Main Logo

Friday 16 February 2024

බුද්ධිමත්තු හා දෙරණ ජාතිකවාදීහු

 මම ඃකළු කුහර සම්බන්ධයෙන් ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම යොදා ගැනීම හරිද?

බූද්ධිමත් ප්රතිචාරයඃ · මම හිතන විදියට කළු කුහර පිලිබඳ ඔබ ඔය කියන ෂ්වාස්චයිල්ඩ් විසඳුම වැරදිබව ඔප්පු කරන්න නම් ඒ සඳහා ඉතා හොඳ ගණිත දැනුමක් වගේම ඒ විසඳුම පිලිබඳ ඉතා ගැඹුරු අධ්යයනයක් අවශ්යයි.
මමඃෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම වැරදි බවක් මා කියා ඇත්තේ කොතැන ද? කොහොමටත් මට ඉතා හොඳ ගණිත දැනුමක් හරි ඒ විසඳුම පිළිබඳ ගැඹුරු අධ්යයනයක් කිරීමේ හැකියාවක් හරි නැහැ. මා වි්ද්යාර්ථියකු නොවෙයි. අහම්බෙන් ටික කලකට මහාචාර්යවරයකු වූවකු පමණයි.
තවත් පිරිසක් ඕල්කට්තුමා ගැන කියවනවා. ඔහු ලංකාවට පෙර ඉන්දියාවට ගිය කෙනෙක්. පසුවත් ඔහු ඉන්දියාවෙ හිටියා. පරම විඥානාර්ථවාදියකු වූ ඔහුගෙන් ඉන්දියාවෙ බුදුදහමට සිදු වූ සේවය කුමක් ද ? මේ සියල්ල ගැන ලිපියක් හෙට උදේට.
පරගලයෙන් නිර්ප්රභූ පංතියේ රනිල් බලයට පත්වෙලා. ඒ ගැනත් කතා කරමු.
මේ බුද්ධිමතුන් සමග හැප්පෙන්න තරම් උගත්කමක් හරි බුද්ධියක් හරි මට නැහැ. ප්රතිචාරවලට උත්තර දෙන එක කාලය කා දැමීමක් පමණයි. මින් පසු සුපුරුදු අයුරින් ලිපි ප්රතිචාරවලට විවෘත වන්නේ නැහැ.
බුද්ධිමතුන් දෙරණ ජාතිකවාදීන් ආදීන් මේ ලිපි කියෙවුවෙ නැති වුණත් කමක් නැහැ.