ප්ලාස්ටික් හිණිමග
මේ ලිපි කිහිපය පරගලයේ දේශීය පරාජයත් බටහිරයන්ගේ ජයග්‍රහණය ගැනත් නොවැම්බර් දෙවැනි දා ඉල් ඉලවුව ගැනත්. මෙය තුන්වැනි ලිපියයි. බටහිරයන් ලෝකයේ හැම තැනක ම පහළොස්වැනි සියවසේ සිට අද දක්වා කරන්නේ මූලික වශයෙන් තම සංස්කෘතික ආධිපත්‍යය පැතිරවීමයි. ඔවුන් ආර්ථික වශයෙනුත් රටවල් සුරාකෑවා, දැනුත් කනවා. ඔවුන් අපට ආධාර වශයෙන් එහෙමත් නැත්තන් ණය වශයෙන් දෙන්නේ අපෙන් ම සූරා කෑ ධනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි. ඒ සූරා කෑම අද වනතුරුත් කරගෙන යෑමට හැකි වී තියෙන්නේ සංස්කෘතික ආධිපත්‍යය නිසයි. අද වන විට එය තනිකර ම ඇංග්ලො සැක්සන්, අවශ්‍ය නම් ඇංග්ලො ඇමරිකන් ආධිපත්‍යයක්.
මේ සමග දක්වා ඇති සබැඳියෙන් ඊනියා අපක්‍ෂපාත
බීබීසිය රුසියන් විදේශ ඇමති සමග කළ සාකච්ඡාවකට සවන් දෙන්න පුළුවන්. අප බීබීසිය
අපක්‍ෂපාත යැයි සිතන්නේත් අපට එසේ සිතීමට තකතීරු අධ්‍යාපනයෙන් කියා දී ඇති නිසයි.
ඇංග්ලො සැක්සන් අධ්‍යාපනයක් තමයි අද ලෝකයේ බොහෝ රටවල තියෙන්නෙ. රුසියාවේ හා චීනයේ
වෙනස් ද කියා මා දන්නේ නැහැ. එහෙත් අද ප්‍රවෘත්ති පාලනය කෙරෙන්නේ බටහිරින්. ඉනුත්
ඇංග්ලො සැක්සන් එහෙම නැත්නම් ඇංග්ලො ඇමරිකන් ප්‍රවෘත්ති. බීබීසිය සීඑන්එන් ආදිය
තමයි ඊනියා අපක්‍ෂපාත තොරතුරු සපයන්නෙ. අද අපක්‍ෂපාත කියන්නෙ ඇංග්ලො සැක්සන් පක්‍ෂපාතීත්වයට.
බීබීසි විචාරකයා ආක්‍රමණශීලී බව පෙනේවි. එහෙත්
ඔහුට රුසියන් විදේශ ඇමතිවරයා වට්ටන්න බැහැ. සාකච්ඡාවේ දොළොස් වැනි විනාඩියේ පමණ
රුසියන් විදේශ ඇමතිවරයා පින්ලන්තය හා ස්වීඩනය ගැන කියන්නේ ඔවුන් ඇංග්ලො සැක්සන්
ආධිපත්‍යයට යට වී ඇති බවයි. එය පැහැදිලි ව ම සංස්කෘතික ආධිපත්‍යයක්. දේශපාලන
වශයෙන් ඒ රටවල් ස්වාධීනයි. රුසියන් විදේශ ඇමතිවරයා තවත් බොහෝ දේ කියනවා.
රුසියානුවන්ට ජාතික අභිමානයක් ඇති බව කියනවා. අපට නැත්තේ එයයි.
අද යුක්‍රේනයේ කෙරෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන්
යුක්‍රේන රුසියානුවන් මුදවා ගැනීමේ සටනක්.
බීබීසිය හා බටහිරයන් එයට කියන්නේ රුසියන් ආක්‍රමණයක් කියා. යුක්‍රේනය කියන්නේ ට්‍රොට්ස්කි
උපන් ප්‍රදේශය. එය රුසියාව නොවෙයි කියනවා නම් රුසියන් විප්ලවය, එය
සමාජවාදී නොවූවත්, රුසියන් කියන්න බැහැ. ඒ විප්ලවය සාර්
පන්නා දමා රාජ්‍ය ධනවාදයක් ඇති කිරීම සඳහායි. ඒ අරුතින් නොවුවත් ට්‍රොට්ස්කි එහි
නායකයකු වුණා. අද රුසියාවේ පෞද්ගලික ව්‍යාපාරත් තියෙනවා පසුගිය දා ලංකාවට රුසියන්
සංචාරකයන් පැමිණියේ අරූස් නම් පෞද්ගලික සමාගමක ගුවන් යානයකින්. රුසියන් විදේශ
ඇමතිවරයා අර කුප්‍රසිද්ධ මානව හිමිකම් කොමසාරිස්වරිය ගැන කියන දේට පඬි නැට්ටන්
අවධානය යොමු කරන්නේ නම් හොඳයි.
බටහිරයන් යුක්‍රේනයේ පමණක් නොව ලොවේ හැම තැන ම
තම ආධිපත්‍යය පතුරවනවා. තමන් අකමැති වෙනත් සංස්කෘතීන් අගය කරන ආණ්ඩු පෙරළා දමනවා.
විවිධ අරාබි වසන්තවලින් කෙරුණේ එයයි. ලංකාවේ ද පරගලය ඒ සඳහායි. බටහිරයන් තම
වුවමනාව ඉටු කර ගත්තා. එහි දී ඔවුන් යොදා ගත්තේ ඔවුන් ම අපට ලබා දී ඇති මධ්‍යම
පාංතික ආකල්පයි. ඒ ආකල්ප අපට ලබා දුන්නේ තකතීරු අධ්‍යාපනයෙන්. පෞද්ගලික රූපවාහිනි
නාළිකා ඇරඹූ දවසේ සිට ඔවුන් ද කෙළේ
සංස්කෘතික ආධිපත්‍යය පැතිරීමයි.
සිරසක් නැති සිරස ඒ කාර්යය දිගින් දිගට කරගෙන
ආවා. දෙරණ ඊනියා ජාතිකත්වයක් ගැන කියමින් සිරස පරාජය කරන්නට සිරස ගිය මගේ ම යනවා.
සිරසට සිරසක් නැතිවාක් මෙන් ම දෙරණට දෙරණක් නැහැ. අධ්‍යාපනයෙන් කළ විනාශය
රූපවාහිනී මගින් අධිවේගයෙන් කරනවා. දිවයින පුවත්පත හා දි අයිලන්ඩ් පුවත්පත
එඩ්මන්ඩ් රණසිංහ හා ජේම්ස් ලැනරෝල් මහත්වරුන් යටතේ ජාතිකත්වයක් වෙනුවෙන් ක්‍රියාත්මක
වුණා. අද එහෙම නැහැ.
ප්‍රභූ පාසල්වලින් පමණක් සාමාන්‍ය පෙළෙන් එහාට
අධ්‍යාපනයක් දුන් කාලයෙහි අර මැකෝලිගේ දරුවන් බිහිවූයේ ඒ පාසල්වලින් නගරවල පමණයි.
ඔවුන් වැඩුණේ බීබීසී අපක්‍ෂපාත යැයි කිවූ පරිසරයක. ලන්දේසි කාලයේ පාසල් ඇති කෙරුණේ
සම්පූර්ණයෙන් ම ප්‍රොතෙස්තන්ත ආගම ප්‍රචාරය කිරීමට. ඔවුන් කුල අනුව පාසල් ඇති කළා.
ඉංගිරිසින් ඊට වඩා දක්‍ෂයි. ඇංග්ලො සැක්සන් සංස්කෘතික ආධිපත්‍යය පින්ලන්තයට හා
ස්වීඩනයට පමණක් නොව නෙදර්ලන්තයට (පැරණි ඕලන්දයට) හා අනෙක් බටහිර යුරෝපීය රටවලට ද
ආසියාවට ද අප්‍රිකාවට ද දකුණු ඇමෙරිකාවට ද ව්‍යාප්ත කෙරුණේ ඉංගිරිසින්ගේ ඒ දක්‍ෂතාව
නිසයි.
ඉංගිරිසින් කුල පාසල් අහෝසි කළා. ඒ වෙනුවට
ඔවුන් පාසල් කුල ඇති කළා. රිච්මන්ඩ් විදුහලෙන් පටන් ගත් පාසල් කුල හා දුන් අධ්‍යාපනය
ආනන්ද විදුහලත් දිගට ම ගෙනිච්චා. මෙය වෙන ම සාකච්ඡා කළ යුතු කරුණක්. එය ගණනාථ
ඔබේසේකරලාගේ හා කිත්සිරි මලල්ගොඩලාගේ සමාජ විද්‍යාවෙන්වත් ඔවුන් අනුගමනය කළ
රෙඩ්ෆීල්ඩ්ගේ මහා සම්ප්‍රදාය (Great Tradition) චූල
සම්ප්‍රදායෙන්වත් ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමෙන්වත් තේරුම් ගන්න බැහැ. ආනන්ද
විදුහල මෙරට ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නොවූ බවට ඇති ජීවමාන සාධකය. මා හිතන්නේ අප මෙය වැලිවිට සරණංකර හිමියන්ගේ
සිල්වත් සමාගමේ සිට සාකච්ඡ කළ යුතු බවයි.
ඇතැමුන් සිතුවාට ලන්දේසින් හා ඉංගිරිසින් කුල ක්‍රමයට විරුද්ධ වුණා කියා
ඔවුන් කෙළේ කුල භේදයක් මෙරට ඇති කිරීමටත්
සිංහල දෙමළ මුස්ලිම් භේදයක් ඇති කිරීමටත් කටයුතු කිරීමයි.
නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විදුහල් මගින් සිද්ධ වුණේ ගමෙන් ද මැකෝලිගේ දරුවන් බිහිවීමයි. ඒ අයට සමාජයීය හිණිමගේ ඉහළට යෑමට එමගින් හැකි වුණා. එහෙත් ඒ හිණිමග ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙ ප්ලාස්ටික් හිණිමගක්. ලංඩනය අපේ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සලකණු ලෑබුවේ කුරුඳුවත්තේ පමණක් නො වෙයි. එක්ස් කණ්ඩායමේ වමාලාගෙන් අහන්න.
සබැඳිය
https://youtu.be/oRTUxPKJEEE