වසන්තගේ පැනිලි
විවිධ ජාතිකවාදීන් ඉන්නවා. සමහරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු
මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය
විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස
අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක්
අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද ජීවත් වූවා.
එය ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට ද
යට වීමයි. මේ වත්මන් දේශපාලන අලකලංචිය ඉවර වුණු විටක මේ ගැන තව විස්තර ඇතිව ලියන්න
ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්.
මට මේ කාරණය සිහිපත් වූයේ වසන්ත නරේෂ් පරාක්‍රම සේනානායකගේ පැනිලි
හෙවත් දෝලන දැකලා. බොහෝ දෙනා මේ පැනිලි දකින්නේ දේශපාලන අවස්ථාවාදයක් ලෙස. ඔහු
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ එ ජා ප මන්ත්‍රීවරයෙක්. ඔහුට තම මන්ත්‍රී
ධුරය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති. ඒ නිසා ඔහු ඒ පැත්තට මේ පැත්තට පනිනවා කියා කාට
හරි කියන්න පුළුවන්. අපට එයත් නොසලකා ඉන්න බැහැ.
එහෙත් මෙහි තවත් පැත්තක් තියෙනවා. අප බටහිරයන් මෙන් ඒක හේතුවාදීන්
නොවෙයි. වසන්ත සේනානායක 2010-2015 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ගම්පහ දිස්ත්‍රික්කය
නියෝජනය කළ පසුපෙළ මන්ත්‍රී කෙනකු වූවා. ඔහු සිගරට් පෙට්ටි මුද්‍රණය සම්බන්ධ ප්‍රශ්නයේ
දී සිගරට් නිපදවන සමාගම්වලට එරෙහිව උසාවි ගියා. ඔහු අමද්‍යප ව්‍යාපාරයේ ද සිටියා. 2015 දී තරග කෙළේ එ ජා පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.
වසන්ත සේනානායක ඩී එස් සේනානායකගේ මී මුණුබුරෙක්. වරක් ඩී බී ධනපාල
කියා සිටියේ ඩී එස්ගේ ටේල් කෝට් (වලිග කබා දැන් ඒ දකින්න නැහැ) අස්සෙ සිංහල
ගැමියකු සිටි බවත් බණ්ඩාරනායකගෙ රෙදි බැනියම් අස්සෙ ඉංගිරිසි කාරයකු සිටි බවත්. මේ
දේශපාලන නායකයන් කලකට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඩී එසුත් එහෙමයි. ජේ ආරුත්
එහෙමයි. එහෙත් විවිධ කාලවල ඔවුන් බෞද්ධ වුණා.
වසන්ත සේනානායක ඉගෙන ගත්තෙ ශාන්ත තෝමස් විදුහලේ. සේනානායකලා
පාරම්පරික ව ඉගෙන ගත්තෙ ඒ පාසලේ. ජේ ආර්ලා රනිල්ලා පමණක් නොව රාමනාදන්ලා ද ඉගෙන
ගත්තෙ රාජකීය විදුහලේ. බොහෝ කලකට පෙර පාණදුරේ මගේ පියාගේ සමකාලීන අයකු පැවසු දෙයක්
මට සිහිවෙනවා. ඔහු කියා සිටියේ පළමුව ඔහු රාජකීය විදුහලට ගිය බවත් එහෙත් එහි
රාජකීය උෂ්ණය ඔරොත්තු නුදුන් නිසා ශාන්ත තෝමස් විදුහලට ගිය බවත්. රාජකීය විදුහල
මුල සිට ම ආණ්ඩුවේ පාසලක් වුණත් එකල ආණ්ඩුව වූයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසි
ආණ්ඩුව. ශාන්ත තෝමස් විදුහල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ පාසලක්.
ශාන්ත තෝමස් විදුහල එකල මුලික වශයෙන් ප්‍රාදේශීය ප්‍රභූන්ගේ දරුවන්
සඳහා වූ පාසලක්. බෝතලේ වලව්වේ සේනානායකලා ඒ පාසලේ ඉගෙනීමට පැමිණියේ එලෙසින්.
කුමාරි ජයවර්ධන තම පොතෙන් කියන්නේ මේ ප්‍රාදේශීය නෝබොඩීස්ලා සම්බොඩීස්ලා වූ
ආකාරයයි. රාජකීය විදුහලේ එකල ඉගෙන ගත්තේ සම්බොඩීස්ලා වූ අයයි. බණ්ඩාරනායක වෙනස්
චරිතයක්. ඔහු ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත්තේ එහි විදුහල්පතිගේ (වෝඩ්න්ගේ) නිවසේ
නේවාසිකයකු ලෙස. ඔහු එකලත් මහමුදලිගෙ පුතා
ලෙස සම්බොඩි කෙනෙක්.
නෝබොඩීස්ලාගේ ජාතිකත්වය සම්බොඩීස්ලාගේ ජාතිකත්වයට වඩා ටිකක් වැඩියි.
රනිල්ට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහු අටුවන් බැහැපු සම්බොඩි කෙනෙක්. වසන්ත
සේනානායකට යම් ජාතිකත්වයක් තියෙනවා. එහෙත් ඔහු රෙදි බැනියම් අඳින්නෙ නැහැ. මේ බොහෝ
දේශපාලනඥයන් අඳින්නෙ රෙද්ද බැනියම නොව සරම බැනියම. ඉස්සර ජාතිකත්වයේ අය ඇන්දෙ
මූට්ටු කළ සරම නොව රෙද්ද. මේ කලිසම් යුගයේත් අප කියන්නෙ රෙද්දක් ඇඳගෙන ද ඔය කතා
කරන්නෙ කියලා. සරමක් ඇඳගෙන ද කත කරන්නෙ කියලා අහන්නෙ නැහැ.
ශාන්ත තෝමස් විදුහලේ එකල කාර්යභාරය වුණෙ නෝබොඩීස්ලා වූ ගැමි ප්‍රභූන්ගෙ
පුතුන් සම්බොඩීස්ලා කිරීම. රාජකීය විදුහලට එකල ඒ ප්‍රශ්නය තිබුණෙ නැහැ. වසන්ත
සේනානායකට තාමත් නෝබොඩීස් ගති පරම්පරාවෙන් උරුම වෙලා. එහෙත් ඔහු සම්බොඩි කෙනෙක්
නොවේ ය කියන්න බැහැ. ඔහුත් බොහෝ දෙනා මෙන් ජාතිකත්වය හා විජාතික නූතනත්වය අතර
දෝලනය වෙනවා. සරච්චන්ද්‍රත් අමරසේකරත් එසේමයි.
අද ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර අවසාන සටන. අවසාන කිව්වට මේ
එකක්වත් සදහට ම අවසාන වෙන්නෙ නැහැ. මෙවර විජාතිකත්වය ජයග්‍රහණය කළොත් ජාතිකත්වයට
තව අවුරුදු ගණනාවකට හිස ඔසවන්න බැහැ. අකිල විරාජ්ලා ඒ බව දන්නවා. අපට නැවතත්
දියසෙන් කුමරු එන තෙක් බලා ඉන්න වේවි. එහෙත් විජාතිකත්වය පැරදුණොත් ඔවුන්ට එතරම්
කල් ඉන්න වෙන්නෙ නැහැ. බටහිරයන්ගෙ අනුග්‍රහය මැද ඔවුන් ඉක්මණට ආපසු ඒවි. අවුරුදු
පන්දහකට වැඩි කලක් තිස්සෙ මේ ක්‍රියාවලිය
පැවතෙනවා.
වසන්ත සේනානායක ජාතිකත්වය හා විජාතිකත්වය අතර දෝලනය වෙනවා. ඔහුට
පොළොන්නරුව ජයග්‍රහණය කරන්නත් අවශ්‍යයයි. එහෙත් ප්‍රශ්නය එය ම නොවෙයි. පාර්ලිමේන්තුවෙ විජාතිකත්වයට වාසියි. එහෙත් රටේ
ජාතිකත්වයට වාසියි. අද මෛත්‍රිපාලත් මහින්දත් යම් ආකාරයකින් ජාතිකත්වයට නායකත්වය
දෙනවා. රනිල් අනුර සුමන්තිරන් විජාතිකත්වයට නායකත්වය දෙනවා. එහෙම කිව්වට එය එක්තරා
ආකාරයකින් වෑරදියි. අනුර නිකම් ම නිකම් ඉත්තකු පමණයි.
වසන්තගෙ පැනිලි එක හේතුවක් පමණක් නිසා සිදුවන්නක් නොවෙයි. එහි
ජාතිකත්වය හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අතර දෝලනයක් ද තියෙනවා. අකිල විරාජ්
සම්බොඩි කෙනකු වීමට දඟලන නෝබොඩි කෙනෙක්. වසන්ත සේනානායක යම් ජාතිකත්වයක් ඇති
සම්බොඩි කෙනෙක්. වසන්තගෙ ජාතිකත්වය අකිලගෙ ජාතිකත්වයට වඩා බෙහෙවින් වැඩියි.
වසන්තගෙ ටයි කෝට් අස්සෙ ජාතිකත්වයක් ඇති අයකු ඉන්නවා. එහෙත් ඔහුට අද හිත හදාගන්න
බැහැ.