ගිවිසුම හා වෙල්ලාල නායකයන් පරාද කරමු
බලාපොරොත්තු වූ පරිදි ම ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සජිත්ට ආධාර කිරීමට තීරණය කරලා. එහෙත් දෙමළ ජාතික සංධානය තවමත් එවැනි තීරණයක් අරගෙන නැහැ. ඒ සංධානයේ තවත් පක්‍ෂ හතරක් තියෙනවා. එයට අමතර ව විග්නේෂ්වරන්ගේ පක්‍ෂය තියෙනවා. ශිවාජිලිංගම් දැන් ටෙලෝ සංවිධානයෙනුත් අස් වී වෙන ම ජනාධිපතිධුරාපේක්‍ෂකයකු වෙලා.