කළු
කුහර හා දෙවියන් වහන්සේ
කළු කුහර ගැන මා එතරම් දෙයක් දන්නේ නැහැ. අවුරුදු පනස්පහකට පමණ පෙර මගේ පශ්චාත් උපාධියට ඒ හැදෑරූවා. එහෙත් ඉන්පසු මා එ ගැන එතරම් අධ්‍යයනයක් කර නැහැ. මට ඇත්තේ ඉතාමත් සීමිත දැනුමක් පමණයි. ඒ සම්බන්ධ පත්‍රිකා සියයකින් එකක්වත් කියවන්න ලැබෙන්නේ නැහැ. මා දන්නවා මෙරට කළු කුහර ගැන අධ්‍යයනය කරන ඊනියා පර්යේෂණ කරන අය ඉන්න බව. පර්යේෂණ කියන එක මා භාවිතා කරන්නේ ඉතාමත් පුළුල් අර්ථයකින්. තාරකා විද්‍යාවේ ඊනියා පර්යේෂණ කරන්න බැහැ. කරන්න පුළුවන් නිරීක්‍ෂණ පමණයි. එ වගේ ම හිතළු ගොතන්නත් පුළුවන්. හිතළු වැඩ කරනවා නම් ඒවාට ප්‍රඬාද කියනවා.
ලංකාවේ කලකට පෙර හිතළු ගෙතුවේ ලිඳ ළඟ. පසුව තරමක් නාගරික වීමෙන් පසු පොදු පයිප්පය ළඟ. අද වන විට එය මොටාවල කෙරෙනවා. විශේෂයෙන් ම සමාජවිද්‍යා අධ්‍යනංශවල. ඒ හිතළු සංයුක්ත හිතළු. අපේ උගතුන්ට ගැමි
හා අර්ධ නාගරික ලියන්ට වියුක්ත හිතළු හදන්න බැහැ. ඔවුන් හදන්නේ පට්ටපල් බොරු නො වෙයි. සාමන්‍ය බොරු.
අවුරුදු පනස්පහකට පමණ පෙර විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුම් ගත් මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ඒමට තීරණය කළා. විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුම ගත් මා එකලත් කළු කුහර ගැන විශ්වාස කෙළේ නැහැ. එසේ විශ්වාස නොකෙළේ ඇයි ද කියා මට තේරුණේ ඉන් බොහෝ කලකට පස්සෙ. අපේ සංස්කෘතියේ කළු කුහර වැනි වස්තුවලට පැවැත්මක් නැහැ.
මා
දන්නවා ලංකාවේ බොහෝ දෙනකු කළු කුහරවල පැවැත්ම විශ්වාස කරන බව. ඒ විශ්වාසයකට වඩා බටහිර ස්වාමි දරුවන් කියන දේ අධිපතිවාදී ව පිළිගැනීම. අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එහෙත් එහි ආධිපත්‍යය පිළිගන්නේ නැහැ. මට තේරෙන අයුරින් සුනිල් සාන්තයන් ද සංගීතයේ කෙළේ එවැන්නක්. ඔහු හින්දුස්ථාන සංගීතය ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. එහෙත් එහි ආධිපත්‍යය පිළිගත්තෙත් නැහැ.
අද
වන තුරුත් කිසිම අයකු කළු කුහරයක් නිරීක්‍ෂණය කරල නැහැ. කිසි දිනෙක පිට ඉඳන් කරන්නෙත් නැහැ. කළු කුහරයක් හැදෙන්න අවුරූදු අනන්ත කාලයක් ගන්නවා. ඒ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට වඩා බෙහෙවින් වැඩියි. අනන්තය තේරුණෙ රාමනුජන්ට විතරක් වෙන්න ඕන. සමහර විට අනන්තයටත් වඩා ආදරෙයි කියන පෙම්වතුනටත් පෙම්වතියනටත් තේරෙනවා ඇති. බටහිර ගණිතඥයන් කරන්නෙ අනන්තයට අර්ථ දක්වන එක විතරයි.
ඔය
කළු කුහර නිරීක්‍ෂණය කරල තියෙනවා කියන්නෙ ගුවන්විදුලි තරංග හා වෙනත් තරංග යොදා ගනිමින් තනන ලද ඡායාරූපවලට. එය කළු කුහරවල ඡායාරුප නො වෙයි. කළු කුහරයක ඡායාරූපයක් ගන්න බැහැ. ඒ සඳහා අනන්ත කාලයක් බලා ඉන්න වේවි. අනෙක් අතට කළු කුහරයකින් කිසිම තරංගයක් පිට වෙන්නෙ නැහැ. දකින්න බැරි කළු කුහරයක ඡායාරූප ගන්නේ මොන කැමරාවෙන් ද? රූපවාහිනි කැමරාවලින් වෙන්න පුළුවන්.
කළු
කුහර කතාව එන්නෙ රික්තයක (vacuum)
විසඳන අයින්ස්ටයින්ගේ
ක්‍ෂෙත්‍ර සමීකරණවලින්. ඒ විසඳුම බාහිර ෂ්වාර්ස්චයිල්ඩ්
විසඳුම ලෙස ප්‍රසිද්ධයි. එය භ්‍රමණය නොවන ගෝලාකාර වස්තුවක බාහිර විසඳුම ලෙසත් ගන්නවා. භ්‍රමණය වන වස්තු සඳහා කර් විසඳුම තියෙනවා. අපට දැනට එය අවශ්‍ය වන්නෙ නැහැ.
ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුමේ වැදගත් පෘෂ්ඨයක් හා ඊනියා ලක්‍ෂයක් තියෙනවා. පෘෂ්ඨය සිද්ධි ක්‍ෂතිජය (event
horizon) ලෙස හඳුන්වනවා. ඒ ක්‍ෂිතිජයෙන් ඔබ්බට ගිය වස්තුවක් තමයි කළු කුහරයක් ලෙස හැඳින්වෙන්නෙ. ඒ ක්‍ෂිතිජය ඛණ්ඩාංක වෙනසකින් තේරුම් ගන්න පුළුවන් කියනවා. එහෙත් වස්තුව ඒ ක්‍ෂිතිජය පසු කළාට පස්සෙ නැවත දකින්න බැහැ.
දැන්
ප්‍රශ්නය වෙන්නෙ ඒ සිද්ධි ක්‍ෂිතිජයෙන් ඔබ්බට ගියාට පස්සෙ වස්තුවට වෙන්නෙ මොකක් ද කියන එක. අර ෂ්වාර්ස්චයිල්ඩ්
විසඳුමෙ සිද්ධි ක්‍ෂිතිජයට ඔබ්බට යන වස්තුවට ඊනියා කේන්ද්‍රය නැත්නම් අරය ශූන්‍යය වන අවස්ථාවක් ලැබෙනවා. මේ අරය ශුන්‍යය වීම අපූර්වතාවක් (singularity) ලෙස
සලකනවා. කාට හරි අහන්න පුළුවන් අරය ශුන්‍යය වුනාට පස්සෙ වස්තුවට මොකද වෙන්නෙ කියලා. ඒකට විවිධ කතා කියනවා. බහුවිශ්ව කතාව එකක්. වස්තුව වෙනත් විශ්වයකට යනවා කියනවා.
තවත්
සමහරු කියනවා එ අපූර්වතාව අවකාශයේ ලක්‍ෂ්‍යයක් නොව කාලයේ අනන්තයක ඇති ලක්‍ෂ්‍යයක් කියා. ඒ කියන්නෙ වස්තුව ඒ අපූර්වතාවට යන්නෙ නැති බව. තවත් සමහරු පණු හිල් (worm
holes) මගින් වස්තුව ගමන් කරනවා කියනවා. මේ කතා පමණයි. කිසිවකු මේ කිසිවක් දැක නැහැ. නිරීක්‍ෂණය කර නැහැ.
මෙරට
පඬි නැට්ටන් ඊනියා භෞතිකවාදීන් ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයන් ආදීන් පුනබ්භවය විශ්වාස කරන්නේ නැහැ. ඒ නිරීක්‍ෂණය කරන්න බැරි නිසාලු. එහෙත් කළු කුහර විශ්වාස කරනවා. පුනබ්භවය අදාළ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත් අයට බලන්න පුළුවන්. අප ඔවුන් විශ්වාස කරනවා. එහෙත් කළු කුහර මෙලෝ මිනිහකුට පේන්නේ නැහැ. එය බටහිර කියුමන් පමණයි. එහෙත් පඬි නැට්ටන්ට බටහිර දැනුම කිසිම නිරීක්‍ෂණයක් නැතුව පිළිගන්න පුළුවන්. මෙ තමයි
බටහිර දැනුම් ආධිපත්‍යය.
පඬි
නැට්ටකු කියා තිබෙනවා කළු කුහර කියන්නෙ උපන්‍යාසයක් පමණයි කියලා. එය ප්‍රවාදයක් නො වෙයි කියලා. ඔහු නොදන්නවාට එය අයින්ස්ටයින්ගෙ
සමීකරණවලින් ගලා එන්නක්. මේ ඡායාරූප හදන්නෙ උපන්‍යාසයකට නොවෙයි.