධි.
චන්නට දෙවැනි පංතියේ උපාධියක් තියෙනවා. ඔහුට නොදෙන (ඉහළ) උපාධියක් ලබා ගැනීමට
නොහැකි බව මහාචාර්යවරුන්ට තේරුණේ නැහැ. කෙසේ වෙතත් මා පීඨාධිපති ධුරය අත්හැරීමෙන්
පසු ඔවුන් චන්නගේ ලියා පදිංචිය අවලංගු කළා.
පසුව ඔහු රජරට විශ්වවිද්‍යාලයේ ලියාපදංචි වී
ආචාර්ය උපාධිය ලබාගෙන යථා කාලයේ දී මහාචාර්යවරයකු වුණා. අද විපක්‍ෂයේ ඇතැමුන්
කියනවා ඔහු බොරු මහාචාර්යවරයකු කියා. පසුගිය දා එක්සත් ජනපදවල ස්ටැන්ෆර්ඩ්
විශ්වවිද්‍යාලය හා විද්වත් සඟරා පළ කරන
එල්ස්වියර් සමාගම එකතු වී පළ කළ ඔවුන්ගේ නිර්යාණකවලට (උපමානවලට) අනව ලෝකයේ පත්‍රිකා පළ කිරීම සම්බන්ධයෙන් ඉහළ ම
විද්‍යාඥයන් 2%කට කැලණියේ ලියා පදිංචිය අවලංගු කෙරුණු එකී
බොරු මහාචාර්යවරයා ද අයත් වෙනවා. චන්න පළ කර ඇති පත්‍රිකා සමහරක ඇත්තේ කැලණියේ දී
ආසනික් සම්බන්ධ ව කළ පර්යේෂණවල ප්‍රතිඵල. ඒ පත්‍රිකා නැතත් නාථ දෙවියන් මේ මහා භද්‍ර කල්පයේ ම මෛත්‍රී බුදුරජාණන්
වහන්සේ ලෙස බුදු වෙනවා.