Main Logo

Wednesday 14 November 2018

අද සිදු වූයේ කුමක් ද? (නොවැම්බර් 14 දෙවැනි ලිපිය)


අද සිදු වූයේ කුමක් ද?





අද පාර්ලිමේන්තුවේ සිදු වූ සියල්ල ස්ථාවර නියෝගවලට පටහැණි ය. මෙහි පහත පළවන්නේ අදාළ ස්ථාවර නියෝග ය.



ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි.




සුමන්තිරන් ඇමතිවරයකු නො වේ. ඔහුගේ යෝජනාවට ඡන්ද විමසීමක් කරනු නොලබිණි. ඡන්ද විමසීම් කරන ආකාරය 47 යටතේ දැක්වෙයි. එහි හඬින් කැමැත්ත විමසීමක් සඳහන් නො වේ.



විශ්වාසභංග යෝජනාවක් ඇතුළු ඕනෑම යෝජනාවක් ගෙනෙන ආකාරය 47 හි සඳහන් වෙයි. යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට ලැබෙන්න සැලැස්විය යුතු අතර ඔහු එය කතානායකගේ විරුද්ධත්වයක් නැත්නම් නීති පුස්තකයට ඇතුළත් කළ යුතු ය. එසේ ඇතුළත් කර දින පහකින් පසුව පමණක් විවාදයට ගත යුතු ය.

                                                         

අද සිදු වූයේ ඊනියා විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් නොකර මන්ත්‍රීවරුන්ට යෝජනාවේ පිටපතක් පවා නොදී එදිනම විවාදයට ගැනීම ය. විවාදය අවසන ඡන්දයක් පැවැත්වූයේ නැත. සෙංකෝලය නිසි තැන නොතිබිණි.



15 වැනි ස්ථාවර නියෝගය අනුව සභාව කල් තැබිය හැක්කේ ඊළඟ රැස්වීමේ දිනයට ය. ඊළඟ රැස්වීම් දිනය ලේඛනයක සඳහන් වෙයි. එසේ නොමැතිව වෙනත් දිනයක රැස්වන්නේ නම් ඒ සඳහා යෝජනාවක් සම්මත කර ගත යුතු ය. එවැනි යෝජනාවක් සම්මත නොවිණි.



137 යටතේ කතානායක කල් දැම්මත් සභාව රැස්විය හැක්කේ ඊළඟ රැස්වීම් දිනයේ දී ය. අපි හෙට රැස්වෙමු ද අනිද්දා රැස්වෙමු ද කියා ඇසීම මරණාධාර සමිතියකවත් සිදු නො වේ.



මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අද පාර්ලිමේන්තුවේ සිදු වූ සියල්ල ස්ථාවර නියෝගවලට පටහැණි වී ඇති බව පමණක් නො වේ. පාරලිමේන්තුව නැවත රැස්වන දිනය ද පැහැදිලි නැත.



135. Any one or more of the Standing Orders may be suspended on a motion made after notice by a majority of Members of Parliament at any meeting to enable any special business to be considered or disposed of:

Provided that, a motion under this Standing Order unless proposed by a Minister of the Cabinet of Ministers shall be decided by a division and shall be declared lost if it appears that less than twenty Members of Parliament voted in the majority in support of such motion.



47. (1) The question shall be put by the Speaker and the votes may be taken by voices, 'Ayes' and 'Noes', and the result may be declared by the Speaker.

(2) Any Member who is not agreeable with the decision of the Speaker may call for a division for a vote to be taken in any of the following methods as may be determined by the Speaker. In such case the division bells shall be rung for five minutes and thereafter -

(a) a division shall be taken by counting the Members row by row, rising in their places in support or against the motion before the House;

(b) a division shall be taken by the use of the electronic vote recorder. The Members shall press the appropriate button to indicate the decision of such Members within the time period allowed by the Speaker;



(c) a division shall be taken by the Secretary-General asking each Member separately as to how that Member desires to vote and shall record the votes accordingly. The Secretary-General shall first ask the Prime Minister and then the Ministers of the Cabinet of Ministers, Ministers who are not members of the Cabinet of Ministers and the Deputy Ministers in the respective alphabetical order of their names and then the other Members in the alphabetical order of their names. Any Member may if he wishes to decline to vote state such fact to the Secretary-General. In such case the Secretary-General shall record the name of such Member as having declined to vote.

(3) The Speaker shall announce the numbers of the votes for and against the decision and if the votes are equal the Speaker shall cast a deciding vote. The Speaker shall then declare the result of the division.



27. (1) Notice of questions or motions shall be given in writing, signed by the Member giving the notice and addressed to the Secretary-General. Such notices may be handed over to the Secretary-General at any time when Parliament is sitting or may be sent to or left at the office of the Secretary- General at any time.

(2) The Secretary-General shall, upon receipt of any notice in respect of any question, unless the Speaker rules any question out of order, include in the Order Book for answer on a day not earlier than seven clear days from the day on which the notice was given:

Provided that, any question relating to a matter of urgent public importance may be asked by the Leader of the Opposition or a leader of a recognized political party at the conclusion of questions after due notice has been given to the Minister concerned.

(3) The Secretary-General shall, upon receipt of any notice in respect of any motion, unless the Speaker rules the motion out of order, include in the

Order Book, but unless Parliament otherwise orders, no debate thereon shall take place unless five clear days have elapsed since the notice was given. Notwithstanding anything in this paragraph, notices of motions to be moved at the commencement of Public Business shall be included in the Order Paper if received at the Table on the previous Sitting Day.

(4) No debate shall take place on the giving of notice of any matter.

(5) Unless otherwise provided for in these Standing Orders, no debate shall take place except on a motion or order appearing in the Order Paper.





15. An adjournment of Parliament shall mean an adjournment till the next ordinary Sitting Day, unless Parliament on a motion made after notice has ordered an adjournment to some other definite date. A motion to adjourn sine-die shall not be entertained.





137. (1) The Speaker may suspend a sitting or adjourn Parliament if the Speaker thinks it is necessary to do so to maintain order.

(2) Whenever the Speaker suspends a sitting, the Speaker shall decide when the sitting shall resume. Whenever the Speaker adjourns Parliament it stands adjourned until its next Sitting Day.