Main Logo

Monday 28 November 2022

පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ

 පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ

 

පඬි නැට්ටන්ට පරගලය තේරුම් ගැනීමට නොහැකි බව අප දිනවල දැක්කා. පරගලය බටහිරයන් විසින් මෙහෙයවනු ලැබුයේ රාජපක්‍ෂලා පන්නා දමා නන්දිකඩාල් පරාජයේ  පලිය ගැනීමටත් රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ප්‍රභාකරන් ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් ලවා කරවා ගැනීමටත්. ලංකා වසන්තයයි. එහි ඇති ජනඅරගලයක් නැහැ. ආර්ථික අර්බුදය බටහිරයන් තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට යොදා ගත්තා. එහි දී සිංහලයන් උඩින් පල්ලෙන් තොරතුරු අහුලා ගැනීමත් සකර්බර්ගේ මුහුණු පොතත් බටහිරයන්ගේ වාසියට යෙදුණා. ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ඇති වුවක් ලෙස තොරතුරු උඩින් පල්ලෙන් අහුල ගන්නා සිංහලයන්ට පෙන්නුවා. අප මධ්‍යම පාංතික අපේක්‍ෂා නිසා විනාශ වූ බව තවමත් ඊනියා ආර්ථික විශේෂඥයන් කියන්නෙ නැහැ. ඔවුන්ට කිසි දා ගොඩ යන්න බැහැ.

 

සකර්බර්ගෙ මෙටාවෙ සිංහලයන්ට විරුද්ධ හාමුදුරුවරුන්ට අපහාස කරන ලිපි පළ වෙනවා. මේ සමහර පිටු සිංහලයන්ගෙ නම්වලින් පළ කෙරෙනවා. ගැන හොයා බලන්න කියා රනිල්ගෙන් ඉල්ලන එක තේරුමක් නැති වැඩක්. ඔහු තමාට බටහිරයන් නියම කර ඇති වැඩේ කරනවා. අද මුලික අවශ්‍යතාව ජන අනුමැතියක් නැති රනිල් ඉවත් කිරීම.        

 

පරගලය අප්‍රේල් නවවැනි දා කරළියට ගෙනාවත් සඳහා සූදානම් වුණේ ගෝඨාභය සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වූ දා සිට. රනිල්ට එවර මැතිවරණයෙන් එක් ආසනයක්වත් දිනා ගන්න බැරි වුණා. ඔහුට අඩු තරමෙන් ජා පක්‍ෂයවත් රැක ගන්න බැරි වුණා. කළකිරීමෙන් සිටි ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ටික කාලයකට පසු. බටහිරයන් ඔහු පාර්ලිමේන්තුවට දැක්කූ බව  පැහැදිලියි.

 

පරගලය එක් රැයකින් පරාජය කිරීමට ගෝඨාභයට හැකියාව තිබුණා. එහෙත් බටහිරයන් ඉදිරියේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ඔහු එසේ කෙළේ නැහැ. දරුවන් සන්දා වෙන්න ඕන. එහෙත් පොදුජන පෙරමුණට අවශ්‍ය වුණේ පරගලය පරාජය කරන්න. පොහොට්ටුවට සඳහා වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. ගෝඨාභය පොහොට්ටුවට සවන් දුන්නෙත් නැහැ. එහි ප්‍රතිඵලය වූයේ මහින්දට අගමැතිකම නැති වීම. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට නාවික හමුදාවේ රැකවරණ ලබන්න සිදු වුණා. එයට ගෝඨාභයත් යම් ප්‍රමාණයකට වග කියන්න ඕන.

 

රනිල් මුල සිට පරගලයට සහාය දැක්වූවා. අගමැතිකමට පත් කරන්නේ කාවද යන ප්‍රශ්නය මතු වුණා. සඳහා විවිධ නම් යෝජනා වුණා. ඩලස් හා රනිල් ප්‍රධාන අපේක්‍ෂකයන් වුණා. මේ අවස්ථාව් මූලික ප්‍රශ්නය වුණේ පරගලය පරාජය කිරීම. පරගලය රනිල් වෙනුවෙන් වූවත් සෙප්පන් එහි නායකත්වය ගැනීමට බලන් හිටියා. අවශ්‍ය වූයේ සෙප්පන් පරාජය කර පරගලය පරාජය කිරීමයි සඳහා  සුදුසුම පුද්ගලයා වූයේ සරත් ෆොන්සේකායි. ඔහු තමයි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නායකයා. එහි දී නාවික හමුදාව හා ගුවන් හමුදාව කළ මෙහෙය මා අවතක්සේරු කරන්නේ නැහැ.

 

අපේ රටේ ඇති අවාසනාවන්ත කරුණ සුදුස්සාට සුදුසු තැන නො දීමයි. පෞද්ගලික යසස්කාමය අනෙකාට ඊර්ෂ්‍යා කිරීම පමණක් නොව තමන්ගෙ එකාට සැලකීම එහි දී බලපානවා. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සම්පූර්ණ ගෞරවය තමන් සතු කර ගැනීමට රාජපක්‍ෂලාට අවශ්‍ය වුණා. සරත් ෆොන්සේකාට දිය යුතු තැන දුන්නේ නැහැ. බටහිරයන් වැඩි කල් නොයවා සරත් ෆොන්සේකාට ගෞරව කරන්න පටන් ගත්තා. ඔහු ජනාධිපති අපේක්‍ෂක බවට පත් කෙරුණා. අපේ රටේ අද පවත්නා තත්වයට ආසන්න හේතුවක් වන්නේ සරත් ෆොන්සේකාට නිසි තැන නොදීමයි.

 

මහින්දගෙන් හිස් වු අගමැති පදවියට මා යෝජනා කෙළේ එක්කෝ සරත් ෆොන්සේකා නැත්නම් දිනේෂ් ගුණවර්ධන. එහෙත් ඔවුන් උභය කුල පාරිශුද්ධ අය නො වෙයි. රාජපක්‍ෂලා පාරිශුද්ධත්වය සෙවූ අය. ඇතැම් ජාතිකවාදීන් සරත් ෆොන්සෙකාට විරුද්ධ වුණා. අද ඔහු සෙප්පන් සමග පවත්වන ඇයි හොඳයිකම නම් අනුමත කරන්න බැහැ.  අවසානයේ දී ඩලස් හා රනිල් අතර තරගය තිබුණෙ. එහි දී  රනිල් සුදුස්සා වුණා. සෙප්පන් පරාජය කිරීමට. සෙප්පන් කියන්නෙ කිසි දා පිහිටුවන්න බැරි ඊනියා සමාජවාදී රජයක් වෙනුවෙන් විවිධ හීනමාන නිසා සටන් කරන පිරිසක්. ඔවුන්ගේ වෑයම සරසවි සිසුන් ඇතුළු තරුණයන් බිලි දී විජේවීර  සැමරීම. ද්විත්ව පූරවැසියන් නායකත්වයට සුදුසු නැත්නම් මුලින් අයින් කරන්න ඕන සෙප්පන්. අවසානයේ දී රනිල් අගමැති කමට පත් කෙරුණා.

 

රනිල් පරගලයට පක්‍ෂයි. තමා බලයට පත් කළ පරගලයට පක්‍ෂ නොවී ඔහු රාජපක්‍ෂලාට පක්‍ෂ වෙන්න ? ඔහුවත් මංගලවත් දේශපාලන වශයෙන් රාජපක්‍ෂලාට පක්‍ෂ නැහැ. බව පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් හිතන්නෙ රනිල් පත් වුණෙ රාජපක්‍ෂලා රකින්න කියා. අද ඔහු මොන රාජපක්‍ෂ රැක තියෙන්නෙ. ඔහු තම න්‍යාය පත්‍රය අනුව බටහිරයන්ට අවශ්‍ය දේ කරනවා. බටහිරයන්ට රාජපක්‍ෂලා රකින්න අවශ්‍ය කියා පඬි නැට්ටන් හිතනවා ? අද පොහොට්ටුව නම් රනිල් රකිනවා. රනිල් අගමැති වීමෙන් පසු රුවන් විජේවර්ධන පත් කළා පරගලයට පහසුකම් සපයන්න. පඬි නැට්ටන්ටත් එක්ක.

 

එහෙත් සෙප්පන් හිටියෙ අධි තක්සේරුවක කිවුවොත් වැරදියි. ඔවුන් හිතුවෙ බලය දියවන්නාවෙන් බේරෙට ඇවිත් කියා. ඔවුන්ගෙ න්‍යායාචාර්යවරුන් පරද්දන්න වෙනත් න්‍යායාචාර්යයන් කටයුතු කළා . රනිල් ඔවුන්ගෙ නම් ගම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. අද ඔවුන් සමහරකු පණ කෙන්ද ගැට ගහගන්න රනිල් වෙනුවෙන් පෙනී හිටිනවා. රනිල් කොහොමටත් ඔවුන් ආරක්‍ෂා කරාවි. රනිල්ගෙ තර්ජනය බලය බෙදීමට විරුද්ධ වන්නන්ට. එය පූර්ව තර්ජනයක්. 

 

රනිල් ගෝඨාභය ආරක්‍ෂා කෙළේ නැහැ. ගෝඨාභයට සිරිසඟබෝ කෙනෙකු වන්න සිදුවුණේ තමා නිසා. සිරිසඟබෝ රජුට හිස අහිමි වූයේ එකල ගෝඨාභය නිසා. මෙකල ගෝඨාභයට තනතුර අහිමි වූයේත් ගෝඨාභය නිසා. රනිල් එන්නෙ මොකාට කියා දැන සිටි අප ගෝඨාභයට සෙප්පන් පරාජය කිරීමෙන් පසු රනිල් අගමැතිකමෙන් අස්කරන්න කියා කිවුවා. එහෙත් අස් කෙළේ නැහැ. අඩු තරමෙන් වෙලාවෙ රනිල් අස් කර දිනේෂ් අගමැති කළා නම් රනිල් නීත්‍යානුකූල එහෙත් ජන අනුමැතියකින් තොරව ජනාධිපති වන්නෙ නැහැ. රනිල් ජනාධිපති වීමෙන් පසු දිනේෂ් අගමෑති කළා! රනිල් පරගලයේ දරුවා. රනිල් බලයට පත් වුණෙ පරගලය නිසා. ඔහු පරගලයේ විරුද්ධ සෙප්පන්ට පමණයි. ඉතිරි කොටස හෙට.