Main Logo

Monday 12 February 2024

වෙනස් වූ ලෝකය හා පඬි නැට්ටෝ

 

වෙනස් වූ ලෝකය හා පඬි නැට්ටෝ

 

යටත්විජිත කියල තිබුණ ලෝකය වෙනස් වෙලා කියලා. පඬිවරුන් කියන විධියට ඒක හොඳ සොයා ගැනීමක්. නොබෙල් තෑග්ග දෙන්න වටිනවා. අඩු තරමෙන් රාජ්‍ය සම්මානයක්. ලබන අවුරූද්දෙ ආණ්ඩුවක් පිහිටූවල රාජ්‍ය සම්මානය මෝදිදාස් අතින් ගන්න පුළුවන්. අර න්‍යායාචාරියකුට පුළුවන් ස්තෝත්‍ර ගයන්න.

 

අපි මෙච්චර කල් හිතන් හිටියෙ ලෝකය ඔහේ තියෙනවා කියලයි. ඕක වෙනස් වෙන බවක් කවුද මේච්ර කාලෙකට කියල තියෙන්නෙ. යටත්විජිත එන්න ඕන ඒක කියන්න. වැඩේ තියෙන්නෙ මෙච්චර කල් ඕක නොකිව්ව එක. සමහර විට දැන ගෙන ඉඳලා කියන්නෙ නැතුව හිටිය වෙන්න පුළුවන්. දැන් එතකොට අර සමාජවාදෙත් වෙනස් වෙලා ? ඒක තාම තියෙනවා ? දැන් වෙනුවෙන් සටන් කරන්නෙ නැද්ද?  ටිල්වින්ල ලාල් කාන්තල තාම වෙනුවෙන් සටන් කරනවා ?

 

ලෝක බෝලෙ ඇතුළෙ ඉඳන් යටත්විජිත බයිලා කියනවා ? බයිලත් වෙනස් වෙලා ? දැන් කියන්නෙ ඉන්දියන් බයිලා ? පුරුතුගීසි කාරයො ගෝවෙත් හිටිය නොවැ. එහෙදි ඔවුන් බයිල කියන්න ඇති. මෝදිදාස් යටත්විජිතත් එක්ක කේරළේට ගියා නොවැ. ගෝවට ගියෙ නැද්ද?

 

අමුල් වෙනස් වෙලා ? අමුල් අවුල් ? අමුල් වරදක් කර නැති බවයි පේන්න තිියෙන්න. වරද කර ඇත්තෙ මෙරට ආණ්ඩුවයි. ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරල නැත්තෙ ආණ්ඩුව. ඒකට අමුල් මොනව කරන්න ? ඒත් නාමල් කරුණාරත්න මෙහේ ඉඳන් අමුල් නැති කරනවා. හෙට අනිද්ද වෙන විට නාමල් වෙනස් වෙයි ? අමුල් ගැන කිව්වෙ අමූලික බොරු ?

 

දැන් ඔය ඉන්දියාව වෙනස් වෙලා ? පඬි නැටි න්‍යායාචාර්යවරයකු මොනව කියන්නෙ. ඉන්දියාව වෙනස් වෙලා නේන්නම්. කාලෙ නේරුගෙ පක්‍ෂෙ නෙ ආණ්ඩු කෙරුවෙ. දැන් අර මෝදිගෙ පක්‍ෂෙ. මෝදි ජාතිකවාදියෙක්. ඉන්දියාවෙ ජාතිකවාදයට තැනක් තියෙනවා වගේ. ඔය නලවාරයකුගෙන් අහන්න. නලවාර කියන්නෙ ටියුබර්ලට කියල ඕන නම් කියන්න පුළුවන්.

 

නේරුලගේ කාලෙ ඉන්දියාව ව්‍යාප්තවාදී. දැන් එහෙම නැහැ. මෝදි සියල්ල වෙනස් කරලා. ඉන්දියාව දැන් ව්‍යාප්තවාදී නො වෙයි. කොහාට ව්‍යාප්ත වෙන්න ? ඒත් මෝදි සවුත්තු වැඩක් කරල තියෙන්නෙ. ඔහු මෝදිදාස් හමුවෙච්ච පාටක් නැහැ. එහෙම හමු වුණෙ නැත්නම් ඒක තදබල වරදක්. මෝදිට සඳහා  පැය බෑගයක් වෙන් කරන්න තිබුණා. සමහර විට මෝදි හිතුව   දන්නෙ නැහැ වැඩේ කුරුවල් නොකර මෝදිදාස් ජනාධිපති වුණාට පස්සෙ හම්බ වෙනවා කියලා.

 

දැන් ඉන්දියන් ව්‍යාප්තවාදය නැතුව වෙන්න ඇති. ඉන්දියාව මොන තරම් හොඳට අසල්වාසීන්ට සලකනවා ? ඔය න්‍යායාචාරියකුගෙන් අහන්න. ඔවුන්ට වැඩ නම් බුද්ධිමතීගෙන් අහන්න. දැන් අපිට ඉන්දියන් රුපියලත් සමහර සමහර දේට පාවිච්චි කරන්න පුළුවන්. වැඩි වැඩියෙන් ඉන්දිියන් බෙහෙත් ගෙන්නන්න පුළුවන්. අර කවුද හරිහරන් කියල හාදයෙක් යාපනේට ඇවිත් සංගීත සන්දර්ශනයකට හරි කලබලයක් වෙලා. යාපනේට ඉන්දියන් ව්‍යාප්තවාදයක් අවශ්‍ය නැහැ.

 

වෙල්ලාලයන් නිතර තමිල්නාඩු යනවා. හරීහරන්ල අරන් එනවා. වෙල්ලාල නොවන්නන්ට සිංදු කියවනවා. වෙල්ලාලයන් වෙනස් වෙලා ? ඔය එක එක තැන සිවලිංග මතුවෙන්නෙ කෙහොමද? ලයිට්හවුස් මොකද කියන්නෙ? සමහර විට ඉන්දියන් ව්‍යාප්තවාදය රට ඇතුළට යනවා දන්නෙ නැහැ. ලෝකය වෙනස් වෙන වෙලාවෙ ඉන්දියාවෙ මොනව වෙන්න බැරි ? දලයිලාමා තවම ඉන්දියාවෙ ? චීනෙ මොක ගැන කියන්නෙ.

 

මට නිකමට චීනෙ මතක් වුණෙ. අමුත්තක් හිතන්න එපා. විජේවීරගෙ චීන ලයින් එකත් වෙනස් වෙන්න ඇති. මට හිතෙන්නෙ චීනෙ තම ලයින් එකත් වෙනස් කරගෙන කියලා. දැන් චීන කොමියුනිස්ට් පක්‍ෂය මෙරට රුසියන් මූලස්ථානය අල්ල ගෙන වගෙයි. රුසියාව ඉස්සර වගේ සල්ලි දෙන්නෙ නැද්ද?

 

මට අවශ්‍ය මෙටාවෙ හා මොටාවෙ පඬි නැට්ටන් මේ සියල්ල ගැන කියන්නෙ මොනවා කියා දැන ගන්න. ඔවුන් තමයි මෙරට බුද්ධිමතුන්. බුද්ධිමතුන් හිතන්නෙ මීළඟ ආණ්ඩුව මෝදිදාස්ගෙ කියලා. බෑරි වෙලාවත් ලෝකෙත් සමග ඒකත් වෙනස් වෙලා ? එහෙමත් නැත්තන් පඬි නැට්ටන් අතරමංවෙලා ? ජෙප්පන් පාර අහන්නෙ අතරමං වුණු පඬි නැට්ටන්ගෙන් ?