Main Logo

Saturday 30 June 2018

දහසය පනස්හතර හා මෛත්‍රිපාල


දහසය පනස්හතර  හා මෛත්‍රිපාල



දහසයේ කණ්ඩායමක් දැන් නැහැ කියනවා. දහසය පනස්හතරට එකතුවෙලා හැත්තෑවක් වෙලා. ඒ අතර බැසිල් කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ තමන් කියලා. ඒ කියන්නෙ බැසිල්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා ගෝඨාභය නමට ඉදිරිපත් කරනවා කියන එක ද? මේ කතන්දර අස්සෙ රනිල්ගෙ ආණ්ඩුව තවමත් තියෙනවා. එය තව අවුරුදු එකහමාරක් ම පවතින්න බෙහෙවින් ඉඩකඩ තියෙනවා.

Friday 29 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3





සිංහලයන්ට ඉතිහාස විඥානයක් තිබූ බව අපේ වංසකතා සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. එහෙත් ඒ විඥානය ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ඕල්කට් බුද්ධාගමෙන් නැති කර තිබෙනවා. අද බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. පසුගිය පොසොන් පොහොයටත් ගියා. එහෙත් ඒ යන්නේ බෞද්ධයන් ලෙස මිස සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. අප යන්නේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට පමණයි. අප මිහින්තලේත් යනවා. අපට දේවානම්පිය තිස්ස රජු ගැනත් කල්පනා වෙනවා. ගැමුණු රජු ගැනත් කල්පනා වෙන්න පුළුවන්. එහෙත් එපමණයි. ඒ රජවරු ගැනත් හිතන්නේ බෞද්ධ ආකල්පයකින්. ලෝකයේ එක දිගට වැඩි ම කාලයක් අගනුවර ලෙස පැවතුණු නගරය අපට මතක් වෙනවා ද? එහෙම මතක් වෙනවා නම් පැරණි ගල් කණු ලිප් ගල්වලට ගන්නවා ද?

Thursday 28 June 2018

ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?

 ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?                 



මුහුණු පොතේ ඉන්න පඬි පෝතකයන් මා මෙයට පෙර දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති දේ කියවා නැතිව පමණක් නොවෙයි ඔවුන් නිගමනය කරනවා දෙමළ කතා කරන ජනයා මෙරටට පසුව පැමිණි නිසා ඔවුන් මේ රාජ්‍යයට අයත් නැති බව මා කියනවා කියා. දෙමළ කතා කරන ජනයා මේ රාජ්‍යයට අයත් නැති බවක් මා කිසිම තැනක කියා නැහැ. මේ පඬි පෝතකයන් ලබා ඇති අධ්‍යාපනයේ තරම! මයිකල් රොබට්ස්ගෙ කියමන් අනුගමනය කරමින් ඔවුන් අහනව කරාව දුරාව සලාගම කුල මෙරටට පැමිණියෙ කවදා ද කියලා. ඔවුන් මෙරටට පැමිණියා නොව දහහතර වැනි සියවසේ මෙරටට පැමිණි සමහරුන් එකලත් පැවති කුලවලට අවශෝෂණය කෙරුණා. දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව යන මැයෙන් ලියන ලිපි පෙළට ඉක්මනින් ම නැවත යන්න ඕන. ඒත් එදිනෙදා දේශපාලනය ගැන ලියන්නත් සිද්ධ වෙනවා.

Wednesday 27 June 2018

මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්


මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්



බොහෝ දේ ලිවීමට තිබුණත් මේ ලිපිය ප්‍රමාද කිරීමට බැහැ. මුතුකුඩ නාට්‍ය ගැන අදහස් කිහිපයක් යනුවෙන් පළ වූ ලිපියට ප්‍රතිචාර දැක් වූ පඬි පෝතකයකු මේ මුතුකුඩ ගැන දැයි අසා තිබුණා. පඬියන් හා පඬි පෝතකයන් මගේ ශෛලිය තවමත් දන්නේ නැත්නම් එයින් කියැවෙන්නේ ඔවුන්ගේ අල්තාර ශෛලියයි. මගේ ශෛලිය හාමුදුරුවරුන්ගේ බණ ශෛලිය මිස අල්තාර ශෛලිය නො වෙයි. හාමුදුරුවන් ධර්ම දේශනා කරන්නේ ඇතැම් විට යම් සූත්‍ර පාඨයක් ගෙන හැර දක්වමින්. එහෙත් උන්වහන්සේලා ඒ වටා තවත් බොහෝ කතා දේශනා කරනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඒ කතා සූත්‍ර පාඨයට අදාළ නැහැ කියලා. එහි අදාළත්වය තේරුම් ගන්නට අල්තාර ශෛලියෙන් බැහැර වෙන්න ඕන. මේ ශෛලි අතර වෙනසත් රේඛීය හා චක්‍රීය චින්තන අතර තවත් වෙනසක්.

Tuesday 26 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දහනවවැනි සියවසේ අග වන විටත් මෙරට අඩු තරමෙන් දෙමළ ජනවාර්ගිකත්වයක් ගොඩ නැගී තිබුණේ නැහැ. එයට ප්‍රධාන ම සාක්‍ෂිය එකල සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනයා සඳහා ද ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටි විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ පොන්නම්බලම් රාමනාදන් තමන් මුස්ලිමුන් වෙනුවෙන් ද පෙනී සිටින බව කීමයි. ඔහුට හා අනෙක් වෙල්ලාල නායකයන්ට අනුව පොන්නම්බලම් රාමනාදන් දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා වුණා! මුස්ලිමුන්ට වෙන ම නියෝජනත්වයක් ලැබුණේ පසුවයි.

Monday 25 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව



දෙමළ ජාතිවාදය ඇති වුණෙ කොහොමද කියන එක ගැන බොහෝ ජාතිකවාදීන් ද එතරම් හිතන්නෙ නැහැ. ඔවුන් දෙමළ ජාතිවාදයට විරුද්ධයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන සතුටුයි. අර දිවියා (මෙය කාගේ කිනම් වර්ගීකරණයකට අනුව ද කියලා මා දන්නේ නැහැ. ලෝකයේ එක් එක් වර්ගීකරණ තියෙනවා. බටහිර ජීව විද්‍යාව අනුව නම් ලංකා කොටියා. ටයිගර් කියන්නෙ කොටියා නොවෙයි කියලත් කියනවා. එහෙම නම් එල් ටී ටී සංවිධානය කොටි සංවිධානය නොවෙයි ද? චෝල රාජ්‍යයේ සංකේතය මොකා ද? ටයිගර් කියන එකට දෙමළෙන් කියන්නෙ මොකක් ද? අපේ දැනුවත්කම මනින්නෙ බටහිර විද්‍යාව දන්නා ප්‍රමාණය අනුව ද? මා අහගෙන සමහරු කියනවා අප දිවියා කිව්වට හරි විධියට නම් මේ කොටියා කියලා. හරි විධිය කුමක් ද? ඒ දෙමළ තරුණයන් තමන් මරපු සතා හැඳින්නුවෙ කොහොම ද?) මරපු තරුණයන් වරදක් කර ඇති බව පැහැදිලියි.

Sunday 24 June 2018

මුතුකුඩ ගැන අදහස් කිහිපයක්


මුතුකුඩ ගැන අදහස් කිහිපයක්



මේ මුතුකුඩ ටෙලි නාට්‍යය ගැන විචාරයක් නොවෙයි. මා කලක සිට නාට්‍ය, සිනමාව, නවකතා කෙටිකතා විචාරය කරන්නේ නැහැ. කවුද මාධ්‍ය කරුවකු කියලා තිබුණා මා චිත්‍රපටි විචාරය කරන්නෙ ඒ නොබලා කියලා. ඒ ඔහුගේ දැනුම. මෙහි සඳහන් වන්නේ මුතුකුඩ නාට්‍යයේ සමහර කොටස් නැරඹීමෙන් පසු මගේ හිතට ආ අදහස් ටිකක් පමණයි. ඒ නාට්‍යයේ මුල කොටස් බොහොමයක් මා නරඹා නැහැ. ඉන්පසුත් සමහර කොටස් මට මගඇරුණා.

Saturday 23 June 2018

ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය






ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය



මේ ලිපියෙන් නම් කිසිම වැඩක් වෙන එකක් නැහැ. ඒ කියන්නෙ අනෙක් ලිපිවලින් වැඩක් වෙනව කියන එක නොවෙයි. ජාතික ව්‍යාපාරයෙ ඉන්න  පූජ්‍ය පක්‍ෂය මෙන් ම දැවැන්ත ගිහි නායකයන් ද මේ ලිපි කියවන්නේ නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවිවල මේ ලිපියක් පළවෙන්නෙ නැහැ. එහෙත් ඔවුන්ට ඉඳහිට මතක් වෙනවා මා ජීවත්ව ඉන්න බව. එතකොට ඔවුන් යුතුකමට වගේ ලිපියක් මට විද්‍යුත් තැපෑලෙන් එවනවා. මගේ මනුස්සකමක් නැතැයි කියමින් ලිපියක් එවන්නෙ අහවල් දේකට ද කියලා හිතෙනවා.

Friday 22 June 2018

උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්




උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්



අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබා ගන්න වේවි.

Thursday 21 June 2018

ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි




ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි



ඇමරිකා එක්සත් රාජ්‍ය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් අස්වෙලා. රාජ්‍ය ලේකම් ද සහභාගි වූ මාධ්‍ය හමුවක දී ඔවුන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් මණ්ඩලය දේශපාලන වශයෙන් පක්‍ෂපාති වළක් බවත් තමන්ට ම සේවය කරගන්නා ආයතනයක් බවයි. ඒ මණ්ඩලයෙන් මානව අයිතිවාසිකම් විගඩමක් බවට පත්වී ඇති බවත් කියා තිබෙනවා. මේ තීරණය පිටුපස ඇත්තේ ඊශ්‍රායල ගාසා තීරයේ සිදු කර ඇතැයි කියන මානව අයිතිවාසිකම් කඩ කරීම්වලට විරුද්ධව මානව අයිතිවාසිකම් මණ්ඩලය යෝජනා සම්මත කිරීම්.

Wednesday 20 June 2018

සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස


සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස



මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක් නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත් පුළුවන්.

Tuesday 19 June 2018

අහෝ තලතා නොදිටි මොක්පුර


අහෝ තලතා නොදිටි මොක්පුර



තලතා අතුකෝරාළ කියන්නෙ තවත් තලතා දේවියක් නොවන බව කවුරුත් දන්නවා. මේ ලිපියට පදනම් වන්නේ තලතා අතුකෝරාළ කීවා යැයි කියන කරුණක්. වාර්තාවලට අනුව ඇය කියා තියෙනවා බෞද්ධ ධර්මයේ ඇති දේ නීතියට එකතු කළ නොහැකි බවත් බන්ධනාගාර නීතියට (ආඥාපනතට)  අනුව සිරකරුවන් ජම්පරය ඇඳිය යුතු බවත්.

Monday 18 June 2018

දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු


දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු



අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි.

Sunday 17 June 2018

බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද


බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද





චීවරය ද ජම්පරය ද යන මැයෙන් ලියූ ලිපිය ගැන විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා. ඇතැමුනට මගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. ඥානසිරි හිමියන් බන්ධනාගත කිරීම වැරදි කියා මා කියා නැති බැවින් මගේ දේශ හිතෛෂී භාවය ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. මා නීතිය හා සාමය ගැන කතා කරන තවත් මහාචාර්යවරයකු පමණය කියා එක් අයකු කියා තිබුණා. මා මහාචාර්යවරයකු නොවන බව ඔහු දන්නේ නැතිව ඇති.

Saturday 16 June 2018

චීවරය ද ජම්පරය ද


චීවරය ද ජම්පරය ද





ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය එක්ක මා සමග තවත් පිරිසක් මතභේද හදාගන්න පුළුවන් බව මා දන්නවා. පළමුවෙන් ම කියන්න ඕනෙ මා උන්වහන්සෙගෙත් බොදු බල සේනාවෙත් දේශපාලනය සමග එකඟ නොවන බව. දැන් බොහෝ දෙනෙකු කියාවි මා අපක්‍ෂපාත නැහැ කියලා. ඒක ඇත්ත. මා මගේ දර්ශනය, ඥානවිභාගය, ආදිය මත ඉඳගෙනයි ප්‍රශ්න දිහා බලන්නෙ. කවුරු කවුරුත් නොකිව්වත් තම තමන්ගෙ ලෝකවල තමයි ප්‍රශ්න දකින්නෙ.

Friday 15 June 2018

දහසය දෙනා මහින්ද හා මෛත්‍රිපාල


දහසය දෙනා මහින්ද හා මෛත්‍රිපාල



දහසය දෙනාගේ කණ්ඩායමට ඇතැමුන් විවිධ කොන්දේසි දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවේ සිටි බව ඇත්ත. එහෙත් ඔවුන් එ ජා පෙරමුණටවත් එ ජා පක්‍ෂයටවත් ගියේ නැහැ. ඔවුන් 2015 අගෝස්තුවේ තරග කෙළේ අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අය මෙන් ම සංධානයෙන්. එකලත් ජනාධිපති මෛත්‍රිපාල සිිරිසේන. එහෙත් ඔවුන් තරග කෙළේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්.

Thursday 14 June 2018

බටහිර යටත්විජිතකරණය


බටහිර යටත්විජිතකරණය



බටහිර යටත්විජිතකරණය එතෙක් පැවති යටත්විජිතකරණවලින් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් ම ආර්ථික හා සංස්කෘතික වශයෙන්. කලින් පැවති යටත්විජිතකරණ මුළුමනින් ම වගේ දේශපාලන යටත්විජිතකරණ වුණා. යටත්විජිත පාලකයාට අවශ්‍ය වුණෙ තමන් යටත් කරගත් විජිතය දේශපාලනික වශයෙන් පාලනය කිරීමත් එහි ධනය සම්පත් තම රටට ගෙන යෑමත්.

Wednesday 13 June 2018

ට්‍රම්ප් හා කිම්


ට්‍රම්ප් හා කිම්





ජනාධිපති ට්‍රම්ප් හා සභාපති කිම් සිංගප්පූරුවේ දී හමුවෙලා. සාකච්ඡා කරලා. ඒකාබද්ධ ව ප්‍රකාශයක් නිකුත් කරලා. ප්‍රකාශයේ එතරම් වැදගත් දෙයක් නැහැ. ට්‍රම්ප් පොරොන්දුවෙලා දකුණු කොරියාවත් සමග පවත්වන යුද අභ්‍යාස නවත්වන්න. කිම් කිසිම පොරොන්දුවක් දී නැති පාටයි. ඒත් යුද්ධ කතා ටිකක් සමනය වේවි.

Tuesday 12 June 2018

බටහිර විද්‍යාවේ දැනුම


බටහිර විද්‍යාවේ දැනුම



බොහෝ දැන උගත් අය බටහිර විද්‍යාව ගැන සිතන්නේ ඉන් ඉදිරිපත් කෙරෙන්නේ යථාර්ථය පිළිබඳ ව ඊනියා හොයා ගත් දැනුමක් ය යන්නයි. එහෙමත් නැත්නම් යථාර්ථය දැන ගැනීමට යන ගමනේ තවත් වැදගත් අවස්ථා බවයි. බටහිර විද්‍යාවේ හොයා ගන්නා  දේ පර්යේෂණ පත්‍රිකා මගින් ඉදිරිපත් කෙරෙන බවත් ඔවුන් සමහරකු කියනවා. අනෙක් අය සමහරවිට පොත්වල ඇති බටහිර විද්‍යාත්මක දැනුම එලෙස හොයා ගත් දැනුම හැටියටත් ප්‍රකාශ කරනවා.

Monday 11 June 2018

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව


රනිල් ඉවත් කර මහින්ද හෝ මහින්ද අනුමත කරන අයකු හෝ අගමැති වශයෙන් පත් කර ඇති කරන ආණ්ඩුව ගැන විස්තර මේ ලිපිවල කලින් සඳහන් කර ඇති. ඒ නැවතත් සඳහන් කළ යුත්තේ විග්නේස්වරන්ගේ නැටිලි නැවැත්වීමට එවැනි ආණ්ඩුවක් අවශ්‍ය නිසයි. අද විග්නේස්වරන් හමුදාවට ඉඩම් ලබා දීමට බලය ඇත්තේ පළාත් සභාවලට යැයි කියනවා. හමුදා ඛණඩ නවයක් පළාත්වල ඇති කළ යුතු ය කියා කියනවා.

Sunday 10 June 2018

වල්මත් වූ ජාතියක්




වල්මත් වූ ජාතියක්



අප මොන තරම් වල්මත් වෙලා ද කියන එක දේශපාලනයෙන් පැහැදිලි වෙනවා. අද ශ්‍රී ල නි පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා කියනවා. මා දැක්කා ගුණදාස අමරසේකරත් එහෙම කියලා තියෙනවා. ශ්‍රී ල නි ප ආණ්ඩුවෙන් ඉවත් වෙලා මොකද කරන්නෙ. සියළු දෙනා ම විරුද්ධ පක්‍ෂයට යනවා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ සාමාජිකයො වෙනවා ද? පොහොට්ටුවෙත් සාමාජිකයො වෙනවා ද?

Saturday 9 June 2018

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

සිංහල විරෝධී ඊනියා උගතුන් සිංහල දැනුම, සිංහල ඉතිහාසය, බුදුදහම ආදී දේ ගැන විවේචනය කරද්දී යොදා ගන්නා දැනුම කුමක් ද? ඔවුන්ගේ විධි ක්‍රමය කුමක් ද? මේ විධි ක්‍රමය දැන් ඊනියා පර්යේෂණවලත් භාවිතා කරනවා. ඒ පර්යේෂණ ප්‍රශ්නය හඳුනා ගැනීම, මුලාශ්‍ර, ක්‍රමවේදය, සාධක(සාක්‍ෂි), ප්‍රතිඵල, නිගමන ආදී මාතෘකා රැසක් ඔසසේ කෙරෙන්න ඕන. මෙයත් බටහිරයන් කියා දුන් දෙයක්. බටහිරයන්ගෙන් පිට මේ ඊනියා උගතුන්ට කිසිවක් නැහැ.

Friday 8 June 2018

විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්




විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්



විස්ස ගැන නීතිපති කුමන තීන්දුවක් දුන්නත් එය අධිකරණයට යොමු කළ යුතුයි. අධිකරණය කිනම් තීන්දුවක් දේව්දැයි කියන්න බැහැ. විස්සෙන් පැහැදිලිව ම ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතල මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කරනවා. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණක් නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ ය කියා හිතනවා. ඒ කියන්නේ එය ජනමත විචාරණයකින් ද සම්මත වෙන්න ඕන.

Thursday 7 June 2018

සුදර්ශනී හා මහින්දගෙ අනාගතය


සුදර්ශනී හා මහින්දගෙ අනාගතය



දහසය දෙනා එනකොට දහඅට දෙනකු ගිහිල්ලා. නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන වෙලාවෙ ඒකාබද්ධ විපක්‍ෂෙ දහඅට දෙනකු ඉඳලා නැහැ. ඒ වගේ ම මෛත්‍රිපාල කණ්ඩායමේ, මෛත්‍රිපාලගෙ ආණ්ඩුවේ කිහිප දෙනකුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දය දීල නැහැ. ඒ දෙගොල්ලම එකතු වෙලා රනිල්ගෙ අපේක්‍ෂකයා දිනවලා. කවුද මේවට වග කියන්න ඕනෙ.

Wednesday 6 June 2018

බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය


බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය



ඊයේ පෙරේදා බටහිර භෞතික විද්‍යාවේ ජයග්‍රහණයක් අත්කර ගෙන. ටොප් ක්වාර්ක් නමින් හැඳින්වෙන මූලික අංශුවලට ස්කන්ධය ලබා දෙමින් හිග්ස් බෝසෝන ක්‍රියා කරන අයුරු භෞතික විද්‍යාඥයන් දැකලා. ඒ ගැන වාර්තා පළ වෙනවා. බටහිර භෞතික විද්‍යාඥයන් උද්දාමයට පත් වෙලා. මා හිතන්නේ ඒ ගැන කියවූ පඬියනුත් උද්දාමයට පත් වෙලා.

Tuesday 5 June 2018

අලුත් දේශපාලනයක්


අලුත් දේශපාලනයක්



බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම මෙරට දේශපාලන ඝාතනවල ආරම්භය නොවෙයි. එහෙත් එය නූතන දේශපාලනයේ ආරම්භය යැයි කියන්න පුළුවන්. ඒ මහතාගේ ඝාතනයෙන් පසු ගමනක අවසානය යනුවෙන් වාර්තා චිිත්‍රපටියක් නිෂ්පාදනය වුණා. එයින් බණ්ඩාරනායක මහතාගේ ගමනක අවසානය වගේ ම එක් දේශපාලන ගමනක අවසානයත් තවත් දේශපාලන ගමනක ආරම්භයත් සනිටුහන් වුණා.

Monday 4 June 2018

මොණර නැටුම නටන පුහු පොරවල්




මොණර නැටුම නටන පුහු පොරවල්



ධර්මසිරි බණ්ඩාරනායක කියලා තියෙනවා අපි යාපනය පුස්තකාලයෙ පොත් අනූදාහක් පිච්චුව ම්ලෙච්ඡ ජාතියක් කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ම්ලෙච්ඡ ජාතියට චිත්‍රපටි හදන්නෙ මොකට ද කියලා. ඔහු හරි ඔහු වෙනුවෙන් කතා කරන අයකු හරි කියන්න බැරි නැහැ චිත්‍රපටි හදන්නෙ ම්ලෙච්ඡ ජාතිය ශීලාචාර කරන්න කියලා. හංසවිල වගේ චිත්‍රපටිවලින් නම් එහෙම එකක් පේන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවාරච්චිට හරි වෙනත් කලාකරුවකුට හරි පෙනූණ ද දන්නෙ නැහැ.

Sunday 3 June 2018

රූං පෙත්ත කැරකෙනවා




රූං පෙත්ත කැරකෙනවා



ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්‍රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක නැහැ. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබුණෙ.

Saturday 2 June 2018

බටහිර දැනුමේ පදනම හා විශ්වාසය දේශපාලන ආධිපත්‍යයයි


බටහිර දැනුමේ පදනම හා විශ්වාසය  දේශපාලන ආධිපත්‍යයි



බටහිර විද්‍යාවේ ඕනෑම ප්‍රතිඵලයක් ඕනෑම අයකුට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාව බොරුවක් බව ෆෙයරාබන්ඩ් කරුණු සහිත ව පෙන්නල දීලා දැන් දශක ගණනාවක් වුණත් තවමත් බොහෝ දෙනා හිතන්නෙ ඕනෑම කෙනකුට බටහිර විද්‍යාවෙ තියෙන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාව රැඳිලා තියෙන්නෙ මේ වගේ බොරු කතාත් මත.

Friday 1 June 2018

මෛත්‍රිපාලගෙ සැර කතාව


මෛත්‍රිපාලගෙ සැර කතාව



මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත හාමුදුරුවො කියලා තියෙනව දැන් ඉතින් රොටිය ඇට්ටකුණා වුණා කියලා. උන්වහන්සෙ ඒකෙන් අදහස් කෙළෙ කුමක් ද කියන එක පැහැදිලියි. ඊනියා යහපාලනය, දින සියය මේ ඔක්කොම ඉවරයි කියන එක.