Main Logo

Thursday 29 February 2024

නායක්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම

 

නායක්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම

 

ඊයේ ලිපිය පළ වීමෙන් පසු මට තවත් කතාවක් අසන්න ලැබුණා. චින්තන පර්ෂදයේ සිට දැන් ඉවත් වී ඇති ඇතැම් අය (සුමේධ නො වේ) කියනවාලු තමන් ගොඩ නැගූ ප්‍රබල ජාතික බලවේගය මා විනාශ කළා කියා. මා අසා පස්වනක් ප්‍රීතියට පත් වුණේ නැති වුණත් ඉන් කම්පාවට පත් වුණෙත් නැහැ. අද බුදු දහමේ නිර්මල බව රැකීමට පෙරට පැමිණ ඇති ඇතැම් භික්‍ෂූන් වහන්සේ පමණක් නොව ජෙප්පන් හා ජෙප්පියන් පොහොට්ටුවාදීන් මා බුදුදහම විකෘති කරන බව කියනවා. අය බුදුහාමුදුරුවන්ට සසරෙ කවදා හරි සවන් දී ඇති බව හිතා ගන්න පුළුවන්. මා ඉතිහාසය විකෘත කරන බව කියන්නන් බොහොමයි. ඔහොම යං.

ආගමික සංහිඳියාව

  •  ආගමික සංහිඳියාව

ඉතිහාසයක් නැති සිංගප්පූරුව උදාහරණයකට ගන්නේ නැතුව බටහිර ගැති රනිල් ඉන්දියාව ගත්ත නම් මොකද? රනිල්ගෙ ආගමික සංහිඳියා කතා මෝදිට කිවුව නම් නරක ද ? මෝදි එරට මුස්ලිම් පල්ලි කඩා හින්දු දේවාල තනන අතර අපට භගවත් ගීත මහෝත්සව පටවනවා.

Wednesday 28 February 2024

ගණනාත්ගේ අධිරාජ්‍ය විරෝධය

 ගණනාත්ගේ අධිරාජ්‍ය විරෝධය


සුමේධ වීරවර්ධන දැන් මා සමග කතාබහ කරන්නේ නැහැ. ඔහු මා මෙන් නොව සුපිරි ජාතිකවාදියෙක්. සුපිරි ජාතිකවාදීන් අතර චීන ගැත්තනුත් ඉන්නවා. සුමේධ එවැන්නකු නො වෙයි. ඔහු කලකට පෙර නම් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන පොතක් ලිවුවා. චින්තන පර්ෂදයේ සිටි බොහෝ දෙනා දැන් ඉන් ඉවත් වෙලා. දැන් හතරපස් දෙනකුට වඩා චින්තන පර්ෂදයේ නැහැ. එහෙත් ඇතැම් පඬි නැට්ටන් පශ්චාත් එක්ස් කාරයන් සහ තවත් අය හිතන්නේ මේ සියලු අර්බුදවලට හේතුව මා කියා. මගේ කතා අහල උගත් බුද්ධිමත් තරුණ තරුණියන් බටහිර විද්‍යාව ඇතුළු බටහිර සියල්ල ප්‍රතික්‍ෂෙප කරල රට අගාධයකට ගෙන ගිහින් කියනවා. මා දැනන් හිටියෙ නැහැ මා එච්චර හපන්කමක් කරපු අයකු කියා.

හොරා පොලිස්

 හොරා පොලිස්

හොරා පොලිස්
පොලිස්පති පත් කිරීම ගැන
සජිත්ගේ ක්රමය අනුව සභාපතිට සනාථ කිරීමක් කළ නොහැකි ද?
නිර්දේශයට සනාථ පහක් තිබු බව සජිත්
නොපිළිගන්නේ යළි ඉපදිලා ද?

Tuesday 27 February 2024

පොලිස්පති පත්කිරීමේ දී කෙරෙන හොරා පොලිස් සෙල්ලම

 

පොලිස්පති පත්කිරීමේ දී කෙරෙන හොරා පොලිස් සෙල්ලම

 

අවුරුද්දක් පමණ කාලයක් ගිහිනුත් අපට පොලිස්පතිවරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊයේ පෙරේදා ව්‍යවස්ථා සභාව විසින් තනතුර සඳහා දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නම නිර්දේශ කරනු ලැබූ බව පැවසුවත් සජිත් ප්‍රේමදාස නැවත ඉපදී  කියන්නේ සඳහා අවශ්‍ය පරිිදි සභිකයන් පස් දෙනකු පක්‍ෂව ඡන්දය දී නැති බවයි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා සභාපති ලෙස වහාම ප්‍රකාශයක් කළ යුතු තිබෙනවා.

Monday 26 February 2024

ජාතිකත්වය හා බැසිල්වාදය

 ජාතිකත්වය හා බැසිල්වාදය

බැසිල්වාදීන් කියන පරිදි නොව, මෙරට ජාතිකත්වය විනාශ වී නැහැ. ජාතිකවාදී නායකත්වයක් නම් නැති වී තියෙනවා. බටහිරයන් ඉන්දියාව හා එක් ව ඒ කරන ලද්දට බැසිල්වාදීන් ද වග කියන්න ඕන.

බැසිල් හා බටහිර විරෝධය

 

බැසිල් හා බටහිර විරෝධය

 

මා ලියන ලිපිවලට දක්වන ප්‍රතිචාරවලට පිළිතුරු දීමට මට අවශ්‍ය නැහැ. එසේ කිරීමට ගියොත් හැමදා පිළිතුරු ලිය ලිය ඉන්න  වෙනවා. එහෙත් ඊයේ ලිපියට ලැබුණු ප්‍රතිචාර දෙකකට පිළිතුරු දීම අවශ්‍ය වන්නේ ඇතැමුන් ලිපි කියවන්නේ තම අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමට පමණක් බව පෙන්වීමට. 

Sunday 25 February 2024

ඉන්දියාව චීනය හා බොරු උගත්තු

 

ඉන්දියාව චීනය හා බොරු උගත්තු

 

අපට ඉන්දියාව මෙන් වෙන්න බැරි ප්‍රධාන හේතුව අපේ ඉන්දියාවේ තරමට ජාතිකත්වයක් නැති වීමයි. අපට මෝදිගේ මට්ටමේ ජාතිකවාදී නායකයන් බිහි කර ගැනීමට නොහැකි වී තිියෙනවා. අප අපට ලැබෙන අධ්‍යාපනයේ වහලුන් බවට පත් වී තියෙනවා. අප අපේ දැනුම් පද්ධතියට ගරු නොකරන්නන් බවට පත් වී තියෙනවා. අපට අපේ දැනුම් පද්ධතිය මිථ්‍යා මත පමණයි. අප නූතන බටහිර දැනුම එක දැනුම ලෙස හිතන්න පුරුදු වෙලා ඉන්නවා. ඉන් සමහරු හිතන්නේ අපේ කලාපයේ පැරණි දැනුම විකාශය වී වත්මන් බටහිර දැනුම බිහි වී තියෙනවා කියා.

Saturday 24 February 2024

අපට ඇත්තේ හීනමානයක්

අපට ඇත්තේ හීනමානයක්

 

ඊයේ මේ ලිපියේ පළමුවැනි කොටසට ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණා. මා ප්‍රතිචාරවලට පිළිතුරු දෙන්න බලාපෙරොත්තුවක් නැහැ. එහෙත් අපට අදාළ කරුණු පමණක් කියැවෙනවා ඇති.

 

ඉන්දියාවේ හැමදාමත් තිබුණේ හින්දී හින්දු ජාතිකත්වයක්. ලංකාවේ කිසි දා නොතිබුණේ හරිහමන් සිංහල බෞද්ධ ජාතිකත්වයක්. ඕල්කට්තුමාට ධර්මපාලතුමා පරාජය වීමත් එහි ප්‍රතිඵලයක්. අදත් අපට සිංහල බෞද්ධ ජාතිකත්වයක් වෙනුවෙන් වැඩ කිරීමට සිදු වී ඇත්තේ එබැවින්. ගාන්ධිවත් මෝදිවත් හින්දි කතා කරන ප්‍රදේශවල අය නො වෙයි. ඔවුන් ගුජරාටි ප්‍රාන්තයේ. දකුණු ඉන්දියාවේ හැරෙන්න අනෙක් ප්‍රාන්තවල හින්දි විරෝධයක් නැහැ. සැම ප්‍රාන්තයක හින්දි උගන්වනවා. ප්‍රාන්තයේ භාෂාවත් ඉංගිරිසිත් ඉගැන්වෙනවා. අපේ රටේ අද වන තුරුත් ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිංහලෙන් තීන්දුවක් දී නැති බව පහුගිය දා කියා තිබුණේ මෙරට අගමැති. උතුරු හා නැගෙනහිර පළාත්වල අදත් සිංහලෙන් නඩුවක් කියන්න බැහැ. පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කර ගන්න බැහැ. වෙනුවෙන් නඩු කියන්න ගිය අය දන්නවා කතාව.

Friday 23 February 2024

අමුල් අවුල් ද

 අමුල් එට්කා විරුද්ධ ව

ජ වි පෙ/ ජා ජ බ
කයියට අමතර ව
ගන්නා පියවරක් වේ ද?

අපට ඉන්දියාව මෙන් බැරි ඇයි?

 

අපට ඉන්දියාව මෙන් බැරි ඇයි?

 

එක් අයකු අහල තිබුණ ඉන්දියාවට ජාතික මාවතේ ඉදිරියට යන්න පුළුවන් වුණා නම් ලංකාවට බැරි වුණේ මොකද කියලා. හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඉන්දියාව ජාතිකත්වයට ගරු කරන රටක්. ඔවුන්ගෙ නායකයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් නේරු අනුගමනය කළා. අනෙක් කොටස සුභාස් චන්ද්‍ර බෝස් අනුගමනය කළා. පළමු කොටස බටහිර අනුගමනය කළ අය. දෙවැනි කොටස පූර්ණ නිදහසක් අවශ්‍ය වූ අය. ඔවුන් ජපානය එක් හරි පූර්ණ නිදහස ලබා ගත යුතු යැයි අදහස් කළා.

Thursday 22 February 2024

සම්මුතිය

සම්මුතිය ඇත්තේත්
සම්මුතියෙන් ම ය.

නිර්ප්‍රභූ ස්ථර හා මෝදිදාස්

 

නිර්ප්‍රභූ ස්ථර හා මෝදිදාස්

 

හැට ගණන්වල වි පෙ නායක විජේවීර නිර්ධන පංතිය කියල පංතියක් නිර්මාණය කළා. එය ඔහුගේ නිර්මාණයකුත් නොවෙයි. සංකල්ප පිළිබඳ වැටහීමක් නැතුව කරපු වැරැද්දක්. එය පරිවර්තනයක් කියල කියන්න පුළුවන්. ඔහුට අවශ්‍ය වෙන්න ඇත්තෙ ප්‍රොලිටේරියට් කියන වචනය සිංහලට පරිවර්තනය කරන්න. සමසමාජ නායකයන් හරි ඔවුන්ට සිංහල වචන කියා දුන්න අය හරි එය පරිවර්තනය කරල තිබුණෙ කම්කරු පංතිය හැටියට. විජේවීර එය නිර්ධන පංතිය ලෙස පරිවර්තනය කළා.

මායාව

 කරුණාකර මේ පාඨ කියවන්න. හැකි නම් කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් ලියා ඇති දේ ද කියවන්න. මේ සියල්ල මායාවක්. එහි ඇත්තක් (සත්බවක්) නැහැ. සත්යය කියන්නේ ඇති බව. සත් බව (ontological existence). සත්යය අසත්යය පරමාර්ථය ආදිය අපට බමුණන්ගෙන් ලැබුණු සංකල්ප. බුදුන් වහන්සේ සම්යයක් යන වචනය යොදා ගෙන ඇත්තේ නිවන හා සම්බන්ධවයි. දෘෂ්ටි සියල්ල මායාවන්. අපේ සංස්කරණ. සම්යයක් දෘෂ්ටියත් මායාවක්. එහෙත් එය මායාවන් නැති කර ගැනීමට මග. එය රහතන් වහන්සේට වැඩ කර තියෙනවා.

Wednesday 21 February 2024

ආසනික් මොටාවෝ පඬි නැට්ටෝ හා රාජපක්‍ෂලා

 

ආසනික් මොටාවෝ පඬි නැට්ටෝ හා රාජපක්‍ෂලා

 

මා හිතන් හිටියෙ උයන්ගොඩ හා වි පෙ ගැන කතා කරන්න. අවුරුදු හැටකට විතර පස්සෙ උයන්ගොඩලා නැවතත් වි පෙට කිට්ටුවෙලා. ඔවුන් නිර්ධන පංතියේ ඉඳන් නිර්ප්‍රභූ කතාවලට මාරුවෙලා. ඔවුන් හැට ගණන්වලවත් කම්කරු පංතියක් ගැන කතා කෙළේ නැහැ. කාලෙ පශ්චාත් කතා තිබුණෙ නැහැ. ඔවුන් කම්කරු පංතියක් ගැන එදා දැන හිටියෙත් නැහැ. නිර්ධන පංතියක් ගැන කතා කෙළේ නිසයි. දැනුමේ ප්‍රශ්නයක්. කාලෙ ට්‍රොට්ස්කිවාදීන් වි පෙන් අහපු ප්‍රශ්නයක් වුනේ හිඟන්නොත් නිර්ධන පංතියට අයිති කියල. සුමනසිරි ලියනගේගෙන් අහන්න. එහි වරද  ලෝකෙ නැති කම්කරු පංතියක් ගැන කිවුව මාක්ස්ගෙ. පශ්චාත් මාක්ස්වාදී කතාවලින් පෙන්වන්නේ මාක්ස්වාදයත් පශ්චාත් මාක්ස්වාදයත් දෙකම අඩුම තරමේ පට්ටපල් බොරුවත් නොවීමයි.

 

ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. ලිපියට ලැබුණු ප්‍රතිචාර වගේ හත් අට ගුණයක් අර පට්ටපල් බොරු විද්‍යාව ගැන තිබුණ.  අපි අද එය කතා කරමු. අවුරුදු තිහකට විතර පස්සෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන කතාව පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන එකෙන් කියන්නෙ අනෙක් දැනුම් ඇත්ත කියන එක නො වෙයි. සියලු දැනුම් බොරු. මා මෙහි කියන දේත් බොරු. එක වැඩේ සමහර බොරු වැඩ කිරීමයි. වියුක්ත දැනුම්වලට මා පට්ටපල් බොරු කියනවා. ඒක මගේ සංස්කරණයක්.  මාක්ස්වාදය කිසිසේත් වැඩ කරන පද්ධතියක් නො වෙයි.   

 

මේ රටේ බෞද්ධයන් නැති කමයි මූලික ප්‍රශ්නය. ඉන්නෙ බුද්ධාගම්කාරයන්. මේ සියලු දැනුම් බොරු කියල දේශනා කරල තියෙන්නෙ බුදුහාමුදුරුවන්. ඕන නම් කටුකුරුන්දෙ ඤාණනන්ද හාමුදුරුවන්ගෙ පොත් කියවන්න. ඒත් ඒක අවශ්‍ය නැහැ. අනාත්මවාදය කියන්නෙ මොකක් ? මේ භවයෙන් ඊළඟ භවයට යන කිසිවක් නැහැ කියන එක ? ඊළඟ භවයට නොවෙයි ඊළඟ ක්‍ෂණයට යන කිසිවක් නැහැ. කෙටියෙන් කියනව නම් මම කියා කෙනෙක් නැහැ. එහෙත් අප මම යනවා මම කනවා මම හිතනවා වගේ කතා කියනවා. මම කියන එක බොරුවක්. ඒත් බොරුව වැඩ කරනවා. බොරුව නැතුව මොහොතක් ගත කරන්න බැහැ.

මෙල්බර්න් නුවර සංවිධාන

 


Tuesday 20 February 2024

කලින් සටහනට පසුවදනක්

 කලින් සටහනට පසුවදනක්


සංගමයෙන් මා අස් කිරීමට තැටමූ
ලංකා විද්යාභිවර්ධන සංගමය දැන් මොකද කියන්නෙ.
ඔය සංගම් දෙකේම මා සාමාජිකයෙක්
මා කැලණි විද්යා පීඨාධිපතිකමෙන්
අස් කිරීමට වලි කෑ
කැලණි මොටා විද්යාඥයන් මොකද කියන්නෙ.
මට ඒ සංගම් එකක්වත් විද්යා පීඨාධිපතිකමවත් ලොකු නැහැ.
බටහිර විද්යාව පට්ටපල් බොරු

නාථ දෙවියන්ට තිළිණයක්

 ඇමරිකානු විද්යාභිවර්ධන සංගමයෙන්

 (AAAS) 

නාථ දෙවියන්ට තිළිණයක්.

විස්තර පසුවට.

නිර්ප්‍රභූ පංතිය දිනන තුරු

 

නිර්ප්‍රභූ පංතිය දිනන තුරු

 

 

“2024 වසරේදී මැතිවරණ මාධ්‍ය කොටගෙන සිදුවිය හැක්කේ මෙම ප්‍රභූ තාන්ත්‍රික සමාජ පන්තිය අතර මෙතෙක් කල් හුවමාරු වූ දේශපාලන බලයනිර්ප්‍රභූසමාජ ස්තරයක් වෙතට මාරුවීමයි. අධිපති ප්‍රභූ පන්තිය සමග සමාජ, සංස්කෘතික, ඥාති, මිත්‍ර, විවාහ ආදි කිසිදු සම්බන්ධතාවක් නැති, නිර්ප්‍රභූ වීම නිසාම පිටස්තර වී සිටින, සමාජ ස්තර අතර දේශපාලන සන්ධානයකට මාරුවීමයි. මෙම වසරේ මැතිවරණ සහ මැතිවරණ ප්‍රතිඵල ගැන එජාපය, පොහොට්ටු පක්‍ෂය, ශ්‍රීලනිපය, පොහොට්ටුවෙන් කැඩී ගිය කොටස් මෙන්ම එජාපයෙන් කැඩී ගොස් පිහිටුවා ගන්නා ලද සජබයද බියට පත්වන්නේ, එක සමාජ පන්තියකින් තවත් සමාජ පන්තියකට, අධිපති ප්‍රභූ තන්ත්‍රයේ සිට අධිපති නොවන නිර්ප්‍රභූ සමාජ පන්තියකට, දේශපාලන බලය මාරුවීමේ හැකියාව තිබෙන නිසාය.

Monday 19 February 2024

ඕල්කට්තුමා ගැන තවදුරටත්

 

ඕල්කට්තුමා ගැන තවදුරටත්

 

මෙරට බෞද්ධ පුනර්ජීවනයට හේතුව වූයේ ඉංගිරිසි ක්‍රිස්තියානි (ඇංග්ලිකන්) හා මෙතෝදිස්ත සභා බුදුදහමට හා සසුනට එරෙහි කළ අපහාස උපහාස නින්දා ආදිය. සභා දෙක එංගලන්තයේ ඇති වූ සභා. ඔවුන්ට මෙරට ඉංගිරිසි පාලකයන්ගේ සහාය ලැබීම අරුමයක් නො වෙයි. මෙතෝදිස්ත සභාව තමයි ලංකාවේ පළමු ක්‍රිස්තියානි පාසල බිහි කෙළේ. 1814 දී පිහිටු වූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහල. රාජකීය විදුහල හිල් ස්ට්‍රීට් පාසල නමින් පිහිටුවන ලද්දේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාව මගින් 1835 දී. එය පසුව කොළඹ ඇකඩමිය වී පසුව රජයේ විදුහලක් බවට පත්වුණා. රජය කියන්නේ ඉංගිරිසි ආණ්ඩුකාරයාගේ රජය එය සිංහල බෞද්ධ රජයක් නො වෙයි. ඇතැමුන් නම් හිතන්නේ එය ඊනියා ඓහික (secular) පාසලක් කියා. මෑතක දී නව විදුහල්පතිවරයා වැඩ භාර ගැනීමේ දී බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කිරීම ගැන ආදි ශිෂ්‍ය සංගමයෙන් විශාල උද්ඝෝෂණයක් පවත්වා තියෙනවා. එහෙත් පාසල් ගීය මට නම් ඇහෙන්නේ ක්‍රිස්තියානි ගීතයක් ලෙස. ලංකාවේ කිසිම ඓහික පාසලක් නැහැ. සියළු පාසල් ක්‍රිස්තියානි/කතෝලික පාසල්.

Sunday 18 February 2024

ඉංගිරිසින් සසුනට කළ වෙනස්කම්වලට ඉංගිරිසි ආර්ථිකයෙන් ම විරුද්ධත්වය

 

ඉංගිරිසින් සසුනට කළ වෙනස්කම්වලට ඉංගිරිසි ආර්ථිකයෙන් විරුද්ධත්වය

 

අද ලියන්න අවශ්‍ය ඕල්කට්තුමා ගැන. ගැනත් බොහෝ දේ මා කලින් ලියා තියෙනවා. එහෙත් ඇතැම් පඬි නැට්ටන් ලිපි කියවන්නේ පළමු වතාවට. එවිට ඔවුන් තමන් පඬි නැට්ටන් බැවින් නලියා මෝඩයා යන අදහස පිට මොන මෙනාවා හරි ලියනවා. මා දැන් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් තිස්සේ කියනවා දැනුම යනු ඊනියා හොයා ගැනීමක් නොව අපේ සංස්කරණයක් බව හා එය අවිජ්ජා පච්චයා සංඛාරා මත පදනම් වන බව හා දැනුම සංස්කරණය වන්නේ යම් චින්තනයක බව. මගේ ලෝකය කෘතියෙහිත් ගැන සඳහනක් තියෙනවා.