Main Logo

Showing posts with label Gammanpila. Show all posts
Showing posts with label Gammanpila. Show all posts

Monday, 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 

Saturday, 23 February 2019

මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ


මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ



මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන තිබුණා. මහින්ද පැරදුණෙ බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායකය ලෙස ඉන්න කාලෙමයි. බැසිල් නැති නිසා මහින්ද පැරදුණා නො වෙයි.  ශ්‍රී ල නි ප සමහරු යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු වුණා. මිනිසුන් මහින්ද බලන්න පෙරහැරෙ මැදමූලන ගියා. ඒ කවුරුන්වත් සංවිධානය කරල නොවෙයි. මේ ඉතා කලාතුරකින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන දෙයක්.

Friday, 22 February 2019

මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා


මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා



බැසිල් රාජපක්‍ෂගේ උද්ධච්චකම් හා රට අරාජිකත්වයට තල්ලු කිරීම් ගැන කීමට සිටියත් මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ කතාව හා පැවති විවාදය ගැන යමක් ඉක්මණින් කිව යුතුයි. ඊයේ පැවති විවාදය තවත් පාර්ලිමේන්තු විවාදයක් පමණක් වුණා. මෛත්‍රිපාල තකහනියක් ම පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කරල යන්න ගියා. ව්‍යවස්ථා සභාව එහෙම ම තියෙනවා. ජයන්ත ධනපාලලා සෙල්වකුමාරන්ලා ඉල්ලා අස්වෙන පාටක් නැහැ.