අවුරුද්දක් පමණ කාලයක් ගිහිනුත් අපට පොලිස්පතිවරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊයේ පෙරේදා ව්‍යවස්ථා සභාව විසින් ඒ තනතුර සඳහා දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නම නිර්දේශ කරනු ලැබූ බව පැවසුවත් සජිත් ප්‍රේමදාස නැවත ඉපදී කියන්නේ ඒ සඳහා අවශ්‍ය පරිිදි සභිකයන් පස් දෙනකු පක්‍ෂව ඡන්දය දී නැති බවයි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා සභාපති ලෙස වහාම ප්‍රකාශයක් කළ යුතු ව තිබෙනවා.
සජිත්
ප්‍රේමදාස ලැබුණු ඡන්ද සංඛ්‍යාව ගැන කියන කතාව හරි ද වැරදි ද කියා අප දන්නේ නැහැ. එහෙත් නිර්දේශයක් සඳහා සභිකයන් අඩුම තරමින් පස්දෙනකු ඡන්දය දිය යුතු බව ව්‍යවස්ථාවේ කියැවෙනවා. අදාළ 41 ඉ (4) ව්‍යවස්ථාව මෙසේයි.
”41 ඉ
(4) සභාව
විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක් හෝ අනුමත කිරීමක් ද ගනු ලබන සෑම තීරණයක් ද ඒකමතිකව තීරණය කිරීමට සභාව විසින් උත්සාහ දරනු ලැබිය යුත්තේ ය. ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක දී සභාවේ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සනාථ කළහොත් මිස, සභාව විසින් කරන ලද යම් නිර්දේශයක් හෝ අනුමත කිරීමක් හෝ ගනු ලැබූ යම් තීරණයක් හෝ බලසහිත නොවිය යුත්තේ ය.”
ඔය
කියන තීරණය ගත් දිනයේ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කී දෙනකු පැමිණ සිටියේ ද? කතානායකවරයා මේ සම්බන්ධයෙන් පක්‍ෂ ව විපක්‍ෂ ව ලැබුණු ඡන්ද සංඛ්‍යා ආදිය පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තුව මගින් ඡන්දදායකයන්ට ලබා දිය යුතුයි. අපට ඡන්දය දුන්නේ නොදුන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය නැහැ. එහෙත් නිර්දේශය විධිමත් ව සිදු වී දැයි දැන ගැනීමට අවශ්‍යයයි.
මොන
කතා කිවුවත් පැහැදිලි කාරණයක් තියෙනවා. ඒ දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කර ගැනීමට ඇතැමුන් තුළ ඇති අකමැත්තයි. කාදිනල්තුමා ද එයට අකමැති බව එතුමාගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවරුන් දරණ මතය කුමක් ද?
අද
මෙරට දේශපාලනයේ දී (රාජ්‍ය පාලනයේ දී) භික්‍ෂූන් වහන්සේගේ මතය ප්‍රකාශ වන්නේ ඉතා අඩුවෙන්. උන්වහන්සේ කාදිනල්තුමා මෙන් දේශපාලනය කළ යුතු යැයි අප කියන්නේ නැහැ. එහෙත් මෙරට අවුරුදු දහස් ගණනක් තුළ තිබූ සම්ප්‍රදාය වූයේ රජවරුන් භික්‍ෂුන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව ක්‍රියා කිරීමයි.
මේ
සම්බන්ධයෙන් යම් මතයක් ට්රෙවෝ ලිං
පළ කර තියෙනවා. ඔහුට අනුව මෙරට පාලනය ගෙන ගියේ රජු භික්‍ෂූන් වහන්සේ ජනතාව යන ත්‍රිත්වය මත. එහෙත් මේ මතයට එකඟ වීමට බැහැ. මෙරට රජවරු භික්‍ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ක්‍රියා කළ බව කියන්න පුළුවන්. භික්‍ෂූන් වහන්සේ ගමෙහි මෙන් ම රාජසභාවෙහි ද වැඩ හිටියේ උඩින්. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ උන්වහන්සේ රාජ සභාවේ කටයුතුවලට සහභාගි වුණා කියා.
කතෝලික සභාව නම් වැඩ කෙළේ එපරිදියි. පාප්තුමා වතිකානුවේ සිට ලෝකය පාලනය කළා. ලෝකය පෘතුගීසීන් හා ස්පාඤඥයන් අතර බෙදා දුන්නේ එතුමා. එයට විරුද්ධ ව තමයි රෙපරමාදු ක්‍රිස්තියානිය බිහි වුණේ. එහි දී මාටින් ලූතර් පූජකතුමා මෙන් ම එංගලන්තයේ අටවැනි හෙන්රි රජු ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. පාප්තුමාගේ ක්‍රමය අපේ ක්‍රමයට වෙනස්.
කෙසේ
වෙතත් අපේ ක්‍රමය හරිහැටි හඳුනා නොගත් එහෙමත් නැත්නම් විකෘති කළ කනින්හම් මෙරට තිබුණේ දේවතන්ත්‍රයක්
(Theocracy) ලෙස හැඳින්නුවා.අපේ උගතුන්ට කනින් හම්ලාගේ ම පිහිටයි.
මට
මේ කතා කියන්න හිතුණේ අද මෙරට අපි අපේ සම්ප්‍රදාය අනුව වැඩ නොකරන බව පෙන්වීමටයි. අද ජඩමාධ්‍යයටත් වඩා වැදගත් වන්නේ පාප්තුමාගේ මෙරට නියෝජිතයා වූ කාදිනල්තුමාගේ මතය මිස භික්‍ෂූන් වහන්සේගේ මතය නො වෙයි. පොලිස්පති වැනි තනතුරකට පත්කිරීමේ දී භික්‍ෂූන් වහන්සේගේ මතය සජිත් ප්‍රේමාදාස හා ව්‍යවස්ථා සභාව දැන ගැනීම වැදගත්.
මට
තේරෙන විධියට විජාතික බලවේග දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පත්වීමට විරුද්ධයි. ඔහු ජාතිකවාදියකු යැයි මා කියන්නේ නැහැ. සමහරවිට ඔහුට යම් ජාතිකත්වයක් ඇති. ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථානුකූල
ව ඉක්මණින් නිර්දේශයක් කරන්න ඕන.
පොලිස්පති තනතුරට පත් කිරීමේ දී හොරා පොලිස් ක්‍රීඩාවේ නිරත වෙන්න දෙන්න බැහැ. මේ සඳහා ගත් කාලය ඕනවටත් වැඩියි. අවුරුද්දක් පමණ කාලයක් ස්ථිර පොලිස්පතිවරයකු
නැතුවයි මෙරට වැඩ කෙරෙන්නේ. එය
කිසිසේත් ම හොඳ තත්වයක් නො වෙයි. දැන්වත් හොරා පොලිස් සෙල්ලම නවත්තමු.