Kashyapaවෙනවා. මේ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාටත් මෛත්‍රිපාල
සිරිසේන ජනාධිපතිවරයාටත් විරුද්ධව කෙරෙන ප්‍රකාශ. මේ සියල්ලට ම මුල 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදයත්
ඒ සමග ඉංගිරිසින්ගෙ සහායෙන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ තිබූ දෙමළ ජාතිවාදයත්
පරාජය කිරීම. ඊයේ මහින්ද රාජපක්‍ෂ කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවුණේ කොටි පැරදවීමට එ
ජා පක්‍ෂයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විරුද්ධ ව කටයුතු කළ ආකාරය. ඒ අතර මෛත්‍රිපාල
සිරිසේන කියා තිබුණා කිනම් හේතුවක් මතවත් රනිල්ට අගමැතිකම නොදෙන බව. ඒක දොන් ජුවන්
ධර්මපාලට නැවත රජකම නොදෙනව වගේ වැඩක්. සුද්දන් ඒකට විරුද්ධයි. කොහොමටත් රනිල්ට
මහින්දට තරම් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. අජිත් පෙරේරාට සංකල්ප තේරෙන්නෙ නැහැ.
මෛත්‍රිපාල හිතන්න ඇති රනිල් තම සිංහල බෞද්ධ විරෝධී බව අත්හැරලා රටේ
යහපතට කටයුතු කරාවිය කියලා. සමහරවිට රාජිත සේනාරත්න ඔහු නොමග යවන්නත් ඇති. එහෙත්
පරිණත දේශපාලනඥයකු ලෙස 2014 අවසානයේ මෛත්‍රිපාල තේරුම් ගත යුතුව
තිබුණ රනිල් සමග දේශපාලන දීගයක් කන්න බැරි බව. කෙසේ වෙතත් මෛත්‍රිපාලට මාස තුනක්
වැනි කෙටි කාලයක දී තම වරද තේරුම් යන්න ඇති. එදා සිට ඔහු ප්‍රසිද්ධියේ කෙසේ වෙතත්
අප්‍රසිද්ධියේ ඒ දීගය කඩන්නේ කොහොම දැයි හිතුවාට සැකයක් නැහැ. අපත් ඒ දිනවල ම දීගය
කඩන හැටි කියා දුන්නා. එහෙත් බොහෝ කලකට පසු එය ක්‍රියාත්මක වුණෙ තරමක් විකෘත වෙලා.
ඊයේ මා දෙරණ පටන් ගත් රාවණ නැරඹුවා. එහි කියන්න යන්නෙ අප දන්නා රාවණ
කතාවලට වඩා තරමක් වෙනස් එකක් බව පැහැදිලියි. මේ කතාවට අනුව යක්ඛයන්ගේ සුමාල රජු
පරදවා දේවයන්ගේ කුවේරට රජකම ලබා දෙන්නේ සුරයන්. සුරයන් විදේශිකයන්. කුවේර සීගිරියේ
රජ කරනවා. සීගිරිය තමයි ආලකමන්දාව. මා ඊයේ පෙරේදා කල්පනා කරමින් සිටියේ සීගිරියේ
කැටපත් පවුර ගැන. එය කුවේරගෙ වැඩක් වෙන්න බැහැ. සමහරවිට යක්ඛ කාශ්‍යප රජුගෙ වැඩක්
වෙන්න ඇති. සීගිරිය ගැනත් නොයෙක් කතා තියෙනවා. එය මහායාන පන්සලක් කියලත් මතයක්
තියෙනවා.
ඒ තමයි දැනුම නිර්මාණය කරන විධිය. යමක් තේරුම් ගන්න (තේරුම් ගන්න කියන
එකටත් විවිධ තේරුම් තියෙනවා!) හිතළු ගොතනවා. සීගිරිය සම්බන්ධයෙන් බොහෝ විට ගොතන්නෙ
සංයුක්ත කතා. බටහිරව විද්‍යාවෙ යම් සංසිද්ධියක් තේරුම් ගන්න වියුක්ත කතා ගොතනවා.
ඒවාට ප්‍රවාද කියා ඇඟ බේරා ගන්නවා. ඒ පට්ටපල් බොරු. මේ පට්ටපල් බොරුවලින් වැඩ ගන්න
පුළුවන්. ඒවා සමහර විට හරි යනවා. හරි යනවා කියන්නෙ හරි කියන එක නො වෙයි.
ඇතැම් පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් බිත්ති පුවත්පත් බිත්ති සඟරා
තියෙනවා. මේ බිත්ති පුවත්පත්වල සඟරාවල ඒ බිත්ති පුවත්පත කරන කල්ලියට ලියන්න
පුළුවන්. අනෙක් අයට බැහැ. සීගිරි කැටපත් පවුරෙ (බිත්තියෙ) විවිධ අය කුරුටු ගී ලියා
තියෙනවා. ඒ ලිව්වෙ කාශ්‍යප රජුගෙ අය පමණක් නොවන බව පැහැදිලියි. ඒ කුරුටු ගී
ලියන්නත් කියවන්නත් ඕනෑම කෙනකුට පුළුවන් කම තිබුණා කියලා හිතනවා. හැබැයි ඒකට
සීගිරියට යන්න ඕන.
සකර්බර්ග් කරල තියෙන්නෙ තාක්‍ෂණය යොදා ගෙන කැටපත් පවුර ගෙදරට
(දුරකථනයට) ගෙනැවිත් දීමයි. ඒකෙත් බිත්ති (wall) තියෙනවා. සකර්බර්ගෙ පවුරුවලත් ඕනෑම අයකුට ලියන්න පුළුවන්. හැබැයි සීගිරියට යන්න ඕන නැහැ. කාශ්‍යප රජු හා
සකර්බර්ග් අතර තව වෙනසක් තියෙනවා. ඒක හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්. සීගිරි කැටපත්
පවුරෙ ලියපු අය බොහොම විනයකින් ඒ කරල තියෙන්නෙ. ඒ අපේ සංස්කෘතියෙ තිබූ විනය. එහෙත්
සකර්බර්ග්ගෙ පවුරුවල ඕන කුණුහරුපයක් ලියන්න පුළුවන්. අපේ දරුවන් අද කියවන්නෙ මේ
කුණුහරුප හා ද්‍රව්‍යවාදී අදහස්.
මේ නිදහස් දෙකක් අතර වෙනස. පවුර ඕනෑම අයකුට විවෘතයි. ඒත් සීගිරි
පවුරෙ ලිව්වෙ විනයක් ඇතිව. සකරබර්ගෙ පවුරුවල ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මුරුතෙට ගිහින්
ඕනෑම කුණුහරුපයක් ලියන්න පුළුවන්. මේක තමයි ඊනියා භාෂණයේ නිදහස. ඒක දියුණුවක් කියල
කියයි. අපේ ජනකවියන් තම පෙම්වතිය වෙන අයකු සමග දීග ගියාම පෙම්වතියට වෛර කෙළේ නැහැ.
ඒත් දැන් නිදහස තියෙනවා ප්‍රේමය කඩ වීම වෙනුවෙන් මිනි මරන්න. ඒ මැරීම ගැන සිංහල
බෞද්ධ සංස්කෘතියට දොස් පවරන්නත් නිදහස
බටහිරයන් දීල තියෙනවා. බටහිර සිදුවන මිනීමැරුම් ගැනත් දොස් පවරන්නෙ සිංහල බෞද්ධ
සංස්කෘතියට ද? අද දරුවන්ට ජන ගී ඇහෙනව ද? ඇහෙන්නේ පෙම් අඳෝනා හා විලාප. ඊළඟට වාස්තවික යැයි කියන ද්‍රව්‍යවාදී බටහිර විද්‍යාව
හා ප්‍රංශ විප්ලවයෙ යල් පැනපු අදහස්.
රාවණ හා යක්ඛයන් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත පුලස්ති වැනි
සෘෂිවරුන් සමග සහායෙන් කටයුතු කළ අය. ඔවුන් දැනුම ලබා ගැනීමේ දී හිතළුවලට වඩා ආධ්‍යාත්මික
ශක්තිය මත පදනම් වූ අය. අප එසේ දැනුම ලබා ගන්න විට සුද්දන්ගෙන් වචනයක් දෙකක් කට ගාගත්
අය අපට හිනැහෙන්නෙ සුද්දන්ගෙ ආධිපත්‍යය අප මත පැටවීමට. අප අනුගමනය කරන්නෙ
පුලස්තිලව. යක්ඛයන්ගේ දෙවියන් (නෑ යකුන්) සුරයන්ගේ දෙවියන් වගේ නො වෙයි. සුරයන්ගේ
දෙවියන් සුදුයි. යක්ඛයන්ගේ දෙවියන් සුදුයි කළුයි දෙක ම. ඝරසර්ප චිත්‍රපටියෙහි
කළුකුමාරත් එහෙමයි. කළුකුමාරගෙ හා කාලිඅම්මගෙ කළු සුදු දෙක ම තියෙන බව කිව්ව ම
පඬියකු ඒකෙ නිරුක්තියක් ගැන කතා කළා. මේ පඬියන් දන්නා චතුස්කෝටිකයක් නැහැ. පඬියන්ට
අවශ්‍ය පඬිකම පෙන්නන්න.
අවුරුදු පන්සියක නොව පන්දාහක කාලයක මේ රටේ සිිදුවන්නෙ එක ම ක්‍රියාවලියක්
වෙනත් ස්වරුපවලින් කියල හිතෙනවා. අපේ බලවත් රජවරු විජාතිකයන් අතින් පරාජය කෙරෙන්නෙ
අපේ රටෙන් ම පිරිසක් කුලියට ගෙන. කුලිය අද නම් රුපියල් කෝටි ගණන්වලින් නියම
වෙන්නෙ. රාවණ රජුත් පැරදුණෙ රාමලා විභීෂණ කුලියට ගැනීමෙන්. එදා කුලියට රජකම ලබා
දුන්න. කුවේර, විභීෂණ, දොන් ජුවන් ධර්මපාල එක වල්ලෙ පොල්. ඒ අතරත් ඉන් පසුවත් එවනි තවත් අය
හිටිය. අදත් ඉන්නව.
මෙරට දෙමළ ජාතිවාදය තනිකර ම සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට
සුද්දන් ඇති කරපු දෙයක්. සුද්දන් අදත් දොන් ජුවන් ධර්මපාල කෙනකු යොදා ගන්නවා. මෛත්‍රිපාල
ඔහු සමග ඉන්නකම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, කුණුහරුපයක් වූ ඊනියා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයෙක්.
එතැනින් කැඩුණු ගමන් මෛත්‍රිපාල ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්. ප්‍රජාතන්ත්‍රවාදියා
කියන්නෙ සුද්දන් එක්ක ඉන්න අයකුට. සුද්දන්ට විරුද්ධ වන අය ප්‍රජාතන්ත්‍ර විරෝධීන්.
ළමයින්ට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන එක හරි ලේසියි. කලකට ඉහත ඇතැම් පාසල්වල සිංහල
ඉගැන් වූ ගුරුවරයා ගමයා වුණා. අද මෛත්‍රිපාලට ඇතැම් අවමංගල පවුරුවල අපහාස කරන්නෙ
ගමරාළ කියලා. සුද්දන් අපේ දැනුමට සංස්කෘතියට ගරහන්න උගන්නල තියෙන්නෙ එහෙමයි. ගමයගෙ ගමරාළගෙ වටිනාකම දරුවන් දන්නෙ නැහැ.
ඔවුන් දන්නෙ ත්‍රිරෝදවල හා සෙක්‍යුරිටි රස්සාවල වටිනාකම.
ඒ කාලෙ කුවේරත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන්න ඇති. ඒ ඔහු සුරයන්
සමග සිටි නිසා. විභීෂණ කියන්නෙ වාල්මිකී දාපු නමක්. ඒ භීෂණය නැති කිරීම යන
අර්ථයෙන්. ඒ කියන්නෙ ඔහු හොඳ සංහිඳියා කාරයෙක්. සංහිඳියාවත් ප්‍රජාතන්ත්‍රවාදය
වගේ.
පඬියන් කියාවි මේ ලිපියෙ එල්ලයක් (focus) නැහැ කියලා. මට එල්ලයක් තියෙනවා. ඒක
බටහිරයන්ගෙ එල්ලය නො වෙයි.