Main Logo

Friday 30 November 2018

ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව


ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව



මා මේ සමාජයේ ජීවත්වන්නේ පිටස්තරයකු ලෙස. තමන් රට ජාතිය ආගම ගැන කල්පනා කරමින් කරන උදාර සේවයෙහි දී මගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ඔවුන් ද ප්‍රතික්‍ෂෙප කරනවා.

Thursday 29 November 2018

වසන්තගේ පැනිලි


වසන්තගේ පැනිලි



විවිධ ජාතිකවාදීන් ඉන්නවා. සමහරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක් අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද ජීවත් වූවා. එය ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට ද යට වීමයි. මේ වත්මන් දේශපාලන අලකලංචිය ඉවර වුණු විටක මේ ගැන තව විස්තර ඇතිව ලියන්න ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්.

Wednesday 28 November 2018

පාර්ලිමේන්තු වැඩ කිඩ


පාර්ලිමේන්තු වැඩ කිඩ



ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්නේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ අවශ්‍යතාවට බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. රනිල්ටත් එතරම් දක්‍ෂ නීතිිඥයන් නැති බව පැහැදිලියි. ඔවුන්ට දැන් චොක්සි කෙනෙක් නැහැ. අද එ ජා පක්‍ෂය අමාරු තත්වයක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.

Tuesday 27 November 2018

කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්


කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්



බොහෝ දෙනකුට ඊයේ පළ වූ ලිපියේ කාශ්‍යප රජු සහ සකර්බර්ග් සසඳමින් ලියූ දේ එක්කෝ තේරී නැහැ. එහෙමත් නැත්නම් එහි ඇගයීමට තරම් දෙයක් නැහැ. කැටපත් පවුර ඉදි කළ කාශ්‍යාප රජුට කොහොමටත් සකර්බර්ග්ට ලැබෙන පිළිගැනීම ලැබෙන්නේ නැහැ. කැටපත් පවුර ගැන කතා කරන අයට wall කියන්නෙත් පවුරක් බව වැටහෙන්නේ නැහැ. ඔවුන් තම wall එක ගැන ආඩම්බරයෙන් කියනවා. එහෙත් ඒ wall  සියල්ල අවසානයේ දී එක් පවුරක් බවට පත් වනු ඔවුන් දකිනනේ නැහැ. ඔවුන් මූහුණු පොතේ පවුරේ කුණුහරුප ලියනවා. මා ලියුවේ කුමක් ද කියාවත් ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ද තේරුම් ගෙන නැහැ.

Monday 26 November 2018

රාවණ කුවේර දොන් ජුවන් කසුබ් හා සකර්බර්ග්

Kashyapaවෙනවා. මේ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත් විරුද්ධව කෙරෙන ප්‍රකාශ. මේ සියල්ලට ම මුල 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදයත් ඒ සමග ඉංගිරිසින්ගෙ සහායෙන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ තිබූ දෙමළ ජාතිවාදයත් පරාජය කිරීම. ඊයේ මහින්ද රාජපක්‍ෂ කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවුණේ කොටි පැරදවීමට එ ජා පක්‍ෂයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විරුද්ධ ව කටයුතු කළ ආකාරය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණා කිනම් හේතුවක් මතවත් රනිල්ට අගමැතිකම නොදෙන බව. ඒක දොන් ජුවන් ධර්මපාලට නැවත රජකම නොදෙනව වගේ වැඩක්. සුද්දන් ඒකට විරුද්ධයි. කොහොමටත් රනිල්ට මහින්දට තරම් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. අජිත් පෙරේරාට සංකල්ප තේරෙන්නෙ නැහැ.

Sunday 25 November 2018

රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා


රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා



රනිල් බෝධි පූජා තියන්න කියලා. ඔහු රවටන්නෙ හදන්නෙ කාව ද? දෙවියන් ද? ජනතාව ද? නැත්නම් ජනතාව හා දෙවියන් ද? රනිල්ට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔහු මෙතෝදිස්ත සුමන්තිරන් එක්ක එකතුවෙලා ජයම්පති ලව්ව ව්‍යවස්ථා හදවල රනිල්ලාගේ අනුර කුමාර දිසානායක ලව්ව විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල කරන්න හැදුවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නංවාලීම නො වෙයි.

Saturday 24 November 2018

පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක් ද?


පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක් ද?     


සබැඳිය  මෙතැනින්

https://youtu.be/JJArp07R93A

රන්ජන් හා කරුණාරත්න


රන්ජන් හා කරුණාරත්න



රන්ජන් රාමනායක කියන දේ ගැන සඳහන්  කිරීම වැඩකට ඇති දෙයක් නොවුණත් කරුණාරත්න ජයසූරියගේ ප්‍රකාශ ගැන සඳහන් කරන්නේ නම් රන්ජන්ට තැනක් නොදීම නුසුදුසු යැයි සිතනවා. මා සඳහන් කරන්නේ රන්ජන් වාද පිටියේ කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැනයි. ඔහු පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දිය හැකි තීන්දුවක් ගැන කියන බවයි පෙනී යන්නේ. ඔහුට අනුව තුන්දෙනකු තමන්ට පක්‍ෂව දෙන බවයි හැඟෙන්නේ. මට හැඟී යන්නේ රන්ජන් රාමනායක දැනටමත් දී ඇති අතුරු තහනම් නියෝගය තමන්ට පක්‍ෂපාතීව දුන් එකක් බව විශ්වාස කරන බවයි. ඔහු ඒ අනුව ඉදිරි විනිශ්චයක් ගැන කියනවා වෙන්න පුළුවන්.

Friday 23 November 2018

අනුරගේ විනෝද සමය


අනුරගේ විනෝද සමය



මේ ලිපිය කාලය වෙබ් (බ්ලොග්) අඩවිය සඳහා ලියන්නක්. එහෙත් එය තිස්දෙනකුට පමණ විද්‍යුත් තැපෑලෙන් ද යැවෙනවා. ඔවුන් අතර ජනමාධ්‍යවේදීන් ද කිහිප දෙනකු ඉන්නවා. ඒ ජනමාධ්‍යවේදීන්ට මේ ලිපිය වැදගත් නොවන බව පැහැදිලියි. එබැවින් මින් පසු මගෙන් කරුණු විමසන අයකු දෙදෙනකු හැරෙන්න වෙනත් කිසිම ජනමාධ්‍යවේදියකුට මේ ලිපිය යැවෙන්නේ නැහැ. මේ ඔවුන්ට යැවෙන අවසාන ලිපියයි. මෙරට ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඔවුන්ටත් මා ගැන ප්‍රසාදයක් නැති බව මා දන්නවා. මගේ ලිපියක් අදහසක් මතයක් ප්‍රචාරය වීම වැළැක්වීමට කටයුතු කරන ජනමාධ්‍යවේදීන් පිරිසක් ද ඉන්නවා. ඔවුන් සමග ඇතැම් ජාතිකවාදීන් ද ඉන්න බව මා දන්නවා.

Thursday 22 November 2018

කිරිඇල්ල හා ජයසූරිය


කිරිඇල්ල හා ජයසූරිය



ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියල තිබුණ. ඒක ඕන ගොනකුට කරන්න පුළුවන් ප්‍රකාශයක් ද කියල කිරිඇල්ල කියල නැහැ. ඔහු කියල තියෙන්නෙ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතෙ යම් දෙයක් නිශ්චිත ව කියැවෙන්නෙ නැත්නම් එවිට අප බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය (අලිඛිත ව්‍යවස්ථාව) අනුව ක්‍රියා කළ යුතු ය කියා  තියෙන බව. කිරිඇල්ලට කියන්න පුළුවන් ද එහෙම තියෙන්නෙ කොතැනක ද කියලා. එකී පනතෙ හත්වැනි වගන්තිය මෙසේයි.

Wednesday 21 November 2018

2015, 2018 හා නව ව්‍යවස්ථාව


2015, 2018 හා නව ව්‍යවස්ථාව



රනිල් අගමැති ධූරය දැරීම නවත්තල මහින්ද අගමැති කිරීම ගැන කිසිවකුවත් අධිකරණය ඉදිරියට ගියේ නැහැ. එ ජා පක්‍ෂයේ නීතිඥයන් තම සේවාදායකයන් අධිකරණයට යෑමට උනන්දු කෙළේ නැද්ද? එගෙමත් නැත්නම් ඔවුන් එවැන්නකට විරුද්ධ වුණා ද? අන්තිමේ දී එ ජා පෙ කීවේ එය පාර්ලිමේන්තුවේ දී විසඳාගන්නවා කියා. එහෙත් පාර්ලිමේන්තුවට එහි දී කරන්න දෙයක් නැහැ. ඒ බව තමයි අද එ ජා පෙරමුණට අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

Tuesday 20 November 2018

එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි


එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි



ඊනියා කතානායක ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. සමහරවිට මුහුණ  දෙන්න බැරුව වෙන්න ඇති. ඒ කොහොම වෙතත් ඊයේ සද්ද තිබුණෙ නැහැ. ගාල ගෝට්ටි නැහැ. නියෝජ්‍ය කතානායක තම කාර්යය ඉටු කළා. ඔහු ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් හෙවුවෙ නැහැ. ස්ථාවර නියෝග අනුව වැඩ කළා. ඒත් මංගල කොහේදෝ ඉඳන් කෑ ගැහුවා ආණ්ඩුවක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කිවුවා.

Monday 19 November 2018

පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි


පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි

                                     



එතරම් උගත් කමක් නැති අයකු ප්‍රශ්නයක් නැගුවා. ඔහු තාප්පයක් බැඳගෙන යන විට යම් කිසිවකු එයට විරුද්ධව උසාවියට යනවා. උසාවිය අතුරු තහනම් නියෝගයක් දෙනවා. එවිට ඔහු කළ යුත්තේ කුමක් ද? මේ අතුරු තහනම් නියෝගය යන්නට ඉංගිරිසියෙන් කියන්නේ stay order කියායි. එහි තේරුම නැවතී සිටීම, රැඳී සිටීම ආදිය මිස අවලංගු කිරීම නොවෙයි.

කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව


කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව



ඊනියා කතානායක කරු හා හිටපු අගමැති රනිල් බටහිර අවශ්‍යතා වෙනුවෙන් රට අවුලෙන් අවුලට පත් කරනවා. ඔවුන් ජනාධිපති තීරණය අනුව මහින්ද අගමැති ලෙස පිළිගැනීම දිගින් දිගට ම ප්‍රතික්‍ෂෙප කරනවා. එමගින් ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අපි නැවතත් මුලට යමු. ජනාධිපති අගමැති පත් කෙළේ ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාවට අනුව. අපි එය නැවතත් උපුටා දක්වමු. 42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.

Sunday 18 November 2018

කරුවක් නොවී මරුවකු වූ කරු


කරුවක් නොවී මරුවකු වූ කරු



ඊනියා කතානායකගේ මේසය උඩ බයිබලයක් තිබුණු බව කියැවෙනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. එහෙම තිබුණ නම් මට දැන ගන්න ඕන රාමඤ්ඤ මහා නිකායෙ ගිහි සභාවෙ සභාපති කරු ජයසූරියගේ මේසය උඩ ධම්මපදය තිබුණෙ නැද්ද කියලා. බයිබලය තිබී ධම්මපදය තිබුණෙ නැත්නම් මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. මේ කතාව හරියට ම දැනගන්නකන් අපි ඒ ප්‍රශ්න පසුවට කල් දාමු.

Saturday 17 November 2018

දේශපාලන පාංශුකූලයක්


දේශපාලන පාංශුකූලයක්



අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන විවිධ අය විවිධ දේ කියනවා. මැතිවරණයක් තියන්න කියනවා. ජනාධිපතිවරණයක් තියන්න කියනවා. ඊනියා කතානායක ඉවත් කරන්න කියනවා. කවුරුන්වත් සියල්ලට ම හේතුව ව්‍යවස්ථාව කියලා එය වෙනස් කරන්න කතා කරල නැහැ. සියල්ලට ම හේතුව අතුරු තහනම් නියෝගය කියලා අගවිනිසුරු ඉවත් කරන්න කතා කරලත් නැහැ. ඕනම අයකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒව හරි ද වැරදි ද කරන්න පුළුවන් ද කියලා කියන්නෙ නැහැ.

Friday 16 November 2018

තවත් මගඩි විශ්වාසභංගයක් (නොවැම්බර් 16 දෙවැනි ලිපිය)


තවත් මගඩි විශ්වාසභංගයක්



හෙට විස්තරාත්මක ව ලිපිය ලියන තෙක් අද (නොවැම්බර් 16) සවස පාර්ලිමේන්තුවේ  සිදු වූ දේ පිළිබඳ කෙරෙන කෙටි සටහනකි.

කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? (නොවැම්බර් 16 පළමුවැනි ලිපිය)




කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද



එක්සත් ජාතික පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ නායකයන් පිරිසක් ඊනියා කතානායක සමග ජනාධිපති හමුවෙලා. කරු ජයසූරිය ඇතැම් පක්‍ෂ නායකයන් පමණක් පිරිවරාගෙන ජනාධිපති හමුවන්නේ කෙසේ ද? ඔහු පක්‍ෂ නායකයෙක් ද? කරු ජයසූරිය තම පක්‍ෂපාතිත්වය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එතැන ජ වි පෙරමුණ නියෝජනය වී නැත්තේ හුදෙක් තම අනුගාමිකයන් රැවටීමට පමණයි. ඔවුන්ට සෙසු ජනතාව නම් රවටන්න බැහැ. ව්‍යවස්ථාවවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවත් නොදත් ජ වි පෙ නායකයන්ට පුළුවන් එ ජා පක්‍ෂය කියන ආකාරයට කටයුතු කිරීම පමණයි. ඒ නිසා ඔවුන් ගියයි නොගියයි කියලා වෙනසක් නැහැ.

Thursday 15 November 2018

ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ


ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ





ජනාධිපති පසුගිය නවවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු විවිධ පාර්ශ්ව දොළොස්වැනි සඳුදා එයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රෙෂ්ඨාධිකරණය පසුදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටෙවුවා.  ඒ සමග මැතිවරණ කොමිසමට ද තහනම් නියෝගයක් නිකුත් කළා.

Wednesday 14 November 2018

අද සිදු වූයේ කුමක් ද? (නොවැම්බර් 14 දෙවැනි ලිපිය)


අද සිදු වූයේ කුමක් ද?





අද පාර්ලිමේන්තුවේ සිදු වූ සියල්ල ස්ථාවර නියෝගවලට පටහැණි ය. මෙහි පහත පළවන්නේ අදාළ ස්ථාවර නියෝග ය.



ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි.

තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැනි ලිපිය)


තීන්දුවක් නොවන අතුරු නියෝගය



ජනාධිපති ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී යැයි පවසා ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රෙෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් දීලා. එය නඩුු තීන්දුව නොවන බව පළමුවෙන් ම පැහැදිලි කර ගත යුතුයි. නඩුව දෙසැම්බර් 4, 5, 6 දිනවල අසා 7 වැනි දා තීන්දුව දේවි. දැනට සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමත් තීන්දුව දෙන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීමටත් නියෝග කිරීම පමණයි.

Tuesday 13 November 2018

ජාතිකත්වය අධිකරණය හා නව සංධානය


ජාතිකත්වය අධිකරණය හා නව සංධානය



ඊයේ අධිකරණ භූමියේ දී දළ වශයෙන් මෙරට ජාතික හා විජාතික කණ්ඩායම් දැක ගන්නට ලැබුණා. එහි නියෝජනය වුණෙ ඒ කණ්ඩායම්වල රටේ ඉන්න පිරිසගෙන් සුළු කොටසක් පමණයි. එහෙත් අද ඇත්තේ ජාතික හා විජාතික බලවේග අතර සටනක්. මෙය අන්තිම සටන කියා මා කියන්නේ නැහැ. එහෙත් මෙය ඉතා වැදගත් සටනක්. සටන අද අධිකරණය ඉදිරියට පැමිණිලා. මේ නඩු ගැන ව්‍යවස්ථාව ගැන මා බොහෝ දේ ලියා තිබෙනවා. නඩුව අධිකරණයට පැමිණි පසු තවදුරටත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නඩු තීන්දුව දුන්නට පස්සෙ බලමු.

Monday 12 November 2018

ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්


ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්



දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම නාට්‍යයේ ඉන්නවා අමේෂා කියා චරිතයක්. ඇගේ යෙහෙළියක් වූ නිලූ හා නිලූගේ සැමියා මේනක තරුණ අනුහස් හා අවන්ත අසමගි කිරීම සඳහා අමේෂා යොදා ගන්න සැලසුම් කරනවා. අමේෂා කියන්නෙ අවන්තගෙ අම්මා. අනුහස්ගේ අම්මා අමේෂා නොවූවත් පියා අවන්තගේත් පියා. අමේෂා ව්‍යාපෘතිය සාර්ථක වේ දැයි සමහරවිට ලබන සතියේ දී දැනගන්න පුළුවන් වේවි. දැන් පඬිපෝතකයකු කියන්න බැරි නැහැ මා බලන්නේ දෙවෙනි ඉනිම වැනි ජනප්‍රිය නාට්‍ය මිසක් ඊනියා සම්භාව්‍ය නාට්‍ය නොවෙයි කියා. ඒකට කමක් නැහැ. මා සම්භාව්‍යත් නැහැ ජනප්‍රියත් නැහැ.

Sunday 11 November 2018

33(2)(ඇ) අනවශ්‍යයි


33(2)(ඇ) අනවශ්‍යයි



දැන් හැමෝම වගේ කැරොල් කරත්තයට නැගලා. සුපුරුදු පරිදි මා කරත්තයෙන් බස්සලා. මා අවුරුදු තුනක් කරත්තයේ තනියම යද්දී මට හූ කියපු, අඩෝ බැහැපන් කියපු අය අද කරත්තයේ යනවා.  කොහොම හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරිලා. ඒ සඳහා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දුන්න. ශක්තිය මයිලෝ ද කියලා අහපු අය විතරක් නොවෙයි ඕව වෙන වැඩ ද කියලා අහපු අයත් හිටියා. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරී මහින්ද අගමැති පදවියට පත් කෙරුණේ 42(4) හා 43(3) අනුව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථානුකූල ව. එහි දී නීති විශාරදයන්   කී ඊනියා ජාතික ආණ්ඩුව කඩා වැටීම, රනිල් අස් කිරීම ආදිය බලපෑවේ නැහැ. අදත් එලෙස ම 33 (2) (ඇ) බලපාන්නේ නැහැ.

Friday 9 November 2018

කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි (නොවැම්බර් 9 වැනි දින පළ වූ නොවැම්බර් 10 වැනි දිනට නියමිත ලිපිය)


කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිටයි. එය විවිධ අනූව්‍යවස්ථා මගින් ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ නීතියේ පරස්පර මැයෙන් ලියූ ලිපියේ සඳහන් ව ඇති. එහි මා තවදුරටත් සඳහන් කළා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වෙනත් ක්‍රම නැත්තේ නැති බව.

නීතියේ පරස්පර


නීතියේ පරස්පර



මහා නීති විශාරදයන් සටනට බැහැලා. නීතිය පිළිබඳ කිසිම උගත්කමක් නැති මා කියන දේට වඩා නීති විශාරදයන් කියන දේ ජනතාව හා දේශපාලනඥයන් පිළිගන්නවා. මාධ්‍යවේදීන් අතිවිශාල බහුතරය නම් මා කියන දේ තුට්ටුවකවත් ගණන් ගන්නේ නැහැ. රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොනවට ද කියලා අප කුඩා කාලයේ කතාවක් තිබුණා. දැන් රුපියලත් අලුක්කාලක් වෙලා. නීති විශාරදයන් ද අලුක්කාල් වෙලා. ඒ නිසා නීති විශාරදයන් කියන දේ ගැන අපටත් කතා කරන්න පුළුවන් අලුක්කාල හා රුපියල අතර ඒ තරම් වෙනසක් නැති නිසා.

Thursday 8 November 2018

ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය


ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක් පවත්වන්න කියන එකේ තේරුම එසේ විසුරුවා හැරීම ගැන පරමාධිපත්‍යය තියෙනව කියන මිනිසුන්ගෙ කැමැත්ත අකමැත්ත දැන ගැනීම. එය කරන්නෙ කොහොමද  කියන එක ප්‍රශ්නයක්. මා හිතන විධියට නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 86 වැනි ව්‍යවස්ථාව යටතේ කරන්න පුළුවන්. එහෙත් එය කළ යුත්තේ 85 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත් ව. නීතියේ ඇති මේ තත්වයන් නොදැන නීතිය ගැන කතා කරන්න යෑම තරමක් ප්‍රශ්නයක්.

Wednesday 7 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක්


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක්





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ප්‍රශ්නයක් වෙලා. අද තියෙන්නේ ව්‍යවස්ථා අර්බුදයක් නොවෙයි.  ව්‍යවස්ථාවක අර්බුදයක්. ව්‍යවස්ථාවක පටලැවිල්ලක්. ජේ ආර් ගේ 78 ව්‍යවස්ථාව හා රනිල්ගේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වූ අර්බුදයක්. මේ අර්බුදය කොහොමටවත් රනිල් වික්‍රමසිංහ කියන විධියේ එකක් නො වෙයි. එය ඔහු කියන විධියට ඔහු හා මෛත්‍රිපාල අතර වූ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඇති වූ එකක්. මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නයක්. ඊනියා ජාතික ආණ්ඩු කාලයේ ප්‍රශ්නය මතු වූයේ රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් ලෙසයි.

Tuesday 6 November 2018

කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ


කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ



ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආකාරයට. ඔහු 1505 පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වසර සැමරීමට උත්සාහ ගත් තැනැත්තා.

Monday 5 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම



මෛත්‍රිපාල - මහින්ද එකතුව ගැන අද බොහෝ දෙනා කතා කරනවා. එහෙත් පසුගිය විසිහයවැනි දාට පෙර එවැන්නක්  ගැන කතා කෙළේ සිරිජාතිකවාදීන් කිහිප දෙනකු පමණයි. අද නම් බොහෝ දෙනකු සිරිජාතිකවාදීන්. එහෙත් ඇතැම් සුපිරි මහින්දවාදීන් බලා ඉන්නේ මේ ආණ්ඩුව කඩා වැටෙන තෙක්.  ආණ්ඩුව එහෙම කඩා වැටෙන්නේ නැහැ. අද ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තියෙනවා. එය 113ක් විය යුතු ම නැහැ. අනෙක් අතට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ප්‍රශ්න තිබෙනවා. එයට හේතුව රටට ම ශාපයක් වූ දහනවවැනි සංශෝධනය. අද එකී සංශෝධනය එ ජා පෙරමුණට ම පාරාවළල්ලක් බවට පත් වී තිබෙනවා.

Sunday 4 November 2018

රනිල් ඉවත් කිරීම ගැන වචනයක්


රනිල් ඉවත් කිරීම ගැන වචනයක්



කිහිප දෙනකු ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ගැන උනන්දුවක් දැක්වීම හොඳයි. කිසිම දෙයක් විශේෂඥයන්ට පමණක් භාර දී පැත්තකට විය යුතු නැහැ. යුද්ධය ජෙනරාල්ලාට පමණක් භාර නොදිය යුතු යැයි බටහිර කතාවක් තියෙනවා.  නීතියත් එසේමයි. එය නීතිඥයන්ට පමණක් භාර දෙන්න හොඳ නැහැ. පැරණි සිංහලයන් බොහෝ දේ දැනගෙන හිටියා. අපේ සමාජය වෙනත් බොහෝ සමාජවලට වඩා සමජාතීයයි. එහි ඕනෑම ක්‍ෂෙත්‍රයක ඉහළ ම අය හා පහළ ම අය අතර විශාල පරතරයක් නැහැ. යටත්විජිත සමයෙහි විශාල පරතරයක් ඇති කරන්න උත්සාහයක් ගත්තා. අද එය ක්‍රමයෙන් කැඩී යනවා.

Saturday 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.

Friday 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.

Thursday 1 November 2018

අරාබි වසන්තයක්


අරාබි වසන්තයක්



එංගලන්ත (අවශ්‍ය ම නම් එක්සත් රාජ්‍යය) පාර්ලිමේන්තුවෙ කියල තියෙනවා ලංකාවෙ අගමැති හැටියට පිළිගන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. ඒක භයානක කතාවක්. එංගලන්තෙට අපේ අගමැති කවුද කියා තීරණය කරන්න බැරි බව දන්නවා. ඒත් මේ කියන්නෙ එන පොට හොඳ නැති බවයි. මේ වැඩේ පටන් ගත්තෙ රනිල් තමන්ට කැමති තානාපතිලා හා මහා කොමසාර්ස්ලා ගෙන්නලා තමන්ගෙ දුක් ගැනවිල්ල කිවුවට පස්සෙ. ඔහු සෘජුව හෝ වක්‍රව හෝ ඒ රටවලට කියා ඇත්තේ තමා ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කළ අගමැති බැවින්  අගමැති තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව සලසන්න කියා. අද ඔහුට පාර්ලිමෙන්තුවේ බහුතරයක් නැහැ. එ  ගැන අපි පස්සෙ කතා කරමු. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති නිසා රනිල් බටහිරයන් එක්ක අර බැරිවෙච්ච අරාබි වසන්තය ඇති කරන්න හදනවා.