Main Logo

Thursday 28 February 2019

ඉන්දියාව පකිස්තානය හා අපි


ඉන්දියාව පකිස්තානය හා අපි



කාශ්මීර ප්‍රශ්නය විසදෙන එකක් නො වෙයි. නරක ද පඬියන්ට කියන්න ඉන්දියාවට හා පකිස්තානයට සංහිඳියාවක් ඇති කර ගන්න කියලා. ප්‍රශ්නෙට අවුරුදු හැත්තෑඑකක් වෙනවා. අද ඉන්දියාවෙත් පකිස්තානයෙත් ඉන්න බහුතරය ප්‍රශ්නය ඇති වෙනකොට ඉපදිලත් නැහැ. ප්‍රශ්නය ඇති කෙළෙ සුපුරුදු පරිදි ඉංගිරිසින්. ඒත් අද යුද්ධ කරන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි. මේක නම් යුද්ධයක්. අපේ වගේ නො වෙයි. යුද්ධාපරාධ වෙනවා. රටවල් දෙක ම න්‍යෂ්ටික අවි යොදා ගන්න පුළුවන් මට්ටමක ඉන්නචා. එහෙත් එහෙම වෙන එකක් නැහැ. යුද්ධෙත් ටික කාලයක් පැවතිලා විද්‍යුත් නාලිකා වගේ විරාමයකට යාවි. කවුද වෙළෙඳ දැන්වීම් දෙන්නෙ.

Wednesday 27 February 2019

කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය


කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය





රනිල් චේතිය රජ්ජුරුවන්ගෙ කවුරුවත් වෙන්න බැහැ. චේතිය රජ්ජුරුවො එක බොරුවක් කිව්වයි කියල නෙ අපි දන්නෙ. රනිල් කිසි දා බොරුවක් කියන්නෙ නැහැ. අහසින් යන්න පුළුවන් වුණු චේතිය රජ්ජුරුවො එක බොරුවක් කියල ඒ බලය නැති කර ගත්තලු. රනිල්ට එහෙම බලයක් නැහැ. ඔහු අහසෙන් යන්නෙ ගුවන් යානාවලින් පමණයි. ඒව කඩන් වැටෙන්නෙ නැහැ. ඒවායෙ වෙන මිනිස්සුත් යනවා. රනිල්ට තනියම ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඔහුට ඒ සඳහා බලපත්‍රයක් තියෙනවා ද? කාගෙන් ද ඒක දැන ගන්න පුළුවන්. චේතිය රජ්ජුරුවන්ගෙන් ද

Tuesday 26 February 2019

අඹ දන් ජෙනීවා



අඹ දන් ජෙනීවා



තවත් ජෙනීවා වාරයක් ඇවිල්ලා. අඹ වාරත් අවුරුද්දකට දෙසැරයක් එනවා. නොවැම්බර් දෙසැම්බර් වාරෙ එතරම් සාර්ථක නැහැ. ජෙනීවා වාර දෙක මාර්තු සැප්තැම්බර් මාසවල. වඩා සාර්ථක කොයි එක ද කියල එහෙ නිතර යන ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. මා කියන්නෙ ජනමාධ්‍යවේදියට ම නො වෙයි. මානව අයිතිවාසිකම් කොමසාරිස්ට.

Monday 25 February 2019

විධායකය අහෝසි කර තමන් රැකීම


විධායකය අහෝසි කර තමන් රැකීම

                       



ලෝකයේ මමත්වය වැඩි ම පුද්ගලයන් සිංහල බෞද්ධයන් ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනක ම අහවල් ආසනය පූජා කෙළෙ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයි ද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක බුද්ධාගමෙන් වෙලා තියෙනවා. 

Sunday 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?

Saturday 23 February 2019

මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ


මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ



මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන තිබුණා. මහින්ද පැරදුණෙ බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායකය ලෙස ඉන්න කාලෙමයි. බැසිල් නැති නිසා මහින්ද පැරදුණා නො වෙයි.  ශ්‍රී ල නි ප සමහරු යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු වුණා. මිනිසුන් මහින්ද බලන්න පෙරහැරෙ මැදමූලන ගියා. ඒ කවුරුන්වත් සංවිධානය කරල නොවෙයි. මේ ඉතා කලාතුරකින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන දෙයක්.

Friday 22 February 2019

මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා


මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා



බැසිල් රාජපක්‍ෂගේ උද්ධච්චකම් හා රට අරාජිකත්වයට තල්ලු කිරීම් ගැන කීමට සිටියත් මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ කතාව හා පැවති විවාදය ගැන යමක් ඉක්මණින් කිව යුතුයි. ඊයේ පැවති විවාදය තවත් පාර්ලිමේන්තු විවාදයක් පමණක් වුණා. මෛත්‍රිපාල තකහනියක් ම පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කරල යන්න ගියා. ව්‍යවස්ථා සභාව එහෙම ම තියෙනවා. ජයන්ත ධනපාලලා සෙල්වකුමාරන්ලා ඉල්ලා අස්වෙන පාටක් නැහැ. 

Thursday 21 February 2019

කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය


කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය



සේනා දළඹුවාට මොකද වුණේ. ඌ සලබයෙක් වුණා ද? බිත්තර දැම්ම ද? තවත් දළඹුවො ඇති වුණා ද? මාලදිවයිනට පියාඹලා ගියා ද? බඩඉරිඟු ගොවීන්ගෙ පාඩුව කොපමණ ද? මට තවත් ප්‍රශ්න කිහිපයක් තිබුණා. දළඹුවා හරි සලබයා හරි අත්ලන්තික් සාගරය තරණය කෙළේ කොහොම ද? උගේ මුළු ජීවිත කාලෙට ම පියාඹන්න පුළුවන් කිලෝ මීටර පන්සීයක් කියලයි ඒ දවස්වල විද්‍යාඥයන් යැයි කියන අය කිව්වෙ. තවත් ප්‍රශ්නයක් වුණෙ සේනා දළඹුව ඇති වුණෙ කොහොම ද කියන එක. ඌ ඩාවින්ගෙ පරිණාමවාදයට එකඟ ව බිහි වුණ එකෙක් ද? කෘත්‍රිම ව බිහි කරපු එකෙක් ද?  එහෙම කෘත්‍රීම ව පරීක්‍ෂණාගරයක දී බිහි කරපු එකෙක් නම් ඒකෙ අරමුණ මොකක් ද?

Wednesday 20 February 2019

අරුල්ට ඇති ප්‍රශ්න


අරුල්ට ඇති ප්‍රශ්න



මෙරට ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් විධායක නිලධාරීන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් ඇති විදග්ධ උගත් පිරිසක්. මට ඔවුන්ගේ මට්ටමට කිසි දිනෙක ළඟා වීමට බැහැ. ඔවුන් කිහිප දෙනකුට මා මේ ලිපි විද්‍යුත් තැපෑලෙන් යැවුවා. ඔවුන් ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. සමහරුන් ඒවා කියවාවත් නැහැ. ඩේලි මිරර් පුවත්පතෙන් හැරෙන්න මට ප්‍රතිචාරයක් ලැබෙන්නේත් නැහැ. ඒත් මගේ ඉතාමත් සීමිත දැනුම අනුවත් මා දැන සිටියා ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය කියලා. 

Tuesday 19 February 2019

ව්‍යවස්ථා සභා විදග්ධයන්


ව්‍යවස්ථා සභා විදග්ධයන්



මා දේශපාලනඥයකුවත්, ජනමාධ්‍යවේදියකුවත්, ජනමාධ්‍ය අයිතිකරුවකුවත්, විද්වතකුවත්, නීතිඥයකුවත්, විිද්‍යාඥයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, කළමනාකරුවකුවත්, රණවිරුවකුවත්, කලාකරුවකුවත්, මුදල් විශුද්ධිකරුවකුවත්, ව්‍යාපාරිකයකුවත්,  ක්‍රීඩකයකුවත්, මත්ද්‍රව්‍ය භාවිතාකරන අයකුවත්, පාතාලයකුවත්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුවත් (අයි ආර් සී), ස්ත්‍රී දූෂයකුවත්, රූපලාවන්‍ය ශිල්පියකුවත්, නළුවකුවත්, ගායකයකුවත්, නො වෙයි. මගේ අදහස් එබැවින් හෝ මගේ අදහස්වල වැදගත්කමක් නැති නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ ඉහත සඳහන් කිසිවකුගේවත් අවධානයට යොමු වන්නේ නැහැ. එසේ වුවත් මේ කරුණු සඳහන් කිරීම මට වැදගත්. එබැවින් මා දිනපතා ලියනවා. මට මූලික වශයෙන් අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න. සමහරවිට ඉහත කී කිසිවකුටවත් ඒ අවශ්‍යතාව නැතිවන්න පුළුවන්. මා ලියන ලිපි කියවන සුළු පිරිසක් ඉන්නවා. එහෙත් ඔවුන්ට සමාජයට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ.

Monday 18 February 2019

යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම


යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම



අද සිංහල ජාතිය සන්ධිස්ථානයකට පැමණ සිටිනවා. මේ අවුරුදු පන්සියයකට ටිකක් වැඩි කාලයක් තිස්සේ අප මුහුණ දෙන ප්‍රශ්නයක් උච්චස්ථානයකට පත්වීමක්. මා ඇතැම් විට කියා තිබෙනවා අප යුද්ධයෙහි දක්‍ෂයන් එහෙත් අප ගිවිසුම්වලින් පරදිනවා කියා. මේ පැරදීමට හේතුව අප සංකල්පීය වශයෙන් නොහිතන එක. මා මෙහි යුද්ධය කියා සඳහන් කළත් එය නිවැරදි නැහැ. මා කිව යුත්තේ අප හමුදා මෙහෙයුම්වල දක්‍ෂයන් කියායි. යුද්ධය කියන්නේ හමුදා මෙහෙයුම්වල එක් අංගයක් පමණයි. 

Sunday 17 February 2019

කතානායක නිදි ද?

කතානායක නිදි ද? 

විනිසුරුවරුන් කිහිප දෙනකු තමන්ට නිසි උසස්වීම් (පත්වීම්) නොලැබුණු බව දන්වමින් ව්‍යවස්ථා සභාවට විරුද්ධ ව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවට වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට විනිසුරුවරුන් තම මානව අයිතිවාසිකම් කඩවීමක් පිලිබඳ පැමිණිලි කිරීමටයි සූදානම් වන්නෙ. තම ජ්‍යෙෂ්ඨත්වය නොසලකන්නේ නම් සලකන්නේ කිනම් සුදුසුකමක් දැයි දැනගැනීමට ඔවුන් කැමති වෙනවා ඇති. එය තම අයිතිවාසිකමක් ලෙසින් ද ඔවුන් සලකන බවයි පෙනී යන්නේ. මෙහෙමත් දේවල් රනිල්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාරදෘශ්‍ය ආණ්ඩුවට පෙර අසන්න ලැබුණා ද?

Saturday 16 February 2019

හින්දු විද්‍යාව හා අපේ විද්‍යාව


හින්දු විද්‍යාව හා අපේ විද්‍යාව



මේ සතියේ (පෙබරවාරි 15) සයන්ස් සඟරාවේ හින්දු විද්‍යාව ගැන පළ වී තිබුණා. එය පළ වී ඇත්තේ බටහිර විද්‍යාව පැත්තෙන් විවේචනයක් ලෙස. හින්දු විද්‍යාව යනු ව්‍යාජයක් බවයි ඉන් කියැවෙන්නේ. මේ හින්දු විද්‍යාව අප කියන අපේ දැනුම සමග පටලවා ගැනීමට ඇතැමුන් උත්සාහ කරාවි. ඒ ඔවුන්ට අපේ විද්‍යාවක් ගැන කිසිම අවබෝධයක් නැති නිසයි.



අදාළ ප්‍රශ්නය පටන් ගැණුනේ ජනවාරි මස පැවැත්වුණු  ඉන්දීය විද්‍යා කොංග්‍රසයේ සමුළුවේ දී. එහි දී කතා කළ ඉන්දීය විද්‍යාඥයන් කිහිප දෙනකු ම කියා ඇත්තේ බටහිරයන් අභ්‍යාවකාශ පරීක්‍ෂණ, තොරතුරු තාක්‍ෂණය, අන්තර්ජාලය, න්‍යෂ්ටික අවි ආදිය ගැන කතා කරන්න අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ ඒ දැන සිටි බවයි. ඔවුන් දඬුමොණරය ගැනත් කියා තිබෙනවා. ඔවුන්ගෙන් අයකුට අනුව මහාභාරතයේ ඇති කතාවක එක් කාන්තාවක් දරු ප්‍රසූත සියයක් කළ බව කියැවෙනවා. එයින් කියැවෙන්නේ එකල හින්දු විද්‍යාඥයන් ප්‍රජනන තාක්‍ෂණයෙහි මහත් දියුණුවක් අත්කර ගෙන ඇති බව යැයි ඔවුන් පවසනවා.

Friday 15 February 2019

අනේ රනිල්


අනේ රනිල්



රනිල් කියන්නෙ එ ජා පක්‍ෂය එක අකුරක්වත් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ලියල නැහැ කියලා. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නේ ව්‍යවස්ථා සභාව නො වෙයි. ව්‍යවස්ථා සභාවෙ තමයි ජයන්ත ධනපාල වැනි අය ඉන්නෙ. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නෙ මුළු පාර්ලිමේන්තුව ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රැස්වෙන විට ඒ ආයතනයට කියන නම. ඒකෙ තමයි අර මෙහෙයුම් මණ්ඩලයක් හා තවත් අනුකමිටු හයක් තියෙන්නෙ.

Thursday 14 February 2019

බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව


බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව



අර වොයිස්කට් ජනමාධ්‍යවේදය වෙනුවෙන් කවුද ජනමාධ්‍යවේදියෙක් බැසිල්ගෙන් අහලා ජාතික ආණ්ඩුව ගැන. බැසිල් ඒකට උත්තර දීල නැහැ. ඒකෙන් ආණ්ඩුවට පහරක් වැදේවි කියල ද දන්නෙ නැහැ. බැසිල් ඒ වෙනුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන නැවතත් කියවලා. මීළඟ ජනාධිපති ලෙස පොහොට්ටුවේ අයකු දිවුරුම් දේවි කියලත් කියලා. මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරය ගැන ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු බවකුත් පේන්න නැහැ. ජාතික ආණ්ඩුව ගැන ඇහුව ම බැසිල් ඒකට උත්තර නොදෙන්නෙ ඇයි?

Wednesday 13 February 2019

කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම


කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම



වරක් මට හමු වූ ලංකාවට පැමිණ ඇති ඉන්දීය ජාතිකයකු පුදුමයෙන් මෙන් මා සමග පැවසුවේ ලංකාවේ මිනිසුන් කිරි නොව පිටිකිරි බොන බව ය. ඒ ඉන්දියානුවා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු මොකක්දෝ සම්මන්ත්‍රණයකට ලංකාව පැමිණ තිබෙනවා. ඒ සම්මන්ත්‍රණය සුපුරුදු පරිදි බටහිර මුදලින් සංවිධානය කෙරුණක්. මා මෙවැනි සම්මන්ත්‍රණ ගැනත් එහි ඉදිරිපත් කෙරෙන ඊනියා පත්‍රිකා ගැනත් හොඳහැටි දන්නවා. මේ සම්මන්ත්‍රණ අප වැනි රටවල උගතුනට පිටරට සවාරියක් ලබා දීම සඳහා සංවිධානය කෙරෙන දේ. එවැනි තෑගි ලබා දීමෙන් ඒ උගතුන් තම නාස්ලණුව යටතේ තබා ගැනීමටත් ඔවුන් ලවා තම දැනුම් ආධිපත්‍යය රැක ගැනීමටත් බටහිරයන් දන්නවා.

Tuesday 12 February 2019

පොහොට්ටු කතා


පොහොට්ටු කතා



බැසිල් නැවතත් පොහොට්ටු කතාවක් කියල. ඔහු කියල මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවෙ සාමාජිකයෙක්  බවත් තරග කරන්නෙ පොහොට්ටුව ලකුණෙන් බවත්. දුමින්ද දිසානායකත් ඒ වගේ කතා කියනවා. ඔහු කියන්නෙ මීළඟ ජනාධිපති  අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන කියායි. එහෙත් මේ ප්‍රකාශ දෙකේ වෙනසක් තියෙනවා. බැසිල් කියන්නෙ තමන්ගෙ හිතේ තියෙන දෙයක්. දුමින්ද කියන්නෙ තමන්ගෙ තුන්හිතකවත් නැති දෙයක්. එහෙත් ඒ දෙදෙනාට ම ඕනෙ මහින්ද මෛත්‍රිපාල සමගිය කඩාකප්පල් කරන්න.

Monday 11 February 2019

කුසුමාසනදේවි පහතට වැටීම


කුසුමාසනදේවි පහතට වැටීම



කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා. වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.

Sunday 10 February 2019

ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්


ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්



ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණක් අවසානයේදී නඩුවක් පැවරුවා. එය මැයි මාසෙට කල් ගිහිල්ලා. මාත් කැමතියි ඒ ගැන විනිසුරුවරුන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න.

Saturday 9 February 2019

මධුෂ්ගෙ මානව අයිතිවාසිකම්


මධුෂ්ගෙ මානව අයිතිවාසිකම්



මේ සමාජය ජරාජීර්ණ වී ඇති බව නොදන්න දෙයක් නො වෙයි. මධූෂ් කියන්නෙ මේ රටට ගැලපෙන මිනිහෙක්. සමහරවිට ඔහු මෙතෙක් මෙරට ජීවත් වූ සාර්ථක ම පුද්ගලයා වන්නත් බැරි නැහැ. සාර්ථක අසාර්ථක බව මනින්නෙ සමාජයට සාපේක්‍ෂ ව. සමහර රටක, ඒ දැනගත හැකි නම් වඩාත් ම අපායට ගිය අය සාර්ථක හැටියට පිළිගන්න පුළුවන්. මධුෂ්ට ඩුබායිහි මොනවා වේවි ද කියන්න බැහැ. ඔහුට එහෙ දඬුවම් කරාවි ද මෙහාට එවාවි ද උදර්පණ නීතිය බලපාන්නෙ කොහොම ද වගේ දේ ගැන අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඊනියා නීති විශාරදයන්ට ඒ සඳහා අවස්ථා ජනමාධ්‍ය විසින් සැකසෙනු ඇති. කාට කාටත් තම තමන් අලෙවිකර ගන්න පුළුවන්.

Friday 8 February 2019

බැසිල්ගේ වික්‍රම




බැසිල්ගේ වික්‍රම



බැසිල් රාජපක්‍ෂ සිතනවා ඇති ඔහු සමග විවාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නො වේ කියා. ඔහු දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනය කළත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මගේ ආරාධනය ඔහුට විද්‍යුත් තැපෑලෙන් දන්වා ඇති. ඒ නිසා ඔහු එ ආරාධනය ගැන නොදන්නේ යැයි සිතන්න බැහැ. මා ඔහුට කියා සිටියේ ඔහු සුළු කාලයක දී මට ප්‍රතිචාර නොදැක්වුවහොත් මා ඔහුට පිළිතුරු දෙන බවයි. ඒ අනුව මා ඔහුට පිළිතුරු දීම අරඹනවා.

Thursday 7 February 2019

රාජ්‍ය නොවන පඬියෝ




රාජ්‍ය නොවන පඬියෝ



ලෝකයේ රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ හැටේ දශකයේ. ඒ සංවිධාන ආසියාවේත් අප්‍රිකාවේත් පැතිරී ගියා. පැතිරී ගියා කීවාට ඒක ඉබේ වුණු වැඩක් නො වෙයි. ඒවා පැතිරෙව්වා. ඒ බටහිර රාජ්‍ය විසින්. එහෙත් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලබා දුන්නේ බටහිර විවිධ සංවිධානවලින්. ඒ සංවිධාන සමග බටහිර රාජ්‍ය සම්බන්ධයි.

Wednesday 6 February 2019

වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා


වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා





සිංහලයන් උතුරු පළාතට ගිහින් දෙමළ කතාකරන ජනයා හමුවන එක ඉතා වැදගත්. කොළඹ ඉන්න රාජ්‍ය නොවන පඬියන්, සිවල් සාමාජිකයන් ආදී කී දෙනකුට දෙමළ කතා කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒත් ඔවුන් තමයිලු දෙමළ කතාකරන ජනයාගේ ප්‍රශ්නය මොකක් ද කියල දන්නෙ. ඒ ප්‍රශ්නෙ අපට තේරෙන්නෙ නැතිලු.  ඒක ලෙහෙසියෙන් කියන්නත් බැරිලු. බැසිල් රාජපක්‍ෂත් ඒ වගේ කතාවක් කියනවා. බැසිලිකාවෙ පූජකයන් ඒකට වෙනස් අර්ථකථන දෙන්න හැදුවත් ඔහු කළ ප්‍රකාශය ඒවට ඉඩක් තියල නැහැ. මේ කිල්ලෝටවල හුණු හෙවීමක් නො වෙයි. කුණු කන්දලයක් ගැන කීමක්. අපි ඔය ඊනියා ප්‍රශ්නය අපට තේරෙන විධියකට කියන්න පුළුවන් කෙනකු එනකන් බලා ඉන්න වෙනවා. එතකන්  විසඳුමක් දෙන්න බැරි බව කාට වුණත් තොරෙන්න ඕන. ඇයි කවුරුන්වත් ප්‍රශ්නය මොකක් ද කියල කියන්නෙ නැහැ නෙ.

Tuesday 5 February 2019

වැඩ බැරි ආණ්ඩුව අස් කරමු




වැඩ බැරි ආණ්ඩුව අස් කරමු



රේගු නිලධාරින් අකුරට වැඩ කරන්නෙ වෘත්තීය කරුණකට. එහි සෘජු දේශපාලනයක් නැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්ගේ වෘත්තීය සමිතියක් මෙන් රේගු නිලධාරීන් මාස්පතා වර්ජනය කරන්නේ නැහැ. එ වෘත්තීයකයන් දේශපාලන පක්‍ෂයක් ම වෙනව නම් හොඳයි. එතකොට ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියල හිතාගන්න පුළුවන්. ඒ 2019 ජනාධිපතිවරණයෙ දි නො වෙයි. 2024 ජනාධිපතිවරණයෙ දි.

Monday 4 February 2019

කුණු ඇහිඳීමේ නිදහස


කුණු ඇහිඳීමේ නිදහස





පාරවල කුණු අහුලන්න අපට නිදහස තියෙනවා.  ඇයි කුණු දාන්නත් නිදහස තියෙනවා.  ජනමාධ්‍ය ඒවට සහාය දෙනවා ද සංවිධානය කරනවා ද කියල අහන එක තේරුමක් නැහැ. මා කිව්වෙ කුණු දාන්න සහය දෙනවා කියලා නො වෙයි. කුණු ඇහිඳින්න උදවු වෙනවා කියලා. අපට ජනමාධ්‍යයෙන් නිදහස් වෙන්න පුළුවන් ද? අපට ඊනියා උගතුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ද? මා මේ ප්‍රශ්න අහන්නෙ අද නිදහස ඇතිව හරි නැතිව හරි ජාතික දිනය බවට පත් කරල තියෙන නිසා. නිිදහස් දිනය ජාතික දිනය කර ගන්න අපට නිදහස තිබුණ.

Sunday 3 February 2019

කිල්ලෝටවල කුණු සෙවීම




කිල්ලෝටවල කුණු සෙවීම



කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නැහැ. එමෙන් ම කිසිම කෙනකු සර්ව අසම්පූර්ණ ද නැහැ. සමහරවිට එහෙම ව්‍යවහාරයක් නැතිව ඇති. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අප ජාතිකවාදීන්ට ගෞරව කරනවා. එහෙත් යමකුගේ සුළු අඩුවක් ගැන ඕපාදූපයක් නමුත් දැනගතහොත් ඔහුට විරුද්ධ ව දැඩි ප්‍රහාරයක් අරඹනවා. එවිට අර පුද්ගලයා ගැන යම් විරෝධයක් ඇති අය උඩ පැන පැන තලනවා.  මුහුණු පොතේ මේ ප්‍රවණතාව දැක ගන්න පුළුවන්.

Saturday 2 February 2019

ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි


ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි



එක්සත් ජාතික පෙරමුණ නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හිලකින් රිංගන්න හදනවා. මේ වගේ ව්‍යවස්ථාවෙ හිල්වලින් රිංගපු තවත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේ ම මේ වගේ ජරාජීර්ණ ඇමති පෙරේතයන් හිටපු පාර්ලිමේන්තුවක් නැහැ. අද මතයක් ඇති කරන් තියෙනවා ඇමති කෙනෙක් වෙන්නෙ නැතිව රටට වැඩක් කරන්න බැහැ කියලා.  අද මන්ත්‍රීවරු බොහෝ විට පක්‍ෂ මාරු කරන්නෙ ඇමතිකම් බලාපොරොත්තුවෙන්. ඒක කරන්නෙත්  ඉලක්කෙන් හතෙන් එහා පැත්තෙ කියැවෙන මුදල්වලට. ඊළඟට ඇමති වෙලත් නිකම් ඉන්නෙ නැහැ. තවත් හම්බ කරනවා.

Friday 1 February 2019

තුන්කොන් සටනකට ජී එල් ද?


තුන්කොන් සටනකට ජී එල් ද?



මහා සංධානයක් හදන බව වාසුදේව නානායක්කාර කියනවා. එයට මාස එකහමාරක් පමණ යයි කියා ඔහු හිතනවා. ඒකට කමක් නැහැ. ඒත් හුඟක් කල් ගන්න බැහැ. වාසුදේව ජාතිකවාදියෙක් නො වෙයි. අද පාර්ලිමේන්තුවේ හා පොදුවේ දේශපාලනයේ ජාතිකවාදීන් කී දෙනකු ඉන්නවා ද? ඒ නිසා ජාතිකවාදීන්ගෙන් පමණක් සමන්විත සංධානයක් හදන්න බැහැ. එහෙත් ජාතිකවාදී මත මහා සංධානයේ මත විය යුතුයි.