Main Logo

Showing posts with label Gotabhaya. Show all posts
Showing posts with label Gotabhaya. Show all posts

Sunday, 10 May 2020

අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

මේ රටේ තරම් කුහක දුර්දාන්ත අදමිටු විපක්‍ෂයක් තවත් කොහේවත් ඇතැයි කියල හිතන්න බැහැ. විපක්‍ෂය සජිත්ගෙ නායකත්වයෙන් නැවතත් උසාවියට ගිහිල්ල. එකක් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීමේ අරමුණින්. අනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීම අවලංගු කර ගැනීමේ අරමුණින්. විපක්‍ෂය කොවිඩ් මැඩීමට ආණ්ඩුවට ආධාර කරන්නේ නැහැ. වගකිව යුතු විපක්‍ෂයක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක වෙනත් ආකාරයකින් හරි ආධාර කරන්න. එහෙත් ඔවුන් එයට සූදානම් නැහැ. අගමැති මහින්ද රාජපක්‍ෂ සියලු හිටපු (2015 පාර්ලිමේන්තුව පමණක් නො වේ) මන්ත්‍රින් කැඳවූ අවස්ථාවෙ සජිත්ලා අනුරලා එයට ගියේ නැහැ. සුමන්තිරන්ටත් වැඩියෙන් ඕන කළේ දෙමළ ජනතාවගෙ ඊනියා ප්‍රශ්න කතා කරන්න. 

Friday, 17 April 2020

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

 සිංහල ලිත් ඉලක්කම්


කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝක කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි. 

Monday, 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Wednesday, 18 March 2020

රාජිත තීරණ හා ශිෂ්ටබව

  සිංහල ලිත් ඉලක්කම්


රාජිත  තීරණ හා ශිෂ්ටබව



රාජිත සේනාරත්න කියල ජනාධිපති මැච් එකක් නවත්තල නැහැ කියලා. එ කියමන හරියට ම පැහැදිලි නැහැ. ජනාධිපතිට මැච් එක නවත්තන්න බැරි වෙලා ද? එහෙමත් නැත්නම් ඒ ගැන උනන්දුවක් තිබිලා නැද්ද? ඒත් රාජිතගෙ තවත් අගනා ප්‍රකාශයකින් මට හිතුණෙ මැච් එකක් නවත්තන්න බැරි ජනාධිපතිකම මොහොකට ද කියලා. 

Monday, 16 March 2020

ගෝඨාභයගේ වගකීම

 සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාභයගේ වගකීම 



මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා.  “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්. කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තීකරණය (ඔරොත්තු දීමේ ගුණය) වැඩි කර ගන්න එක පමණයි.  ඒ සඳහා සාම්ප්‍රදායික දැනුම යොදා ගන්න පුළුවන්. අපේ උරුමය අපට මතක් වෙන වෙලාවල් තියෙනවා."

Thursday, 12 March 2020

ශූන්‍ය විපත් හා රණවිරුවන්

 සිංහල ලිත් ඉලක්කම්


  ශූන්‍ය විපත් හා රණවිරුවන්



ඊනියා යුද්ධයේදී මියගිය සිවිල් ජනයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ගැන නැවතත් කතා කෙරෙනවා. ඒ ජෙනීවා හි 30/1 යෝජනාවේ හා අදාළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමත් සමග. ඒ යෝජනාවල ලංකාවට අහිත කර දේ, එනම් ලංකාවේ ස්වෛරීභාවය අධිකරණයේ ස්වාධීනත්වය ආදිය නැති වන වගන්ති තිබුණා. ඊනියා යහපාලන ආණ්ඩුව එමගින් රටේ ස්වෛරිභාවය හා රණවිරුවන් පාවා දුන්නා. එකී යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමට තීරණය කෙරුණේ එවැනි වගන්ති තිබුණ නිසා.

Wednesday, 11 March 2020

දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය

             සිංහල ලිත් ඉලක්කම්


දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය



බටහිරයන්ගේ  අවශ්‍යතාවට, පැරදවිය නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් විසින් ප්‍රකාශ කෙරුණ ද ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම 2019 මැයි 19 වැනි දා නන්දිකඩාල් හි පරාජය කෙරුණා. එය ඊනියා යුද විශේෂඥයන් හා බටහිරයන් ලැබූ පරාජයක්. එහෙත් අපට බටහිර මාධ්‍ය විසින් ගෙන යනු ලැබූ ප්‍රචාරය පරාජය කරන්න බැරි වුණා. තවමත් ඒ ප්‍රචාරක යුද්ධය කෙරී ගෙන යනවා.

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Friday, 28 February 2020

මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු

       සිංහල ලිත් ඉලක්කම්


මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි මිෂෙල් නෝනා දිනේෂ් ගුණවර්ධනගේ කතාවට ප්‍රතිචාර දක්වලා. ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු නූණ එකක් නො වෙයි. ඇය කියන්න යන්නේ කුමක් ද පිළිබඳ අපට නම් සැකයක් තිබුණේ නැහැ. ඇය ලංකාණ්ඩුව යෝජනා කර තිබූ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. ඇයට අපේ දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැතිළු. ඇයට පමණක් නොව යහපාලනයේ රනිල්ට, මංගලට මෙන් ම යහපාලන වලිග වූ රනිල්දාසට හා සම්බන්ධන්ටත් මෙරට දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.

Monday, 24 February 2020

ටිල්වින්ගේ සොයා ගැනීම

 සිංහල ලිත් ඉලක්කම්


ටිල්වින්ගේ සොයා ගැනීම


විපක්‍ෂය තියෙන්නෙ ආණ්ඩුවේ වැරදි පෙන්නලා නිවැරදි කරන්න. ඒත් ඒක පොතේ තියෙන එකක් පමණයි. බටහිර රටවල ඒක තරමක් ක්‍රියාත්මක වෙනවා. පොතේ කුමක් තිබුණත් විපක්‍ෂය බලන්නෙ ආණ්ඩුව හැකි ඉක්මණින් ගෙදර යවල තමන් ආණ්ඩු පක්‍ෂය බවට පත් වෙන්න. ලංකාවෙ නම් එහෙම ම පමණයි. ඒත් වික්‍ෂයෙ ඉන්න ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි පක්‍ෂවලට හා සංධානවලට කරන්න පුළුවන් කුමක් ද? ඔවුන්ටත් වුවමනා ආණ්ඩුව පෙරලන්න. ඒත් ඔවුන්ට ආණ්ඩු පිහිටුවන්න බැහැ. ඔවුන් කරන එකම දේ එ ජා පක්‍ෂයට (පෙරමුණට)  සහාය දීල ඒ ආණ්ඩුවේ වලිග බවට පත්වීම. එක ගණුදෙනු (ඩීල්) දේශපාලනයක්. 

Tuesday, 18 February 2020

ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

       සිංහල ලිත් ඉලක්කම්



ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස  අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරන මහතා  නෙම්සිරි ජයතිලක මහතා අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්ස්ත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා.

Saturday, 15 February 2020

අද කළ යුත්ත

         සිංහල ලිත් ඉලක්කම් 


අද කළ යුත්ත


අද කළ යුත්තේ කුමක් ද කියා ඇතැමුන් අහනවා. ආණ්ඩුව යන්නේ කොහේ ද කියාත් සමහරු අහනවා. සමහරු එයටත් එහා ගිහින් අහනවා ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා ද කියා. ඒ අහන්නෙ කසිකබල් මාක්ස්වාදියො පශ්චාත් මාක්ස්වාදියො පශ්චාත් නූතනවාදියො (නූතනත්ව අර්ථයෙන් - පශ්චාත් හිරුණිකාවාදීන්) ආදීන්. ඔවුන් අහන කරන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් කම්කරු පංති ආඥාදායකත්වය ලෝකෙ කිසිම රටක පිහිටුවාගන්න බැරි වෙච්ච අය තමයි අවුරුදු පහකින් දහයකින් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න කතා කරන්නෙ. 

Wednesday, 12 February 2020

ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්


ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ, ශ්‍රී ල නි පක්‍ෂය හා තවත් පක්‍ෂ හා සංවිධාන පහළොවක් එකතු වී ගිවිසුමක් අත්සන් කළා. ඒ වගේ ම ශ්‍රී ල නි පක්‍ෂය තවත් ද්විපාක්‍ෂික ගිවිසුම් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ ජාතියේ අපේක්‍ෂකයාගේ ප්‍රධානත්වයෙන්. ඒ ගිවිසුම් එදින ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. බොහෝ දෙනා දන්නේ ඉතා ටික දෙනකු ඒ ගිවිසුම්වල තියෙනවයි කියන කරුණු පමණයි. මා හිතන්නේ මේ ගිවිසුම් සියල්ල ප්‍රසිද්ධ කළ යුතු බවයි. ඊයේ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධ කරලා. එකක් ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ අතර ගිවිසුම. අනෙක ශ්‍රී ල නි ප ජාතික අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග ඇති කර ගත් ගිවිසුම. ගිවිසුම් ජනාධිපතිවරණයට පෙර අත්සන් කළත් ඒ වඩා බලපාන්නේ මහා මැතිවරණයට කියා මා හිතනවා. අනෙක් ගිවිසුම් ද ප්‍රසිද්ධ කරන්න ඕන. 

Monday, 3 February 2020

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

       සිංහල ලිත් ඉලක්කම් 

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

බොහෝ ජාතිකවාදීන්/පොහොට්ටුවාදීන් මට විරුද්ධ බව මා දන්නවා. ඔවුන් සිතන්නේ මා කාගේ හරි නියෝජිතයකු නැත්නම් මා කිසිවකු වෙනුවෙන් පෙනී සිටින අයකු කියා. ඔවුන් බොහෝ දෙනකුට අනුව මා කර ඇති දෙයක් නැහැ. මා නාථ දෙවියන් හා මිථ්‍යා මත විශ්වාස කරන අයකු පමණක් බවත් ප්‍රසිද්ධියේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හෙළා දකින එහෙත් අප්‍රසිද්ධියේ බටහිර දැනුම අනුව ජීවත්වන වංචනිකයකු බවත් ඔවුන් කියනවා. ජාතිකත්වයට විරුද්ධ අය එසේ කීම ගැන මා පුදුම වන්නේ නැහැ. එහෙත් ජාතිකවාදීන් එසේ කීම නම් තරමක ප්‍රශ්නයක්. සමහර විට ඔවුන් හිතනවා ඇති මා බොරු කාරයකු කියා. අද එක් අයකු කියා තිබෙනවා මා දහනවය සම්බන්ධයෙන් නිදා සිටි බව. එසේ කියන්නේ දහතුන සම්මත කර ගැනීමේ දී ජේ ආර් අධිකරණ තීන්දුවට එරෙහි ව ක්‍රියා කළ අවස්ථාවේ නිදා සිටි අය. අදත් ඉතා වැඩි පිරිසක් දන්නේ නැහැ දහතුන සම්මත කර ගත් අයුරින් ම දහනවය සම්මත කර ගත් බව. මා ඒ බව කියද්දී ඇතැමුන් මට ගෙරවූ බව.

Saturday, 1 February 2020

බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම නීති රීති තව ලිහිල් කළ යුතුයි. මේ සියල්ලෙන් පෙන්වන්නේ ජාතිකවාදයේ නැගී සිටීමක්. 

Monday, 27 January 2020

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?

 සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?



පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ. මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු. 

Saturday, 25 January 2020

තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?

   සිංහල ලිත් ඉලක්කම්


තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?


ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්.  එ ජා ප අද පාර්ලිමේන්තුවේ තම බහුතර බලයේ හයිය පෙන්නනවා. මහින්දලා 2015න් පසු වැඩ කරපු ආකාරය වෙනස්. ඔවුන්ට බහුතර බලයක් තිබුණ නමුත් මෛත්‍රිපාල යහපාලනයට යෑම නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ බෙදීමක් තිබුණා. ඒ බෙදීම නිසා යහපාලනයට විරුද්ධ ව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ. පසුව ඔවුන් මහින්දගේ කීමට දහනවය සම්මත කර ගන්නත් ඡන්දය දුන්නා. බෙදීම තිබියදීත් මහින්ද එදා විරුද්ධ වුණා නම් දහනවය සම්මත කර ගන්න බැහැ. බෙදීම නිසා මහින්ද පක්‍ෂ වුණා කියනවා නම් එය පිළිගන්න බැහැ. මහින්ද ඒ වන විට ශක්තිමත්. ඔහු විරුද්ධ වුණා නම් දහනවය සඳහා තුනෙන් දෙකේ බහුතරය ලැබෙන්නේ නැහැ. මහින්දටත් දහනවය අවශ්‍ය වුණා.

Saturday, 18 January 2020

සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ

 සිංහල ලිත් ඉලක්කම්


සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ



අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන් කිවුවත් අප සඟ ගණ යන්න යොදා ගන්නේ ගෞරවයෙන්. මේ වචන දෙකෙන් ම කියැවෙන්නේ එකතුවක්, සංගමයක්, සමූහයක් ආදියයි. භික්‍ෂූන් වහන්සේ, සඟ ගණ ලෙස හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය ලෝකයට ගෙන යන පිරිසක්. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් ලෙසත් හැඳින්වෙනවා. සඟ ගණ යන්න එක ම අර්ථය දෙණ වචන යුගලයක්. අප එය යුගලයක් වශයෙන් ව්‍යව හාර කරන්නේත් ගෞරවයට. එහෙත් සඟ ගණ යන්නෙහි තවත් අර්ථ තිබෙනවා.

Friday, 17 January 2020

පඬි කතා හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

   සිංහල ලිත් ඉලක්කම්


  පඬි  කතා  හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

ලාල්කාන්ත තිස්ස අත්තනායකගේ කතාව නැවත කියලා. ලාල්කාන්ත නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවීමට පෙනී සිටින විප්ලවවාදියෙක්. එය සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම වගේ වැඩක් නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ මොකක් ද කියල මාක්ස් හරි වෙනත් බටහිරයකු හරි කියල නැහැ. ඒ නිසා එහෙම රාජ්‍යයක් තියෙන්න පුළුවන් කියලවත් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ නැහැ. බටහිරයකු කියල නැති දෙයක් ලෝකයේ තියෙන්න පුළුවන් ද? 

Wednesday, 15 January 2020

රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න


             සිංහල ලිත් ඉලක්කම්



රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න

රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.