ජාතිකත්වය අධිකරණය හා නව සංධානය
ඊයේ අධිකරණ භූමියේ දී දළ වශයෙන් මෙරට ජාතික හා විජාතික කණ්ඩායම් දැක
ගන්නට ලැබුණා. එහි නියෝජනය වුණෙ ඒ කණ්ඩායම්වල රටේ ඉන්න පිරිසගෙන් සුළු කොටසක්
පමණයි. එහෙත් අද ඇත්තේ ජාතික හා විජාතික බලවේග අතර සටනක්. මෙය අන්තිම සටන කියා මා
කියන්නේ නැහැ. එහෙත් මෙය ඉතා වැදගත් සටනක්. සටන අද අධිකරණය ඉදිරියට පැමිණිලා. මේ
නඩු ගැන ව්‍යවස්ථාව ගැන මා බොහෝ දේ ලියා තිබෙනවා. නඩුව අධිකරණයට පැමිණි පසු
තවදුරටත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නඩු තීන්දුව දුන්නට පස්සෙ බලමු.
ඒත් අධිකරණයට ජාතික විජාතික දෙපැත්ත ම පැමිණිලා. එයින් කියන්නෙ නැහැ
මෙහි පැහැදිලි බෙදීමක් තියෙනව කියලා. ජාතික යැයි හිතන කඳවුරේ ජාතිකත්වයට විරුද්ධ
අයත් ඉන්නවා. ඔවුන් එහි ඉහළ තැන්වලත් ඉන්නවා. හැකි ඉක්මණින් ඔවුන් ඉවත් කළ යුතුයි.
ජාතිකත්වයත් එකිනෙකා ළඟ විවිධ මාත්‍රවලින් තියෙන්නෙ. සමහරුන් ළඟ තියෙන්නෙ බෙහෙතට
ගන්න මාත්තුවක ප්‍රමාණයටත් අඩුවෙන්.
විජාතික කඳවුරේ බෙදීම් වැඩියි. එහි නායකත්වය පිළිබඳ ප්‍රශ්නය කවදාවත්
නොතිබූ තරමකට ඉදිරියට ඇවිත්. රනිල් අගමැති ධුරය දැරීම නැවැත් වූ විට ඔහුගේ එ ජා ප
නායකත්වය ද නැවැත්වීමට කටයුතු යෙදිලා. එක් පැතතකින් සජිත් හා රවි එ ජා පක්‍ෂයේ
නායකත්වයට තරග වැදී සිටිනවා. රවි දැනට ටිකක් පස්සට වී තිබෙන බවක් පේනවා. මේ අතර
චම්පක හා රාජිත අපි ඔක්කොම රජවරු ගීතය ගායනය කරනවා. ඒත් ඔවුන්ට තුන් සිංහලය ම තබා
එක සිංහලයක්වත් නැහැ. ඔවුන්ට අන්තිමට අපි ඔක්කොම කොහොම වෙතත් අපි දෙන්නා වැසියෝ
කියන්න සිදු වෙනවා.
ඊයේ අධිකරණයට රත්නජීවන් හූල් ද පැමිණිලා. ඔහු තවමත් මැතිවරණ කොමිසමේ
සාමාජිකයෙක් කියන එකයි මගේ අදහස. මා දන්නා තරමට ඔහු තවමත් අස්වෙලා නැහැ. ඔහුට
කියන්න බැහැ තමා පෙනී සිටින්නේ පෞද්ගලික ව කියා. එහෙම වුණොත් ඕනෑම තනතුරක් දරන
අයකුට ඔවැනි අවස්ථාවලදීත් කියන්න පුළුවන් වේවි තමන් ක්‍රියා කරන්නෙ පෞද්ගලික ව
කියා. ඔහුට කරන්න තිබුණෙ පළමුව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වෙන්න. මැතිවරණ කොමිසම
හැටියට ජනාධිපති නියෝගවලට පිටින් යන්න බැහැ.
කොහොමටත් මෙයින් එක් කාරණයක් පැහැදිලි වෙනවා. ඔය ඊනියා ස්වාධීන
කොමිසම් සභාවල ස්වාධීන යැයි කියන පුද්ගලයන් නැති බව. කිසිම මිනිහකු ස්වාධීන නැහැ.
හැම මිනිහකුට ම යම් මතයක් තියෙනවා. එය තම හැදියාවෙන් ලැබෙන දෙයක්. මිනිහකු මේ භවය
ලෙස ගතහොත් සාවාධීන වන්නේ මරණයෙන් පසු. වාස්තවික මිනිසුන් කියා කොටසක් නැහැ. මට
හිතෙන්නෙ අපට පෙනෙන විධියට වාස්තවික වස්තුත් නැති බව. මිනිසුන් ඊනියා යථාර්ථයක්
ගැන කතා කරන්නෙත් මතයක් උඩ. අද අධියථාර්ථය, අනුමාන යථාර්ථය ආදිය ගැන කතා කරන්නෙ යථාර්ථයක් නැති බව පිළිගැනීමට
ඇති අකමැත්ත නිසා. මා කියන්නෙ මෙරට පඬියන් ගැන නොවෙයි. බටහිර බුද්ධිමතුන් ගැනයි.
මෙරට බුද්ධිමතුන් නැහැ. ඉන්නේ අනුකාරක අහිනක් පමණයි.
රත්නජීවන් හුල් කියන්නෙ දෙමළ ජාතිවාදී අදහස් දරන්නෙක්. ඔහු එල් ටී ටී
ඊ සංවිධානයට විරුද්ධ වන්න ඇති. එහෙත් ඒ සංවිධානයට විරුද්ධ දෙමළ ජාතිවාදීන් ද
හිටියා. හූල් දෙමළ ක්‍රිස්තියානි. ඔහු මැතිවරණ කොමිසමට පත් කරනු ලැබුයේ කවුරුන්
විසින් ද? පත් කළ අයත් පත් කරනු ලැබූ අයත් එක ම
කඳවුරේ. කණ කොක් සුද පෙනෙන්නේ ඉගිළෙන විට දී කිව්වළු. ඇතැමුනට හූල්ගෙ පාට පේන්නෙ
දැන්. හූල් ද්විත්ව රටවැසියෙක් ද යන්න මෙහි දී අදාළ නැහැ. ද්විත්ව රටවැසියන් ද දළ
වශයෙන් ජාතික හා විජාතික යනුවෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙරට උත්පත්තියෙන් රටවැසියන් වූ ඇතැමුන් ද අධ්‍යාපනයෙන් විජාතික වෙලා.
මෙහි දී ගෝඨාභය රාජපක්‍ෂගේ ද්විත්ව රටවැසිකම ගැනත් කතා කරන්න ඕන.
ඔහුගේ ද්ව්ත්ව රටවැසිකම තිබිය දී තමයි
ඔහු මෙරට ආරක්‍ෂක ලේකම් පදවිය ඉසිලුවෙ. එයින් රටට යහපතක් සිදු නොවී යැයි කියන අය
ඉන්නවා නම් ඒ විජාතික කඳවුරේ අය.
ඊයේ ලිපියේ සඳහන් කළ අනතුර යම් ප්‍රමාණයකට පහ වී ගොස්. පොදුජන පෙරමුණ
හා ශ්‍රී ල නි ප එකඟතාවකට පැමිණ තිබෙනවා නව සංධානයකින් තරග කරන්න. එය හොඳයි. එහෙත්
තවමත් ඒ නව සංධානයේ සභාපති ලේකම් තනතුරු ගැන එකඟත්වයක් නැහැ. මෙය වහා විසඳාගත
යුතුයි. සියල්ලන්ට එකඟ විය හැකි පුද්ගලයන් සභාපති ලේකම් තනතුරුවලට පත්කර ගන්න එක
පහසු කාර්යයක් නො වෙයි.
අද රටේ ජාතිකත්වයේ යම් පිබිදීමක් තිබෙනවා. නව සංධානයේ නම ගැන ප්‍රශ්නයක්
නැති පාටයි. ලකුණත් ප්‍රශ්නයක් නො වෙයි. ලේකම් ධුරයට ජාතික වශයෙන් පිළිගත්
පුද්ගලයකු පත්කර ගැනීම හොඳයි. ගෝඨාභය එයට කැමති නම් ඒ සඳහා සුදුසු ම පුද්ගලයා ඔහු
කියා මා හිතනවා. ඔහුටත් විරුද්ධ වන කිහිප දෙනකු ඉන්න පුළුවන්. නමුත් වැඩි පිරිසකට
ඔහු පිළිගත හැකි ය කියා විශ්වාස කරනවා. ඔහුගේ ද්විත්ව රටවැසිකම කාට ප්‍රශ්නයක්
වුණත් නව සංධානයේ කිසිවකුටවත් ප්‍රශ්නයක් වන එකක් නැහැ. ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ
නැති වුවත් දේශපාලන වැඩ කරනවා.