හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට
නටපු තොයිලෙකුත් නැහැ බෙරෙත් නැහැ යනුවෙන් ලිය ලිපිය ඊනියා X කණ්ඩායම ගැන ලියූ විචාරයක් කියා ඒ කණ්ඩායමේ හිටපු හරි තාමත් මානසික ව ඉන්න හරි ඇතැමුන් සිතන බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලියි. එයින් ම තේරෙන්නේ ඔවුන් කෙතරම් තමන් ගැන ලොකුවට හිතනවා ද යන්නයි. මා ඒ ලිපියත් මේ ලිපියත් ලිවුවේ ලියන්නේ ලිපි පෙළක ලිපි හැටියට මිසක් එක් එක් අය ගැන කණ්ඩායම් ගැන ලියන ලිපි හැටියට නො වෙයි.
මා
තේරුම් ගන්න උත්සාහ කරන්නේ බටහිරයන්ට විශේෂයෙන් ම ඉංගිරිසින්ට තම පරගලය සඳහා යොදා ගැනීමට පිරිසක් එකතු කර ගැනීමට හැකි වූයේ කෙසේ ද යන්නයි. බටහිරයන් තම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු ඔවුන් අත්හැර දමා තියෙනවා. අද වසන්ත මුදලිගේ වෙනුවෙන් කතා කරන තානාපතිනියන් නැහැ. ඒ තානාපතිනියන් සමහර විට ඔහු ගැන කතා කළත් ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කර ගැනීමේ අරමුණින් මිස ඊනියා මානව හිතවාදී ස්ථාවරයකින් නො වෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කිරීමටත් ඇති වුවමනාව දෙමළ ජාතිවාදය වෙනුවෙන් පමණයි.
මා
නම් මෙලෝ දෙයක් කර නැහැ. මා බෙරයක් ඇතුව හරි නැතුව හරි නටපු තොවිලයක් නැහැ. මා කළ දෙයක් ඇත්නම් ජාතිකවාදීන් ඒ බව කියන්න ඕන. එහෙම කවුරුන්වත් කියන්නෙ නැත්තෙ කළ දෙයක් නෑති නිසයි. අවුරූදු හයකට පමණ පෙර මගේ ලෝකයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු රැස්වීමක දේශනයක් කිරීමට ගෙවිඳු කුමාරතුංගට ආරාධනයක් කළ විට ඔහු එය භාර නොගත්තේ සූදානම් වීමට අවස්ථාවක් නෑති බව කියමින්. එහෙත් ඉන් පසු ආරාධනා ලෑබූ අයට දේශන පෑවෑත්වීමට සූදානම් වීමට කල් තිබුණා.
මා
හිතන්නෙ නැහෑ ජාතික ව්‍යාපාරයට වැඩක් කරල තියෙන අයකුටවත් ඔය කණ්ඩායම හරි ඊනියා පශ්චාත්නූතනවාදීන් හරි ප්‍රශ්නයක් වුණා කියල. එක් අයකු මගෙන් ඇහුවෙ ඇත්ත ද මේ සෙක්ස් කණ්ඩායම කියල එකක් තියෙනව කියන්නෙ කියා. පඬි නැට්ටකුට කියන්න පුළුවන් එ තමයි ජාතික ව්‍යාපාරයෙ ඉන්න අයගෙ දැනුම කියා. එහෙත් ඉන් කියැවෙන්නෙ සාමාන්‍ය ජනතාව අතර ඔවුන්ට කිසිම බලපෑමක් කිරීමට නොහැකි වූ බව.
මට
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ
දී මහාචාර්ය මැක්‍රේ කී මුලික දෙයක් වුණෙ ශාස්ත්‍රිය ලෝකයෙහි විලාසිතා ඇති වන බවත් කල් තියා ඒ හඳුනාගත යුතු බවත්. පශ්චාත්නූතනවාදය
කියන එකත් විලාසිතාවක් බව මට හඳුනාගැනීමට හැකි වුණා. මා ඔවුන්ගේ පොත්පත් කිහිපයක් කිය වූ නමුත් එහි වැදගත් දෙයක් දකින්න තිබුණෙ නැහැ. අද වන විට වෙනත් විලාසිතා මෙන් ම පශ්චාත්නූතනවාදයත් මැරිලා. ලංකාවෙ නම් වළලපු තැන්වල ගසුත් පැලවෙලා.
ඒත්
මා දන්නවා පශ්චාත්නූතනවාදය ලංකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් ගෞරවය ලැබිය යුත්තේ කාටද යන්න ගැන කතාබහක් තිබුණු බව. පේරාදෙණියේ දර්ශන අධ්‍යනාංශයේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිටත්
ඒ ගැන උනන්දුවක් තිබූ බව ඔහු සමග කළ කතාබහෙන් පැහැදිලි වුණා. මා X කණ්ඩායමේ හඳුන ගෙන හිටියෙ කිහිප දෙනයි. සිරිමල් විජේසිංහ නිරමාල් දේවසිරි තමයි එයින් මූලික වුණෙ. නන්දන පෙරේරා ඒ කණ්ඩායමේ හිටියා ද කියා මා දන්නේ නැහැ. දීප්ති ගුණරත්න වරක් නැත්නම් දෙවරක් හමුවෙලා තියෙනවා. ඔහුට ලොකු මමංකාරයක් තිබූ බව ඒ කෙටි අත්දැකීමෙන් ම මට තේරුණා. ඔහුගේ කවි වගයක් සමහ මා හමු වූ බවයි මගේ මතකය. සිරිමල්ට නම් එහෙම මමංකාරයක් තිබුණේ නැහැ. නිර්මාල් ගණන්ගත යුතු පුද්ගලයකු යැයි ඔහුගේ ශිෂ්‍ය කාලයේ සිට මා කිසි දා හිතා නැහැ.
මා
ඔවුන්ගේ ලිපි සඟරා එහෙමකට කියවලත් නැහැ. අද වුණත් මා කියවන්නේ නිර්මාල්ගේ ලිපි පමණයි. ඔහු වැඩකට නෑති පුද්ගලයකු වුවත් මා ඔහුට මිත්‍රයකු ලෙස සලකනවා. වංගීසගේ හා මාධව රුවන්පතිරණගේ සමහර ලිපි මට කියවන්න ලැබෙනවා. ඒත් අවුරුද්දක දෙකක පමණ කාලයක සිට. මා මාධවගෙ මුහුණවත් දැක නැහැ. මුහුණු පොතේ (මෙටාවෙ) තියෙන්නෙ ඔහුගෙ මුහුණ වෙන්න බැහැ. මා මිත්‍ර සිරිමල් එතරම් ලියන්නෙ නැති බවයි මගේ විශ්වාසය. ඒ සමහර ලිපිවලට ඇතැම් විට මා ප්‍රතිචාර දක්වනවා.
අවුරුදු පනස්පහට හැටට අඩු යම් පිරිසක් ඉන්නවා බටහිර දැනුම මහා ඉහළින් සලකන පෙරදිග දැනුම් මිථ්‍යා ලෙස බැහැර කරන. ජේ ආරගෙ විවෘත සංස්කෘතියෙන් බිහි වුණු ඔවුන් සම්මත ජනමාධ්‍යයේ මෙන් ම ඊනියා සමාජයීය මාධ්‍යයේ ද හරඹ දක්වනවා. සංදර්ශන පවත්වනවා. ඔවුන්ගෙන් යම් පිරිසක් සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන්ගෙන් අති විශාල බහුතරය සාමාන්‍ය පෙළෙන් එහාට විද්‍යාව හදාරලා නැහැ. ඔවුන් කියවන්නේ බලන්නේ වැඩිම වුණොත් අන්තර්ජාලයේ ජනප්‍රිය විද්‍යා කතාවක් පමණයි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක ම එක ආකෘතියක් පමණයි. ආකෘතිය කියනනේ චින්තනය නො වෙයි.
බටහිර
විද්‍යාඥයන් බොහෝ දෙනකු විශ්වය පවතිනවා ද නෑත් ද ආදී ප්‍රශ්න අහන්නෙ නැහැ. ඔවුන් සියලු දෙනා ම කිසිම ප්‍රශ්නයක් නැතුව විශ්වය පවතින බව පිළිගන්නවා. ඔවුන්ට අවශ්‍ය ඒ විශ්වයේ වගතුග (ගුණ) සොයා ගැනීමට. ඔවුන්ගේ වචනය සෙයා ගැනීම. ඒ කියන්නේ තියෙන දෙයක් සොයා ගැනීම. ඔවුන් හිතන්නේ ඒ දේ පවතිනවා කියා. එතනින් එහාට ඔවුන් ඒ ගැන හිතන්නෙ නැහැ. ඔවුන් ඒ අර්ථයෙන් ගත්ත ම භෞතිකවාදීන් කියන්න පුළුවන්. නිවුටන් වුණත් කිවුවෙ තමන් දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ කෙසේ ද කියා සොයා ගැනීමට උත්සාහ කරන බව. නිවුටන්ගෙ පස්සෙ කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලෙ භෞතික විද්‍යාව උගන්වා පසුව ඇංග්ලිකන් පූජකවරයකු ව සිට පසුගිය වසරෙ මියගිය පෝකින්හෝර්න් හොඳ දේව භක්තිකයෙක්. දෙවියන් වහන්සේ අයින් කළත් විද්‍යාඥයන් කරන්නෙ තියෙන ලෝකයක නියම හොයා ගන්න එක. ඉංගිරිසියෙන් laws
කියල කියන්නෙ. ඒ දෙවියන්වහන්සේගේ
නීතිය. බටහිර විද්‍යාවට හා අනෙක් දැනුම්වලට එතැනින් එහාට යන්න බැහැ. ලෝකය භෞතික වශයෙන් පවතිනවා.
ඒ අතර පිරිසක් ඉන්නවා විද්‍යාඥයන් මෙතරම් සාර්ථක ව (ඔවුන් කියන විධියට) ඒ නියම හොයා ගත්තේ කෙසේ ද කියන එකට පිළිතුරු දීමට උත්සාහ කරන. ඔවුන් විද්‍යාවේ දාර්ශනිකයන් ලෙස හැඳින්වෙනවා. ඒ කතාවත් විද්‍යාවේ ඊනියා මහිමය කියා පෑමට උදවු වෙනවා. ඔවුන් ලංකාවේ දාර්ශනිකයන් මෙන් නොව බටහිර විද්‍යාව හැදෑරු අය. බොහෝ විට ඔවුන් ප්‍රථම උපාධියට භෞතික විද්‍යාව හෑදෑරූ අය. ඔවුන් අඩු තරමෙන් විද්‍යාව ගැන යමක් කමක් දන්නවා.
ලංකාවේ ප්‍රශ්නය එලෙස විද්‍යාව හදාරන්නන් නැති කම. බටහිර වෙදමහත්තුරු ඉංජිනේරුවන් ආදීන් විද්‍යඥයන් නො වෙයි. බටහිර දැනුමට ප්‍රධාන තැනක් ලැබෙන්නේ බටහිර විද්‍යාව නිසා. අපි බටහිර විද්‍යාව හරි විද්‍යාවේ දර්ශනය හරි හදාරන්නෙ නැතුව බටහිර විද්‍යාවට සලකනවා. බටහිර දර්ශනයට වුණත් සලකන්නෙ එය බටහිර දැනුමක් නිසා. මා දර්ශනය ඉහළින් හදාරල නැහැ. ඒත් ඔය පොතක් දෙකක් කියවල තියෙනවා. හයිඩැගරගේ Being and Time පොත
නාගරජුනපාදයන්ගේ මූලමධ්‍යමකකාරිකාව අහළිකින්වත් තියන්න බැහැ.
එහෙත්
අද අපට පුරුදු කරල තියෙනනෙ බටහිර දැනුම පෙරදිග දැනුමට වඩා උසස් කියන්න. මැකෝලි කිවුවලු මුළු පෙරදිග දැනුම ම බටහිර පොත් අල්මාරියක ඇනුම තරම් නෑහැ කියා. X කණඩායම මහා අමුතු දැනුමක් ඇති පුද්ගලයනගෙන් සමන්වීිත වුණෙ නැහැ. ඔවුනුත් අර බටහිර දැනුමේ උසස් බව කියන හීනමානයෙන් පිරි පිරිසක් පමණයි. මට අවශ්‍ය කරන්නෙ බටහිර දැනුම උසස් ලෙස සලකන පිරිස නිර්මාණය වූයේ කෙසේ දැයි තේරුම් ගන්න. ඔවුන් තමයි බටහිරයන්ගෙ මෙහෙයීමෙන් රනිල් බලයට පත් කෙරුවෙ. තමන් එසේ පත් කළ රනිල් අද තමනට ම පහර දීම ඔවුන් තේරුම් ගන්නෙ කොහොම ද? රනිලුත් පසුගිය දා කියා තිබුණෙ මෙරට අධ්‍යාපනය විධිමත් ව සකස් කෙළෙ මිෂනාරීන් කියා.
මේ
සමග ඇති ඡායාරූපය පෝකින්හෝන්ගෙ.