මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි මිෂෙල් නෝනා දිනේෂ් ගුණවර්ධනගේ කතාවට ප්‍රතිචාර දක්වලා. ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු නූණ එකක් නො වෙයි. ඇය කියන්න යන්නේ කුමක් ද පිළිබඳ අපට නම් සැකයක් තිබුණේ නැහැ. ඇය ලංකාණ්ඩුව යෝජනා කර තිබූ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. ඇයට අපේ දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැතිළු. ඇයට පමණක් නොව යහපාලනයේ රනිල්ට, මංගලට මෙන් ම යහපාලන වලිග වූ රනිල්දාසට හා සම්බන්ධන්ටත් මෙරට දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.