කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ
ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද
රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය
සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට
ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප
හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු
මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ
බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට
විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආකාරයට. ඔහු 1505 පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වසර සැමරීමට
උත්සාහ ගත් තැනැත්තා.
අද කතානායක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 118 දෙනකු තමන් රනිල් අගමැති ලෙස පිළිගන්නා බව
සඳහන් කරමින් ලිපියක් ලැබී ඇති බැවින් තමා
ද රනිල් අගමැති ලෙස පිළිගන්නා බව කියා තිබෙනවා. කරු ජයසූරියට එක්සත් ජාතික පක්‍ෂයේ
නියෝජ්‍ය නායක හැටියට හෝ පෞද්ගලික ව හෝ රනිල් අගමැති ලෙස පිළිගන්න පුළුවන්. එය කරු
ජයසූරියගේ පාක්‍ෂික හෝ පෞද්ගලික හෝ මතය. එහි නීත්‍යානුකුල බවක් නැහැ. මැතිවරණයක දී
කරු ජයසූරියට ඡන්දය ප්‍රකාශ කිරීම මගින් තම මතයට වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.
අනෙක් සෑම ඡන්දදායකයකුට ම ඒ අයිතිය තිබෙනවා. එහෙත් කතානායක ලෙස ඔහුට රනිල් අගමැති
ලෙස පිලිගන්න බැහැ.
කරු ජයසූරිය අද පෙනී සිටිින්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්
නො වෙයි. ඔහු නිවට විධියට රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා. ඊයේ ජනාධිපති කළ කතාවෙනුත්
ඒ බව පැහැදිලි වුණා. 2015 පෙබරවාරි 9 වැනි දා ඔහු කතානායක නො වෙයි. ඔහු එ ජා පක්‍ෂයේ. ඔහු එදා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය
වෙනුවෙන් පෙනී සිට රනිල් අගමැති කිරීමට ගත් තීරණයට විරුද්ධ වූයේ නැහැ. ඔහු ඒදා ඒ
තීරණය ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. මෙහි දී තවත් කරුණක් මතක් කළ යුතුයි. එදා කතානායක ව
සිටියේ චමල් රාජපක්‍ෂ. චමල් ශ්‍රී ල නි පක්‍ෂයේ. එහෙත් ඒ බව ඔහුට ජනාධිපති තීරණය
පිළිගෙන රනිල් අගමැති ලෙස පිළිගැනීමට බාධාවක් වුණේ නැහැ. ඔහු ඒ ගැන දි මු ජයරත්න
වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කෙළේ නැහැ. එ පූර්වාදර්ශය තිබිය දී කරු ජයසූරිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක
නාමයෙන් රනිල් වෙනුවෙන් ප්‍රකාශ කිරීම නින්දිතයි. ඔහු පාර්ලිමේන්තුවේ ස්පීකර් මිස
රනිල්ගේ ස්පීකර් නො වේ. වත්මන් ආණ්ඩුවේ පළමු කාර්යයක් විය යුත්තේ කරු හිටපු
කතානායක කිරීමයි.
කතානායකට ව්‍යවස්ථාවට විරුද්ධ ව තමා කැමති අයකු හෝ තම මතය (එනම්
පෞද්ගලික හෝ පාක්‍ෂික හෝ නොව නිල වශයෙන් කතානායක ලෙස) අනුව අගමැති යැයි නම් කිරීමට
හෝ පත් කිරීමට හෝ ප්‍රකාශ කිරීමට හෝ බලයක් ලැබී නැහැ. කතානායකට එසේ බලයක් තිබෙනවා
යැයි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් ව්‍යවස්ථාවකට එකඟව ද? පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල කිනම් වගන්තියකට
එකඟව ද? මා අභියෝග කරනවා ඕනෑම කෙනකුට කතානායකට
එවැනි බලයක් හිමිකර දී ඇති ව්‍යවස්ථාවක් හෝ වගන්තියක් හෝ උපුටා දක්වන ලෙස.
නිල වශයෙන් තම මතය අනුව අගමැති පත් කළ හැක්කේ ජනාධිපතිට පමණයි. ඒ
මෛත්‍රිපාල සිරිසේන යන පුද්ගලයාට නොව ජනාධිපතිට. වෙනත් අයකුට නිල වශයෙන් එසේ කරන්න
කිසිම බලයක් කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ. කතානායක එකී ප්‍රකාශය කර ඇත්තේ ව්‍යවස්ථාවට
විරුද්ධව. අද කතානායක ලෙස මේ ප්‍රකාශ කරන්නේ එක් පැත්තකින් ජනතාව මුළා කිරීමටත්
අනෙක් පැත්තෙන් බටහිරයන්ට අවි සැපයීමටත්.
ලංකාවේ කතානායක මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස නොපිළිගන්නේ යැයි බටහිර රටවල් තම
රටවැසිියන්ට කියාවි. එසේ කියා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා යම් යම් පියවර
ගැනීමට සිදු වී ඇති බවත් බටහිර රටවල් කියාවි. මෙය භයානක කටයුත්තකට හෝ කටයුතුවලට හෝ
මුල පිරීමක්. බටහිරයන්ට ආයුධ සැපයීමක් වන්නේ එබැවිනුයි. පැහැදිලිව ම බටහිර රටවල්
අනියමින් මෙත්‍රිපාල මහින්ද ආණ්ඩුවට විරුද්ධ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. අප අරාබි
වසන්තයක් ගැන ලියු ලිපියෙන් මේ අනතුර ගැන කියා ඇති.
තවමත් බොහෝ දෙනකු මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කිරීම යුක්තියුක්ත
කරමින් මා ලියූ ලිපි තේරුම් ගෙන නැහැ. මා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු
අදාළ ව්‍යවස්ථා (ව්‍යවස්ථාවේ වගන්තිවලට කියන්නේ ව්‍යවස්ථා කියා)
සම්පූර්ණයෙන් ප්‍රකාශ කර නැහැ. සමහරු එහි වචනවලට තම තමන් කැමති නිර්වචන දෙනවා. මා
අදාළ ව්‍යවස්ථා අද සඳහන් කරන්නම්.
42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු
ලැබිය යුත්තේ ය.
43(3): ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය
වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය
මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමෙ අඛණ්ඩ
පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.
48(1): පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහා මැතිවරණය අවසානවීමත් අතර
කාලය තුළ හැර, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා
අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක
කරමින් ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන, සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයකු
ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද,
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්
ද, නියෝජ්‍ය අමාත්‍යවරයන ද පත් කළ යුත්තේ
ය.
සිංහල කියවා තේරුම් ගත හැකි අයකුට ඉහත සඳහන් අනුව්‍යවස්ථා පැහැදිලි
විය යුතු ය. 48(1) අනුව අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ
විට ජනාධිපතිවරයා 42 43 44 45 ව්‍යවස්ථා යටතේ අගමැතිවරයකු ද සෙසු
ඇමතිවරු ද, රාජ්‍ය ඇමතිවරු ද නියෝජ්‍ය ඇමතිවරු ද
පත් කළ යුතු ය. 48(1) හි අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වන අවස්ථා
තුනක් සඳහන් වනවා. (1) ධුරයෙන් ඉවත් කරනු ලැබීම, (2) ඉල්ලා අස්වීම, (3) අන්‍යාකාරයක්. මෙහි අන්‍යාකාරයක් යනු අභිමතය නො වේ. අභිමතය
ඉංගිරිසියෙන් arbitrary වෙයි. අන්‍යාකාරය ඉංගිරිසියෙන් otherwise වෙයි. ඉංගිරිිසි හෝ සිිංහල
හෝ දෙක ම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනතක් යනු කුමක් දැයි හෝ නොදන්නා අයකු අන්‍යාකාරය
යන්න අභිමතය ලෙස දක්වන්නට පුළුවන්. මගේ තර්කය රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබ
නැති බවයි. මා එය දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ. එමෙන් ම ඔහු ඉල්ලා අස් වී
නැහැ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ධුරයෙන් ඉවත් කරනු ලැබීම යන්න ඉවත්
කෙරුණේ නැහැ. එහෙත් 46(2) අනුව්‍යවස්ථාවෙන් එය ඉවත් කෙරුණා.
ඉංගිරිසි පරිවර්තනයේ 48(1) හිත් ධුරයෙන් ඉවත් කිරීම යන්න නැහැ.
මෙහි දී නීතියේ අභිලාෂය (intention) පැහැදිලියි. නීතියේ අභිලාෂය කියාත් සංකල්පයක්
තියෙනවා. වැදගත් ඉංගිරිසි පිටපත ද නැත්නම් සිංහල පිටපත ද යන්න මෙහි දී අදාළ වන්නේ
නැහැ.
පැහැදිලි කාරණය අගමැති ධුරයෙන් ඉවත් නොකර වුවත් ඔහු අගමැති ධුරය
දැරීම නතර කරන්න පුළුවන් කියන එකයි. 48(1)න් එය කියැවෙනවා. 48(1) අනුව
අගමැති අන්‍යාකාරයෙනුත් ධුරය දැරීම නතර කරන්න පුළුවන්. මෙහි අන්‍යාකාරය යනු අභිමතයක් නො වේ. සිංහල හෝ
ඉංගිරිසි හෝ ව්‍යවස්ථාවක් යනු කුමක් දැයි හෝ නොතේරෙන දාර්ශනිකයන් මෙන් පෙනී සිටීමට උත්සාහ කරන මැටිමෝලුන් කිහිප
දෙනකු එකතු වී තම අභිමතය අනුව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරී ඇති බව කීමෙන් ඔහු
එලෙස අගමැති ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ. මෙහි අන්‍යාකාරය අභිමතයක් ලෙස නොව ව්‍යවස්ථාවට එකඟ ව සිදුවන්නක් විය යුතුයි. එය 43(3)න් සිදු වෙනවා. 43(3) ගැන මා කොතෙකුත් ලියා ඇති. මා දන්නා තරමින් ඒ ගැන ලියන කියන එක ම
නීතිඥයා මනෝහර ද සිල්වා.