Main Logo

Wednesday 30 November 2022

අලි නීතිය

 අලි නීතිය

අලි සබ්රි හිතන්නේ නීතිය සිංහලෙන් කරන්න බැරි අලි වැඩක් කියා ද? ඉහළ උසාවිවල කටයුතු ද සිංහලෙන් කිරීමට කාලය පැමිණිලා.

පරගලය පරගලයෝ හා රනිල්

 පරගලය පරගලයෝ හා රනිල්

 

පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ක්‍රියාවලියක්. පරගලයන් කිවුවේ ක්‍රමය (සිස්ටම් - මොවුන් සිංහලට වඩා ඉංගිරිසි දන්නවා. ඔවුන් සිංහලෙන් කතා කළත් ඉංගිරිසි වචන විශාල ප්‍රමාණයක් යොදා ගන්නවා) වෙනස් කරන්න ඕන කියා. එහෙත් කිසිවකු ගෝඨාභය ගෙදර යවා ජනාධිපති කරන්නේ කවුරුන් දැයි නොදැන සිටියාක් මෙන් වෙනස් කරන ක්‍රමය මොකක් ඇති කරන ක්‍රමය මොකක් කියන එකත් දැන සිටියේ නැහැ. එය දැන සිටියේ බටහිරයන්.

Tuesday 29 November 2022

කොන්ෆියුෂියස්ට නොව කොන්ෆියුස්ට

                                කොන්ෆියුෂියස්ට නොව කොන්ෆියුස්ට

එක් තරුණ පඬි නැට්ටකු මගෙන් මෙසේ අසා තිබුණා. "හරියට කියපං රනිල් යහමගට ඇවිල්ලද නැද්ද? කොන්ෆියුස් වෙනවා". මගේ පිළිතුර ඃ නැත ස්වාමිනි, රනිල් තවමත් සිංහල විරෝධී යමපාලනයේ.

 රනිල්ගෙ පික් පොකට් ගැහිල්ල

 

පරගලය මූලික වශයෙන් බටහිරයන්ගෙ වැඩක්. ඔවුන් පසුගිය දශක කිහිපයක් තිස්සේ ප්‍රසාරණය වුණු මධ්‍යම පංතිය සඳහා යොදා ගත්තා. මෙහි දී මධ්‍යම පංතිය යනුවෙන් අදහස් වෙන්නේ මධ්‍යම පාංතික ආකල්ප ඇති පිරිස්. අද චීනයේත් මධ්‍යම පාංතික විරෝධයක් ඇති වෙලා. කොවිඩ් සම්බන්ධයෙන් කියා කියනවා. ඔවුන් අනුකරණය කරන්නෙත් බටහිර ආකල්ප. ඊනියා සංස්කෘතික විප්ලවයෙන් පසුව චීනයේත් මධ්‍යම පංතියක් ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

Monday 28 November 2022

පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ

 පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ

 

පඬි නැට්ටන්ට පරගලය තේරුම් ගැනීමට නොහැකි බව අප දිනවල දැක්කා. පරගලය බටහිරයන් විසින් මෙහෙයවනු ලැබුයේ රාජපක්‍ෂලා පන්නා දමා නන්දිකඩාල් පරාජයේ  පලිය ගැනීමටත් රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ප්‍රභාකරන් ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් ලවා කරවා ගැනීමටත්. ලංකා වසන්තයයි. එහි ඇති ජනඅරගලයක් නැහැ. ආර්ථික අර්බුදය බටහිරයන් තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට යොදා ගත්තා. එහි දී සිංහලයන් උඩින් පල්ලෙන් තොරතුරු අහුලා ගැනීමත් සකර්බර්ගේ මුහුණු පොතත් බටහිරයන්ගේ වාසියට යෙදුණා. ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ඇති වුවක් ලෙස තොරතුරු උඩින් පල්ලෙන් අහුල ගන්නා සිංහලයන්ට පෙන්නුවා. අප මධ්‍යම පාංතික අපේක්‍ෂා නිසා විනාශ වූ බව තවමත් ඊනියා ආර්ථික විශේෂඥයන් කියන්නෙ නැහැ. ඔවුන්ට කිසි දා ගොඩ යන්න බැහැ.

ෂාෆි

ෂාෆි

ෂාෆි නිදොස් කර නිිදහස් කර නැහැ. මා දන්නා තරමින් අධිකරණය කියා ඇත්තේ වැටුප් ගෙවීමට පමණයි. ෂාෆි නිදහස් කරන්න පුළුවන් අධිකරණයට මිස පඬි නැට්ටන්ට නොවෙයි. කොළඹ විශ්වවිිද්යාලයට එදිරිසිංහ වැනි වමාලාගේ ද ආචාර්ය සංගම්වල ද ආධාරයෙන් මගේ වැඩ තහනම් කර තිබියදි ද මට වැටුප් ගෙවන්න සිදු වුණා. 

Sunday 27 November 2022

ජනාධිපතිවරණයක අවශ්‍යතාව

 ජනාධිපතිවරණයක අවශ්යතාව

බලය බෙදීමට රනිල්ට වරමක් නැහැ. ඔහු වැඩ බලන්නකු පමණයි. ඔහු මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්රීවරයකුවත් නො වෙයි. ගෝලයා අලි සබ්රිත් එහෙමයි. බලය බෙදීමක් ගැන කතා කිරීමට පළමු මහා මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් පවත්වා වරමක් ගත යුතුයි.

වැරදුණු පරම්පරාව

 වැරදුණු පරම්පරාව

 

ඊයේ ලිපිය පළවී මෙන් පසු මට දැනගන්න ලැබුණා එක්තරා සම්මන්ත්‍රණයක දී ගෙවිඳු මා ලියූ ඝරසර්ප විවේචනය අගය කරමින් කතා කළ බව. ගැන ගෙවිඳුට පින්. සම්මන්ත්‍රණයට ජයන්ත චන්ද්‍රසිරි සහභාගි වී තියෙනවා. මා ජයන්ත ඝරසර්ප විවේචනය ගැන කිසිවක් සඳහන් නොකිරීම ගැන කියා ඇත්තේ කණගාටුවෙන් බව ඇතැම් පඬි නැට්ටන් කියා තිබෙනවා. ඔවුන්ගේ අවබෝධයේ තරම. මා කතාව කිවුවේ ජයන්ත චන්ද්‍රසිරි උදයසිරි වික්‍රමරත්න ආදීන් සකල කලා වල්ලභ වමාලාට කෙතරම් යට වී ඇත් කියා කීමටයි. ජයන්ත චන්ද්‍රසිරි රෝහණ වීරසිංහ ආදීන්ට පරගලයට යන්න සිදු වුණෙත් යට වීම නිසයි. ද්‍රවිඩරත්න වැන්නන්ට එය අදාළ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමත් සිංහල බෞද්ධ විරෝධී  පරගලයේ.

Saturday 26 November 2022

සකල කලා වල්ලභයෝ

 සකල කලා වල්ලභයෝ 

 

පරගලයෙන් පෙන්නුම් කෙරුණේ මෙටාව (මුහුණු පොත) මගින් ඊනියා උගත් පිරිසක් මෙහෙයවිය හැකි ආකාරයයි. මේ උගතුන්ගෙ න්‍යායාචාර්යයන් විවිධ කරුණු නිසා හීනමානයෙන් පිරි අය. ඔවුන් තමන් ලබා ඇති බටහිර අධ්‍යාපනය නිසා හිස උදුම්මාගත් පිරිසක් වුණා. ඔවුන් තම දෙමවුපියන් මෝඩයන් ලෙස සලකන තමන් දෙමවුපියන්ට වඩා දන්නවා යැයි සිතන දෙමවුපියන් ගැන ලජ්ජා වෙන දැනුම සංස්කෘතිය ආදී සියල්ල ඇත්තේ බටහිර පමණ යැයි සිතන අප බටහිර ඊනියා දියුණුව ළඟා කර ගත යුතු යැයි සිතන සිංහලයන්ට ඇපල් කන්න වැසිකිළි පාවිච්චි කරන්න ඉගැන්විය යුතු යැයි සිතන කාගේ හරි බටහිර විදග්ධයකුගේ කතා ලංකාවට හඳුන්වා දිය යුතු යැයි සිතන සෑම දෙයක් ගැඹුරින් හැදෑරිය යුතු කියමින් උඩින් පල්ලෙන් පමණක් කරුණු ඇහිඳ ගන්නා ඔළුව බටහිරට හරවා නිදන පිරිසක්. බටහිරයන්ට එක් ට්විටර් පණිවුඩයකින් ඔවුන් මෙහෙයවන්න පුළුවන්.

Friday 25 November 2022

ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ද?

ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ?

 

සිංහල බෞද්ධ සමාජයේ ප්‍රශ්න තියෙනවා. අපේ කුල භේදය එක් ප්‍රශ්නයක්. කුල ප්‍රශ්නය පොළොන්නරු කාලයේ සිට පවතිනවා. එය කුල භේදයක් බවට පත් කරන ලද්දේ නුවර යුගයේ දී. එහි දී ලන්දේසින් යම් වැඩ කොටසක් කර තියෙනවා. නායක්කාර් රජවරු හුදෙක් කීරවැල්ලේ පරපුරේ කුමරියන් නැති වීම නිසා ඇති වුවා කියා හිතන්න බැහැ. මෙරට ක්‍ෂත්‍රිය කුමාරිකාවක් හොයා ගැනීමට බැරි වෙන විධියට ක්‍ෂත්‍රියයන් නෑති වුණා ? පවුල්වල පිරිමි පමණක් ඉපදුණා ? මේ කරුණෙහි දී ලන්දේසින් විශාල කාර්යභාරයක් කර තියෙන්න ඕන. ඔවුන්ගෙ නැවුවලින් තමයි සිංහලයන්ට එකල මුුහුදු තරණය කරන්න තිබිලා තියෙන්නෙ. කලක් චීන වරායවල දකින්න පුළුවන් විශාල නැවු නිෂ්පාදනය කළ සිංහලයන් කෙතරම් පරිහාණියකට පත් තිබිණි ?

Thursday 24 November 2022

රනිල්ගේ කාර්යභාරය

                                               රනිල්ගේ කාර්යභාරය

රනිල්ගේ කාර්යභාරය සිංහල බෞද්ධකම ගැවිලාවත් තිබූ නායකත්ව නැති කර සිංහල විරෝධී ක්රියා මාර්ගයක් අනුගමනය කිරීමයි. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්. එක ම උදරයේ වැඩුණු අය.
ඕල්කට්තුමාත් සිංහල බෞද්ධ නායකයන් නැති කළා. සිංහල බෞද්ධකම වෙනුවට පරම විඥානාර්ථ බෞද්ධකමක් ඇති කළා.

කෝ මේ ටොයිලට් පේපර්

 කෝ මේ ටොයිලට් පේපර්

 

ඉංගිරිසි අධ්‍යාපනයෙන් හීනමානයක් ක්‍රමානුකූල ඇති කළා. අපට ඔවුන් අනුකරණය කිරීම අනිවාර්ය දෙයක් බවට පත් කෙරුණා. බටහිර හැම දෙයක් උසස් ලෙස සලකන්න පුරුදු කෙරුණා. අධ්‍යාපනයෙ දැනුමෙ සංස්කෘතියෙ ආදී වශයෙන් හැම තැනක මිනුම් දණ්ඩ බවට බටහිර දේ පත් කෙරුණා. බටහිරයන් හොඳයි කිවුවොත් තමයි අපටත් හොඳ වුණෙ. කොටින් ලන්ඩන් නිවුයෝක් පැරිස් තමයි අපේ සංස්කෘතික ත්‍රිකෝණය වුණෙ. අපේ වැවු පවා ඉංගිරිසින් මවිතයට පත් කරන බව කියා අප උදම් වුණා. මා හිතන විධියට අප සමස්තයක් හැටියට අනුකරණය නොකළෙ ඉංගිරිසින් පස්ස පැත්ත පිහදාන එක පමණය කියා. අප පස්ස පැත්ත සම්බන්ධයෙන් ඉංගිරිසින්ට වඩා උසස් ? මා ගැන සමීක්‍ෂණයක් කරල නැහැ. සමහර උදවිය ඇති එයත් අනුකරණය කරණ. නරක විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යා අධ්‍යනංශයකින් ගැන සමීක්‍ෂණයක් කළොත්.  අඩු ගණනෙ ඒකවත් රටට ප්‍රයෝජනවත් වේවි. මට අමතක වුණා සමීක්‍ෂණයත් කරන්න වෙන්නෙ ඉංගිරිසින් කියා දුන්න විධික්‍රමය මොකක් එක අනුව.

Wednesday 23 November 2022

රනිල්ගේ තර්ජනය

 රනිල් ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් කළ කතාව

රනිල්ට ආර්ථික අර්බුදය විසඳන්න බැහැ. බටහිරයන් රනිල් පත්කර ගත්තෙ බලහත්කාරයෙන් බලය බෙදීමට හා සිංහල සංස්කෘතියට පහර ගන්න ඉතිහාසය වෙනස් කරන්න. ඔහුගේ තර්ජනය පෙරටුගාමින් මගින් ජාතිකවාදීන්ට.

දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ද?

භික්‍ෂූන් වහන්සේට අපහාස කිරීම  - දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ?

 

අද පක්‍ෂයකට ගොනු වෙලා නැති වමාලට තමන්ගෙ කියල විකල්පයක් නැහැ. වමක් නැති නිසා. ඔවුන් කරන්නෙ එක්කො ජෙප්පන්ට හරි සෙප්පන්ට හරි ආධාර කරන එක.  එහෙමත් නැත්තන් දෙකේ ඊනියා සමගියක් ගැන කතා කරන එක. මොකක් කළත් වැඩක් නැහැ. ඒකට හේතුව ජෙප්පන්ටත් සෙප්පන්ටත් විකල්පයක් නැති වීම. වමක් නැති වීම. ඔවුන් කිසි දා බලයට එන පිරිසක් නොා වෙයි. ඔවුන් බැරි වෙලාවත් එකතු වුණත් අර 3%වත් ලැබෙන්නෙ නැහැ.

Tuesday 22 November 2022

කංසා හා රනිල්

කංසා හා රනිල්
කංසා වගාවට ඉංගිරිසින් පැන වූ තහනම ඉවත් කළ යුතු බව බොහෝ කලක සිට රටේ පවත්නා මතයක්. අසූවේ දශකයේ දිවයිනේ ජාතික චින්තනය පිළිබඳ ඇති වූ කතා බහේ ද මේ මතය ප්රකාශ වුණා. ඉංගිරිසින් කංසා වගාව තහනම් කෙළේ එය සිංහලයන්ගේ කාය ශක්තිය මෙන් ම බුද්ධිමය ශක්තිය ද වර්ධනය කරන නිසා යැයි කියැවුණා. කොහොමටත් ආයුර්වේදයේත් දේශීය වෙදකමේත් කංසා යොදා ගන්නවා. ඉංගිරිසින් තම වෙදකම පැතිරවීම සඳහාත් කංසා තහනම් කළ බව විශ්වස කරන්න පුළුවන්.
අද රනිල් කංසා වවන්න යන්නේ සිංහල දැනුම ගැන ඇති විශ්වාසයක් නිසා නො වෙයි. ඔහුට අවශ්ය වන බව කියන්නේ කංසා පිටරට යවා ඩොලර් ටිකක් උපයා ගැනීමටයි. ගෝඨාභය පොහොර තහනම් කෙළෙත් සිංහල දැනුම නගා සිටුවීමට නොව ජයසුන්දරගේ කීමට ඩොලර් ටිකක් ඉතුරු කර ගැනීමටයි සැලසුමක් නොමැති ව දේශීය පොහොර නිෂ්පාදනයක් නැතිව සුදුසු බීජ එකතු කිරීමකින් තොරව එක රැයකින් පනවන ලද පොහොර තහනමින් සිදු වූයේ දේශීය දැනුම අපහාසයට උපහාසයට ලක් කිරීමයි.
අද වන විට ඉංගිරිසින් කංසා තහනම් කර අවුරුදු දෙසීයයක් පමණ වෙනවා. ඉංගිරිසින් එදා මෙදා තුර සිංහලයන් මත්පෑනට හා මත්ද්රව්යවලට ඇබ්බැහි කරලා. අද කංසා ඖෂධයක් නොව මත් ද්රව්යයක් බවට පත් වෙලා. කංසා වගාව කරනවා නම් එය කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා නොව දේශීය වෙදකම දියුණු කිරීම සඳහායි. එයට සැලසුමක් තියෙන්න ඕන. සැලසුමක් නැතුව කංසා වගා කිරීමෙන් අද තිබෙන මත් ද්රව්ය සංස්කෘතිය සමග සිංහලයන් විනාශ වෙන්නත් පුළුවන්. රනිල් සිංහල දැනුම අගය කරන අයෙක නො වෙයි. ඔහුට අවශ්ය ඩොලර් ඉපයීම නමැති කැරට් අලය පෙන්නා සිංහලයන් විනාශ කිරීම ද?
කංසා තහනම ඉවත් කිරීමෙන් පොහොර තහනම් කිරීමේ ප්රතිඵලයට වඩා භයානක ප්රතිඵලයක් සිංහලයන්ට අත් කර නොදිය යුතුයි. පනස්හයේ සඟ වෙද ගුරු ගොවි බලවේග දුර්වල කිරීමක් වසර ගණනාවක සිට දකින්න පුළුවන්. මා දැක්කා ඊනියා ප්රබුද්ධ පොත් ප්රකාශකයකු හාමුදුරුවැන්ට බ්රවුන්රිග් මෙන් කහකඩයන් යැයි කියා තියෙනවා.

තප්පුලන වමාලා

 තප්පුලන වමාලා 

 

පැරණි වම බිඳ වැටීමෙන් පසු අලුත් වමක් ගොඩ නැගීමට තෙපර බෑවේ ට්‍රොට්ස්කිවාදී අභාසයක් ලැබුවන් වීම පුදුමයක් නොවේ. පැරණි වම ලෙස මා හඳුන්වන්නේ තිහේ දශකයේ (එහි ආරම්භයටත් අවුරුදු සීයක් පිරීමට වැඩි කලක් නැහැ. තිස්ස විතාරණ වාසුදේව ආදීන් එතෙක් ජීවත් වේවි කියන්න බැහැ. ඔවුන්ට දීර්ඝායු පතනවා) ඇරඹුණු වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. අද එය පස්සට ගෙනියන්නේ ජෙප්පන් හා සෙප්පන්. වමක් නැතිවත් ජෙප්පන් හා සෙප්පන් එය පස්සට ගෙනියනවා. ඔවුන්ටත් තිස්ස විතාරණ ආදීන්ටත් නමට හරි රට පුරා දන්න පක්‍ෂ තියෙනවා.

Monday 21 November 2022

දෘශ්ටිවාද

 ගල්කන්දේ හාමුදුරුවන්ට දෘශ්ටිවාදයක් තියෙනවා ද? පිළිතුරු අවශ්ය නැත.

මහා මංගල සූත්රය අනුව කාලේන ධම්ම සාකච්ඡා මංගල කරුණකි. අවමංගලයක දී වුව ද මංගල ය.

ප්‍රතිචීන සරණං ගච්ඡාමි

ප්‍රතිචීන සරණං ගච්ඡාමි

 

ලෝක පාපන්දු ශූරතා තරගාවලිය ඇරඹිලා. ලංකාව නැහැ. ඒත් එංගලන්තය (එක්සත් රාජධානිය ලෙස නොවේ) එක්සත් ජනපද ඉන්නවා. අප අනෙක් අයගේ පාපන්දුව ? කොහොම වුණත් බටහිර රටවල පාපන්දු ජනප්‍රියයි. අප බටහිර රටවල් අනුකරණය නොකරන්නේ ඇයි? අපේ අදීනත්වය නිසා ? අපට එහි දී පමණක් අදීනත්වයක් තියෙන්න පුළුවන් ? අද ගම්වලටත් ක්‍රිකට් ගිහින්. ක්‍රිකට් බෝන් අගේන්ට යටවෙලා ටිකක් කල්. එහි නියම ස්වරූපය එළියට ඇවිත්. හැංගි හෑංගි වෙස් බැන්දත් එළියෙ නටන්න වෙනවා. ක්‍රිකට් ආයතනයට බෝන් අගේන් පළවා හරින්න පුළුවන් ?

බෝන් අගේන්

        බෝන් අගේන් ඇත්තේ ක්රිකට් ක්රීඩාවේ පමණක්               නො වෙයි. දේශපාලනයේ ඉහ වහා ගිහින්.                                  යළි ඉපදීම නොව යළි යළිත් මරණය.

Sunday 20 November 2022

හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට

 හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට

 

නටපු තොයිලෙකුත් නැහැ බෙරෙත් නැහැ යනුවෙන් ලිය ලිපිය ඊනියා X කණ්ඩායම ගැන ලියූ විචාරයක් කියා කණ්ඩායමේ හිටපු හරි තාමත් මානසික ඉන්න හරි ඇතැමුන් සිතන බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලියි. එයින් තේරෙන්නේ ඔවුන් කෙතරම් තමන් ගැන ලොකුවට හිතනවා යන්නයි. මා ලිපියත් මේ ලිපියත් ලිවුවේ ලියන්නේ ලිපි පෙළක ලිපි හැටියට මිසක් එක් එක් අය ගැන කණ්ඩායම් ගැන ලියන ලිපි හැටියට නො වෙයි.