කිලිනොච්චිය දුටු යාපනය නොදුටු ජඩමාධ්‍ය
සමාජ මාධ්‍ය කියන්නේ තනිකර ම තම පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමට ඇති තැන. සකර්බර්ග් හරි වෙන කවුරු හරි එහෙම ඉඩකඩ සපයලා සල්ලි හම්බ කර ගන්නවා. අද තියෙන්නෙ කෙක්කෙන් හරි කොක්කෙන් හරි සල්ලි හම්බ කරන ක්‍රමයක්. තමන්ගෙ ම ව්‍යාපාරයක් කරන්න බැරි අප වැන්නන් කාට හරි කඹුරල සල්ලි ටිකක් හොයා ගන්නවා. වයසට ගිහින් ඒකත් කරන්න බැරි වෙන කොට එක්කෝ දරුවන්ගෙන් යැපෙන්න ඕන. නැත්නම් බැංකුවට සල්ලි ටිකක් (අර්ථ සාධකේ) පොලියට දෙන්න ඕන. ඒත් මෙතැන පොලිය නියම කරන්නෙ බැංකුව නිසා ප්‍රශ්න ඇති වෙනවා. පොලී අනුපාතය හිටපු ගමන් අඩු කරනවා. අපි හම්බ කරන මුදල අඩුවෙනවා.
ජනමාධ්‍ය කියන්නෙත් එක්කෝ ආණ්ඩුව නැත්නම් ව්‍යාපාරිකයෙක් තොරතුරු විකුණල සල්ලි හම්බ කරන තැනක්. මේ තොරතුරු සමහර වෙලාවට ඕපදුප පමණයි. අපි තොරතුරු ලබා ගන්න සල්ලි දෙනවා. තොරතුරු ලබා ගන්න අය ඉන්න තරමට ව්‍යාපාරිකයන් තම භාණ්ඩ විකුණන්න ජනමාධ්‍යයට එනවා. ඒ සඳහා ඔවුන් ජනමාධ්‍යයට සල්ලි ගෙවන්න ඕන. ඔවුන් ඒ සල්ලිත් අර භාණ්ඩ අපට ම විකුණලා හොයා ගන්නවා. මොන විධියට බැලුවත් සල්ලි සල්ලි සල්ලි දෙයයින්නෙ මල්ලි.
මා
නම් ජනමාධ්‍යට කියන්නෙ ජඩමාධ්‍ය කියලා. ජඩමාධ්‍යවල සේවය කරන අයත් කරන්නෙ සල්ලි හම්බ කරන එක. ඔවුන් තම හැකියාවන් ජනමාධ්‍ය අයිතිකාරයට විකුණනවා. ඔවුන් ජඩමාධ්‍යවේදීන්.
ඔවුන් කියන්නෙ තමන් ජනතාව වෙනුවෙන් සේවය කරනවා පෙනී හිටිනවා ආදී කතා. මා මියන්මාහි තානාපති වෙලා ඉන්න කාලෙ ජඩමාධ්‍යවේදීන්
අර ධීවරයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඔවුන් කිවුවෙ තමන් ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියා. මා ඔවුන්ට පැහැදිලි කරල දුන්න ඔවුන් වැඩ කරන්නෙ තම ජඩමාධ්‍යයේ අයිතිකරු වෙනුවෙන් කියල.
ඔවුන්
ඒකට කැමති වුණේ නැහැ. ඔවුන් පෙන්නන්න හැදුවා මා වැඩ බැරි අයකු කියා. මා ඒ ගමන මා හිතන්නෙ හිරුට මෝනින් වගේ ජඩමාධ්‍යට කිවුව මා අස්වෙනවා. ඇවිල්ල වැඩ පෙන්නන්න කියා. ගෝඨාභය මට කතා කරල කිවුව වැඩේ කරගෙන යන්න කියා. අපට දින කිහිපයකින් ධීවරයන් ලංකාවට එවන්න හැකි වුණා. ජෙප්පන් නම් හිතන්නෙ මා වැඩ බැරුව ආපහු ආවා කියා. ජෙප්පන්ගෙ බුද්ධි මට්ටම අනෙක් මාක්ස්වාදීන්ගෙ බුද්ධිමට්ටමට වඩා හුඟක් පහළයි. හැම මාක්ස්වාදියෙක් ම වගේ අද ගලේ පහරපු බළලාගෙ තත්වයට වැටිලා.
ජඩමාධ්‍යවේදීන් මට කැමති නැහැ. ඔවුන් මා සහභාගි වෙන සාකච්ඡවක් රැස්වීමක් වාර්තා කළත් ඒ මගේ කතාව නැතුව. මාත් ජඩමාධ්‍යවේදීන්ට
කැමති නැහැ. ජඩමාධ්‍යවේදීන් දන්නා ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට දේශපාලන ඉවක් නැහැ. සමාජය ගමන් කරන අත තේරෙන්නෙ නැහැ. අද අප ඊනියා ථෙරවාද බෞද්ධකමක් ගාව ගෙන තායිලන්තය මගින් ඇමරිකන් බලකඳවුරේ කොටසක් බවට පත්වෙමින් ඉන්නවා. ඉන්දියාව එයට විරුද්ධයි. ඉන්දියාව ඉන්නෙ සජිත් එක්ක. ඒත් ජෙප්පන් දිල්ලියට ගෙන්නලා රඟපෑමක යෙදෙනවා.
මා
මේ දීරඝ පුරවිකාව කෙළේ පෙරේදා (පෙබරවාරි 4) ජඩමාධ්‍යවලට හසු නොවුණු යාපනයේ නිදහස් උත්සවයත් ඔවුන්ට හසුවුණු කිලිනොච්චි ගැටුමත් ගැන කියන්න. අද උතුරු පළාතේ වෙල්ලාල බලය කැඩෙමින් පවතිනවා. ජඩමාධ්‍යයට එය හසුවන්නේ නැහැ. යාපනේ තල්ගස් අරඹේ සිංහ
කොඩි ලෙළ දෙනූ ඔවුන්ට පේන්නෙ නැහැ. පෙරහැරට දෙදහසක පමණ පිරිසක් සහභාගි වනු පේන්නෙ නැහැ. ඒත් ඔවුන්ට යාපන විශ්වවිද්‍යාලයේ ඊනියා උගත් වෙල්ලාල සිසුන් කිහිප දෙනකු පොලිසිය සමග ආරවුලක් හදා ගන්නවා පේනවා. ඒ සමග ඉන්න වෙල්ලාල දේශපාලනඥයන් කිහිප දෙනාත් පේනවා.
ඒ තමයි ඔවුන්ගේත් ඔවුන්ගේ මාධ්‍ය අයිතිකරුවන්ගේත් විඥානය. ඔවුන් යාපනයේ ඊනියා අඩුකුල පිරිසේ ශක්තිය තේටැම් ගන්නේ නැහැ. එ ඊනියා අඩුකුල පිරිස් සිංහලයන් සමග එකට වැඩ කිරීමට කැමති බවත් ඔවුන්ට අත හිත දිය යුතු බවත් තේරෙන්නේ නැහැ. ඔවුන් තවමත් සිංහලයන් පාගා දැමීමට අර අඳින වෙල්ලාලයන් දිහා පමණයි බලන්නේ.
මේ
ජඩමාධ්‍යවේදීනට නැති ඉවක් රනිල්ට තියෙනවා. ඔහු අර ඊනියා අඩුකුල පිරිස තමන්
වෙතට දිනා ගන්න කටයුතු කරනවා. එ ජා ප පූර්වගාමින් තමයි වෙල්ලාලයන්ට තැන දීල ඔවුන් ලංකාවෙ නායකයන් බවට පත් කිරීමට ඉංගිරිසින් එක්ක කටයුතු කෙළෙ. අද රනිල්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ යාපනේ ඊනියා අඩුකුල ඡන්ද. ඉන්දියාව ඒ ගැන මොනවා කරයි ද? ජඩමාධ්‍ය බලා ඉන්නවා.