Main Logo

Showing posts with label Vikramabahu. Show all posts
Showing posts with label Vikramabahu. Show all posts

Saturday, 23 February 2019

මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ


මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ



මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන තිබුණා. මහින්ද පැරදුණෙ බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායකය ලෙස ඉන්න කාලෙමයි. බැසිල් නැති නිසා මහින්ද පැරදුණා නො වෙයි.  ශ්‍රී ල නි ප සමහරු යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු වුණා. මිනිසුන් මහින්ද බලන්න පෙරහැරෙ මැදමූලන ගියා. ඒ කවුරුන්වත් සංවිධානය කරල නොවෙයි. මේ ඉතා කලාතුරකින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන දෙයක්.